ලියුම් බෙදන්නෙකු තම බිරිඳ වෙනුවෙන් තනිව සෑදු මේ මාලිගය ටජ්මහලට එහා ගිය ආදර කතාවක්. – වීඩියෝ.

පයේ බොරලු කැටයක් පැටලී මහ මඟ ඇද වැටුණොත් ඒ බොරලු කැටය ගැන වැඩි දෙනෙක් ඇතිකර ගන්නේ කෝපයකි. එහෙත් එසේ පයේ හැප්පුණු ගල්වලින් මාලිගාවක් තැනීම ගැන සිතිය හැකි ද?
ප්‍රංශ ජාතිකයකික තැපැල්කරුවකු වූ ෆර්ඩිනන්ඩ් චෙවල්ට සිතුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. ඔහු එය රැගෙන ගියේය. තැපැල්කරුවකු ලෙස පුරා වසර 33ක් සේවය කරද්දී ඔහු විවිධ හැඩැති ගල් සහ බොරලු එක්රැස් කළේ රාජකාරියට යන එන අතරතුරේදීය. එම ගල් එක්රැස් කර ඔහු සිහින මාලිගාවක් නොව සැබෑම මාලිගාවක් තැනීය. අද එය හඳුන්වන්නේ ‘තනි මිනිසකුගේ වැඩක්’ ලෙසිනි. එය ලියනාඩෝ ඩාවින්චිගේ, පැබ්ලෝ පිකාසෝගේ විශිෂ්ට සිත්තමක් තරමටම කලාත්මක නිර්මාණයක් වී ඇත.

ඒ කතාව තුල ඇත්තේ අපරිමිත ආදරය තම බිරිඳ කෙරෙහි දැක්වූ සැබෑ මිනිසෙකුගේ ඇදහිය නොහැකි කැපවීමක කතාවයි. වීඩියෝව පහතින්.

 

 

ජාවාරම්කරුවන් ලංකාවේ අලි පැටවුන් මුහුඳු මාර්ගයෙන් , ලංකාවෙන් එපිට විශේෂ කලාපයකට විකුණයි.

ශ්‍රී ලංකාවතුල මේ දිනවල උණුසුම්ම මාර්තෘකාවක් බවට අලින් පත්ව ඇත. දල ඇතුන් වෙඩි තබා ඝාතනය කර ,දල කපාගේනයාම් ගැන නිරතුරු අසන්නට ලැබුනා. මිනිසුන්ගේ උගුල්වලට හසු වී තවත් අලින් මිය යයි. මේ ගැන සමාජයතුළ දැඩි කතාබහක් ඇති විටෙක   මෙරට අලි ඇතුන් සම්බන්ධ තවත් ජාවාරමක් පිළිබදව වාර්තා වෙනවා. ඒ මවු ඇතින්නන්ගෙන් කුඩා අලි පැටවු වෙන් කරවාගෙන , එම අලි පැටවුන් මුහුදු මාර්ගයෙන් හොර රහසේ ඩුබායි අබුඩාබි ඇතුළු මැද පෙරදිග රටවලට යැවීමේ ජාවාරමක් පිළිබදවයි.

තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා‍ මෙම ජාවාරම පිළිබදව හෙළි කරමින් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා. මෙලෙසින් අලි පැටවුන් මහුදු මාර්ගයෙන් හොර රහසේ ඩුබායි අබුඩාබි ඇතුළු මැද පෙරදිග රටවලට යැවීමේ ජාවාරමක් පිළිබදව තමන්ට තොරතුරු ලැබී ඇතැයි අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර තිබුණා.

පසුගියදා හම්බන්තොට වෙරළ තීරයෙන් අලි පැටවුන් තිදෙනකු  සොයා ගැනීමට හැකිවූ බවත් මෙම අලි පැටවුන් තිදෙනා මුහුදු මාර්ගයෙන් හොර රහසේ ගෙන යෑමට සූදානමක් තිබූ බවට සැකකරන බවත් මේ පිළිබදව හෙළි කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

වෙරළේ සිට බෝට්ටු මාර්ගයෙන් මෙම අලි පැටවුන් මුහුදේ යන නැව්වලට පැටවීමේ සූදානමක් තිබෙන්නට ඇති බවත් කාලයක සිට මෙසේ මැද පෙරදිග රටවලට අලි පැටවුන් හොර රහසේ පැටවීමේ ජාවාරමක් සිදුවන්නට ඇති බවත් ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.

මෙම අලි පැටවුන් තිදෙනාගේ මවු ඇතින්නන් සොයා මේ වන විට හම්බන්තොට හා ඒ අවට ප්‍රදේශවල ආරක්‍ෂක අංශ හා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහෙයුමක්ද ආරම්භ කර ඇත.

මුහුදු මාර්ගයෙන් අලි පැටවුන් රැගෙන යෑමේ ජාවාරම ගැන නාවික හමුදාවටත්, ගුවන් හමුදාවටත් විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්‍ෂක අංශවලටත්, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටද දැඩි අවධානයකින් සිටින ලෙස උපදෙස් ලබාදී තිබෙන බව ද සදහන්.

නයි, පොළඟුන් ගහන කැලෑවට අලුත උපන් දරුවා වීසිකළ මව කීව සිත සසල කරවන කතාව. – වීඩියෝ.

සතර දිසාවෙන් මල් සින්දු ඇහෙන, අහන අපි පොඩ්ඩක් වෙනස් දෙයකට, ජීවිතයට වැදගැම්මක් ඇති දෙයකට විනාඩි 2ක් වැය කරමුද?

සැමදෙසින්ම මල් සින්දු ඇහෙනවාට සමානවම , අහිංසක දරුවන් , බිලිඳුන් මහා මග දමා යන, මරණයට පත් කරන, පුංචි මල් කැකුළු පොඩි කර දමන හැටිත් අසන්නට , දකින්නට ලැබෙනවා. මීට වරද කරුවන් කව්රුන්ද?

අම්මෙක් දරුවෙක් මහා මග දමා ගිය පසු සමාජයම ඇයයව පතුරු ගසයි. වරද ඇයගේ පමණද? නන්දා මාලනිය නම් වූ ඒ අසහාය ගායිකාව මේ සමාජ ගැටලුව ගැන මීට දශක කිහිපයකට කලින් ගයන ලද මේ ගීතය අද මාධ්‍ය තුලින් ඇසෙන්නේ නැත. නමුත් අදට ගැලපෙන මේ පද වැල්, සංගීතය ගැන ඔබ වෙත ගෙන එන්නට සිතුවා. මදකට හැමදේම අමතක කරලා මේ ගීතය අහන්නකො.

ගිනස් පොතට යන මේ දේදුන්න බලන්නකෝ. ජීවිතේට දැකල තියෙනවද මෙහෙම දේදුන්නක් – වීඩියෝ.

පැය 09කට ආසන්න වාර්තාගත කාලයක් දේදුන්නක් දිස්වීමේ සිදුවීමක් තායිවානයෙන් වාර්තා වෙයි. පසුගියදා තායිවානයේ තායිපේ අගනුවර කඳුකර ප්‍රදේශයක් ආශ්‍රිත අහසේ මෙම දේදුන්න පැය 08යි මිනිත්තු 58ක කාලයක් දිස්වූ බව එරට බලධාරීහු පවසති.

ඒ අනුව දීර්ඝතම කාලයක් දිස්වූ දේදුන්න ලෙස මෙය වාර්තා පොත් අතරට එක්වනු ඇති බව පවසන තායිවාන විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකු ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් ගිනස් ආයතනය දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි. 1994 වසරේ බ්‍රිතාන්‍යය ආශ්‍රිතව පැය 06ක කාලයක් දිස්වූ දේදුන්න දීර්ඝ කාලයක් දිස්වූ දේදුන්න ලෙස මීට පෙර වාර්තා වී තිබුණි

BCS උපාධිය වයස 11දී දිනා ලෝක වාර්තාවක් තබා, ගුවන් නියමුවරියක් වූ 15 හැවිරිදි සිසුවිය.

ලොව මවිත කල ඇය 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි. බ්‍රිතාන්‍ය පරිඝනක සංසදය පිරිනමන BSC උපාධිය වයස 11දෙඑ දිනාගෙන , ලොව ලාබාලම උපාධි ධාරණිය වූ ඇය, සා/පෙළ සමත්වන විට වයස 13කි. ජනපති සම්මාන සහ තවත් සම්මාන රැසක් දිනාගත් ගුවන් නියමුවරියක් වූ 15 හැවිරිදි ඇයගේ විශ්මිත කතාවයි මේ.

විදුහල්පතිවරයෙක් මෙවර සා/පෙළට පෙනී ඉන්න සිසුවෙකුගේ ජීවිතයම විනාශ කරයි.

විභාග අපේක්ෂකයකු වීදුහල්පතිවරයාගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී අපහසුතාවයට සහ අසාධාරණයට පත්වසිටීම සම්බන්ධයෙන් පලාගල අධ්‍යාපන කොට්ඨාසයේ මානේරුව මහ විද්‍යාලයෙන් වාර්ථා වෙනවා.

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින එච්.එම්.සජිත් අශෝක බංඩාර නැමැති ශිෂ්‍යා මෙලෙස අපහසුතාවයට සහ අසාධාරණයට පත්ව ඇත. පලාගල අධ්‍යාපන කොට්ඨාසයට අයත් මානේරුව මහා විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඔහු ඉගෙනුම ලබයි. ඔහු නෑගම්හ අඹගස්වැව ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකි.

පළමු වසරේ සිට වසර 11ක් පුරා මෙම සිසුවා නොකඩවා අධ්‍යාපනය ලබා ඇත්තේ මානේරුව මහ විද්‍යාලයෙන්ය. කථන ආබාධයකින් පෙළෙන මෙම දරුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි නමුත් දරුවා පාසැල් අපේක්ෂකයකු ලෙස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් කිරීමට අයදුම්පත් යොමු කිරීමට දරුවා ඉගෙනුම ලබන විද්‍යාලයේ විදුහල්පතිවරයා කටයුතු කර තිබුණේ නැහැ.

දෙමව්පියන් පෙන්වා දෙන්නේ මේ නිසා තම දරුවාට පෞද්ගලික අපේක්ෂකයකු ලෙස වෙනම විභාගයට පෙනී සිටීමට සිදුව ඇති බවයි .

විභාග අංක 77859995 යටතේ ඒ අනුව කථනාබාධයකින් පෙළෙන මෙම දරුවාට ආඬියාගල මහා විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයකදී පෞද්ගලික විභාග අපේක්ෂකයකු ලෙස විභාගයට පෙනී සිටීමට සිදුව තිබෙනවා.

එහිදී ඔහුට සිදුව ඇති තවත් අසාධාරණයක් වන්නේ නව නිර්දේශය සඳහා සූදානම් වූ ඔහුට එහිදී මුහුණ දීමට සිදුව ඇත්තේ පැරණි නිර්දේශය යටතේ වූ අනපේක්ෂිත ප්‍රශ්ණ පත‍්‍රවලටයි.

සිය නිවසට පැමිණ සිද්ධියේ බරපතලකම පසුව තේරුම්ගත් විදුහල්පතිවරයා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුටත් තොරතුරු හෙළි නොකරන ලෙස තමන්ට පැවැසූ බවද දරුවාගේ දෙමව්පියන් සඳහන් කළා.

එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් මානේරුව මහ විද්‍යාලයේ විදුහල්පති රංජිත් කේ.ගුරුසිංහගෙන් විමසීමකදී ඔහු මෙසේ කියා සිටියා.

” දරුවාගේ සාධන මට්ටම ප‍්‍රමාණවත් නොවූ නිසා පාසල් අයදුම්කරුවකු ලෙස විභාගය අසමත්වෙයි කියල තමයි අපි පාසල් අයදුම්කරුවකු ලෙස විභාගයට ඉදිරිපත් නොකර පෞද්ගලික අයදුම්කරුවකු ලෙස ඒ දරුවා විභාගයට ඉදිරිපත් කරන්න කටයුතු කළේ. ඒ දරුවා පෞද්ගලික අයදුම්කරුවකු ලෙස අයදුම් කළ අවස්ථාවේ විෂය නිර්දේශය සම්බන්දයෙන් ගැටඵවක් නම් තිබුනේ නැහැ. දරුවාගේ පෞද්ගලික විභාග අයදුම්පත‍්‍රයත් මම තමයි ඉකුත් 08 වැනිදා ගෙදරට ගෙනිහින් දුන්නේ. ඒ ගැන මම දෙමව්පියන් එක්කත් කතා කරලා තියෙනවා. මම මේ ගැන ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරීවරයාත් දැනුම්වත් කරලා තියෙනවා. මම ඊයෙ (12) දරුවගේ ගෙදර ගියා දෙමව්පියන් සමග කතා කළා. නමුත් මේ ගැන කාටවත් කියන්න එපා කිව්වේ නැහැ. මේ දරුවා මොන විභාගයට පෙනී සිටියත් ඒ දරුවගේ මානසික තත්ත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. මේ දරුවා ඒ ගැන හිතන්නෙ නැහැ. ඒ නිසා මානසික තත්ත්වය ගැන ගැටළුවකට මේ දරුවා මුහුණ දෙන්නේ නැහැ ඒක පැහැදිලියි..”

කැකිරාව කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. එස්. වේගොල්ල මහතාගෙන්ද අප මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමසීමක් කළා.

එහිදී “කිසියම් පාසල් දරුවෙක් සාධන මට්ටමෙන් පහළ සිටියා වුවත් විභාගයට පෙනී සිටීමේ අයිතිය අහිමි කරන්න විදුහල්පතිවරයෙකුට අයිතියක් නැහැ. ඒ දරුවා පාසල් අයදුම්කරුවෙකු ලෙස විභාගයට ඉදිරිපත් කිරීමට විදුහල්පතිවරයා කටයුතු කළ යුතු වෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් මම විමර්ශණයක් ආරම්භ කරනවා.” යනුවෙන් සඳහන් කළා.

බුද්ධ පුත්‍රයෙකු මිනිස් පහරදීමකින් මරණාසන්න වන්දුරෙකුට පණ දී කීව සුපිරි කතාව.- වීඩියෝ.

මිනිසුන්ගේ දරුණු පහර දීම නිසා අහිංසක වඳුරෙකුගේ හිසට දැඩි හානි සිදුව තිබුනා. පසුව කාලයට වීසිකර තිබියදී හිමිනමක් විසින් මරණාසන්න වඳුරා නැවත සුවපත් කිරීමට මහත් වෙහෙසක් ගත්තා. අවසානයේදී හිමි නම විසින් වඳුරා බේරාගෙන , මිනිසුන් වෙත අපුරු කතාවක් කියා දුන්නා. පහත වීඩියෝවෙන් සම්පුර්ණ විස්තරය බලන්නකෝ.

අනිවාර්යෙන් ගබ්සා වෙන්න ගිය දරුවෙකු බේරාගත් ලොව එකම ශ්‍රී ලාංකික වෛද්‍යවරයා.

නිවුන් දරු ප්‍රසූතියකට සූද‌ානම්ව සිටි මවකගේ එක් දරුවකු ගබ්සා වූ අවස්ථාවේ අනෙක් දරුවාට එලෙස ගබ්සාවලට ඉඩ නොතබා එම දරුවා නිරුපද්‍රිතව මෙලොවට බිහිකරන්නට සමත් වූ ලොව ප්‍රථම වෛද්‍යවරයා ලෙස සැලකෙන්නේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සුමනසීල ද සිල්වා මහතාය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය ලබාගෙන ඇත. මහනුවර මහරෝහලේ වසර එකහමාරක පමණ කාලයක්ද, ගලගෙදර දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා ලෙස වසර 3ක පමණ කාලයක්ද සේවය කර ඇති ඒ මහතා 1983 වසරේ එංගලන්තය බලා ගොස් ඇත.

වසර 35ක පමණ කාලයක් එරට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සේවය කර ඇති සුමනසීල ද සිල්වා මහතා මේ වන විට එංගලන්තයේ බටහිර මධ්‍යම ප්‍රාන්තයේ පිහිටි රුසෙල්ස් හෝල් රෝහලේ (Russells Hall Hospital) සේවයේ නිරතව සිටී. කෙටි නිවාඩුවක් සඳහා මෙරටට පැමිණ සිටි අවස්ථාවේ ඔහු සිය අදහස් පළ කරමින් මෙසේ කීහ.

නිවුන් දරුවන් ගැබ් ගෙන සිටි මවකගේ යම් හෙයකින් එක් දරුවෙකු ගබ්සා වුවහොත් ඒ සමඟ අනෙක් දරුවන්ද ගබ්සා වීම සිදුවෙනවා. එංගලන්තයේ ගුවන් සමාගමක සේවය කරන මවක් නිවුන් දරු ප්‍රසූතියකට සූද‌ානම්ව සිටිය ද ඇයගේ එක් දරුවෙකු සති 20කදී ගබ්සා වුණා.

මම ඒ අවස්ථාවේ කුස තුළ සිටි අනෙක් දරුවාව පිටතට එන්නට නොදී ගර්භාෂයේ පටලය ඇතුළට දමා ගර්භාෂ ගෙලේ මැහුමක් දැම්මා. සති 38 කට පසු එම මැහුම ගලවා නිරුපද්‍රිතව මෙලොවට බිහිවන්නට සැලැස්සුවා.

වෛද්‍යවරයෙකු මෙවැනි ප්‍රතිකර්මයක් කර තිබුණේ ලෝකයේ පළමුවරටයි. මෙම සිද්ධියට බී.බී.සී. ඇතුළු විවිධ මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ද ලබා දුන්නා.
මෙලෙස උපන්නේ පිරිමි දරුවෙක්. ඔහුගේ පියා එංගලන්තයේ වාහන අලෙවි ආයතනයක හිමිකරුවෙක්. එම දරුවට මාපියන් නම තිබ්බේ මගේ සුමනසීල යන නමේ සීල යන කොටසක් එකතු කරලා ආචීසීල බ්‍රැග්ස්බර්න් (Achiseela Bxadburn) කියලයි. 2007 උපන් එම දරුවා දැන් දස හැවිරිදි වියේ පසුවෙනවා. ඔහු දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක්.

මම ගතවූ වසර දහයක කාලය තුළ මේ ආකාරයේ ප්‍රතිකර්ම 36ක් කර තිබෙනවා. ඉන් 30ක් සාර්ථක වුණා. මෙම ප්‍රතිකර්මය සිදුකිරීමේදී ගර්භාෂය තුළ ආසාදන තත්ත්වයක් තිබෙන්න බැහැ. ගර්භාෂයේ තිබෙන පටලයට හානි සිදුව තිබෙන්නත් බැහැ. එසේම මවට විලිරුද‌ාව හටගෙන තිබෙන්නත් බැහැ.

මුළු ලෝකයෙම ඉන්න වෛද්‍යවරු ජීවත්වෙන්නෙ රෝගීන් නිසා. රෝගීන් තමයි වෛද්‍යවරු වන අපට තියෙන පරම වත්කම. හැම රෝගියෙක්ම අපි ළඟට එන්නේ දැඩි විශ්වාසයක් ඇතිවයි. ඒ විශ්වාසය උපරිමයෙන් ආරක්ෂා වන ලෙස කටයුතු කරන්නට හැකි විය යුතුයි. අපි ළඟට එන හැම රෝගියකුටම අපි ගරු කළ යුතුයි. තමන්ගෙම අම්මට තාත්තට සලකනවා වගේ හැම රෝගියෙකුටම උපරිමයෙන්ම යුතුකම් ඉටු කරන්නට අපි ක්‍රියා කළ යුතුයි. නමුත් මේ රටේ ඉන්න සමහර වෛද්‍යවරු මේ කිසිවක් ගැන සැලකිල්ලට ගෙන නොවෙයි අසරණ රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ.

රෝගීන්ට ප්‍රතිකාර සිදුකොට ඔවුන්ව සුවපත් කිරීම විශාල පුණ්‍ය කර්මයක්. මේ රටේ ඉන්න බොහෝ වෛද්‍යවරු ඒක පාපකර්මයක් බවට පත්කරගෙන කටයුතු කරනවා. වෛද්‍යවරු ලෙස අපට පින් කරගන්න දීලා තියෙන වරයක් අපාගත වෙන්නයි බොහෝ දෙනා කටයුතු කරන්නේ. මේ රටේ රජයේ රෝහලකින් යම් යම් සැත්කම් කරගැනීමේදී කාලයක් බලා සිටින්නට සිදුව තිබෙනවා. නමුත් ඒ සැත්කම් මුදල් තිබේ නම් ඒ මොහොතෙම වූවත් පෞද්ගලික රෝහලකින් කරදෙන්න මේ රටේ ඉන්න සමහර වෛද්‍යවරු සූද‌ානම්.

අපේ රටේ වෛද්‍යවරුන්ගේ සහ රෝහල් කාර්ය මණ්ඩලයේ වරදින් රෝගීන් මියයාම ඉහළ යමින් තිබෙනවා. මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන් මුනිවත රකිනවා. රජයේ රෝහලකදී මෙන්ම පෞද්ගලික රෝහලකදීත් රෝගීන්ට වෛද්‍යවරයෙකුගේ ඇති සැලකිල්ල හා වගකීම එක වගේ විය යුතුයි. අපේ රටේ පෞද්ගලික වෛද්‍ය සේවයේ කිසි ප්‍රමිතියක් නැහැ. අයකරන ගාස්තු පවා වෛද්‍යවරයාගෙන් වෛද්‍යවරයාට වෙනස්.
මා සේවය කරන රුසෙල්ස් රෝහලේ වසරකට දරු උපත් 5500 පමණ සිදුවෙනවා. බටහිර මධ්‍යම ප්‍රාන්තයේ පමණක් එවැනි රෝහල් විස්සක් පමණ පිහිටා තිබෙනවා. එරට ජීවත් වන සියලු දෙනාටම ඉහළම සෞඛ්‍ය පහසුකම් නොමිලේ රජයේ රෝහල්වලින් ලබා දෙනවා. රෝහලකට පැමිණෙන රෝගියෙකුට සති 12 තුළ සියලු ප්‍රතිකාරදී අවසන් කළ යුතුයි. පිළිකා රