රෝබෝවරියක් ලොව කළඹවමින් එක්සත්ජාතීන්ගේ සැසිය අමතා පුරවැසිභාවයත් ලබාගනී – වීඩියෝ.

කෘත්‍රිම බුද්ධියකින් සමන්විත ‘සොෆියා’ නමැති රොබෝ තරුණියට පුරවැසිභාවය දීමට සෞදි අරාබිය තීරණය කර ඇති අතර, සෞදිය රොබෝවකුට එරට පුරවැසිභාවය ලබා දුන් පළමු අවස්ථාව මෙයයි.

සොෆියා මානවරූපී රොබෝ තරුණිය, ඉකුත් දා සෞදියේ රියාද් නුවර පැවැති තාක්ෂණ සමුළුවට සහභාගී වූවා පමණක් නොව, නරඹන්නන් සහ මාධ්‍යවේදීන්ගෙන් නැගුණු ප්‍රශ්නවලට තනිවම සිතා පිළිතුරු දුන්නාය. එය රැස්ව සිටි සැම මවිතයට පත් කිරීමට හේතුවක් විය.

උත්තර ප්‍රදේශ් හිටපු මහ ඇමතිනිය ප්‍රමුඛ ලක්ෂ ගණනක් බුදු දහම වැළඳ ගැනීමට සැරසේ – වීඩියෝ.

කුලහීන වැසියන් නියෝජනය කරමින් මායාවතී ‘බහුජන සමාජ්’ පක්ෂයට නායකත්වය දෙමින් උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමැතිනිය ලෙස සිවුවරක් එම ධුරය හොබවා ඇත.
ය විසින් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇත්තේ තම ලක්ෂසංක්යාත අනුගාමිකයන් සමග බුදු දහම වැළඳගන්නා බවයි.සා ඉන්දියාව පුරා මහත් ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවී තිබෙනවා. මීට හේතු පාදක වූ සිද්ධිය සහඅ වීඩියෝවෙන්.

 

 

සනත් තමන්ගේ ජීවිතය ගැන බොහෝ දෙනා නොදන්නා සංවේදී කාරනා හෙළි කරයි.

ආදරයේ විරහ වේදනාවක් දැනුනහම ගීතයක් අහලා පොඩ්ඩක් හිත නිවා ගන්නවා

ඔහු ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයට ගෙනයාමට උරදුන් විශිෂ්ට ගණයේ පිතිකරුවෙකි. විශිෂ්ට ගණයේ නායකයෙකි. බොහෝ රටවල් ලංකාව ගැන දන්නේ නැති වුවද, ඔහු ගැන දනී. ඒ තරමට ක්‍රිකට් ක්‍රීඩාව නිසා ඔහු ලෝක පූජිත තරුවක් බවට පත්වී හමාරය. ඔහුගේ වේගවත් පිති හරඹය මුළු ලෝකයේම ඇස් ඇරවන්නක් විය. ‘මාස්ටර් බ්ලාස්ටර්’ ලෙස විරුදාවලිය ලත් ඔහු රොමේෂ් කළුවිතාරණ සමඟ එක්වී එක්දින ක්‍රිකට් පිටිය නව මාවතකට ගෙන යෑමට සමත් විය. ඒ නිසාම ඔහු ලෝක වාර්තා අතරට ද එක්විණි. ඔහුගේ වේගවත් පිති හරඹය හා පන්දු යැවීමෙන් වාර්තා ගණනක් තැබීමට සමත්වීම නිසා ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ජගත් තලයේ ඉහළින්ම වැජඹෙන්නට විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වෙමින් රටට ජයග්‍රහණ රැසක් අත්කර දුනි. පසු කාලීනව දේශපාලන ක්ෂේත්‍රයට ද එක්වූ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අමාත්‍යවරයකු ලෙසින්ද කටයුතු කිරීමේ භාග්‍ය්‍ය උදාකර ගත්තේය. මෑත කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරය ද ඉසිලූ මේ ලෝක පූජිත ක්‍රිකට් තරුව නමින් සනත් ටෙරාන් ජයසූරිය වේ. සනත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් බැහැරව ආදරය, ප්‍රේමය හා විවාහය ගැන කතා කිරීමට ප්‍රථමවරට එක් වුණේ අප කෙරෙහි පැවැති විශ්වාසය නිසාය. මා හිතවත් ක්‍රීඩා මාධ්‍යවේදී යොහාන් භාසුර මිතුරා මෙහිදී ලබාදුන් සහය අමතක කළ නොහැකිය. තමන්ගේ විවාහ සම්බන්ධතා පිළිබඳව සනත් කතා කිරීමෙන් වැළකී සිටියේ ඔහුට සමාජ වෙබ් අඩවි මගින් මඩ ප්‍රහාර එල්ල කරන බැවිනි.

සනත් අපගෙන් ඒ පිළිබඳව නොවිමසන ලෙස කාරුණිකව ඉල්ලා සිටියේ, එයින් ඔහුගේ ජීවිත රටාවට, චරිතයට හානියක් වන නිසා බව අපට වැටහුණි. ඔහුගේ ඒ ඉල්ලීමට ඇහුම්කම් දෙමින් ‘ආදරය, ප්‍රේමය සහ විවාහය’ ගැන අප කතා බහ කළේ සී.සී.සී. ක්‍රීඩා පිටියේදීය. ඉතින් ඒ කතාබහ මේ​ෙස් සටහන් කරන්නේ, කොතරම් කාර්ය බහුල වුවද ඔහු මා වෙනුවෙන් විශ්වාසය තබා කාලයක් දීම නිසාය. අසනීප තත්වයෙන් සිටියද ඔහු මා සමඟ කතා බහ කිරීමට එකඟවීම ගැන මුලින්ම තුති පුදමින් මේ සටහන තබන්නෙමි.

ඔබ ජීවිතය දකින්නේ කොයි ආකාරයටද?

ජිවිතය අපි එක එක විදිහට දකිනවා. පොඩි කාලයේ එක විදිහක්, ළමා කාලයේදී එක විදිහක්, අවු. 14-18ක් වන විට තවත් විදියක්, අවුරුදු 20,30,40 යනවිට තවත් විදිහක්. එක එක කාලවල ජීවිතය අපි එක එක විදිහට ගත කරනවා. ඕනෑම මනුෂ්‍යයෙක් එහෙම තමයි. මාත් දකින්නේ ඒ විදිහට තමයි.

ඔබ ජීවිතය විඳින අයෙක්ද? නැත්නම් විඳවන කෙනෙක්ද?

අපි මනුෂ්‍යයෝ හැටියට මේ දෙ​ෙක්ම ඉන්නවා. එකක ජීවත් වෙන්නේ නෑ. මමත් ජීවිතය විඳින කෙනෙක් වෙලාවකට. තවත් වෙලාවක ජීවිතය විඳවන කෙනෙක් මේ දෙකෙහිම මාත් ඉන්නවා.

