ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලියාගේ පියා ගැන හිත උණුවූ රෝහිත් ශර්මා ගේ මනුස්සකම – වීඩියෝ.

රෝහිත් ශර්ම කියන්නේ ඉන්දීය කණ්ඩායමේ ඉන්න සුපිරි තරුවක්. ඉන්දීය ක්‍රීඩකයන් ගැන ලාංකීය අපි ඉන්නෙනම් එතරම් පැහැදීමකින් නොවේ. එහෙත් මතුපිටින් අපි දකිනවාට වඩා ඔවුන් සමහර අවස්ථාවල මානුෂීය ගුණයෙන් පොහොසත්. ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයෙකුගේ පියා වෙනුවෙන් රෝහිත් ශර්මා කල විශිෂ්ඨ මෙහෙයක් ගැනයි මේ වීඩියෝව.

 

කුකුල් කේන්තිකාරයා “විරාට් කෝලි” ගේ විවාහයේ අලුත්ම චායාරුප සමග වීඩියෝව මෙන්න.

ලෝක ක්‍රිකට් පිටියේ මහා පෙරළිකාර චරිතයක් වූ විරාට් කෝලි යුගදිවියට පත් වුනා. ඒ ඉන්දීය සුපිරි නිලියක් වූ අනුෂ්කා ශර්මා සමගයි. ඉතාලියේ මිලානෝ නුවරදී විවාහය සිදුවිය. එහිදී විවිධ අවස්ථා සහිත වීඩියෝව පහතින් නරඹන්න.

නීතීඥයෙකු වන කුමාර් සංගක්කාර ගේ තර්ක හමුවේ ප්‍රතිවාදීන් අසරණ වේ.

ලංකාවෙන් බිහිවුණු සුපිරිම වමත් දකුණත් පිතිකරු යුගලය තමයි මහේල සහ සංගා. ක්‍රිකට් වලට වගේම ව්‍යාපාර වලටත් සංගා මහේල දක්ෂයි. ඒ බව ඔප්පු වෙන හොදම තැන තමයි Ministry of crabs. මීට වසර ගණනාවකට කලින් සංගා මහේල එකතුවෙලා පටන් ගත්ත කකුළුවන් මුල් කරගත්ත අවන්හලක්. මේ වෙද්දී දෙස් විදෙස් බොහෝ දෙනෙක්ගේ ප්‍රියතම අවන්හල බවට මේ කකුළු අමාත්‍යංශය පත් වෙලා තියෙනවා.

හැබැයි දවසෙන් දවස සංගා මහේලගේ අවන්හලේ දියුණුව බලාගෙන හිටපු තව පිරිසක් Ministry of crabs ලාංඡනයට සමාන ලාංඡනයක් සහිතව Black Crabs නමින් අවන්හලක් පහුගිය කාලයේ පටන් ගත්තා. ඒ අනුව ලාංඡන සමාන නිසා මේ අවන්හල Ministry of crabs අවන්හලේ සාමාජිකයෙක් කියලා බොහෝ පාරිභෝගිකයන් රැවටුණා. මෙන්න මේ අවනඩුව ලිහා ගන්න සංගා මහේල කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නීතියේ සරණ පැතුවා.

මේ නඩුව විභාග වීමේදී හෙළිවුණේ Black Crabs අවන්හල පවත්වා ගෙන යන පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසද ඔවුන්ට මීට පෙර දන්වා තිබුණත් එයද නොතකා අවන්හල දිගටම පවත්වාගෙන ගිය බවයි. කොහොම වුනත් නොවැම්බර් 22 දක්වා අතුරු නියෝගයක් එහිදී අධිකරණය නිකුත් කරා.

ප්‍රශ්නය උග්‍ර වේ. කිසිවෙකු නොසිතු ලෙස සංගා සහ මහේල අධිකරණය හමුවට.

ලංකාවෙන් බිහිවුණු සුපිරිම වමත් දකුණත් පිතිකරු යුගලය තමයි මහේල සහ සංගා. ක්‍රිකට් වලට වගේම ව්‍යාපාර වලටත් සංගා මහේල දක්ෂයි. ඒ බව ඔප්පු වෙන හොදම තැන තමයි Ministry of crabs. මීට වසර ගණනාවකට කලින් සංගා මහේල එකතුවෙලා පටන් ගත්ත කකුළුවන් මුල් කරගත්ත අවන්හලක්. මේ වෙද්දී දෙස් විදෙස් බොහෝ දෙනෙක්ගේ ප්‍රියතම අවන්හල බවට මේ කකුළු අමාත්‍යංශය පත් වෙලා තියෙනවා.

හැබැයි දවසෙන් දවස සංගා මහේලගේ අවන්හලේ දියුණුව බලාගෙන හිටපු තව පිරිසක් Ministry of crabs ලාංඡනයට සමාන ලාංඡනයක් සහිතව Black Crabs නමින් අවන්හලක් පහුගිය කාලයේ පටන් ගත්තා. ඒ අනුව ලාංඡන සමාන නිසා මේ අවන්හල Ministry of crabs අවන්හලේ සාමාජිකයෙක් කියලා බොහෝ පාරිභෝගිකයන් රැවටුණා. මෙන්න මේ අවනඩුව ලිහා ගන්න සංගා මහේල කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නීතියේ සරණ පැතුවා.

මේ නඩුව විභාග වීමේදී හෙළිවුණේ Black Crabs අවන්හල පවත්වා ගෙන යන පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසද ඔවුන්ට මීට පෙර දන්වා තිබුණත් එයද නොතකා අවන්හල දිගටම පවත්වාගෙන ගිය බවයි. කොහොම වුනත් නොවැම්බර් 22 දක්වා අතුරු නියෝගයක් එහිදී අධිකරණය නිකුත් කරා.

සංගක්කාර පළඳින, හිමාල සෘසි වරයෙක් දින හතරක් ජපකළ විශ්මිත සුරයක්. – Photo

ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් ඉහලම ස්තානයේ සිටින ක්‍රීඩකයන් අතර කුමාර් සංගක්කාර ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ලෝක ක්‍රිකට් ඉතිහාසය තුලද සංගා නොමැකෙන වාර්තා රැසක් සමග සුවිශේෂී ස්ථානයකට හිමිකම් කියයි. ලොව බිහි වූ දක්ෂ නායකයෙකු, පිති කරුවෙකු සහ කදුළු රකින්නෙකු ලෙස සංගා නමක් දරාගෙන සිටියි.
සංගා ජාත්‍යන්තර තරංග මෙන් සමුගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කළා. මේ වන විට සංගා විදේශ රටවල ප්‍රාන්ත නියෝජනය කරමින් ක්‍රීඩා කරමින් සිටිනවා. තවමත් තම සුපුරුදු දක්ෂතා අතර සිටින සංගා ගැන ක්‍රිකට් ලෝලීන් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් ද නිරතුරු අවධානයෙන් පසුවේ.
කෙසේ වෙතත් සංගා ගැන ඉන්දීය වෙබ් අඩවියක් අමුතුම වාර්තාවක් කර තිබුනා. ඔවුන් පවසන්නේ සංගාගේ කරේ පලන්දාගෙන සිටින සුරය පිලිබඳව ය.
මෙම සුරය සංගාට මීට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ සංචාරයකදී හිමාල අඩවියේ වාසය කරන සෘසි වරයෙකු විසින් පළඳා ඇති බවය.
සංගා මෙම සුරය සෑම තරඟයක් අතරතුර සහ විශේෂ අවස්ථාවල පළඳින බවත් වාර්තා වෙනවා.
ලොව සුපිරි ධනවතුන් සහ සුවිශේෂී පුද්ගලයන් විසින් මෙම සුරය පළඳින බව වැඩි දුරටත් වාර්තා වනවා. සෑම වසර දෙකකට වරක් මෙම සුරය අලුත් කරගැනීමට සිදුවන බවත්, ඒ සඳහා සුවිශේෂී වත්පිළිවෙත් අනුගමනය කලයුතු බවත් සදහන්.
මෙම සුරය සංගාට මීට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ සංචාරයකදී හිමාල අඩවියේ වාසය කරන සෘසි වරයෙකු විසින් පළඳා ඇති බවය.
සංගා මෙම සුරය සෑම තරඟයක් අතරතුර සහ විශේෂ අවස්ථාවල පළඳින බවත් වාර්තා වෙනවා.
ලොව සුපිරි ධනවතුන් සහ සුවිශේෂී පුද්ගලයන් විසින් මෙම සුරය පළඳින බව වැඩි දුරටත් වාර්තා වනවා. සෑම වසර දෙකකට වරක් මෙම සුරය අලුත් කරගැනීමට සිදුවන බවත්, ඒ සඳහා සුවිශේෂී වත්පිළිවෙත් අනුගමනය කලයුතු බවත් සදහන්.
මෙහි විශේෂත්වය වන්නේ හිමාලයට පමණක් අවේනික වූ ශාක වර්ග හයසිය හතලිස් අටකින් සාදා ගත් තෙල් වර්ගයක් මේ සඳහා යොදා ගැනීමයි.එමෙන්ම රනින් නිමවා ඇති මෙය දින තුනක් පුරා ජප කිරීමෙන් පසු පුර පසළොස්වක දිනෙක අලුයම් කාලයේදී මෙය පලන්දවන්නේ සුවිශේෂී කාර්යන් සහ වත් පිළිවෙත් රැසක් ඉටු කිරීමෙන් පසු බවයි.
සංගාට මෙම කාර්ය සඳහා ඔහුට හිතවත් ඉන්දියානු සුපිරි ක්‍රීඩකයෙකුගේ මගපෙන්වීම සිදුව ඇති බවත් වාර්තා වෙනවා. මේ ගැන ජාත්‍යන්තර අවධානය මේ වන විට වැඩියෙන් යොමුව ඇති බවත් සඳහන්.
සංගා මෙම සුරය පලන්දාගෙන සිටින අවස්ථා ගණනක චායරුප මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරමින් තිබෙනවා.

සනත් තමන්ගේ ජීවිතය ගැන බොහෝ දෙනා නොදන්නා සංවේදී කාරනා හෙළි කරයි.

