රොෂාන් පිලපිටිය අලුතින් විවාහ වූ තරුණියගේ මව හිටි හැටියේ බුකිය කළඹයි.

ප්‍රවීන රංගන ශිල්පී රොෂාන් පිලපිටිය සහ ජනප්‍රිය නිරූපන ශිලිපිනයක් මෙන්ම රංගන ශිල්පිනියක වන රිද්මා දිසානායක සමග නව යුග දිවියක් ආරම්භ කල බව අප ඔබට වාර්තා කරා.

මේ පිළිබඳව බොහෝ දෙනාගේ කතා බහට ලක්වීමත් සමඟ මෙම විවාහය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විවිධ අදහස් දැක්වුවා. ඒ අතර රොෂාන් පිලපිටිය විසින් සුනාලි රත්නායක නම් තරුණියක් රවටා රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා ගෙන ඇති බවටද කට කතාවක් පැතිර ගියා. එසේම රිද්මා පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි තරුණියක් බවත්, ඇයට රඟපෑමට අවස්ථාව ලබාදෙන බව මුහුණු පොත ඔස්සේ පවසා පසුව ඇය කොළඹට ගෙන්වාගෙන ඇති බවත් සමාජ ජාලයන්හි කතාබහට ලක්වෙනවා.ඇයද විවාහක කාන්තාවක් බවයි පවසන්නේ

කෙසේ වෙතත් ඊයේ දිනයේ පසුගිය දා විවාහ වුනු ජනප්‍රිය නළු රොෂාන් පිලපිටියගේ බිරිඳ වන රිද්මා දිසානායකගේ මව Face Book හි සටහනක් යොදමින් ඔවුන් දෙපලට සුභ පතා තිබෙනවා.

“රොෂාන් පුතාට හොඳ භාර්යාවක් වීමට හැකිවේවා දුවණි.

ඔබට ඇස්වහක් කටවහක් නොවදීවා.

මගේ දුවටයි, පුතාටයි මමී හැමදාමත් සුභ පතනවා.”

යනුවෙන් එහි සදහන්ව තිබුනා.

මීට අමතරව ඇය රොෂාන් පිලපිටියට යම් ඔවදනක් ලබා දෙන අකාරයේ පින්තුරයක් එක කර තිබුනා. එම පින්තුරය සහ තවත් ෆොටෝ පහතින්.

චීන ෂවොලින් විහාරයේ හිමිවරුන් මහනුවරදී කුන්ෆු සටන් කලාවේ ආරම්භය ගැන කල සුපිරි සංදර්ශනය.- වීඩියෝ

ශ්‍රී ලංකාව සහ  චීනය අතර  සම්බන්ධතාවය දීර්ඝ කාලයක් පවතිනවා. නමුත් තානාධිපති සම්බන්ධතාවයට වසර 75ක් පිරීම නිමිත්තෙන් විශේෂ කුංෆු සංදර්ශනයක් මහනුවරදී පැවැත්වුනා.

මේ සඳහා චීනයේ ෂවෝලින්ග් විහාරයේ හිමිවරුන් සහභාගී වුන. ලොව ප්‍රසිද්ධම කුන්ෆු කලාව පවතින ෂවෝලින්ග් විහාරයේ ඉතා අඩු වයසේ හිමිවරුන් විසින් ඉදිරිපත් කල කුන්ෆු සංදර්ශනය නැරඹීමට විශාල පිරිසක් සහභාගී වුනා.

මෙහිදී කුන්ෆු සටන් කලාව සඳහා  පාදක කරගත් සතුන්ගේ හැසිරීම විදහා දැක වූ හැටි පහත වීඩියෝවෙන් නරඹන්න.

විවාහයන් තුනම අසාර්ථක වී, අද වන විට කුලී කාමරයක ජීවත් වන ජයසේකර අපොන්සු

බොහෝ දෙනා ඔහු හඳුනා ගෙන තිබෙන්නේ කාන්තා චරිත රඟපෑමේ දී දක්වන දක්ෂතාව නිසාය. වේදිකාවේදී ඔහු එම චරිතය රඟපාන ආකාරය නිසාම සමහරු ඔහු දෙස වැරැදි කෝණයකින් පවා බලන්නට උත්සුක වූහ. නමුත් ඔහු එය රංගනයට පමණක් සීමා කළ එකක්ම විය. ඔහු සැබවින්ම හොඳ ප්‍රේමවන්තයෙකි. මේ නිසාම ඔහුට කාන්තාවන්ගේ ආකර්ෂණය නිතැතින්ම හිමිවී තිබිණී. ආදරයට දැඩි ලෙස ප්‍රේම කළ මේ සොඳුරු රංගධරයා තම විවාහ ජීවිත පිළිබඳවත් ප්‍රේම සබඳතා පිළිබඳවත් මා සමග කතා බහ කෙරන්නට කැමැත්තක් දැක්වීම මේ ලිපිය ලිවීමට මට උත්තේජනයක් විය.

ඔහු රංගධරයෙක් පමණක් නොව වේදිකා හා ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. හාස්‍ය රසය මැවීමට උපන් හපන්කම් ඇති දක්ෂ රංගන ශිල්පියෙකි. ඔහුගේ වේදිකා නාට්‍ය සියල්ල අකුරු දෙකින් නිර්මාණය වීම විශේෂත්වයක් විය. ඔහු නමින් ජයසේකර අපොන්සුය. ‘‘ආදරය ප්‍රේමය හා විවාහය’’ යන පරිච්චේදයේ තවත් එක් සොඳුරු සටහනක් ඔහුට තබන්නට මා කළ ආරාධනය පිළිගත්තේ ඔහු මා කෙරෙහි තබා ඇති විශ්‍වාසය නිසාය. ඒ නිසාවෙන්ම මීට පෙර හෙළි නොකළ බොහෝ කාරණා ඔහු ප්‍රථම වරට මා සමග පවසන්නට විය. ඉතිං එහෙමනං මේ සොඳුරැ රංගධරයාගේ ආදර කතාවට අපේ ඉඩ වෙන් කරමු.

ඔබ ජීවිතය විඳින්නෙක්ද? එහෙමත් නැත්නම් විඳවන්නෙක්ද?

මම ජීවිතය ඇත්තටම විඳින්නෙක්. විඳවන්න කැමැති නෑ. හරි සාධාරණෙන් ජීවිතය විඳින්න කැමතියි.

ඔය විඳින ජීවිතය තුළ ඔබ ආදරය ප්‍රේමය හඳුනාගෙන තිබෙන්නේ කොයි ආකාරයට ද?

ආදරය කියන එක මා හිතන්නේ දැඩි ආත්මාර්ථකාමී එකක් කියලයි. ඒක සොඳුරැ ආත්මාර්ථකාමී හැඟීමක්. මම තමයි මට ආදරේ කරන්නේ. ඔය ආදරය කොටස් කිහිපයකට බෙදෙනවා. අම්මාට, තාත්තාට, සහෝදර සහෝදරියන්ට, ගුරුවරුන්ට යනාදිය. මම කියන්නේ එයින් පරිබාහිරව කෙල්ලන්ට කරන ආදරය ප්‍රේමය ගැනයි. හැම පැත්තෙම ආදරය එක වගේ විය යුතුයි.

මම ගැහැණු ළමයෙකුට ආදරය කරනවා කියා සිතමුකෝ. මම බලාපොරොත්තු වෙනවා. ඒ ආදරය මට උපරිම ආදරය කරයි කියා මට එයාව දකින්න ඕනැ. එයා මට ආදරයෙන් කතා කරන්න ඕනැ. සලකන්න ඕනේ. එතකොට මගේ හිතට තමයි දැනෙන්නේ සතුට එයා දකින්න නැතිවෙනකොට මට දුකයි. එයා වෙන කවුරුහරි උදුරගත්​තොත් මට ඊර්ෂ්‍යාව එනවා.

ඒ විදිහට මම කැමැති නෑ. මම කැමැති එයා මගේ විතරක් වෙන්න. එයා මට සැර දැම්මොත් මගේ හිත කලකිරෙනවා. මම එයාට කැමැති නෑ. ඔක්කොම දැනෙන්නේ මගේ හිතට. මගේ සිතැඟි අනුව කටයුතු කරන කෙනාට මම දැඩිව ප්‍රේම කරනවා. හැබැයි ඉතිං පෙරළා මගෙනුත් එයාට ඒ ආදරය ලැබෙනවා. කලකිරීම ආවොත් මට එයා එපා වෙනවා. එයාගෙන් දුරස්වෙන්න බලනවා. එයා නැතිවෙනවානම් හොඳයි කියා සිතෙනවා. ඒ විදියට තමයි මා ආදරය දකින්නේ.

ඔබට ඔවැනි විරුද්ධ ලිංගික ආදරයත් ප්‍රේමයත් මුලින්ම ඇතිවුණේ කොයි කාලයේදී ද?

එ්ක ගැන තමයි මම කනගාටුවෙන්නේ. මම මුලින්ම ආදරය කළ කෙනා මට ලබාගන්න බැරි වුණා. මුලින්ම මම ආදරය කළේ මගේ පාසලේ ගැහැණු ළමයෙක්ටයි. පාසල් කාලයේදී තමයි මට මුලින්ම විරුද්ධ ලිංගික ආදරයක් ඇතිවුණේ. මේ ගැහැණු ළමයා හරියට සරෝජා දේවි වගේ. මම සරෝජා දේවිට හරි කැමතියි. ඒ කියන්නේ සිනමා සිත්තමේ ඉන්න සරෝජා​ දේවි ගැනයි. මේ කෙල්ලත් මට පේන්නේ සරෝජා දේවි වගේ. හැබැයි ඉතිං මම සිතින් ආදරය කරනවා. මේ කෙල්ල කවදාවත් මට ආදරය කළෙත් නෑ. මාව හමුවුණෙත් නෑ. ඒක එතනින්ම ඉවර වුණා.

මම වෛජයන්තිමාලාට තවත් ආදරෙයි. හින්දි සිනමාවේ ප්‍රේමයෙන් තමයි මාව ආදරයෙන් පිස්සු වැට්ටුවේ. වෛජයන්තිමාලා, රාජේන්ද්‍ර කුමාර්ලා, සංගම්, චිත්‍රපටයේ ආදරෙයෙන් ඉන්නකොට මා බලාපොරොත්තු වුණේ ඒ වගේ ආදරයක්. වෛජයන්තිමාලා වගේ ගැහැණු ළමයා වෙන ඉස්කොලෙක ඉන්නේ. ඉස්කෝලේ අැරුණු වෙලාවට වටේ යනවා. ලයින් එක දාන්න. එක දවසක් යනවිට ස්ටයිල් කොල්ලෙක් එක්ක මේ ළමයා කතා කරකර ඉන්නවා. කොල්ලා පාසල් ගිහින් ඉවර වුණ කෙනෙක්. මට බෑ ඔහු එක්ක හැප්පෙන්න. හරිම වේදනාවකින් ඒ අාදරයත් නිමා වුණා.

ඔය විදියට බූට් කාලා ප්‍රථම ආදරයක් දිනාගත්තේ කොළඹට ආවට පස්සේ නේද?

ඔව්. කොළඹ ඇවිත් නළු​ෙවක් වෙන්න දුක් වින්ද කාලයේ තමයි ඇය මට හමුවුණේ. එතකම් මම කෙල්ලෙක්ට ලව් කරලා තිබුණේ නෑ. ප්‍රථම ආදරය තමයි ඒක ලස්සන ගැහැණු ළමයෙක්. මම එයා දැකලා එයාට යෝජනා කළා. ‘‘මම ඔයාට ආදරෙයි’’ කියලා. එයත් ඒක පිළිගත්තා. අපි පාන්දර තමයි හම්බවෙන්නේ. මා පිළිකන්නේ පැත්තෙන් ඇවිත් ඇය හමුවෙනවා. අපේ ආදරය හරිම පිවිතුරුයි. ප්‍රේමය නම් සඳ එළියසේ අචින්තයි වගේ තමයි රාගයෙන් තොර මම රාගය ගැන සිතුවේ නෑ. අපි සිප වැළඳැගනීම් තිබුණා එච්චරයි. එතනින් එහාට ගියේ නෑ. ඒ ආදරය ඔහොම දිගට ගියා.

මේ සම්බන්ධයට මගේ ඥාතීන් විරුද්ධ වුණා. ඒ විරුද්ධත්වය උඩ අපි දෙන්නට පොඩ්ඩක් අයින් වෙන්න වුණා. ඒ අයින් වීම තිබුණත් මම හොරෙන් හොරෙන් ඇයට ආදරේ කළා. නමුත් මගේ කලා ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් එක්ක මෙයා යාළුවුණා. ඊට පස්සේ බොහොම දුකක් මට ඇතිවුණා. මගේ ප්‍රථම ප්‍රේමය දුක්මුසුව ඉවර වුණා. ඊට පස්සේ අද ජනප්‍රිය නළුවන්ගේ බිරින්ඳෑවරු පවා මට ලව් කළා. ඒවා කියන්න අපහසුයි.
ඔබ ඊට පස්සෙ ජනප්‍රිය නිවේදිකාවක් මෙන්ම රංගන ශිල්පිනියකට ද ආදරය කළ බව දැනගන්නට ලැබුණා. ඇත්තටම ඒ ප්‍රේමයට මොකද වුණේ.

ඔබ ඒ පිළිබඳව දන්නේ කොහොමද? ඒ කතාව හරි හැබැයි ඒ ප්‍රේමය තිබුණේ දවස් 2 ක් විතරයි. ඇය එතකොට හරිම ලස්සනයි. හැබැයි ටිකක් කළුයි. මම එයාට ලියුම් ලිව්වා. ඒ ලියුම් තවමත් එයා ළඟ තිබෙනවාලු. මම නුවරඑළියේ සිට පැමිණි අහිංසක තරුණයෙක්. මම ඔයාට ආදරෙයි කියලා ලියුම් ලිව්වා. එයාත් මට කැමැති වුණා. අපි දෙන්නා ලුම්බිණියේ නාට්‍යයක් බලන්න ගියා. නාට්‍යය බලල එළියට එනකොට වැස්සක් වැටෙනවා.

මේ කෙල්ල ළඟ කුඩයක් තිබුණා. කෙල්ල කුඩය ඉහළගෙන යන්න හදනවා. ඉස්සරහින් මගේ යාළුවෙක් වන නාට්‍ය නිෂ්පාදකයෙක් ගියා. අැය එක පාරටම ඔහුට ‘‘අයියේ එන්න මේ කුඩේ යටට’’ කිව්වා. එහෙම කියලා ඔහු ඒ කුඩය යටට ගිහින් දෙන්නා හොඳටම දොඩමළු වී යනවා. මාව මගහැරුණා. මම බලාගෙන ඉන්නවා. මාව අමතකයි. මේ දෙන්නා යනවා. දැන් බස් හෝල්ට් එකට ආවා. මම තෙමීගෙන ඇවිත් ඇයට කිව්වා අදින් පස්සේ ඔයාගෙයි මගෙයි ආදරේ නෑ කියලා. එහෙම කියලා මම ගියා. එතනින් ඒ ප්‍රේමයත් ඉවරවුණා. එක දවස් දෙකේ අපූරු ප්‍රේමයක්.

ඔබ පස්සේ හොරණ පැත්තේ ගෙදරකට ගිහින් ගැහැණු ළමයෙක්ට ආදරේ කරන්න නැවතුණා කියලත් ආරංචියි. ඇත්ත ද ඒ කතාව?

ඔව්. ඒ කතාවත් හරිම සුන්දරයි. මට හොරණ පොකුණුවිට පාරේ ඉන්න ගැහැණු ළමයෙක්ගෙන් හරියට ලියුම් එනවා. හරිම ලස්සන ලියුම්. ඒ ලියුම්වල තිබුණු අත් අකුරුත් ලස්සනයි. මම මේ කියන්නේ 1975 වසරේ මුල හරියේ. මේ ලියුම්වල තිබුණු අදහස්වලට මම සිතුවා ඇය තමයි මගේ හිමිකාරිය කියලා. මම බඳින්නේ මෙයා තමයි කියලා දවසක් මෙයා සොයාගෙන මම පොකුණුවිට ගියා.

එයා එතකොට ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිත් නෑ. එයාගේ තාත්තා තමයි මාව පිළිගත්තේ. එතකොට මම ජනප්‍රිය නළුවෙක්. තාත්තා එක පාරටම මාව දැකලා ‘අයියෝ මගේ දුව ඔයා දැක්කොත් මැරෙයි එන්න එන්න’’ කියලා කිව්වා. ටිකක් වෙලා යනකොට ඒ ගැහැණු ළමයා පාසල ඇරිලා ගෙදර ආවා.

හරිම ලස්සනයි. එයා එකපාරටම මාව දැකපු ගමන් පුදුම වුණා. තව නූලෙන් පොත් ටික බිමට වැටෙනවා. ඒ තරමටම විස්මයට පත්වුණා. එතකොට මම හොඳම නළුවා විදිහට සම්මානයක් ලැබිලායි තිබුණේ. ඒකත් අරගෙනයි ගියේ. ඒ ළමයා කිව්වා ‘‘අපි සම්මානයක් ගන්නවා පත්තරෙන් දැක්කා’’ කිව්වා. මම කිව්වා මේ තිබෙන්නේ ඒ සම්මානය කියලා. එයාට හරිම සතුටුයි. මම එදා සිතුවා මෙයා තමයි මගේ ඉරණම්කාරී කියලා. එයා මාව හරියට අගය කරනවා. එයා ඉඳගෙන මාත් එක්ක කතා කරනවා. එයා ඊට පස්සේ මම කිව්වාම කෑම ටිකක් අරගෙන මා ළඟට ඇවිත් කතා කරනවා. මට කතා කරන්න දේවලුත් තිබෙනවා. එයාටත් කතාකරන්න දේවල් තිබෙනවා. අපි හරිම යාළුවෝ වුණා.

දැන් ගොඩාක් හවස් වුණා. ‘‘මම දැන් යන්න ඕනෑ’ කිව්වාම ‘අනේ යන්න එපා තාත්තේ මේ යන්න හදන්නේ’ කියලා ඇය කියන්න ගත්තා. තාත්තයි අම්මයි කිව්වා අද ඉඳලා හෙට උදේ යන්න කියලා. මම හිතුවා දැන් ඉතිං මගේ මුළු අනාගතයම මෙතන තමයි කියලා. ඊට පස්සේ මට කාමරයක් දුන්නා. අපි රෑට කෑමත් කාලා හිටියත් එයා එක දිගට මාත් එක්ක කතා කරමින් ඉන්නවා. අම්මයි තාත්තයි නිදි කිරා වැටෙනවා. රෑ 11 වනතුරු කතා බහ හරිම සුන්දර කතාබහක්. පස්සේ නිදිමත හින්දා එයාට නිදාගන්න යන්න කිව්වා. මොකද පහුවදා ඉස්කෝලේ යන්නත් තිබෙන හින්දා.

එතකොට ලයිට් එහෙම තිබුණේ නෑ. හැබැයි ඒ ගෙදර හරිම ලොකුයි. පහුවැනිදා නැගිටලා මම යන්න ලෑස්ති වෙනවා. එයා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා. එතකොට මෝටර් සයිකලක පොඩි ගැටවරයෙක් ආවා. ඇවිත් එයා එක්ක කතා බහ කරලා ගියා. ඊට පස්සේ ‘‘යමු මාත් එක්කම කියලා’’ ඇය මා සමග පාරට ආවා. අපි කතා කර කර යනකොට ‘‘මම ඔයාට ආදරෙයි’’ කියලා මගේ අදහස ඇයට ඉදිරිපත් කළා. එයාගේ ඇස්වල කඳුළු පිරුණා. එයා කිව්වා අර මෝටර් සයිකලෙන් ආව කෙනා ඔයා දැක්කා නේද? ඒ මගේ මස්සිනා. එයාව මට බන්දන්න තීරණය කරලයි තියෙන්නේ’’ කිව්වා. මට පුදුම ශෝකයක් ඇතිවුණා. ඒ ප්‍රේමය හරි ගියේ නෑ. ඒක හරිගියා නම් මම හිතනවා එය බොහොම සුන්දර ආදරයක් වේවි කියලා.

ඔබේ කතාවලින් පේන්නේ හැම තිත්සෙම ගැහැණු ළමයින්ගෙන් බූට් කාලා තිබෙන බවයි. එහි දී ඔබට මොනවගේ හැඟීමක්ද ඇතිවුණේ.

මම කල්පනා කළා, ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. මොකද මට හිත ගිය සියලු දෙනා මා හැරගියා. පස්සේ අන්තිමේ දී මම රඟපෑම් පන්තියක් කළා. එය කරද්දී එයට ක්ලීටස් මෙන්ඩිස්, උදයකාන්ත වර්ණසූරිය වැනි අය ආවා. මමත් එතකොට තරුණයි. 1975 දී මම හොඳම නළුවා වූ හින්දා රඟපෑම් උගන්වන්න කියා මට කිව්වා. රැපියල් 100 ක් තමයි ලැබුණේ. පන්තියේ හිටියා ලස්සන ගැහැණු ළමයෙක්. මට මෙයා ගැන ලොකු පැහැදීමක් ඇතිවුණා. එයා අම්මා එක්ක පන්තියට ආවේ හරිම ලජ්ජයි. මම එයාගෙන් ඇහුවාම අම්මාගෙන් අහන්න කිව්වා. මම අම්මාගෙන් ඇහුවාම ගෙදරින් ඇවිත් අහන්න කිව්වා. ගෙදර ගිහින් ඇහුවා. සහෝදර සහෝදරියෝ ඇයට සිටියා.

ඒ අය මුලින්ම මගෙන් ඇහුවේ මොකක්ද රස්සාව කියලයි. මම කිව්වා නළුකම රඟපෑම කියලා. ‘අයියෝ ඒකත් කරලා ජීවත් වෙන්න පුළුවන්ද? රස්සාවක් සොයාගන්නකෝ කියලා ඔවුන් කිව්වා. මම කිව්වා ‘‘මගේ වෘත්තිය නළුකම, මම සම්මාන ගත්තේ ලොකු නළු නිළියෝ පරද්දලා. මට අනාගතයකුත් තිබෙනවා මෙකෙන් ගි​ෙයා්ත්. ඒ හින්දා මේ රස්සාව මට හොඳයි කියා.

කොහොම හරි මේ ආදරය මාස ගණනාවක් ගියා. මේ අතරේ ගලෙන්බිඳුණුවැව චිත්‍රපටයක රූගත කිරීමකට මම ගියා. ඒ චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ හොඳම ගැහැණු ළමයත් එතනට ඇවිත් සිටියා. ඒ ගැහැණු ළමයා මට සමීප වෙන්න ගත්තා. මට වැටහෙනවා ඇය මට ආදරේ වගේ කියලා. හැබැයි මම කෙනෙක්ට ආදරේ කරද්දී තව ආදරයක බැඳෙන්නේ නෑ මොකද මට දැන් කෙනෙක් ඉන්නවානේ.

මට එතන දී රවින්ද්‍ර රන්දේණිය කිව්වා අපොන්සු ‘‘මේ කෙල්ල උඹට හරි ආදරෙයි. උඹ දන්නවාද තෙල් මෝල් පොල් මෝල් තියෙන සල්ලි කඳක්. මේ කෙල්ලට කැමතිවෙයන්’’ කියලා මට කිව්වා. ‘‘ නෑ රවි අය්යා මම ආදරය කරනවා දුප්පත් කෙල්ලෙක්ට’’ කියලා. ඒ නිසා මම ඇයට ළංවුණේ නෑ. කොහොම හරි අර රඟපෑම් පන්තියේ සිටිය ගැහැණු ළමයා මට බඳින්න සිද්ධ වුණා.

ඔබ විවාහ වුණත් ඒ විවාහය දිගටම ගෙනියන්න බැරිවුණා නේද?. ඇයි එහෙම වුණේ ඔබගේ වරදක් හින්ද ද? නැත්නම් ඇයගේ වරදක් හින්දද?

1978 වන විට විවෘත ආර්ථීකය පැමිණි කාලයේ. අපි ඒ වන විට සිනමාවෙන් ලස්සන ජීවිත ගත කරන කාලේ. ජනප්‍රියත්වයේ හිටියේ. මම මෙතනදී කාටවත් දොස් කියන්නේ නෑ, මගේ රැකියාව රංගනය. මම ප්‍රේම කරපු කෙල්ලගේ අක්කා දරුණු විදිහට මට කිව්වේ රස්සාවක් කරන්න කියලයි. ආර්ථික ප්‍රශ්නත් එන්න එන්න ආවා. සිනමාවේ වැඩ නැතිවෙන්න ගත්තා.

වැඩ නැතිවෙන කොට තමයි අපි දෙන්නට දරුවෙක් ඇතිවුණේ. මම මේ ඇත්ත කියන්නේ. දරුවාට පිටි පැකට් එකක් ගන්නත් බැරි තරම් මම අමාරුවෙන් පාසල් නාට්‍ය කරමින් රංගනය උගන්වමින් මේ නඩත්තුව ගෙනිච්චා. නමුත් ඒ අය කලාව විශ්වාස කරන්නේ නෑ. මට ලජ්ජා කරනවා. ඒ අතරේ ගැටුම් ගොඩාක් ඇතිවුණා. ඒ ගැටුම්වලින් අන්තිමේ දී උසාවි පවා යන්න සිද්ධ වුණා. එහෙම වෙලා අයින් වෙන්න සිද්ධ වුණා. පළමු විවාහය අසාර්ථක වුණා. හැබැයි ඒ කෙල්ලට මම දොස් කියන්නේ නෑ. මම වැරදි කියලවත් කියන්නේ නෑ.

රංගන ශීල්පියෙකු ලෙස අපි රටේ පවතින විදිහ නිසයි අපි වැරැදිකාරයෝ වෙන්නේ. සල්ලි තිබුණා නම් කාර් බාර් තිබුණා නම් කවදාවත් අපි විවාහය අසාර්ථක වෙන්නේ නෑ. මෙතන ඇතිවුණේ ඒ ගැටලු තමයි. වෙන්වුණාට පස්සේ සාධාරණ මුදලක් මම ගෙව්වා. එය ලොකු ගණනක් ඒක ගෙවන්න මම මාර දුකක් වින්දා.

ඊට පස්සේ ඔබ තවත් ආදරයක් පස්සේ යන්න ගන්නවා නේද? ඇයත් විවාහ කරගන්නවා. නමුත් ඒකත් අසාර්ථක වෙනවා නේද?

ඔව්, ඔබ හරි මට ලස්සන ආදරයක් ලැබෙනවා. ඒ ආදරයට මම ඇත්ත කිව්වා. එයා මට බොහොම ප්‍රේම කළා. කොහොම හරි අපි දෙන්නා විවාහ වුණා. විවාහ වෙලා මම චිත්‍රපටයක් ‘රෑ රූ’ නමින් නිර්මාණය කළා. ඒ චිත්‍රපටය මම නිෂ්පාදනය කළේ ගේයි ඉඩමයි උගස් කරලා. එදා ක්‍රියාකාරී අධ්‍යක්ෂ මට චිත්‍රපටය රිලීස් කිව්වා. ඒ කාලේ බෝම්බ පුපුරණවා. 1999 දි විතර වගේ අසුබ කාලයක්. මටත් වැඩිය උසට තාප්පවලින් වටවූ ගෙයකුත් හදලා දෙවැනි විවාහයක මම හිටියේ.

ඒ ගෙය බැංකුවට උගස් කරලා චිත්‍රපටය කළේ. මගේ බිරිඳ චිත්‍රපටයට කැමැති වුණේ නෑ. ගැටුම් නිතරම ඇතිවුණා. අපට ඇමරිකාවේ යන්න සිද්ධ වුණා. ඇමරිකාවේ ගිහින් බිරිඳ ආපහු ලංකාවට එන්න බැහැ කිව්වා. එයා නැවතුණා. මට කලකිරුණා. මම කිව්වේ ප්‍රශ්න තිබෙනවා කලාකරුවන්ට ඔබ මාත් එක්ක එන්න ඕනේ කියලා. එයා බැහැ කිව්වා. අන්තිමේදී එවයාගෙන් වෙන් වුණා. එයා ඇමරිකාවේ ඉන්නවා.

ඔබ තුන්වැනියට විවාහ වෙන්නේ ගොඩාක් වයසින් බාල තරුණ කෙල්ලක් එක්කයි. නිරූපිකාවක් නේද ඇය. ඇයි ඒ විවාහයත් ඔබ කඩාකප්පල් කරගත්තේ?

මට ලැබුණු හැම ආදරයටම වැඩිය තුන්වැනියට හමුවූ ඇය ආදරේ කළා. ක්‍රිකට් මැච් එකකදී තමයි ඇය මට හමුවුණේ. එයා නිළියක්ම නොවෙයි. මොඩ්ල් කෙනෙක්. එයා මගේ ජීවිතයට ඇතුළු වුණා. මගේ මේ නැතිබරිකම් ෆිල්ම් එකේ ණය ගෙවාගන්න ගේ දොර උගස් කරලා විකුණන තත්ත්වයට ඇවිත් එතකොට හිටියේ. ඒකට උදව් කළෙත් එයා. මට වඩා ගොඩාක් ඇය බාලයි.

එයා මට පුදුම ආදරයක් දැක්වූයේ. මම යන කාර් එක පොඩියි කියලා එයා ලොකු එකක් ගන්න එයාගේ ගෙදරත් වික්කා. විකුණලා තාත්තාගෙන්ද සල්ලි ඉල්ලලා වාහනයක් ගත්තා. එයාගේ තාත්තා අම්මාත් මට කැමැති වුණා. අපි විවාහ වුණා. අපි සන්තෝෂයෙන් විවාහ දිවිය ගත කළේ. එයා මට කියන්නේ බබා පැටියෝ කියලයි. ඒ තරමට ආදරෙයි. ඉඳිකට්ටයි නූලයි වගේ හිටියේ.

මේ අවුරුදු 12 තුළ එහෙමයි අපි හිටියේ. පොඩි සිද්ධියක් හින්දා සැකයක් මතුවෙලා ප්‍රශ්න ආවා. මගේ පළමු කසාදයේ පුතා විවාහ වෙන දවසේ ඔහුගේ යාළුවෝ ඇවිත් කිව්වා ‘‘අන්කල් ඔයාගේ පුතා බඳිනවා. ඒකට තාත්තා වශයෙන් එන්න බැරිද’’ කියලා. එතකොට නාට්‍යවලට මට උදව් කරන්නේ එයා. ඇය එවෙලේ ස්ටේජ් එකේ හිටියේ. මම කිව්වා ‘‘පුතා මම දැකලා නෑ.

අවුරුදු ගාණකින් අර ඉන්නේ මගේ වයිෆ් එයා ඒකට කැමැති නෑ’’ කියලා ළමයි යනකොට දුකත් හිතිලා අඬගහලා පුතාට දෙන්න කියලා පොඩි මුදලක් දුන්නා. හැබැයි එතන කලාකාරයෙක් හිටියා. නම කියන්නේ නෑ. ඊට මාස 4 කට පස්සේ ඇය අඬාගෙන ඇවිත් කිව්වා. ‘‘මම දන්නවා ඔයා කවදා හරි පුතා ළඟට යනවා. මුල් වයිෆ් ගාවට යනවා ඔයා පුතාට රුපියල් ලක්ෂයක් දුන්නා නේද?’ කියලා. මම කිව්වා ඒක බොරු කතාවක් කියලා. සමාවෙන්න මට ඒක කියන්න බැරිවුණා කියලා කිව්වා. මම දුන්නේ මෙච්චරයි ලක්ෂයක් දුන්නේ නෑ කිව්වා.

ඊට පස්සේ ඕක මෙයාට ……………… වුණා. එයා වරින් වර මේකමට මතු කළා. ඔහොම ඉඳලා මම ගෙදර යනවා කියලා එයාගෙන් වෙන්වුණා. එයා අද විවාහ වෙලා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා. හැබැයි පුදුම ආදරයක් තිබුණේ. එයා මාව දාලා ගියාට පස්සේ දවසක් කෝල් කරලා කිව්වා. මගේ කණ්ණාඩිය කැඩුණු හින්දා ඒක හදාගන්න අහවල් තැනට යන්න එයා සල්ලි ගෙවන්නම් කියලා. මට දුකු හිතුණා. ඒක පුදුම ආදරයක්.

ඇත්තටම ඔබට නිළියන් එක්ක ආදර සබඳතාවක් ඇති කර ගන්න බැරිවුණේ ඇයි‌ ? ඔවුන්ට ඔබ ඇල්ලුවේ නැද්ද? නැත්නම් ඔබ නිළියන්ට කැමැත්තක් දැක්වූයේ නැද්ද?

ඒ කාලයේ ලස්සන නිළියො හිටියේ. පුදුම වැඩේ කියන්න මට නිළියන් අප්‍රමාණ හමුවුණත් ඔවුන් එක්ක එකට වැඩ කරන්න ලැබුණත් ආදරයක් ඇතිවුණේ නෑ. ක්ෂේත්‍රයේ කිසිම කෙනෙක් එක්ක මගේ සබඳතාවක් තිබුණේ නෑ. මම කිසිම නිළියක් එක්ක ප්‍රේම සබඳතාවක් ඇතිකරගත්තේ නෑ. ඔවුන් මට ආදරය කරන්න ඇති නමුත් කවුරුවත් මගේ මූණට ඇවිත් කිව්වේ නෑ.

ඔබ පසු කාලයේදී යළිත් මුල් විවාහයේ බිරිඳ ළඟට ගියා නේද? එහෙම වුණේ ඇයි.?

ඒක වුණේ ඔවුන් මට කතා කළා මම ගියා. හැබැයි මම ගියාම ඒ මුල් ආකල්පය ඒ කියන්නේ නළුවා, කලාකරුවා කියන එකට වඩා ඇමරිකාවේ යමු කියන තැන තමයි හිටියේ. පස්සේ අපි ඇමෙරිකාවට ගියා. ලංකාවට එන්න බැහැ කිව්වා. ජොබ් එකත් කරන්න ඕනෑ කිව්වා. ඉයාලට ඉන්න කියලා මම ලංකාවට ආවා. එයාලගෙන් අයින් වුණා. ඒ සියලු දෙනාට මම වෛර කරන්නේ නෑ. ඒ අයට මම ආශිර්වාද කරනවා.

ඔබගේ මේ සබඳතා බිඳී යන්නේ ගැහැණු ගති ඔබ තුළ තිබෙන නිසා කියලයි සමහරු කියන්නේ. මොකක්ද මේ කතාවේ තේරුම.

ගැහැණු ගති තිබෙනවා නම් කිව්වොත් මම නපුංසකයෙක් වෙයි. එහෙම නොවෙයි. චරිතවලට ගැහැණු වුණාට මම නියම පිරිමියෙක්. තුන්වැනි විවාහක බිරිඳට මම ගෙරෙව්වේ නැත්නම් නින්ද යන්නේ නෑ. මම ගොරවනකොට තමයි ඒ සනීපයට ඇය නිදාගන්නේ. විවාහ ජීවිතේ පැත්ත ගත්තොත් ඒක උපරිමයි. ඒවායින් කිසිම අඩුවක් නෑ, මගේ කසාද තුනම පොඩි දේවල් හින්දයි නැතිවුණේ. හැබැයි ආදරය උපරිමයි. තවමත් මට ඒවා මතක් වෙනවා. මට දැනුත් ඉන්න බැහැ. ආදරය මට අවශ්‍යයි. තුන්වැනියා මාව ගොඩක් ඉදිරියට ගෙන ගියා. එහෙම කියලා මම සල්ලාල ජිවිතයකට නැඹූරු වුණේ නෑ.

ඔබගේ පුතා ඊට පස්සේ හම්බ වුණේ නැද්ද?

නෑ. ඔහු හොඳ පුතෙක්. ඔහු දැන් විවාහ වෙලා දරුවොත් එකක් ඇමරිකාවේ ඉන්නේ. මම බලන්න ගියොත් අම්මාව හම්බවෙනවා. ඒකට මම බයයි. ඉතිං ඒ හින්දා යන්නෙ නෑ. ඔහුත් සතුටින් පවුල් ජීවිතය ගත කරනවා.

ආදරය හා ලිංගිකත්වය පවුල් ජීවිතයට කො​හොමද බලපාන්නේ කියා ඔබ සිතන්නේ?

ප්‍රේමය සඳ එළිය සේ අචින්තයි. කියනවානේ. ඇත්තටම ආදරයෙන් ගොඩ නැගෙන රාගය ලිංගිකත්වය එය වර්ධනයට ගොඩාක් බලපානවා. ඒක මම අත්දැකීමෙන් දන්නවා. දෙන්නාගේ ආදරය තුළින් තමයි රාගය ඇතිවෙන්නේ. ඒ රාගය ලිංගිකත්වය අපේ බැඳීම තවත් ශක්තිමත් කරන බැඳීමක් වෙනවා.

ඔබ තුන්වරක් විවාහ වූ අයෙක්. මේ විවාහ ජීවිතය පිළිබඳව ද ආපසු හැරී බැලීමේ දී ඔබට මොකද සිතෙන්නේ.

විවාහය හරිම සුන්දර දෙයක්. විවාහයේ දී දෙන්නාට දෙන්නා නීති දාන්න ඕනෑ නෑ. මම කැමතිත් වයසට යනතුරු ආදරයෙන් විවාහ ජීවිතය ගෙනියන්නයි. මට විවාහ ජීවිතය තවම එපා වෙලා නෑ.

ඒ කියන්නේ ඔබ තව විවාහයක් කර ගන්නත් දැන් කැමතියි කියන එක නේද?

ඔව්. කොල්ලෙක් ළඟදී දිවි නසාගෙන මැරුණා නේද කෙල්ලෙක් බූට් එකක් දුන්නා කියලා. එහෙම නම් මම තුන්පාරක් බෙල්ලේ වැල දාගන්න ඕනේ නේද? විවාහය කියන එක හරිම උත්තරීතර දෙයක්. හරිම ෂෝක් තවම වේකන්සියක් තිබෙනවා. ඉදිරියේදී මොනවා වෙයිද දන්නෙ නෑ. ‘‘ලිවින් ටු ​ෙගදර්’’ තුළ ආදරයෙක් නොවෙයි තිබෙන්නේ එතන තිබෙන්නේ මිනිහාට සර්වන්ට් කෙනෙක් හිඳීමයි. මුදලට සියල්ල සිදුවෙන්නේ. ඒක ආදරය විවාහයක් නොවෙයි. ඒ රැකියාවක්. ඒ රැකියාවේ පඩි දෙන්න මම ලැස්ති නෑ.

ඔබට වයසින් බාල කෙනෙක් ආපහු විවාහ යෝජනාවක් කළොත් මොකද කරන්නේ?

ඒක මට ගැලපෙන්නේ නැ කියා මා සිතනවා. ඊට වඩා ​මෝරන්න ඕනේ. මම තවමත් හිතින් තරුණයි. මගේ ආකල්පවලට ගැලපෙන කෙනෙක් වෙන්නත් ඕනේ. හැබැයි පොඩි කෙල්ලෙක් නම් නොවෙයි. වේකන්සියක් තිබෙනවා. තවම ඉල්ලුමක් නෑ, ඉල්ලුමට සැපයුම නම් තිබෙනවා. මා තරම් ආදරවන්තයෙක් තවත් නෑ කියලයි මට සිතෙන්නේ.

අපොන්සු ප්‍රේමයෙන් මුසපත් වූ අනංගයෙක් යැයි මට සිතුණේ ඔහු ඒ කාරණා පිළිබඳව විවෘතව කතා කළ නිසාවෙනි. ඔබ සිතුවාට වඩා ඔහු කොතරම් ප්‍රේම කුරැල්ලෙක්ද ඉතිං හෙට දවසේදිත් ඔහු ඒ ආදරය සොයාගෙන යාවි. ඒ ආදරයට ඔහු ආදරය කරන නිසාය.

කතාබහ කළේ
සමන්ත යහම්පත්

 

වල්කමේ යන ගෑනු ටිකක් රඟපාන්න ඇවිත්, ඇවිල්ලත් වල්කමේ යනවා. – ඩබ්.ජයසිරි.

අකුරක් තනිව තියෙද්දියි, අකුරක් වචනයක් වෙද්දියි, වචනවලට දැනෙන අර්ථයක් එක්වෙද්දීයි එකිනෙකට වෙනස්. අකුරු රහ ගීත කරලා, හ`ඩක් කට හඬක් කරලා, රංගනය අතර විශිෂ්ට රංගනයක් කරලා, මිනිස් සිත් හැම අතින්ම නතුකරගත් ඉවරයක් නැති ප‍්‍රතිභාවක් හොයාගෙන මම ගියා. මේ ඩබ්ලිව්. ජයසිරිගේ කතාවයි.

”මම දැන් සැහෙන්න වයසයිනේ. අවුරුදු 70ත් පැනලා, ඒ නිසා දැන් එහෙම පුංචි කාලේ මතක් කරන්න අමාරුයි. නිකන් හීනයක් වගේ තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි ඉතින් මගේ ගම ගාල්ලේ, හැබැයි මම ඉපදුණේ අම්මාගේ ගමේ වැලිගම. ඒ කාලේ ඉතින් ළමයි හම්බවෙන්න ඉන්න අය යන්නේ ඉස්පිරිතාලෙට නෙවෙයිනේ, තමන්ගේ මහගෙදරටනේ. අම්මත් එහෙම ගිහිල්ලා මාව හම්බවෙලා තියෙන්නේ අම්මගේ මහගෙදරදී. මම තමයි පවුලේ වැඩිමලා. මම ඉපදුණාට පස්සේ අපි තාත්තගේ ගෙදරට ඇවිල්ලා.”

හීනයක් වගේ තිබ්බ අතීතේ මතක් කරගෙන කතාවක් වගේ ඒක කියාගෙන යනකොට මට මග නතර කරන්න හිතුණෙම නැහැ.

”මට සහෝදරයෝ තුන්දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ එක්කෙනක් මාලඹේ පදිංචි. අනිත් කෙනා ආසිරි හොස්පිටල් එකේ වැඩ. අනික් කෙනා පුස්සැල්ලාවේ වැඩ කරනවා. පොඩි කාලේ ඉඳන් අපි අතරේ කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. මම ගෙදරින් පිට හැදුණේ. ඔය ගොඩක් අය කියන විදිහට මහා සහෝදර බැඳීමක් තිබුණේ නැහැ මට.”

ගොඩක් අය කියන්නේ නැති ටිකක් වෙනස් කතාවක් වුණත්, බොරුවෙන් ජීවත්වෙන ගොඩක් අයට වඩා ඒ ඇත්ත වචන මේ පිටු අතරට ගොඩක් වටිනවා.

”මට වයස අවුරුදු දෙකේදී වගේ මම පත්තරේ කියවන්න පටන්අරන් තියෙනවා. ඒකට අපේ තාත්තලා එහෙම හො`දටම බය වෙලා මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. අපේ ලොකු තාත්තා, ඒ කියන්නේ තාත්තාගේ අක්කා බැඳපු කෙනා වේද ආරච්චි කෙනෙක්. ඉතින් එයාට කියලා සරස්වතී පූජාවක් කරලා තමයි මට අකුරු කියවලා තියෙන්නේ. ඒ කාලේ ඉස්කෝලවලට දාන්න අද වගේ ප‍්‍රශ්නයක් නැහැනේ. මම අවුරුදු 3 ඉඳලා ඉස්කෝලේ ගියා. මම මේ කියන්නේ 1950 වගේ කාලේ. එහෙම ඉස්කෝලවලට ළමයි ඇතුළත් කරන්න දැන් වගේ තරගයක් තිබුණේ නැහැ. ඉතින් මම එතැන ඉඳන් ඉගෙනගන්නවා.”

ඩබ්ලිව්. ජයසිරි අයියා මට කියපු විදිහට එයාගේ පාසල් කාලෙ නම් හරිම දඟයි.

”ගාල්ලේ කිතුලම්පිටියේ සි.සි. බාලිකා පාසලට තමයි මම මුලින්ම ගිහිල්ලා තියෙන්නේ. පාසල් කාලේ ඉතින් ළමයි දඟ කරනවානේ. කොහොම හරි මාව ගමේ තියාගන්න බැහැ කියලා මතයකට ඇවිත් තාත්තා මවා ගෙනැල්ලා මාතර නැන්දා කෙනෙක්ගේ ගෙදර නවත්තලා මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට දැම්මා. ඊට කලින් වැලිගම සුමංගල විද්‍යාලයටත් ටික කාලයක් ගියා. කොහොම හරි ඊට පස්සේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ තමයි මම එස්.එස්.සී. විභාගය පාස් වෙනකම් හිටියේ. පස්සේ මම කියන්නත් අමාරු මහා විශාල වරදක් කරලා මට ප‍්‍රසිද්ධියේ වේවැල් පාරවල් දීලා මාව ඉස්කෝලෙන් අයින් කරා. පස්සේ මම ගාල්ලේ විද්‍යාලෝක විද්‍යාලයට ඇතුළු වුණා. ඒකේ ප‍්‍රින්සිපල් අපේ තාත්තගේ යාළුවෙක්. ඒ නිසා මාව ඒ ඉස්කෝලෙන් භාරගත්තා. කොහොම හරි එක අවුරුද්දක් ඒ ඉස්කෝලේ ඉඳලා මම කොළඹ විශ්වවිද්‍යාලයට ගියා. ඒ කියන්නේ ලංකා විශ්වවිද්‍යාලයේ කොළඹ මණ්ඩපයයි පේරාදෙණිය මණ්ඩපයයි කියලා දෙකක් තිබුණා. මාව තේරුණේ කොළඹ මණ්ඩපයට. එතකොට තිබුණ එකම යුනිවර්සිටි එක ඒක. එතැන ඉඳලා ඉතින් මේ කොළඹ ජීවිතේ පටන්ගත්තා.”

ජයසිරි අයියා ඉගෙනගත්තු පාසල හෙළ හවුලත් එක්ක ලොකු සම්බන්ධයක් තිබුණා.

 

”ඒ කලේ මට උගන්වනකොට හිටපු ගුරුවරු දැන් ගොඩක් අය ජීවතුන් අතර නැහැ. මම ඉස්කෝලෙන් අස්වෙනකොට හිටපු ප‍්‍රින්සිපල් තමයි කු.බේ. ජයසුරිය. මම ඉගෙනගත්තු මාතර ශාන්ත තෝමස් විද්‍යාලය තමයි හෙළ හවුලේ මුල්ම ඉස්කෝලේ. ඒක නිකන් හෙළ හවුලේ හෙඞ් ඔෆිස් එක වගේ තමයි තිබුණේ. ශාන්ත තෝමස් කුමාර කුලාජිය කියලා තමයි කීවේ.”

පාසල් යන දවස්වල ජයසිරි අයියා කිසිම විශේෂයක් නොපෙන්වපු ළමයෙක් කියලා කීවොත් හිතාගන්නත් අමාරුයි නේද?

”මාව දන්නේ සත පහකට වැඩක් නැති, පන්තියේ කිසිම දීප්තියක් නැති, අනාගතේ අහවල් කෙනෙක් වෙයිද කියලා කියන්නවත් බැරි හරිම සාමන්‍ය ළමයෙක් විදිහට. කොටින්ම නිකම්ම නිකම් ළමයෙක්. අම්මලා තාත්තලාටත් ඒක ලොකු ප‍්‍රශ්නයක් වුණේ නැහැ. එයාලා බලාගෙන හිටියේ මම කවදාහරි ඉගෙනගෙන මහා විශාල තැනකට යයි කියලා. කොහොම හරි ඉතින් අද දවසේ මම කරන දේවල් බලන්න අද ඒගොල්ලෝ නැහැ.”

අමාරුවෙන් හරි මතක් කරගත්තු අතීතේ දිගේ ඇවිත් අපි කැම්පස් එක ළඟ නතර වුණා. මොකද ජීවිතේ එක සාර්ථක පිටුවක් ලියන්න පුළුවන් වෙච්ච තැනක් නිසා.
”කැම්පස් ආපු එකෙන් තමයි මගේ ජිවිතේ පටන්ගන්නේ. මම කැම්පස් එකේ ඉගෙනගත්තේ ආර්ථික විද්‍යාව, ඉන්දියන් ඉතිහාසය, සිංහල. ඒ කාලෙ නම් හිටියා මිත‍්‍රයෝ, ඒ අය දැනුත් ඉන්නවා. ඔය මහින්ද යාපා අබේවර්ධන කියලා ඒකාබද්ධ විපක්ෂේ මන්ත‍්‍රී කෙනෙක් ඉන්නේ, එයා මාත් එක්ක එකට ඉගෙනගත්තේ. සෝලංගආරච්චි කියලා පොලිසියේ ලොක්කෙක් ඉන්නවා, එතකොට බෝධි ලියනගේ කියලා බොක්සර් කෙනෙක් හිටියා එයත් පොලිසියේ. ඒ වගේ අය මාත් එක්ක ඉගෙනගත්තා.”

කැම්පස් මතක් කරනකොට අහන්න හිතුණ දේ තමයි රැුග් එක ගැන.

”ඒ කාලේ රැුග් එක තිබුණා. හැබැයි මේ දැන් වගේ අමානුෂික විදිහට නෙවෙයි ළමයි අදුරාගන්න ඒවා තිබුණේ. කෙල්ලෙක් හම්බුණොත් කියනවා ස්ත‍්‍රී ලින්ගේ නළලේ කියලා හිතාගෙන කතා කරන්න කියලා. අන්න ඒ වගේ දේවල් තමයි. ඒවා කාටවත් ශාරීරික හානියක් නැහැ.”

ගාල්ලේ ඉඳන් ඉගෙනගන්න කොළඹ ආපු ජයසිරි අයියා කලා කටයුතුවලට එකතුවෙච්ච විදිහ කීවේ මේ විදිහට.

”අපි විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ තියෙනවානේ එක එක සංගම්. මම නාට්‍ය සංගමේ සංස්කාරක විදිහට පත් වුණා. ඉතින් අපි හැම අවුරුද්දෙම නාට්‍ය උළෙලවල් තුන හතරක් කරනවා. මහාචාර්ය සරච්චන්ද්‍රගේ, හෙන්රි ජයසේනගේ, ගුණසේන ගලප්පත්තිගේ, සුගතපාල සිල්වාගේ, නාට්‍ය කරනවා. එහෙම වෙලාවක සුගතපාල සිල්වාගේ නාට්‍ය උළෙලක් කරලා අපි හොදට මිත‍්‍ර වුණා. මරණය දක්වාම සුගත් මගේ ඉතාමත් හොද මිත‍්‍රයෙක් වුණා. සුගත් තමයි මාව වේදිකාවට ගෙනාවේ. ඒ ගමන්ම ධර්මසේන පතිරාජ මගේ මිත‍්‍රයෙක් බවට පත් වුණා. පස්සේ පති එක්ක චිත‍්‍රපටිවලට සම්බන්ධ වුණා. සුගත් එක්ක නාට්‍යවලට සම්බන්ධ වුණා.”

අද වෙනකොට රඟපාන්න එන නළුවෝ දවස ගාණේ වැඩි වෙනවා. එත් ඒ අතරින් මතකයේ රැුෙ`දන විදිහට රංගනයේ යෙදෙන ශිල්පීන් ඉන්නේ අතේ ඇඟිලි ගාණට.ඒ රංගන ශිල්පින් අතරේත් අද ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් තමයි ජයසිරි අයියා. හැබැයි ඔහු කියන විදිහට ඔහු රංගනය උපතින්ම අරගෙන ආපු දෙයක් නෙවෙයි.

”මට හිතුණේ නැහැ මට රගපාන්න පුළුවන් කියලා. ර`ගපෑම කියන එකත් එහෙම උප්පත්තියෙන් ගේන එකක් නෙවෙයි. දැන් කට්ටිය ගොන් කතා කියනවා සහජෙන් ගෙනාවා කියලා. සහජෙන් ගේන්නේ රඟපෑම නෙවෙයි ලෙඩ. සහජයෙන් ගේන්නේ ඩයබෙටික්ස්, පපුවේ රෝග වගේ දේවල්. සහජෙන් රඟපෑම වගේ ඒවා ගෙනවා නම් ගාමිණී ෆොන්සේකාගේ පුතා හෙන නළුවෙක් වෙන්න එපැයි. ජෝ අබේවික‍්‍රමගේ පුතා මාර නළුවෙක් වෙන්න එපැයි. හබැයි ඉන්දියාවේ රාජ් කපූර්ගේ පවුලේ ඉපදිච්ච කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම නළු නිළියෝ වෙනවා. ඒක ඒගොල්ලෝ ඉපදිච්ච දවසේ ඒ ගොල්ලන්ගේ පෙකණි වැල කපලා තියෙන්නේ ෆිල්ම් කෑන් එකක් උඩ තියලා. ඒ තරමට ඒ ගොල්ලෝ චිත‍්‍රපටිවලට සම්බන්ධයි. උප්පත්තියෙන් කිසිදෙයක් ගෙනාවේ නැහැ. උප්පත්තිය ලැබුවේ ඒ වගේ පසුබිමක. ඒ නිසා ඒ ගොල්ලෝ නළු නිළියෝ වුණා. ඒත් ඒගොල්ලෝ දිලිප් කුමාර්ලා තරම් දක්ෂ වුණේ නැහැ.”

උප්පත්තියේ රංගනය ගේන්නේ නැහැ කියන ජයසිරි අයියා, තමන් රංගන ශිල්පියෙක් විදිහට රංගනයේ තාක්ෂණය අල්ලාගැනීම සහ හැසිරවීම ගැන හරි අපූරුවට විස්තර කරා.

”මම මුලින්ම රඟපෑමට එන්නේ 1966 මුල හෝ අග ”හරිම බඩු හයක්” නාට්‍යයේ දෙවෙනි නිෂ්පාදනයේ. එතැන ඉඳලා දිගටම ර`ගපානවා. මම ඇත්තටම නළුවෙක් විදිහට වැඩිවියට පත් වුණේ 1985න් පස්සේ ”මරාසාත්” නාට්‍යයෙන් තමයි. ඊට කලින් මම ”දුන්න දුනුගමුවේ” නාට්‍යයේ ප‍්‍රධාන චරිතය නිරුපණය කරා. සුගතපාල සිල්වාගේ නාට්‍ය කීපයක්ම කරා. ඊට පස්සේ ධර්මසේන පතිරාජගේ චිත‍්‍රපටිවල සහය අධ්‍යක්ෂ කෙනෙක් විදිහට සම්බන්ධ වුණා. පස්සේ ටෙලිනාට්‍ය රචක, ගීත රචක වුණා. ”බඹරු ඇවිත්” චිත‍්‍රපටියේ සින්දු ලීවා, රඟපෑවා, ඔහොම ඇවිත් ටික කාලෙකින් අපේ අතේ තිබ්බ සල්ලි සේරම ඉවරයි. ජීවත්වෙන්නවත් විදිහක් නැහැ. තිබ්බ සල්ලිවලින් චිත‍්‍රපටි කරන්න ගියා. ඒ චිත‍්‍රපටි වාණිජ අතින් ඒ කාලේ සාර්ථක වුණේ නැහැ. පස්සේ මම මේ සේරම අතෑරලා දාලා සෞදි අරාබියේ ඇමරිකන් කොම්පැනියක රස්සාවකට ගියා.”

ඔහු කියන විදිහට ”මරාසාත්” නාට්‍ය තමයි ඔහු රංගනයෙන් වැඩිවියට පත්වෙන්නේ. මට ප‍්‍රශ්නයක් වෙච්ච ඒ කතාව ඔහු පැහැදිලි කළේ මේ විදිහට.

”මම ඒ නාට්‍යයෙන් තමයි රඟපෑම මොකද්ද කියලා තේරුම්ගන්නේ. ජීවිතේ ගොඩක් අත්දැකීම් හැලහැප්පීම් ඇති වෙන්න ඕනේ මනුස්සයෙක්ට නළුවෙක් වෙන්න. අපේ රටේ නම් මහා මෝඩ විදිහට මේ ළමයින්ටත් හො`දම නළුවා කියලා සම්මාන දෙනවා. ළමයි නළුවෝ නෙවෙයි ළමයි කියන දේ කරන අය. ළමයිට කරලා පෙන්නුවාම ඒක කරනවා. ඒ නළුවෝ නෙවෙයි, ඒ ළමයි. නළුවෙක් වෙන්න තමන්ගේ ජිවිතේ කර දණ්ඩ උස ගිහිල්ලා, යමක් කමක් ඉගෙනගෙන, මිනිස්සු එක්ක හැසිරිලා තියෙන්න ඕනෙ. තව ගොඩක් දේවල් තියෙනවා. ඒවායින් පස්සේ තමයි නළුවෙක් විදිහට තමන්ට කියලා ස්වාධීනව යමක් හිතලා නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මේ පොඩි ළමයි නළුවෝ වෙන්නේ නැහැ. දැන් ‘සි¥’ එකේ පොඩි හාමුදුරුවෝ අද වෙනකොට නළුවෙක් විදිහට හො`ද තාක්ෂණික දක්ෂකමක් පෙන්වනවා. එත් ඔහු තවම නළුවෙක් නෙවෙයි. ඔහු තවම කටේ කිරි සුවඳ ගියපු නැති පොඩි දරුවෙක්.”

ගොඩක්දෙනෙක් කියන කතාවක් තමයි රගපෑමට අපේ අතීතයේ අපි ඇසුරු කරපු පුද්ගලයින්, පරිසරය බලපානවා කියන එක.

”අපේ ජීවිතේ ජීවත්වෙනකොට අපේ ජීවිතේ පේ‍්‍රම සම්බන්ධකම්, විවාහ සම්බන්ධකම්, වෙනත් යාළුවන් එක්ක තියෙන සම්බන්ධකම්, තවත් නොයෙක් හැලහැප්පිලි තමයි අපේ ජීවිතේ තැම්පත් වෙලා තියෙන්නේ. ඒවා සමහර චරිත නිරූපණය කරන්න ගියාම මතක් වෙනවා. නැත්තම් මතක් කරලා හරි කරනවා. අනේ මන්දා ඒ වුණාට මට එහෙම මතක් වෙනව ද කියලා මම දන්නේ නැහැ. මට නම් දැන් රඟපෑමේ තාක්ෂණය, රඟපෑම කියන්නේ මොකද්ද කියන එක ඇෙඟ් තියෙනවා. දැන් අවුරුදු 40ක් විතර රඟපෑම කරනවනේ. ඒක ඉගෙනගන්නවාට වඩා අත්දැකීමෙන් එන දෙයක්. අත්දැකීමෙන් තමයි රඟපෑමේ තාක්ෂණය ඉගෙනගන්න පුළුවන්.”

ර`ගපාලම ර`ගපෑමේ තාක්ෂණය ඉගෙනගත්තු ජයසිරි අයියා තමන්ගේ පේ‍්‍රම සම්බන්ධතා ගැන කියන්න කැමැත්තක් දැක්වූවේ නැති වුණාට, තමන්ගේ පවුලේ ආදරණීයයන් ගැන ආදරෙන් මතක් කරා.

”දැනට මම ගැහැනියක් එක්ක ජීවත්වෙනවා. මට ගැහැනු දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක්ට 20යි, අනික් කෙනාට 22යි. එක්කෙනෙක් රැුකියාවක් කරන ගමන් ඉහළට ඉගෙනගන්නවා, අනික් කෙනා කෙමෙස්ටි‍්‍ර ඩිග‍්‍රි එකක් කරනවා. මම ගෙදර දොරේ වැඩ කටයුතු නම් කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒක ඉතින් වයිෆ් කරනවා. දැන් ඉතින් නිවාඩු කාලෙකටවත් කොහෙවත් යන්නවත් බැහැනේ. මේ රටේ තියෙන ආර්ථික අහේනිය හින්දා. අපිට ලැබෙන සල්ලිවලින් හො`දට කාලා බීලා ඉන්නවා තවම. ඉස්සර නම් ළමයි පොඩි කාලේ ගියා. ඒත් දැන් යන්න බැහැ. හොටෙල් එකක ගිහින් නවතින්නත් දැන් කොච්චර ඕනෙද? එදා රුපියල් දහදාහකින් කරපු දේ අද කරන්න රුපියල් පනස්දාහක් තිබ්බත් මදි.”

ආර්ථික අහේනියක් ගැන කියපු නිසා රටේ දේශපාලනේ ගැන කතා නොකරොත් ඒක අඩුවක්.

”මහින්ද රාජපක්ෂ ලෝකෙට වෙන්න පුළුවන් ණය ඔක්කොම ගත්තා. දැන් ලොකුවට කියනවා අපි යුද්ධ කරලත් අපි ණය මෙච්චරයි ගත්තේ කියලා. එත් යුද්ධෙන් පස්සේ තමයි ඔක්කොම ණය ගත්තේ. මොකටද මේ පොඩි රටට අධිවේගී මාර්ග. යාපනේට අධිවේගී මාර්ගයක් හදලා මොනවා කරන්නද? පැය දෙකෙන් යාපනේට ගිහින් ගහන්නද? ඔය මේ තියෙන පාර පොඞ්ඩක් පළල් කරා නම් ඉවරයිනේ. දැන් දක්ෂිණ අධිවේගී මාර්ගේ කියන්නේ ලංකාවේ ප‍්‍රධාන පෙළේ ගංගාවල් තුනක් හරහට වේල්ලක් බැදලා. ඒවා ආයෝජන නෙවෙයි. අනික ගාලූ පාරේ යනකොට තියෙන හැ`ගීම අද නැහැ. අනික පැයෙන් ගිහින් මොනවා කරන්නද? ඔය හදපු අධිවේගී මාර්ගේ මහා කර්මාන්ත ශාලා මහා නිෂ්පාදනාගාර ඇතිවෙන්න ඕනේ. එතකොට ඒවායේ නිෂ්පාදනය කරන දෙවල් කොළඹට ගේන්න පුළුවන්. ඒක තමයි අධිවේගී මාර්ගයක් හැදීමේ ආර්ථික සැලැස්ම වෙන්න ඕනේ.”

ඩබ්ලිව්. ජයසිරි කියන්නේ අවුරුදු ගණනක් මේ ක්ෂෙත‍්‍රයේ ජීවත්වෙන කෙනෙක්. ඒ නිසා ඔහුට එදා සහ අද ගැන සංසන්දනය කරන්න බැරිකමක් නැහැ කියලා මම හිතුවා.

”දැන් කාලේ කට්ටියගේ බොහෝ අය, මම නමින් කීවොත් රොෂාන් රවීන්ද්‍ර, දසුන් පතිරණ වගේ අතලොස්සක් හැරෙන්න අනිත් ඔක්කොම නළු නිළියෝ මම හිතන්නේ කිසිම දෙයක් දන්නේ නැහැ. හු`ගක් අය අහනවානේ අපේ නිළියෝ මිනිස්සු එක්ක යනවා කියලා. මට කියන්න තියෙන්නේ අපේ නිළියෝ කවදාවත් එහෙම යන්නේ නැහැ. වෙලා තියෙන්නේ වල්කමේ යන ගෑනු රඟපාන්න ඇවිල්ලා උන් තවම වල්කමේ යනවා.”

කතාබහ කෙටි වුණාට, මේ පිටු දෙක පුරා මම ලියපු ඔහුගේ වචන ඇතුළේ ඩබ්ලිව්. ජයසිරි කියන ඉවරයක් නැති ඒ ප‍්‍රතිභාවේ අයිතිකරු කියවගන්න පුළුවන් වෙන්න ඇති කියලා මම හිතනවා.

ඉරිදා ඇපල් පුවත්පතෙන් උපුටා ගැන්නා ලදී.

ප්‍රශ්නය උග්‍ර වේ. කිසිවෙකු නොසිතු ලෙස සංගා සහ මහේල අධිකරණය හමුවට.

ලංකාවෙන් බිහිවුණු සුපිරිම වමත් දකුණත් පිතිකරු යුගලය තමයි මහේල සහ සංගා. ක්‍රිකට් වලට වගේම ව්‍යාපාර වලටත් සංගා මහේල දක්ෂයි. ඒ බව ඔප්පු වෙන හොදම තැන තමයි Ministry of crabs. මීට වසර ගණනාවකට කලින් සංගා මහේල එකතුවෙලා පටන් ගත්ත කකුළුවන් මුල් කරගත්ත අවන්හලක්. මේ වෙද්දී දෙස් විදෙස් බොහෝ දෙනෙක්ගේ ප්‍රියතම අවන්හල බවට මේ කකුළු අමාත්‍යංශය පත් වෙලා තියෙනවා.

හැබැයි දවසෙන් දවස සංගා මහේලගේ අවන්හලේ දියුණුව බලාගෙන හිටපු තව පිරිසක් Ministry of crabs ලාංඡනයට සමාන ලාංඡනයක් සහිතව Black Crabs නමින් අවන්හලක් පහුගිය කාලයේ පටන් ගත්තා. ඒ අනුව ලාංඡන සමාන නිසා මේ අවන්හල Ministry of crabs අවන්හලේ සාමාජිකයෙක් කියලා බොහෝ පාරිභෝගිකයන් රැවටුණා. මෙන්න මේ අවනඩුව ලිහා ගන්න සංගා මහේල කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නීතියේ සරණ පැතුවා.

මේ නඩුව විභාග වීමේදී හෙළිවුණේ Black Crabs අවන්හල පවත්වා ගෙන යන පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසද ඔවුන්ට මීට පෙර දන්වා තිබුණත් එයද නොතකා අවන්හල දිගටම පවත්වාගෙන ගිය බවයි. කොහොම වුනත් නොවැම්බර් 22 දක්වා අතුරු නියෝගයක් එහිදී අධිකරණය නිකුත් කරා.