ආදරය ප්‍රේමය ඔබ කොයි විඳිහට ද හඳුනාගෙන තිබෙන්​ෙන්?

එ්කත් එක එක්කෙනාට පෞද්ගලිකව බලපාන හැටි තමයි. මට වෙන විදිහක් වෙන්න පුළුවන්. ඒක තවත් කෙනෙකුට තව විදිහක් වෙන්න පුළුවන්. අාදරය, ප්‍රේමය සුන්දර දෙයක්. ඒක හොඳ දෙයක් හැටියට මම හඳුනාගෙන තිබෙනවා. අපි බෞද්ධයෝ හැටියට පෙර කළ පින් පව් අනුව තමයි ඒ දේත් අපට ලැබෙන්නේ. කුසල් අකුසල් දෙකම අපට බෞද්ධයෝ හැටියට මෙයට බලපානවා.

විරුද්ධ ලිංගික ආකර්ෂණයක් මුලින්ම ඔබට ඇති වුණේ කොයි කාලයේ විතරද?

පාසල් අවධියේ ඇතිවූ අවස්ථා තිබෙනවා. ඒවා අැති වුණාට සාර්ථක වෙන්න අවස්ථාවක් මට තිබුණේ නෑ. මොකද හේතුව ක්‍රීඩාවට මම මුල්තැන දීලා තිබුණු නිසා. මගේ පාසල් කාලය ඉවර වෙනවාත් එක්කම මම අවුරුදු 18-19 වන විටම කොළඹට එනවා. ඒ හින්දා මම හිතන්නේ නෑ, මට එහෙම ආදරයක් තිබුණා කියලා

ඒ කියන්නේ ඔබට ආදර හැඟීමක් මුලින්ම ඇති වුණේ පාසල් කාලයේ. එහෙම නේද?

ඔව්. අවුරුදු 17-18 කාලයේ, එතකොට යම් විරුද්ධ ලිංගික හැඟීම් ඇතිවෙන කාලයක්. මම එතකොට පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙනවා. අපි මනුෂ්‍යයෝ හැටියට, කොල්ලෝ හැටියට ආදර හැඟීම් ඇතිවෙන එක ස්වාභාවිකයි. මම මුලින්ම කිව්වානේ, අපට යම් කිසි කාලවලදී එක් එක් විදිහට කටයුතු කරන බව. ඉතිං ඒ වගේ ආදර හැඟීම් යොවුන් වියේදී මටත් ඇති වුණා.

ඒ ආදර සබඳතාවලට මොකද වුණේ දිගටම ගෙනියන්න බැරිවුණාද?

ඔව්. මාතර මට තිබුණු ඒ සබඳතා කොළඹට පැමිණීමත් එක්ක නැතිවෙලා ගියා. මගේ ලොකුම බලාපොරොත්තුව තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නයි. ඉතිං ඒ හින්දා මට ඒ අාදර සබඳතා ගැන හිතන්න වෙලාවක් තිබුණේ නෑ. ඒවා ඉතිං කාලයත් එක්ක මතකයෙන් ඈත්වෙලා ගියා.

ඔබ ක්‍රිකට් ක්‍රීඩකයකු වෙලා යම් ජනප්‍රියත්වයක් ලබන විටදී කාන්තාවන්ගේ ඇල්ම බැල්ම වැටෙන්න ඇති නේද?

එහෙම ආදර යෝජනා ඇවිත් නෑ. මමත් පාඩුවේ හිටියා. මාතර හින්දා යම් යම් පැටලිලිවලට යන්නත් බයක් තිබුණ. ඇල්ම බැල්ම වැටුණත්, මම මගේ පාඩුවේ හිටියා. මොකද මගේ අරමුණ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යාම හින්දා.

ඔබට අප්‍රකාශිත ආදරයක් එහෙම තිබුණාද?

එහෙම අය ඉන්න ඇති. මමත් ඕනෑ තරම් එහෙම අය ගැන හිතලා ඇති. පාසල් අවධියේදී හරි කොළඹට ආවාට පස්සේ හරි එහෙම තිබුණු අවස්ථා තිබෙනවා. අපි මනුෂ්‍යයෝ හැටියට එහෙම නොදැනුම්වත්ව අවස්ථා ඇති වෙන්න පුළුවන් නේද? ඒවා එහෙම කාලයත් එක්ක නැතිවෙලා යනවා.

ඔබට ගැහැනියකගේ ආදරය ඇති වන්නේ කුමන විදිහේ ගතිගුණවලටද?

ඒවා කියන්න අමාරුයි. කිරලා මැනලා ගන්න බැහැනේ. ඒකත් අර මම මුලින් කිව්වා වගේ බෞද්ධ දර්ශනයත් එක්ක කිට්ටු දෙයක්. කරන පින් පව්වල හැටියට තමයි, කුසල් අකුසල්වල හැටියට තමයි ඒ දේවල් හැම දෙයක්ම සිද්ධ වෙන්නේ.

ඔබ විවාහ වීමත් සමඟ, ඔබේ ජීවිතය වෙනස් වුණා කියලා හිතනවාද?

ඔව්. දරුවන් ලැබීමත් එක්ක මා හිතනවා ඇත්තටම වෙනසක් වුණා කියලා. දරුවෝ තමයි අපේ ජීවිතය වෙනස් කරන්නේ. ඔවුන් තමයි අපේ හදවතේ රැඳෙන්නේ. ඒක ගොඩක් බලපානවා. අපේ ජීවිතය වෙනස් කරන්න. ඒ හින්දා තමයි විවාහ වීමත් සමඟ අපි එදාට වඩා සිටි ආකාරයටත් වෙනස් වෙන්න ගන්නේ. ඒ දරුවන් අප වෙනස් කරන හින්දා.

ඔබ දරුවන් ගැන හරිම උනන්දුවෙන් කථා කරනවා. ඔවුන් ඔබේ ජීවිතයට ලොකු බලපෑමක් එල්ල කළා නේද?

ඇත්තෙන්ම ඔව්. අපි හැමෝගෙම බලාපොරොත්තුවක් තමයි දරුවෙක්ගේ සුරතල් බැලීම. ඉතිං ඒ සතුට මම විඳිනවා. අපි පුළුවන් තරම් ඔවුන්ට උගන්වන්න බලන්න ඕනේ, ලොකු මහත් කරනවා වගේම. අපි යම් කිසි අධ්‍යාපනයක් ලැබුවාද, ඊටත් වඩා අධ්‍යාපනයක් දීලා ඉදිරියට ගෙන යන්න තමයි මම බලන්නේ. ඔවුන් සමාජයට යහපත් පුරවැසියන් කිරීම මගේ එකම බලාපොරොත්තුවයි.

ඔබ විවාහ වුණත්, ලෝක පූජිත ක්‍රිකට් තරුවක් ලෙස කාන්තා පාර්ශ්වයේ ආකර්ෂණයට ලක්වෙනවා වැඩියි එහෙම ආදරය බලාපොරොත්තුවෙන් එන්න ඇති නේද?

එහෙම වෙලා නෑ. ඔවුන් තුළ එහෙම බලාපොරොත්තු තිබෙන්න ඇති. ඒක ඉතිං මනුෂ්‍ය ස්වභාවයයි. නමුත් මට එහෙම දෙයක් වෙලා නෑ.

ඔබ එක්වරක් ඉන්දියාවේදී නර්තන රියැලිටි තරගයකදී බොලිවුඩ් නිළියක් සමඟ නර්තනයේ යෙදුණා. ඒ ගැන මොකද සිතෙන්​නේ?

ඒක අලුත් දෙයක්, රූපවාහිනී වැඩසටහනට සහභාගී වූ වෙලාවේ ලැබුණු අවස්ථාවක්. මම සිංහල සින්දුවක් පොඩ්ඩක් කියලා නර්තනයක් ඉදිරිපත් කළා. මට වැඩි දේවල් කරන්න බැහැනේ. මම ඒ වැඩසටහන කළා. මම හිතන්නේ නෑ, ඒක හොඳට කළා කියලා.
ඒමුත් ඒක ලෝකයේ ඉතාම ජනප්‍රියත්වයට පත්වුණා. එහෙම නේද?

ඔව්. මොකද ඒ වැඩසටහන කළේ නර්තනය කරන්න බැරි අය ගෙනල්ලා. නර්තනය ඉදිරිපත් කරන දෙයක් හින්දා. එය ජනප්‍රිය වුණා.

බොලිවුඩ් නිළියන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලොකු කැමැත්තක් දක්වනවා. විවාහ වූ අයත් ඉන්නවා. ඉතිං ඔබටත් නිළියන්ගේ ඇල්ම බැල්ම වැටුණා නේද?

එහෙම නම් වෙලා නෑ. මම දන්නේ නෑ ඔවුන්ගේ හිත්වල මොනවාද තිබුණේ කියලා. ඒත් මට නම් එහෙම කියලත් නෑ. ඇල්ම බැල්ම වැටුණාද කියලා මම නම් දන්නෙත් නෑ.

ආදරය හා ලිංගිකත්වය අපේ ජීවිතවලට කොයි තරම් බලපානවාද කියලා ඔබ හිතන්නේ?

මම හිතන්නේ ඒක හැම කෙ​ෙනකුටම ජීවිතේ බලපාන කරුණු දෙකක්. ඒක හැම කෙනෙකුටම තියෙන්නත් ඕනේ. ලැබෙන්නත් ඕනේ. අපි පොඩි කාලයේ ඉඳලම ඒ ආදරය, කරුණාව ලබා දෙන්න ඕනේ. ඉතිං එය මටත් පොදු දෙයක්.

ඔබටත් ආදරයේ විරහ වේදනවා දැනෙන්න ඇති. ඒ වෙලාවට ඔබ මොකද කරන්නේ?

එහෙම දැනුණු අවස්ථා තිබෙනවා. ඒ වෙලාවට ගීතයක් අහලා පොඩ්ඩක් හිත නිවා ගන්නවා. මානසිකව වැටුණු අවස්ථා තිබෙනවා. බෞද්ධ දර්ශනය තමයි මට ඒ වෙලාවේ පිහිටට හිටියේ. එහි තිබෙනවා, එවැනි අවස්ථාවලදී අපි හැසිරෙන්න ඕන ආකාරය. හොඳින් විග්‍රහ කරලා. ඉතිං ඒ හින්දා මම ඒ විරහ වේදනාව මානසික සුවයක් බවට පත් කර ගන්නවා.

ඔබ නිතරම බෞද්ධ දර්ශනය ගැන කතා කරන අයෙක්. එවැනි නැඹුරුවකට ඔබ පත් වුණේ කුඩා කාලයේ ඉඳලමද?

මම පොඩි කාලේ ඉඳලම බෞද්ධයෙක් ඒ හින්දා ඒ දර්ශනය අනුව කටයුතු කරන්න නිතරම උත්සාහ ගත්තා. එයින් අපගේ ජීවිතයට ලබාගත හැකි දේ බොහොමයි. ඕනෑම කෙනකුට ඒ බෞද්ධ දර්ශනය අනුව කටයුතු කරන්න පුළුවන් නම්, ජීවිතයේ නියම සතුට ලබාගන්න පුළුවන්. ඒ නිසයි මම නිතරම බෞද්ධ දර්ශනය එක්ක ජීවත්වෙන්නේ.
ඔබ බලාපොරොත්තු වූ ආදරය, කරුණාව තවම ඔබට ලැබී නැද්ද?

එහෙම කියන්න අමාරුයි. එහෙම කොහොමද කියන්නේ? ලැබිලා නෑ කියන්නත් බැහැ. සීමාවක් නෑ එයට. මට බොරුවට කියන්න බැහැ. මට ලැබිලා නෑ. අදරය නෑ මේක නෑ කියලා. මනුෂ්‍යයෝ හැටියට අපි අර මධ්‍යම තැන ඉන්නවා නම්, හැම දෙයක්ම සමසේ විඳගන්න පුළුවන්.

අපහු ජිවිතය දෙස හැරී බැලීමේදී ඔබට ඇතිවෙන්නේ දුකක්ද? සතුටක්ද?

ආපහු හැරී බලද්දී අපි බොරළු, වළවල් තිබෙන පාරවල්වල ආවා, සාමාන්‍යයෙන් නිකම් තාර පාරෙත් ඇවිත් කාපට් පාරෙත් ගිහින් තිබෙනවා. හැම එකකම ජීවිතයෙ මෙතරම් කාලයක් මම ගිහින් තිබෙනවා.

ඔබ සිතනවාද ආදරය විවාහයකින්ම කෙළවර විය යුතුයි කියලා?

අපි පොඩි කාලයේ එහෙම නේද සිතන්නේ. සාමාන්‍යයෙන් යොවුන් වියේදීත් එහෙම තමයි සිතන්නේ. හැබැයි ඉතිං දැන් ඒක තේරුම් අරගෙන ඉන්නේ. සමහරු ඉතිං ඒ විදිහටම කරනවා. සමහරු ඒක ඒ විදිහට නොකරන්නත් පුළුවන්. එක එක්කෙනාගේ කැමැත්ත අනුව සිදුවන දේවල්.

අදටත් ඔබට කාන්තා පාර්ශවවලින් ආකර්ෂණය ලැබෙනවා නේද? එහෙම වෙලාවට ඔබ මොකද කරන්නේ?

මම දැන් ඒ ගැන තැකීමක් නෑ. මට දැන් අවුරුදු 48ක් වෙනවා. අපි දැන් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න කල්පනා කරන්න ඕනේ.

ක්‍රිකට් ක්‍රීඩාව ඔබගේ ජීවිතය වගේ නේද? එයින් ලැබුණු දේ ගැන ඔබට මොකද හිතෙන්නේ?

ඒ ගැන නම් ගොඩාක් සන්තෝෂයි. අපි කැපවෙලා කළ දෙයට ඒ අගය කිරීම උපරිමයෙන්ම තිබෙනවා. ඉතිං ඒකට අදටත් සත්තෝෂ වෙනවා. ආඩම්බරයි. අපේ ප්‍රේක්ෂකයන්ගේ, ජනතාවගේ ආදරය ලැබීම ගැන මම හැමදාමත් සන්තෝෂ වෙනවා. හිත උඩින්, හිත යටින් හැමදාවත් ඒ සන්​ෙතා්ෂය තිබෙනවා.

කාන්තාවන්ගේ, ආදරය, ආකර්ෂණය ක්‍රිකට් ක්‍රීඩාව හින්දා ඔබට වැඩියෙන්ම ලැබෙන්න ඇති. ඒක කරදරයක් වුණාද?

නෑ එහෙම වෙන්නේ නෑ. ලංකාව ඒ අතින් හරිම හොඳයි. ක්‍රීඩාවට දෙන්න ඕනේ වෙලාවට උපරිම සහයෝගය දෙනවා. ඒ අයට දෙන්න ඕනේ තැන අපි දෙනවා. ඒ අය දුරින් ඒක බලන් ඉන්නවා. ජාත්‍යන්තරයට ගියාම ඒ අයට ක්‍රීඩකයන් ළඟට එන්න අමාරුයි. අපිව බලන්න ආසාවෙන් ඉන්න බව ඇත්ත. ඒක මැච් එකකදී විතරයි, රටින් පිට යාම බලන්න පුළුවන් වෙන්නේ. අපේ රට තුළ ඕනෑම වෙලාවක දකින්න පුළුවන්, කතා කරන්න පුළුවන්. අපි අපේ ගරුත්වය තබාගෙන, ඔවුන්ටත් ඒ ගරුත්වය ලබාදීලා කටයුතු කළොත් ප්‍රශ්න ඇති වෙන්නේ නෑ.’

සනත් ජීවිතය පිළිබඳව බොහෝ දේ අද වන විට වටහාගෙන තිබෙන බව කතා බහේදී මට වැටහුණි. ඔහුට වදින ගල් මෙන්ම මල්ද එකසේ දරා ගැනීමේ ශක්තියක් තිබේ. කොතරම් හැල හැප්පීම්වලට ජීවිතයේ ලක්වූවද, ඔහු ඒ සියල්ල දෙස අද උපේක්ෂාවෙන් බලන්නේ බෞද්ධ දර්ශනය තුළ කටයුතු කරන නිසාය. ඉතින් අපේ කතා බහට විරාමය තබන්නට කාලය පැමිණ තිබේ. ඔහු ඊළඟ පරම්පාරවට තම දැනුම දෙන්න මම ඉඩහසර සපයමින් සී.සී.සී. ක්‍රීඩාපිටි​ෙයන් එළියට පැමිණියේ ඔහු කොතරම් නිරහංකාර, අව්‍යාජ ගැමි ගති තවමත් අති උතුම් මනුෂ්‍යයෙක්ද නේද යන්න සිතෙහි තබා ගනිමිනි.
සටහන් කළේ
සමන්ත යහම්පත්

උපුටා ගැනීම:ලංකාදීප.

ලොව හොඳම ළමා චිත්‍ර ශිල්පිනිය වී, ලෝකයේම පැසසුමට ලක්වූ 90 වියැති අපේ අත්තම්මා. – වීඩියෝ.

1965 දී “වෙසක්‌ පහන” කෘතියටමහා බ්‍රිතාන්‍යයේ ඉසොබෙල් හටිං සම්මානය හිමිවීම, 1986 වසරේදී ජපානයේ පළවූ හොඳම විදේශීය ළමා කෘතිය වශයෙන් “කුඩ හොරා” පොත සම්මානයට භාජනය වීම හා ටෝකියෝ නුවර ළමා පුස්‌තකාලය මගින් 1987 වසරේ ඉතාම ජනප්‍රිය ළමා පොත ලෙස එය තෝරා ගැනීම. හොඳම සැලසුම සහිත ළමා පොත සඳහා 2003 සාක්‌ සම්මානය ඇගේ “දුවන රැවුළ” පොතට හිමිවීම අන්තර්ජාතික වශයෙන් ඇය ලැබූ සම්මානවලින් කිහිපයකි.
ඇය ගැන ලාංකිකයන් නිසි දැනුමක් නැති නමුත් මුළු ලොවම ඇය අගයයි. මේ ඇගේ කතාවයි.

 

 

ලොව ධනවතුන් සහ සාර්ථක මිනිසුන් දවසේ උපරිම ප්‍රයෝජනය ගන්නේ මෙන්න මෙහෙමයි.

අපේ ජීවිත කාලය ඉතාම කෙටියි. හිතල බලන්නකෝ ඔයා මේ වෙනකල් ගෙවන ලද ජීවිතය ගැන. කාලය ඔයාට නොදනී ඉක්මනටම ගෙවිල ගිහිල්ල නේද?

කාලය කියනදේ ගැන අපි ඒ තරම් හිතන්නේ නැහැ නේද? එහෙත් කාලය අපතේ නොහැර ඉන් නියම ප්‍රයෝජනය ගත්තොත් ඔබගේ කෙටි කාලයේ ජීවිතය ඉතා සාර්ථක කරගැනීමට පුළුවන්. එසේනම් දවසේ උපරිම ප්‍රයෝජනය ගන්නට, එය කළමනාකරණය කරගන්නේ කෙසේද? මේ වීඩියෝව ඔබට ඉතා වැදගත් වේවි.

තවත් කෙනෙකුට බලන්න share කරන්න අමතක කරන්න එපා.

ඉතිහාසයේ පළමු වරට 32,25,622ක මුදලක මතුගම ගව මස් කඩය හිමි නමක් අරගෙන.

මතුගම නගරයේ එළ හරක් මස් කඩය 2018 වර්ෂය සඳහා රුපියල් 32,25,622ක මුදලකට බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් ටෙන්ඩරය ලබාගෙන ඇතැයි මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් අසෝක රණසිංහ මහතා කීවේය.

මතුගම ප්‍රාදේශීය සභාවේ එළ හරක් මස් කඩය 2017 වර්ෂය සඳහා ටෙන්ඩර් මුදල රුපියල් 22,60,150ක් වූ අතර 2018 වර්ෂයේ අවම ටෙන්ඩර් මුදල රුපියල් 24,86,165ක් විය යුතු බව ප්‍රාදේශීය සභාව නිවේදනය කර තිබිණ. ඒ අනුව දැනට මස් කඩය පවත්වාගෙන යන මුස්ලිම් ව්‍යාපාරිකයා හා භික්ෂුන් වහන්සේ නමක් ටෙන්ඩර් ඉදිරිපත් කර තිබිණි. පසුගිය 27දා ටෙන්ඩර් විවෘත කිරීමේදී මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයා 27,16,000ක් ලංසු තබා තිබූ අතර මාවිට ඥානරතන නමැති භික්ෂුන් වහන්සේ නමක් රුපියල් 32,25,622ක මුදලකට ලංසු තබා ඇත. ටෙන්ඩර් පත් අනුව 2018 ජනවාරි සිට මතුගම එළහරක් මස් කඩය ඉතිහාසයේ ප්‍රථම වරට බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට හිමිව ඇත
මස් කඩ ටෙන්ඩරය ලබාගත් මාවිට ඥානරතන හිමියෝ ප්‍රකාශ කරන්නේ මතුගම ගවමස් කඩය වසා දමන්නැයි 2015 වසරේදිත් ඊට පසුවත් කිහිප අවස්ථාවකදී ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලීම් කළත් නීතිමය ගැටලු නිසා එය ඉටුකළ නොහැකි බව ප්‍රාදේශීය සභාව ප්‍රකාශ කළ බවයි. ඒ අනුව 2018 වර්ෂයේ මස් කඩ ටෙන්ඩරය ලබාගෙන සභාවට බදු මුදල් ගෙවා මස් කඩය වසා දැමීමට පියවර ගන්නා බව මාවිට ඥානරතන හිමියෝ කීහ. දකුණු ආසියාවේ උසම හිටි පිළිමය පිහිටි මතුගම ඓතිහාසික පූජනීය නගරයක් බවත් සතිපොළ පැවැත්වෙන ඉරිදා හා බදාදා දිනවලදී දිනකට ගවයන් දෙදෙනකුගේ මස් අලෙවි කරන තත්ත්වයක් ඇති නිසා මෙම පියවර ගත් බවත් මේ සඳහා මහා සංඝරත්නයේත් බෞද්ධ ජනතාවගේත් විශාල ඉල්ලීමක් හා සහයෝගයක් ඇති බවත් ඥානරතන හිමියෝ කීහ.

මේ පිළිබඳව මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් අසෝක රණසිංහ මහතා කීවේ වැඩිම ටෙන්ඩර් මුදලට මස් කඩය හිමිවන නමුත් ටෙන්ඩර්කරු ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු බවයි. ඒ අනුව දින හතකට වඩා මස් කඩය වසා තැබිය නොහැකි බවත් ගිවිසුමේ නීති කඩකළහොත් අදාළ ටෙන්ඩරය අවලංගු වන බවත් අසෝක රණසිංහ මහතා කීවේය.

නළුවෙක් වගේ ලස්සන ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු ගෙල වැලලා ගනී. – වීඩියෝ.

පසුගිය දා ජනප්‍රිය නළුවෙකු ජීවිතය අවසන් කර ගැනීමට ක්‍රියා කල ආකාරයෙන් පසුව, එය රැල්ලකට ගියා. තරුණ තරුණියන් ජීවිතයට එන ප්‍රශ්න හමුවේ ගන්නා එවැනි තීරණ ඉතා විනාශකාරීය.
මෙයට අධ්‍යාපනය බලපාන් නැති බව පසක් කරමින් ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු ද තම ජීවය අවසන් කරගෙන ඇත.

STF සහ පාතාල ගැටුමේ ඇත්ත කතාව හෙළිවේ.හේතුව නිශ්ශංක මල්ල රජුගේ මහා නිධානයක්

රන්දීර් වත්තල, හැඳල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ ඥති නැන්දනියක විවාහ වී සිටියේ ගම්පහ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන එජාපයේ ප්‍රබල ඇමැතිවරයකු සමඟයි. මෙම ඇමැතිවරයා නිරන්තරයෙන්ම ජනතාව සහ මාධ්‍ය අතර කතාබහට ලක්‌වන පුද්ගලයෙකි. සමහරු වයාග්‍රා යන අන්වර්ථ නාමයෙන්ද මොහුව හඳුන්වති.

ඥති සම්බන්ධතාව අනුව රන්දීර් එම ඇමැතිවරයා සමඟ ඉතා සමීප සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගත්තේය. එලෙස කලක්‌ ගතවෙද්දී ඇමැතිවරයාගේ සුවච කීකරු ගෝලයා බවට පත්වූයේ රන්දීර් ය. ඉන්පසු එම ඇමැතිවරයාගේ සියලුම දහජරා වැඩ සිදු කළේ මොහුය.

කලක සිට මොහුට දැඩි පාතාල උණක්‌ සෑදී තිබුණි. ඔහු පාතාල අපතයන් ඇසුරු කිරීමට විශාල කැමැත්තක්‌ දැක්‌විය. ඇමැතිවරයාට සමීපවීමත් සමඟ මොහු

ගේ පාතාල උණ තව තවත් වැඩිවිය. ඒ අනුව මොහු ඇමැතිවරයාගේ දේශපාලන බලයද පාවිච්චි කරමින් පාතාල අපතයන් ඇසුරු කිරීමට පටන් ගත්තේය.

බන්ධනාගාර බස්‌ රථයක ගමන් කරමින් සිටියදී “දෙමටගොඩ චමින්ද” නමැති පාතාල නායකයාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ “මාකිලන්ගමුවේ

සංජීව” ගේ කල්ලිය, “සමයං” නමැති පාතාල නායකයා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන අංගොඩ ලොක්‌කාගේ කල්ලිය සහ දරුණු ගණයේ අපරාධ රැසකට සම්බන්ධ “කොලොන්නාවේ චාමර” ගේ කල්ලිය සමඟ මොහු සමීප සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගත්තේය.

එම පාතාල අපතයන්ද රන්දීර් ඉතා ළඟින් ඇසුරු කළහ. ඒ ඔහුට තිබුණ දේශපාලන හයිය නිසාය. එම අපතයෝ සිදු කරන බොහෝ අපරාධ කල්තියාම රන්දීර් දැන සිටියහ. එම සමහර අපරාධ සිදු කිරීම සඳහා මොහු නන් අයුරින් උදව් උපකාර පවා සිදු කළේය.

කලක සිට එම ඇමැතිවරයාට විශාල උවමනාවක්‌ තිබුණි. ඒ තමාගේ සියලු බැල මෙහෙවරකම් කරන ඥති බෑණා වන රන්දීර්ව දේශපාලනයට ගෙන ඒමයි. ඒ අනුව බස්‌නාහිර පළාත් සභාවට එජාපයෙන් තරග කිරීම සඳහා රන්දීර්ට අවස්‌ථාව සලසා දුන්නේය. එම අවස්‌ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගත් රන්දීර් පළාත් සභා මන්ත්‍රීවරයකු බවට පත්වූවේය.

පළාත් සභා මන්ත්‍රීවරයකු වූ පසු රන්දීර්ගේ මැරකම් තවත් වැඩිවිය. ගම්පහ ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමටද මොහු අත ගහන්නේ ඒ අනුවයි. තිබෙන දේශපාලන බලය නිසා සමහර පොලිස්‌ නිලධාරීන්ද මොහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකරති.

ගම්පහ ඔස්‌මන් ව්‍යාපාරිකයෙකි. කලක්‌ ඔහුද පාතාල ලෝකය සමඟ සමීප සම්බන්ධතා තිබූ අයෙකි. දැන් එයින් මිදී ඔහු ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරයි. හෙරොයින් ජාවාරමට ඔහු දැඩි විරෝධයක්‌ දක්‌වන පුද්ගලයෙකි. ගම්පහ නගරයේ හෙරොයින් ජාවාරම්කරුවන්ට විරුද්ධව ඔහු ප්‍රසිද්ධියේ විරෝධය පළ කරයි.

රන්දීර්ගේ හෙරොයින් ජාවාරමටද ඔහු තදබල ලෙස විරෝධය පළකරයි. එම නිසා රන්දීර්ගේ ගෝල බාලයන්ට ගම්පහ නගරයේ හෙරොයින් විකිණීමට නොහැකි තත්ත්වයක්‌ උදාවිය. එම නිසා රන්දීර් සිටියේ ඔස්‌මන් සමඟ බද්ධ වෛරයකිනි.

එන්න එන්නම රන්දීර්ගේ හෙරොයින් ජාවාරමට ඔස්‌මන්ගෙන් විවිධ ආකාරයේ බාධා එල්ල විය. අවසානයේ ඔස්‌මන්ව ඝාතනය කිරීමට රන්දීර් තීරණය කළේය. ඒ අනුව තමාගේ සමීප පාතාල අපතයෙක්‌ වන මාකිලන්ගමුවේ සංජීවට ඔස්‌මන් ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව රන්දීර් ලබා දුන්නේය. ඒ අනුව එම පාතාල අපතයා මාස කිහිපයකට ඉහතදී ගම්පහ ප්‍රදේශයේ දී ඔස්‌මන්ට වෙඩි තැබුවේය. එහෙත් කිසිදු තුවාලයක්‌ නොලබා ජීවිතය බේරා ගැනීමට ඔස්‌මන්ට හැකිවිය.

මාකිලන්ගමුවේ සංජීව නමැති පාතාල අපතයා දරුණු ගණයේ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකි. දැනට මරණීය දණ්‌ඩනයට ලක්‌ව ඇති දෙමටගොඩ චමින්ද නමැති පාතාල නායකයා රැගෙන යමින් තිබූ බස්‌ රථයට වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වූයේද මොහුය.

දැනට වසර හතකට පමණ ඉහතදී පෑලියගොඩ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් රුපියල් කෝටි හතකට අධික මුදලක්‌ මංකොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේද මාකිලන්ගමුවේ සංජීව නමැති මෙම පාතාල අපතයාය. මෙම අපරාධ සඳහා මොහුව පොලිස්‌ ත්‍රස්‌ත විමර්ශන කොට්‌ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පොල්වත්තේ නිශාන්ත නමැති පාතාල අපතයාද රන්දීර්ගේ ගජ මිතුරෙකි. ඔහුද අවස්‌ථා ගණනාවකදී රන්දීර්ගේ තක්‌කඩි වැඩවලට උදව් කළ අයෙකි. කළුතර එතනමඬල ප්‍රදේශයේ දී පාතාල නායක “සමයං” ඇතුළු පිරිස ඝාතනය කිරීමටද මෙම පාතාල අපතයා සහභාගි වී තිබුණි. එයට අමතරව තවත් අපරාධ රැසකට මොහු සම්බන්ධ වූවෙකි.

පාතාල අපතයන් ඇසුරු කිරීම සහ හෙරොයින් ජාවාරම ආදී දහජරා කටයුතුවලද නිරත වෙමින් ඥති ඇමැතිවරයාගේ බැල මෙහෙවරකම්ද රන්දීර් අකුරටම සිදු කළේය.

කලක්‌ මෙරට විශිෂ්ට ගණයේ යුද සෙන්පතියකු වී සිට පසුව දේශපාලන කටයුතුවල නිරත වෙමින් තම ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම වෙනස්‌ කර ගත් එජාපයේ තවත් එක්‌ ඇමැතිවරයෙක්‌ව රන්දීර් ළඟින්ම ඇසුරු කරයි. වෙල් විදානේ යන නමින්ද එම ඇමැතිවරයාව සමහරු හඳුන්වති. ඔහුගේ ඕනෑ එපාකම් රාශියක්‌ ඉටු කරන්නේද රන්දීර්ය.

මෙයට අමතරව එජාපයේ තවත් තරුණ මහළු මන්ත්‍රීවරුන් රැසක්‌ මොහුගේ හිතවතුන් වෙයි. එම ඇසුරුකම් මත වර්තමාන ආණ්‌ඩුව තුළ විශාල දේශපාලන හයියක්‌ මොහුට තිබේ. එම දේශපාලන බලයද උපයෝගී කර ගනිමින් ඇතැම් අවස්‌ථාවලදී මොහු පාතාල අපතයෝ සමඟ විවිධ සමාජ විරෝධී ක්‍රියාවල නිරත වෙති.

නිශ්ශංකමල්ල රජුන්ට අයත් යෑයි කියන නිධානයක්‌ දැනට සති කිහිපයකට ඉහතදී යම්කිසි පිරිසක්‌ ගොඩගෙන තිබුණි. එම නිධානය ගොඩගත් පිරිස පසුගිය ආණ්‌ඩුව සමයේ කැලණිය ආසනය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ගෝලයන් බවට සැක කරති. හිටපු එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දැන් දේශපාලන අතින් නන්නත්තාර වී නිවසට වී කාලය ගත කරයි.

එලෙස ලබාගත් නිධානය එම පිරිස විසින් දිවුලපිටිය නිවසක තබා තිබුණි. ඒ වැඩිදුර ආරක්‌ෂාව සඳහා ය. මාකිලන්ගමුවේ සංජීව නමැති පාතාලයාට මෙම නිධානය ගැන තොරතුරු අනාවරණය විය. ඒ ඔහුගේ ගෝලයෙක්‌ හරහා ය. ඉන්පසු ඉතා සූක්‍ෂම ලෙස මෙම පාතාලයා එම නිධානය ගැන තොරතුරු සොයන්නට විය. ඒ අනුව නිධානය දිවුලපිටියේ නිවසක්‌ තුළ ස්‌ථීර ලෙසම තිබෙන බව මොහු දැන ගත්තේය.

නිධානය පිළිබඳව සියලු තොරතුරු දැනගත් සංජීව, රන්දීර් මුණ ගැසීමට ගියේය. “ලොක්‌කා නියම වැඩක්‌ තියෙනවා කරනව නම්. පොඩි දෙයයි කරන්න තියෙන්නේ. ඉන් පස්‌සේ කෝටි ගාණක්‌ අපේ අතේ” යෑයි පවසමින් නිධානය ගැන සියලු විස්‌තර පැවසුවේය.

සල්ලි වෙනුවෙන් ඕනෑම වැඩක්‌ කිරීමට රන්දීර් සූදානමින් සිටියේය. ඒ නිසා නිධානය ලබා ගැනීමට මොහු එකහෙළාම කැමැති විය.

කල් යවන්නේ නැතිව මේ ගේම් එක ඉක්‌මනට ගහලා දාමු. උඹ හොඳ ටීම් එකක්‌ සෙට්‌ කරගනින්. ඉතිරි ටික මම බලා ගන්නම්” රන්දීර සංජීවට පැවසුවේය.

සංජීව ගේම් එක ගැසීම සඳහා හොඳම ගෝලයන් පිරිසක්‌ තෝරා ගත්තේය. ඒ අය අතර මිනුවන්ගොඩ කුරේ, ගම්පහ ඔස්‌මන්ට වෙඩි තැබීම සඳහා සහභාගි වූ කිහිප දෙනෙක්‌ සහ කොළොන්නාවේ චාමරගේ කල්ලියේ කිහිප දෙනෙක්‌ද සිටියහ.

ඒ අනුව රන්දීර්, සංජීව ඇතුළු මෙම කල්ලියේ දහ දෙනෙක්‌ සිටියහ. රහසිගත ස්‌ථානයක හමුවී ඔවුහු නිධානය කොල්ල කන අයුරු ගැන අවසන් සාකච්ඡාවකද නිරත වූහ. ඒ පසුගිය 21 වැනිදාය.

කෙතරම් රහසිගතව සාකච්ඡා කළත් මොවුන්ගේ මේ අපරාධ සැළසුම පිළිබඳව පොලිස්‌ විශේෂ කාර්ය බළකායට තොරතුරු ලැබී තිබිණි. ඒ අනුව ක්‍රියාත්මක වූ එම නිලධාරීහු මේ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූහ.

නිධානය කොල්ල කෑම සඳහා යන දිනය උදාවිය. ඒ පසුගිය 23 වැනිදාය. ගේම් එකේ ප්‍රධානීන් ලෙස කටයුතු කළේ රන්දීර් සහ සංජීවයි. ඒ අනුව ඔවුන් විශේෂ අංක යෙදූ ඩොල්පින් වර්ගයේ වෑන් රථයක පිස්‌තෝල දෙකක්‌, සෙල්ලම් පිස්‌තෝලයක්‌ සහ ජීව අත් බෝම්බයක්‌ රැගෙන දිවුලපිටිය බලා යැමට පිටත් විය. එවිට වේලාව දොළහ පසුවී තිබුණි.

වෑන් රථයේ සිටි සියලු දෙනාම කිසිම කරදරයකින් තොරව නිධානය රැගෙන ඒමට පුළුවනැයි සිතූහ. පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මෙ සැලසුම ගැ

 

න කල්තියා දැනගෙන සිටි බව මොවුහු නිකමටවත් නොසිතූහ.

Image result for STF and sri lankan robbers

 

ඒ වන විටත් පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මෙම පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබිණි. ඒ අනුව පොලිස්‌ නිලධාරීහු පිරිසක්‌ බල්ලපාන – දූනගහ මාර්ගයේ රැකවල්ලා සිටියහ.

අධික වේගයෙන් පැමිණි රන්දීර්ලා රැගත් වෑන් රථය එම ස්‌ථානයට ළඟා විය. දුරතියාම එම පිරිස පොලිස්‌ නිලධාරීන් සිටිනු දුටුවෝය.

“ලොක්‌කා පොඩි අවුලක්‌ තියෙනවා. එස්‌.ටී.එෆ්. එක ඉන්නවා ඉස්‌සරහින්. නැවැත්තුවොත් අවුලක්‌ වෙනවා. මොකද කරන්නේ අපි” සංජීව පැවසුවේය.

“මොනම හේතුවකටවත් නවත්වන්න එපා. අපි කඩාගෙන යමු. බැරි වුණොත් වෙඩි දෙක තුනක්‌ තියලා පැනලා යමු” රන්දීර් පැවසුවේය.

දුරතියාම එම වෑන් රථය නවතන ලෙස පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු සංඥ කළහ. එහෙත් රන්දීර් ඇතුළු පිරිස එම අණ නොතකා වෑන් රථය තුළ සිටම එම නිලධාරීන්ට වෙඩි තැබූහ. එන තත්ත්වය හොඳ නැති බව තේරුම්ගත් එම නිලධාරීහු ක්‍ෂණිකව ප්‍රති ප්‍රහාර එල්ල කළහ. ඒ සමඟම වෑන් රථයේ සිටි රියදුරු අන්දමන්ද විය. වෑන් රථය ඔහුට පාලනය කර ගැනීමට නොහැකිව මීටර් කිහිපයක්‌ ඉදිරියට ගොස්‌ නැවතුණි.

වෑන් රථයේ සිටි කිසිවකුත් යටත් වීමට කැමැති වූයේ නැත. ඔවුන් පොලිස්‌ නිලධාරීන්ට වෙඩි තබමින් කැලෑබද ප්‍රදේශයට පැන යැමට සැරසුණේය. එම නිලධාරීන්ද සැකකරුවන් දෙසට ප්‍රති ප්‍රහාර එල්ල කළේ කෙසේ හෝ ඔවුන්ව අල්ලා ගැනීමටය.

තත්ත්වය එන්න එන්නම දරුණු විය. එම ප්‍රදේශය පුංචි යුද පිටියක ස්‌වරූපය ගත්තේය. සැකකරුවන් සහ පොලිස්‌ නිලධාරීන් අතර දිගින් දිගටම වෙඩි හුවමාරු විය.

සැකකරුවකු එල්ල කළ එක වෙඩි පහරක්‌ එස්‌.ටී.එෆ්. නිලධාරියකුගේ පපුවට වැදුණි. එහෙත් ඔහුට හානියක්‌ සිදු නොවූයේ වෙඩි නොවදින ආරක්‌ෂිත කබා පැළඳ සිටි නිසාය.

සැකකරුවන් දෙදෙනකුට වෙඩි වැදුණි. ඉන් එක්‌ සැකකරුවෙක්‌ එම ස්‌ථානයේදීම මියගිය අතර වෙඩි වැදුණු අනෙක්‌ සැකකරු පලා ගියේය. ඒ අතර තවත් සැකකරුවන් කිහිප දෙනෙක්‌ පැන යැමට සැරසුණු අතර ඉන් කිහිප දෙනෙක්‌ අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන්ට හැකි විය.

පලාගිය සැකකරුවන් පසුපස හඹා ගිය එම නිලධාරීහු තවත් කිහිප දෙනෙක්‌ අත්අඩංගුවට ගත්හ. ඒ අතර තවත් සැකකරුවකු අත්හැර දැමූ ළිඳක වැටී සිටියදී අත්අඩංගුවට ගත්තේය.

මාකිලන්ගමුවේ සංජීව සහ සමයං ඝාතනයට පැමිණි පාතාලයන් දෙදෙනා එම නිලධාරීන්ට සොයා ගැනීමට නොහැකිවන අයුරින් පලාගියහ. වෙඩි වැදුණු අනෙක්‌ සැකකරු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් වූ අවස්‌ථාවේදී අත්අඩංගුවට පත්විය. පසුව ඔහුගේ තත්ත්වය බරපතළ නිසා ගම්පහ මහ රෝහලට මාරුකර යවන ලදී.

වෙඩි වැදී මියගියේ මාකිලන්ගමුව සංජීවගේ හොඳම ගෝලයකු වූ මිනුවන්ගොඩ කුරේ හෙවත් නාවලගේ කුෂාන් තක්‍ෂිල කුරේ ය. ඔහු මිනුවන්ගොඩ, නිල්පනාගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය එක සැකකරුවකු අසල තිබී පිස්‌තෝලයක්‌ද එම නිලධාරීන් සොයාගෙන තිබුණි. ඒ අනුව මංකොල්ලය සඳහා සහභාගි වූ සැකකරුවන් දස දෙනාගෙන් හත් දෙනකු අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීහු සමත් වූහ.

එම මෙහෙයුමෙන් අනතුරුව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සැකකාර එජාප පළාත් සභා මන්ත්‍රී රන්දීර් රුද්‍රිගුගේ නිවස වැටලූහ. එහිදී එම නිවසේ සිවිලිමේ සඟවා තිබූ උණ්‌ඩ 115 ක්‌, වෙඩි නොවදින ඇඳුමක්‌, පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 68 ක්‌, කඩුවක්‌ සහ කිනිස්‌සක්‌ සොයාගෙන තිබුණි.

එයට අමතරව එම සැකකාර එජාප පළාත් සභා මන්ත්‍රීවරයාගේ බිරිඳවද අත්අඩංගුවට ගෙන තිබුණි. ඇය ඉන්දියානු ජාතික කාන්තාවකි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සැකකාර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රුද්‍රිගු ගැන වහාම පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස එජාපයේ මහ ලේකම් කබීර් හෂීම් මහතාට පවසා තිබේ.Image result for a woman arrest

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් සියලු දෙනාව රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය. පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එච්. ආර්. ලතීෆ් මහතාගේ අධීක්‍ෂණය සහ උපදෙස්‌ මත වැඩිදුර විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරේ.

මෙම පාතාලය සම්බන්ධ පළාත් සභා මන්ත්‍රීවරයා බේරා ගැනීම සඳහා වත්මන් ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරු දෙදෙනෙක්‌ බලපෑම් එල්ල කරන බව “දිවයින” පුවත්පත මගින් අපි තරයේ කියා සිටියෙමු. එහෙත් පොලිස්‌පති පූජිත් ජයසුන්දර සහ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා තරයේ කියා සිටිනුයේ කිසිදු ඇමැතිවරයෙක්‌ එම පාතාල සාමාජිකයාව බේරා ගැනීම සඳහා තමන්ට බලපෑම් නොකළ බවයි.

දැනට රක්‌ෂිත බන්ධනාගාරගතව සිටින සැකකාර පළාත් සභා මන්ත්‍රීවරයා බේරා ගැනීම සඳහා එජාපයේ එම ඇමැතිවරු දෙදෙනා ගන්නා උත්සාහය පිළිබඳව රටම දනී. එහෙත් පොලිස්‌පතිවරයා එවැනි බලපෑම් ඇති නොවූ බව පවසා සිටින්නේ හතරවැනි වතාවටත් නීතිය නැමීමට දැයි අපි නොදන්නෙමු.
උපුටා ගැනීම:දිවයින

නළුවෙක් වගේ ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු ගෙල වැලලාගෙන මිය යයි. – වීඩියෝ.

පසුගිය දා ජනප්‍රිය නළුවෙකු ජීවිතය අවසන් කර ගැනීමට ක්‍රියා කල ආකාරයෙන් පසුව, එය රැල්ලකට ගියා. තරුණ තරුණියන් ජීවිතයට එන ප්‍රශ්න හමුවේ ගන්නා එවැනි තීරණ ඉතා විනාශකාරීය.
මෙයට අධ්‍යාපනය බලපාන් නැති බව පසක් කරමින් ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු ද තම ජීවය අවසන් කරගෙන ඇත.

ලංකාවේ ප්‍රථම බෞද්ධ ,සිංහල පුවත්පත මුද්‍රණය කල , සංරක්ෂිත මුද්‍රණ යන්ත්‍රයට පාපතරයන් කල දේ.

මේ රට හැඬිය යුතු මොහොතකි. රාජ්‍ය කෞතුකාගාරය කොල්ල කා එහි අගනා කෞතුක භාණ්‌ඩ වල මුතු මැණික්‌ කොල්ල කනු ලබයි. රට පුරා වස්‌තු ජයටම කොල්ල කනු ලබයි. මේ වැනසී යන්නේ රටේ අගනා අතීතයයි. රටක අනාගතයට ඉතිරිකොට තැබිය යුතු අතීත සෞභාග්‍යයයි. ඒ අතරේ අපේ අතීතයේ මුද්‍රණ වංශ කතාවේ කැපී පෙනෙන තැනක්‌ සනිටුහන් කරන අගනා වස්‌තුවක්‌ ගිනිබත්ව ගියේය.

දැන් ඉතින් ඉතිරි වී ඇති යකඩ සැකිල්ල සංරක්‍ෂණය කොට තැබිය හැක. එහෙත් දැන් පරිස්‌සමට තැබූ දැ ඈලියාවට ගොසිනි.
එහි යකඩ වටිනාකමක්‌ මිස කෞතුක වටිනාකමක්‌ නම් නැත.

සියලු විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න. තවත් කෙනෙකුට බලන්න share කරන්න.

සකස්‌ කළේ,
චන්ද්‍රසිරි දොඩන්ගොඩ,
ගාල්ලේ ලලිත් චාමින්දගේ
වාර්තාව ඇසුරිනි.