ආදරයේ විරහ වේදනාවක් දැනුනහම ගීතයක් අහලා පොඩ්ඩක් හිත නිවා ගන්නවා

ඔහු ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයට ගෙනයාමට උරදුන් විශිෂ්ට ගණයේ පිතිකරුවෙකි. විශිෂ්ට ගණයේ නායකයෙකි. බොහෝ රටවල් ලංකාව ගැන දන්නේ නැති වුවද, ඔහු ගැන දනී. ඒ තරමට ක්‍රිකට් ක්‍රීඩාව නිසා ඔහු ලෝක පූජිත තරුවක් බවට පත්වී හමාරය. ඔහුගේ වේගවත් පිති හරඹය මුළු ලෝකයේම ඇස් ඇරවන්නක් විය. ‘මාස්ටර් බ්ලාස්ටර්’ ලෙස විරුදාවලිය ලත් ඔහු රොමේෂ් කළුවිතාරණ සමඟ එක්වී එක්දින ක්‍රිකට් පිටිය නව මාවතකට ගෙන යෑමට සමත් විය. ඒ නිසාම ඔහු ලෝක වාර්තා අතරට ද එක්විණි. ඔහුගේ වේගවත් පිති හරඹය හා පන්දු යැවීමෙන් වාර්තා ගණනක් තැබීමට සමත්වීම නිසා ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ජගත් තලයේ ඉහළින්ම වැජඹෙන්නට විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වෙමින් රටට ජයග්‍රහණ රැසක් අත්කර දුනි. පසු කාලීනව දේශපාලන ක්ෂේත්‍රයට ද එක්වූ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අමාත්‍යවරයකු ලෙසින්ද කටයුතු කිරීමේ භාග්‍ය්‍ය උදාකර ගත්තේය. මෑත කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරය ද ඉසිලූ මේ ලෝක පූජිත ක්‍රිකට් තරුව නමින් සනත් ටෙරාන් ජයසූරිය වේ. සනත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් බැහැරව ආදරය, ප්‍රේමය හා විවාහය ගැන කතා කිරීමට ප්‍රථමවරට එක් වුණේ අප කෙරෙහි පැවැති විශ්වාසය නිසාය. මා හිතවත් ක්‍රීඩා මාධ්‍යවේදී යොහාන් භාසුර මිතුරා මෙහිදී ලබාදුන් සහය අමතක කළ නොහැකිය. තමන්ගේ විවාහ සම්බන්ධතා පිළිබඳව සනත් කතා කිරීමෙන් වැළකී සිටියේ ඔහුට සමාජ වෙබ් අඩවි මගින් මඩ ප්‍රහාර එල්ල කරන බැවිනි.

සනත් අපගෙන් ඒ පිළිබඳව නොවිමසන ලෙස කාරුණිකව ඉල්ලා සිටියේ, එයින් ඔහුගේ ජීවිත රටාවට, චරිතයට හානියක් වන නිසා බව අපට වැටහුණි. ඔහුගේ ඒ ඉල්ලීමට ඇහුම්කම් දෙමින් ‘ආදරය, ප්‍රේමය සහ විවාහය’ ගැන අප කතා බහ කළේ සී.සී.සී. ක්‍රීඩා පිටියේදීය. ඉතින් ඒ කතාබහ මේ​ෙස් සටහන් කරන්නේ, කොතරම් කාර්ය බහුල වුවද ඔහු මා වෙනුවෙන් විශ්වාසය තබා කාලයක් දීම නිසාය. අසනීප තත්වයෙන් සිටියද ඔහු මා සමඟ කතා බහ කිරීමට එකඟවීම ගැන මුලින්ම තුති පුදමින් මේ සටහන තබන්නෙමි.

ඔබ ජීවිතය දකින්නේ කොයි ආකාරයටද?

ජිවිතය අපි එක එක විදිහට දකිනවා. පොඩි කාලයේ එක විදිහක්, ළමා කාලයේදී එක විදිහක්, අවු. 14-18ක් වන විට තවත් විදියක්, අවුරුදු 20,30,40 යනවිට තවත් විදිහක්. එක එක කාලවල ජීවිතය අපි එක එක විදිහට ගත කරනවා. ඕනෑම මනුෂ්‍යයෙක් එහෙම තමයි. මාත් දකින්නේ ඒ විදිහට තමයි.

ඔබ ජීවිතය විඳින අයෙක්ද? නැත්නම් විඳවන කෙනෙක්ද?

අපි මනුෂ්‍යයෝ හැටියට මේ දෙ​ෙක්ම ඉන්නවා. එකක ජීවත් වෙන්නේ නෑ. මමත් ජීවිතය විඳින කෙනෙක් වෙලාවකට. තවත් වෙලාවක ජීවිතය විඳවන කෙනෙක් මේ දෙකෙහිම මාත් ඉන්නවා.

ආදරය ප්‍රේමය ඔබ කොයි විඳිහට ද හඳුනාගෙන තිබෙන්​ෙන්?

එ්කත් එක එක්කෙනාට පෞද්ගලිකව බලපාන හැටි තමයි. මට වෙන විදිහක් වෙන්න පුළුවන්. ඒක තවත් කෙනෙකුට තව විදිහක් වෙන්න පුළුවන්. අාදරය, ප්‍රේමය සුන්දර දෙයක්. ඒක හොඳ දෙයක් හැටියට මම හඳුනාගෙන තිබෙනවා. අපි බෞද්ධයෝ හැටියට පෙර කළ පින් පව් අනුව තමයි ඒ දේත් අපට ලැබෙන්නේ. කුසල් අකුසල් දෙකම අපට බෞද්ධයෝ හැටියට මෙයට බලපානවා.

විරුද්ධ ලිංගික ආකර්ෂණයක් මුලින්ම ඔබට ඇති වුණේ කොයි කාලයේ විතරද?

පාසල් අවධියේ ඇතිවූ අවස්ථා තිබෙනවා. ඒවා අැති වුණාට සාර්ථක වෙන්න අවස්ථාවක් මට තිබුණේ නෑ. මොකද හේතුව ක්‍රීඩාවට මම මුල්තැන දීලා තිබුණු නිසා. මගේ පාසල් කාලය ඉවර වෙනවාත් එක්කම මම අවුරුදු 18-19 වන විටම කොළඹට එනවා. ඒ හින්දා මම හිතන්නේ නෑ, මට එහෙම ආදරයක් තිබුණා කියලා

ඒ කියන්නේ ඔබට ආදර හැඟීමක් මුලින්ම ඇති වුණේ පාසල් කාලයේ. එහෙම නේද?

ඔව්. අවුරුදු 17-18 කාලයේ, එතකොට යම් විරුද්ධ ලිංගික හැඟීම් ඇතිවෙන කාලයක්. මම එතකොට පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙනවා. අපි මනුෂ්‍යයෝ හැටියට, කොල්ලෝ හැටියට ආදර හැඟීම් ඇතිවෙන එක ස්වාභාවිකයි. මම මුලින්ම කිව්වානේ, අපට යම් කිසි කාලවලදී එක් එක් විදිහට කටයුතු කරන බව. ඉතිං ඒ වගේ ආදර හැඟීම් යොවුන් වියේදී මටත් ඇති වුණා.

ඒ ආදර සබඳතාවලට මොකද වුණේ දිගටම ගෙනියන්න බැරිවුණාද?

ඔව්. මාතර මට තිබුණු ඒ සබඳතා කොළඹට පැමිණීමත් එක්ක නැතිවෙලා ගියා. මගේ ලොකුම බලාපොරොත්තුව තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නයි. ඉතිං ඒ හින්දා මට ඒ අාදර සබඳතා ගැන හිතන්න වෙලාවක් තිබුණේ නෑ. ඒවා ඉතිං කාලයත් එක්ක මතකයෙන් ඈත්වෙලා ගියා.

ඔබ ක්‍රිකට් ක්‍රීඩකයකු වෙලා යම් ජනප්‍රියත්වයක් ලබන විටදී කාන්තාවන්ගේ ඇල්ම බැල්ම වැටෙන්න ඇති නේද?

එහෙම ආදර යෝජනා ඇවිත් නෑ. මමත් පාඩුවේ හිටියා. මාතර හින්දා යම් යම් පැටලිලිවලට යන්නත් බයක් තිබුණ. ඇල්ම බැල්ම වැටුණත්, මම මගේ පාඩුවේ හිටියා. මොකද මගේ අරමුණ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යාම හින්දා.

ඔබට අප්‍රකාශිත ආදරයක් එහෙම තිබුණාද?

එහෙම අය ඉන්න ඇති. මමත් ඕනෑ තරම් එහෙම අය ගැන හිතලා ඇති. පාසල් අවධියේදී හරි කොළඹට ආවාට පස්සේ හරි එහෙම තිබුණු අවස්ථා තිබෙනවා. අපි මනුෂ්‍යයෝ හැටියට එහෙම නොදැනුම්වත්ව අවස්ථා ඇති වෙන්න පුළුවන් නේද? ඒවා එහෙම කාලයත් එක්ක නැතිවෙලා යනවා.

ඔබට ගැහැනියකගේ ආදරය ඇති වන්නේ කුමන විදිහේ ගතිගුණවලටද?

ඒවා කියන්න අමාරුයි. කිරලා මැනලා ගන්න බැහැනේ. ඒකත් අර මම මුලින් කිව්වා වගේ බෞද්ධ දර්ශනයත් එක්ක කිට්ටු දෙයක්. කරන පින් පව්වල හැටියට තමයි, කුසල් අකුසල්වල හැටියට තමයි ඒ දේවල් හැම දෙයක්ම සිද්ධ වෙන්නේ.

ඔබ විවාහ වීමත් සමඟ, ඔබේ ජීවිතය වෙනස් වුණා කියලා හිතනවාද?

ඔව්. දරුවන් ලැබීමත් එක්ක මා හිතනවා ඇත්තටම වෙනසක් වුණා කියලා. දරුවෝ තමයි අපේ ජීවිතය වෙනස් කරන්නේ. ඔවුන් තමයි අපේ හදවතේ රැඳෙන්නේ. ඒක ගොඩක් බලපානවා. අපේ ජීවිතය වෙනස් කරන්න. ඒ හින්දා තමයි විවාහ වීමත් සමඟ අපි එදාට වඩා සිටි ආකාරයටත් වෙනස් වෙන්න ගන්නේ. ඒ දරුවන් අප වෙනස් කරන හින්දා.

ඔබ දරුවන් ගැන හරිම උනන්දුවෙන් කථා කරනවා. ඔවුන් ඔබේ ජීවිතයට ලොකු බලපෑමක් එල්ල කළා නේද?

ඇත්තෙන්ම ඔව්. අපි හැමෝගෙම බලාපොරොත්තුවක් තමයි දරුවෙක්ගේ සුරතල් බැලීම. ඉතිං ඒ සතුට මම විඳිනවා. අපි පුළුවන් තරම් ඔවුන්ට උගන්වන්න බලන්න ඕනේ, ලොකු මහත් කරනවා වගේම. අපි යම් කිසි අධ්‍යාපනයක් ලැබුවාද, ඊටත් වඩා අධ්‍යාපනයක් දීලා ඉදිරියට ගෙන යන්න තමයි මම බලන්නේ. ඔවුන් සමාජයට යහපත් පුරවැසියන් කිරීම මගේ එකම බලාපොරොත්තුවයි.

ඔබ විවාහ වුණත්, ලෝක පූජිත ක්‍රිකට් තරුවක් ලෙස කාන්තා පාර්ශ්වයේ ආකර්ෂණයට ලක්වෙනවා වැඩියි එහෙම ආදරය බලාපොරොත්තුවෙන් එන්න ඇති නේද?

එහෙම වෙලා නෑ. ඔවුන් තුළ එහෙම බලාපොරොත්තු තිබෙන්න ඇති. ඒක ඉතිං මනුෂ්‍ය ස්වභාවයයි. නමුත් මට එහෙම දෙයක් වෙලා නෑ.

ඔබ එක්වරක් ඉන්දියාවේදී නර්තන රියැලිටි තරගයකදී බොලිවුඩ් නිළියක් සමඟ නර්තනයේ යෙදුණා. ඒ ගැන මොකද සිතෙන්​නේ?

ඒක අලුත් දෙයක්, රූපවාහිනී වැඩසටහනට සහභාගී වූ වෙලාවේ ලැබුණු අවස්ථාවක්. මම සිංහල සින්දුවක් පොඩ්ඩක් කියලා නර්තනයක් ඉදිරිපත් කළා. මට වැඩි දේවල් කරන්න බැහැනේ. මම ඒ වැඩසටහන කළා. මම හිතන්නේ නෑ, ඒක හොඳට කළා කියලා.
ඒමුත් ඒක ලෝකයේ ඉතාම ජනප්‍රියත්වයට පත්වුණා. එහෙම නේද?

ඔව්. මොකද ඒ වැඩසටහන කළේ නර්තනය කරන්න බැරි අය ගෙනල්ලා. නර්තනය ඉදිරිපත් කරන දෙයක් හින්දා. එය ජනප්‍රිය වුණා.

බොලිවුඩ් නිළියන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලොකු කැමැත්තක් දක්වනවා. විවාහ වූ අයත් ඉන්නවා. ඉතිං ඔබටත් නිළියන්ගේ ඇල්ම බැල්ම වැටුණා නේද?

එහෙම නම් වෙලා නෑ. මම දන්නේ නෑ ඔවුන්ගේ හිත්වල මොනවාද තිබුණේ කියලා. ඒත් මට නම් එහෙම කියලත් නෑ. ඇල්ම බැල්ම වැටුණාද කියලා මම නම් දන්නෙත් නෑ.

ආදරය හා ලිංගිකත්වය අපේ ජීවිතවලට කොයි තරම් බලපානවාද කියලා ඔබ හිතන්නේ?

මම හිතන්නේ ඒක හැම කෙ​ෙනකුටම ජීවිතේ බලපාන කරුණු දෙකක්. ඒක හැම කෙනෙකුටම තියෙන්නත් ඕනේ. ලැබෙන්නත් ඕනේ. අපි පොඩි කාලයේ ඉඳලම ඒ ආදරය, කරුණාව ලබා දෙන්න ඕනේ. ඉතිං එය මටත් පොදු දෙයක්.

ඔබටත් ආදරයේ විරහ වේදනවා දැනෙන්න ඇති. ඒ වෙලාවට ඔබ මොකද කරන්නේ?

එහෙම දැනුණු අවස්ථා තිබෙනවා. ඒ වෙලාවට ගීතයක් අහලා පොඩ්ඩක් හිත නිවා ගන්නවා. මානසිකව වැටුණු අවස්ථා තිබෙනවා. බෞද්ධ දර්ශනය තමයි මට ඒ වෙලාවේ පිහිටට හිටියේ. එහි තිබෙනවා, එවැනි අවස්ථාවලදී අපි හැසිරෙන්න ඕන ආකාරය. හොඳින් විග්‍රහ කරලා. ඉතිං ඒ හින්දා මම ඒ විරහ වේදනාව මානසික සුවයක් බවට පත් කර ගන්නවා.

ඔබ නිතරම බෞද්ධ දර්ශනය ගැන කතා කරන අයෙක්. එවැනි නැඹුරුවකට ඔබ පත් වුණේ කුඩා කාලයේ ඉඳලමද?

මම පොඩි කාලේ ඉඳලම බෞද්ධයෙක් ඒ හින්දා ඒ දර්ශනය අනුව කටයුතු කරන්න නිතරම උත්සාහ ගත්තා. එයින් අපගේ ජීවිතයට ලබාගත හැකි දේ බොහොමයි. ඕනෑම කෙනකුට ඒ බෞද්ධ දර්ශනය අනුව කටයුතු කරන්න පුළුවන් නම්, ජීවිතයේ නියම සතුට ලබාගන්න පුළුවන්. ඒ නිසයි මම නිතරම බෞද්ධ දර්ශනය එක්ක ජීවත්වෙන්නේ.
ඔබ බලාපොරොත්තු වූ ආදරය, කරුණාව තවම ඔබට ලැබී නැද්ද?

එහෙම කියන්න අමාරුයි. එහෙම කොහොමද කියන්නේ? ලැබිලා නෑ කියන්නත් බැහැ. සීමාවක් නෑ එයට. මට බොරුවට කියන්න බැහැ. මට ලැබිලා නෑ. අදරය නෑ මේක නෑ කියලා. මනුෂ්‍යයෝ හැටියට අපි අර මධ්‍යම තැන ඉන්නවා නම්, හැම දෙයක්ම සමසේ විඳගන්න පුළුවන්.

අපහු ජිවිතය දෙස හැරී බැලීමේදී ඔබට ඇතිවෙන්නේ දුකක්ද? සතුටක්ද?

ආපහු හැරී බලද්දී අපි බොරළු, වළවල් තිබෙන පාරවල්වල ආවා, සාමාන්‍යයෙන් නිකම් තාර පාරෙත් ඇවිත් කාපට් පාරෙත් ගිහින් තිබෙනවා. හැම එකකම ජීවිතයෙ මෙතරම් කාලයක් මම ගිහින් තිබෙනවා.

ඔබ සිතනවාද ආදරය විවාහයකින්ම කෙළවර විය යුතුයි කියලා?

අපි පොඩි කාලයේ එහෙම නේද සිතන්නේ. සාමාන්‍යයෙන් යොවුන් වියේදීත් එහෙම තමයි සිතන්නේ. හැබැයි ඉතිං දැන් ඒක තේරුම් අරගෙන ඉන්නේ. සමහරු ඉතිං ඒ විදිහටම කරනවා. සමහරු ඒක ඒ විදිහට නොකරන්නත් පුළුවන්. එක එක්කෙනාගේ කැමැත්ත අනුව සිදුවන දේවල්.

අදටත් ඔබට කාන්තා පාර්ශවවලින් ආකර්ෂණය ලැබෙනවා නේද? එහෙම වෙලාවට ඔබ මොකද කරන්නේ?

මම දැන් ඒ ගැන තැකීමක් නෑ. මට දැන් අවුරුදු 48ක් වෙනවා. අපි දැන් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න කල්පනා කරන්න ඕනේ.

ක්‍රිකට් ක්‍රීඩාව ඔබගේ ජීවිතය වගේ නේද? එයින් ලැබුණු දේ ගැන ඔබට මොකද හිතෙන්නේ?

ඒ ගැන නම් ගොඩාක් සන්තෝෂයි. අපි කැපවෙලා කළ දෙයට ඒ අගය කිරීම උපරිමයෙන්ම තිබෙනවා. ඉතිං ඒකට අදටත් සත්තෝෂ වෙනවා. ආඩම්බරයි. අපේ ප්‍රේක්ෂකයන්ගේ, ජනතාවගේ ආදරය ලැබීම ගැන මම හැමදාමත් සන්තෝෂ වෙනවා. හිත උඩින්, හිත යටින් හැමදාවත් ඒ සන්​ෙතා්ෂය තිබෙනවා.

කාන්තාවන්ගේ, ආදරය, ආකර්ෂණය ක්‍රිකට් ක්‍රීඩාව හින්දා ඔබට වැඩියෙන්ම ලැබෙන්න ඇති. ඒක කරදරයක් වුණාද?

නෑ එහෙම වෙන්නේ නෑ. ලංකාව ඒ අතින් හරිම හොඳයි. ක්‍රීඩාවට දෙන්න ඕනේ වෙලාවට උපරිම සහයෝගය දෙනවා. ඒ අයට දෙන්න ඕනේ තැන අපි දෙනවා. ඒ අය දුරින් ඒක බලන් ඉන්නවා. ජාත්‍යන්තරයට ගියාම ඒ අයට ක්‍රීඩකයන් ළඟට එන්න අමාරුයි. අපිව බලන්න ආසාවෙන් ඉන්න බව ඇත්ත. ඒක මැච් එකකදී විතරයි, රටින් පිට යාම බලන්න පුළුවන් වෙන්නේ. අපේ රට තුළ ඕනෑම වෙලාවක දකින්න පුළුවන්, කතා කරන්න පුළුවන්. අපි අපේ ගරුත්වය තබාගෙන, ඔවුන්ටත් ඒ ගරුත්වය ලබාදීලා කටයුතු කළොත් ප්‍රශ්න ඇති වෙන්නේ නෑ.’

සනත් ජීවිතය පිළිබඳව බොහෝ දේ අද වන විට වටහාගෙන තිබෙන බව කතා බහේදී මට වැටහුණි. ඔහුට වදින ගල් මෙන්ම මල්ද එකසේ දරා ගැනීමේ ශක්තියක් තිබේ. කොතරම් හැල හැප්පීම්වලට ජීවිතයේ ලක්වූවද, ඔහු ඒ සියල්ල දෙස අද උපේක්ෂාවෙන් බලන්නේ බෞද්ධ දර්ශනය තුළ කටයුතු කරන නිසාය. ඉතින් අපේ කතා බහට විරාමය තබන්නට කාලය පැමිණ තිබේ. ඔහු ඊළඟ පරම්පාරවට තම දැනුම දෙන්න මම ඉඩහසර සපයමින් සී.සී.සී. ක්‍රීඩාපිටි​ෙයන් එළියට පැමිණියේ ඔහු කොතරම් නිරහංකාර, අව්‍යාජ ගැමි ගති තවමත් අති උතුම් මනුෂ්‍යයෙක්ද නේද යන්න සිතෙහි තබා ගනිමිනි.
සටහන් කළේ
සමන්ත යහම්පත්

උපුටා ගැනීම:ලංකාදීප.

සාජාහිදී සුරුපිනියකට රාත්‍රිය ගතකරන්න ඇරයුම් කල ලංකාවේ ක්‍රිකට් ලොක්කා වැඩ වරද්දාගනියි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අගාධයකට පත්ව ඇති අවස්ථාවක ශ්‍රී ලංකා ක්‍රිකට්  කීර්තිනාමයට හානි වන ආකාරයේ ක්‍රියාවක් කල ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරියෙකු පිළිබද අන්තර්ජාලය උණුසුම් වෙමින් පවතිනවා.

මේ පිළිබද දැඩිව කතාබහට ලක්වුනේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිටි, තරඟාවලියේ කටයුතු වෙනුවෙන් රාජකාරියේ යෙදුණු තරුණියක් විසින් ඇයගේ ටිව්ටර් ගිණුමේ පළකල ප්‍රකාශයත් සමගින්.

ඇය විසින් සදහන් කර ඇති ආකාරයට අදාල ඉහළ නිළධාරියා විසින් ඇය සමග රාත්‍රියක් ගත කිරීමට ඇරයුම් කර තිබුනා. ඒ ඇයගේ ජංගම දුරකතනයට පණිවිඩයක් යවමින්. නමුත් ඇය එම පණිවිඩය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පසුව ඊයේ(23) පස්වරු 1 ට පමණ ඇයගේ ටිව්ටර් ගිණුමේ මේ සම්බන්ධයෙන් ඇය ප්‍රකාශයක් නිකුත් කර තිබුනා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් වර්තමානයේ මුහුණපා ඇති ගැටළුකාරී තත්ත්වයත් සමඟ මෙවැනි ක්‍රියා තුලින් එම ගැටළුකාරී බව තව දුරටත් අගාධයට යන බවයි බොහෝ දෙනා අදහස් දක්වන්නේ.

එසේම මෙම නිළධාරියාගේ තොරතුරු ඉදිරියේදී අනාවරණය කරන බවද මෙම සුරූපී තරුණිය අනාවරණය කර තිබුනා.

ඇය විසින් ටිව්ටර් ගිණුමේ සඳහන්කල පණිවිඩය පහතින්.

මුත්තයියාට එදා පන්දුව දමා ගසන බවට චෝදනා කල ඩැරල් හෙයාර් විනිසුරු මුදල් සොරකමක – වීඩියෝ.

ඔස්ට්‍රලියානු ජාතික ක්‍රිකට් විනිසුරුවෙකු වූ ඩැරල් හෙයාර් ගැන ලාංකීය ජනතාව හොඳින් දන්නවා. ඒ කාලය වනවිට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලොව අංක එකේ කණ්ඩායම බවට පත්ව සිටියා. ආසියාතික රටක් වන ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට ඇදී එමින් සිටීම ඔවුන්ට තර්ජනයක් වුනා. මුත්තයියා එහි සුවිශේෂී චරිතයක් වුනා. මුත්තයියාගේ ගමන නැවතීම සඳහා සැලසුම ක්‍රියාත්මක වුනා. එහි මුලිකත්වය ගත්තේ ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් විනිසුරු ඩැරල් හෙයාර් විසින්ය.

මුරලි පන්දුව දමා ගසන බවට එදා චෝදනා කොට, මුරලිට තරංග තහනමක් පනවා, බොරු චෝදනා එල්ල කල ඩැරල් හෙයාර් ට අද සිදුවෙලා තියෙන්නේ ලොවට මුහුණ දෙන්නට බැරි සිදුවීමකට මුහුණ දීමටය. සියලු විස්තරය පහතින්

 

මම ගොඩක් දුප්පත් කෙනෙක්. මට මුල අමතක නැහැ. රවීන් තම ජීවිත කතාව හෙළි කරයි

පුංචි තැනක ඉඳන් පටත් මම ඉතාමත් දුප්පත් පවුලක කෙනෙක්

ගරාජය සිට ක්‍රිකට් ක්‍රීඩාව ගැන සිහින මවන ‘දෙවෙනි ඉනිමේ’ අනුහස් සැබෑ ජිවිතේදී ඔහු රවීන් කනිෂ්කයි. මේ හැඩකාර තරුණයා ගේ පළමු රංගනය මේ දිනවල ප්‍රේක්ෂකයන්ගේ ආදරය මැද දිගහැරෙන අයුරු ඔහුගෙන්ම විමසීමට අපි අදහස් කළා. මේ ඔහුත් සමඟ ගෙවුණු සුන්දර මොහොතක වූ කතාබහයි.

කොහොමද රවීන් ?

හොඳින් ඉන්නවා….Image result for raveen kanishka in deweni inima

මොනවද මේ දවස්වල වෙන්නේ ?

මේ දවස්වල දෙවෙනි ඉනිමේ සෙල්ලම් කරනවා. ඒ වගේම star city එකේ නටනවා සිංදු කියනවා රඟපානවා හැමදේම කරනවා. ඒ දෙක ඇරෙන්න වෙන මුකුත් කරන්න වෙලාවක් නැහැ.

කොහොමද ‘දෙවෙනි ඉනිමේ’ රඟපාන්න අවස්ථාව ලැබුණේ ?

මේ අවස්ථාව ලැබුණේ මට සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂකතුමයි දෙරණේ සභාපති ලක්සිරි වික්‍රමගේ මහතා නිසායි. ඒ දෙන්න තමයි මේ වැඩේට මට කතා කළේ. මගේ විෂය ක්ෂේත්‍රය සංගීතය. තාමත් කැමරාව ඉස්සරහට ගියහම මොකද්දෝ මොකද්දෝවගේ. ඉතිං ඒ දෙන්න මට කතා කළා. දැන් වැඩේ ටික ටික කරගෙන යනවා.

මේ ඔබගේ පළමු රංගනය. කොයි විදියටද දැනෙන්නේ ?

මම රංගනය ගැන කිසිම අත්දැකීමක් නැති ගායකයෙක්. පළමුවැනි අත්දැකීම විදියට මේ වගේ ප්‍රවීණ දක්ෂ ප්‍රේක්ෂක ආදරය දිනා ගත් දැවැන්තයෝ කිහිප දෙනෙක් එක්කම තමයි මට මගේ රංගනය කරන්න ලැබුණේ. ඒක මං මගේ වාසනාවක් විදියට සලකනවා.

ඔබට රංගනය සඳහා ආරාධනා ලැබුණේ මොන හේතුවක් නිසා වෙන්න ඇතිද ?

ඇත්තටම මටත් එයට දෙන්න උත්තරයක් නැහැ. මොනවා නිසා මට මේ සඳහා කතා කළාද කියනඑක මටත් ප්‍රශ්නාර්ථයක්. සමහරවිට ඉතිං දෙරණත් එක්ක අපි සැහෙන්න කාලයක් වැඩ කළා. ඉතිං ඒ ඉන්න කාලය ඇතුළත මාව අධ්‍යයනය කරලා මං ගැන විශ්වාසය තියන්න ඇති කියලා මම හිතනවා.Image result for raveen kanishka in deweni inima

මේ යෝජනාව ගෙනෙද්දී රවීන්ට බයක් දැනුණේ නැද්ද?

ඒ යෝජනාව ගෙනෙද්දී ඇත්තටම මම බය වුණා . මොකද ප්‍රධාන චරිතය නිසා. මට එච්චර ලොකු වගකීමක් භාර ගන්න පුළුවන් වේවිද කවදාවත් අත නොගහපු විෂයක් කියන බය මට ආවා. ඇයි මෙය ලොකු වගකීමක් නේ. ඉදිරියේදී ආධුනික රංගනයෙන් මිදිලා, මිට වඩා හොඳ රංගනයක් බලාගන්න පුළුවන් වේවි.

දැන් රවීන්ට වැඩිපුරම ලේසි ගායනයද රංගනයද?

මගේ ඇඟෙන් එන ආයාසයකින් තොරව එන දේ සංගීතය මට උපතින් දෙවියෝ මට හොඳටම දීලා තියෙන්නේ සංගීතය.

ඔබ රියැලිටි වැඩසටහනකින් පැමිණි තරුවක්. මතක් කරමු නේද ඒ අතීතය. ඔව් පොඩි කාලයේ ඉඳන් සංගීතය ඇඟේ තිබුණ දෙයක්. තනියම කාමරයට වෙලා සිංදු කියපු මම, මට ඒ හැකියාව කොයි වගේ තැනකද තියෙන්නේ කියල බලන්න හිතුණා. ඒ ගිය ගමනේදී මට දෙවැනියා වෙන්නයි පුළුවන් වුණේ. දෙවැනියා වුණාට, මම හිතනවා මම පරාජිතයෙක් නෙමෙයි කියලා.

ඔබ අද ඊට වඩා ජයග්‍රහණයක් ලබලා තියෙනවා?

ඔව්. මම මගේ ජිවිතේ අඩියක් පස්සට තියලා නැහැ. කල් ගත වුණත් හෙමින් හෙමින් ඉදිරියට ආව මිසක් පස්සට හිහින් නැහැ. මම අවංකව සතුටු වෙනවා ඒ ගැන.

රවීන් සංගීතය කියන දේ තුළින් ඈත් වෙලාද?

සංගීතය කියන විෂය තුළදී එක තැනකදී මම පුදුම විදියට කල කිරෙනවා. මොකද මම විශ්වාස කරන්නේ මම ඉපදුණේ වැරැදි තැන වැරැදි වේලාවේ කියලා. මොකද අද කාලේ සංගීත ක්ෂේත්‍රයේ ගමන් කරන දිශාව ගැන කොහෙත්ම පැහැදීමක් නැහැ. මම මොන ලෝකේ ගියත් සංගීතයටමයි එන්නෙත්. ඒක ඉතිං හොඳ අතකට හැරෙයි කියන බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්නවා.

සංගීත ක්ෂේත්‍රය තුළ අලුත් රැල්ලක් බිහිවෙලා නේද?

වෙනස්ම රැල්ලක් බිහිවෙලා තියෙනවා. මේ රැල්ලේ නිර්මාතෘ කවුද කියන්න මං දන්නේ නැහැ. ඔය කතන්දර කියන්න ගියාට පස්සේ හුඟක් අය මම එක්ක තරහ වෙන නිසා මම හතුරෝ ඇති කරගන්න කැමති නැහැ. කවුරු හින්දා හරි, මොන හේතුව නිසා හරි මේ ඇති වෙලා තියෙන ගීත සංස්කෘතිය ඉක්මනටම නැති වෙන්න ඕන කාරණාවක්. නැත්නම් අපේ අනාගත පරම්පරාවේ ගීත රසවින්දනය කියන එක පහත් රසවින්දනයක් දක්වා යන තත්වයකට දැන් පටන් අරගෙන ඉවරයි.

ඔබව කවුරු විදියට හදුන්වනවටද කැමැති?

මම පෞද්ගලිකව කැමැති මම ගායකයෙක් කියනවට මගේ කනට සමීපතම නම ඒක.Image result for raveen kanishka in deweni inima

මේතාක් පැමිණි දුර ගැන ?

මම ඉතාමත් දුප්පත් පවුලක කෙනෙක් පුංචි තැන ඉඳන් පටන් ගෙන අද වෙනතුරු මේ ආව දුර ගැන මට පුදුම සතුටක් තියෙනවා. මගේ පොඩි කාලේ තිබුණ හීන එකින් එක සැබෑ කරගෙන යනවා. ඉදිරියේදීත් සැබෑ කර ගන්න තියෙන හීනත් අනිවාර්යෙන්ම මේ වෙනතුරු හීන සැබෑ කරගත්තා වගේ, ඒවත් මම සැබෑ කරගන්නවාමයි.

රවීන් ඉදිරියට යද්දී කාලයත් එක්ක මුල අමතක වෙයිද ?

මෙහෙමයි මුල අමතක වෙන මනුස්සයෙක් නම් මේ වෙද්දී මම ලබාගත්ත දේවල් වලිනුත් මට මගේ මුල අමතක වෙන්න ඕන. එහෙම වුණා නම් ඒ අමතක වෙච්ච ගමන්ම මම කඩාවැටෙනවා මිසක් මම එතැනින් එහාට ඉදිරියට එන්න විදියක් නැහැ. එහෙම අමතක වුණ මනුස්සයකුට ඉදිරි ගමනක් නැහැ. නමුත් මම දවසින් දවස ඉදිරියට ආව මිසක් පස්සට ගියේ නැහැ. ඒකෙන් කියන්නේ මට මුල මතකයි කියන එක.

තනිකඩ ජිවිතයෙන් දැන්ම ඇත් වෙන්න අදහසක් නැද්ද ?

ඒක ගැන දැන්ම නිශ්චිත යමක් කියන්න අමාරුයි නිශ්චිත කෙනෙක් හම්බ වුණු ගමන්ම අනිවාර්යෙන්ම කියනවා.

නිලු­පුලි නිසං­සලා සඳ­කැ­ලුම්

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

කෙල්ලෙක් පාරේ යද්දී “බඩුව, කෑල්ල” කියල කිඅනවා – මහේල සංගා ගෙන් රටක් වටිනා කතාවක්.

කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට එරෙහි හිංසනය අවසන් කිරීමේ අවශ්‍යතාව ගැන පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දිනක පැවත්විය. ඒ සඳහා පාසල් ගුරුවරු ශිෂ්‍ය, ශිෂ්‍යාවන් රැස් සහභාගී විය, වැඩසටහනේ සිසු, සිසුවියන් දැනුවත් කිරීම සඳහා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර පැමිණ සිටියේය.

වැඩසටහනට සහාභාගී වු ළමුන් 100 දෙනාට මහේල සහ සංගක්කාර අපූරු උපදෙස් කිහිපයක් ලබා දුන්නේ මේසේය.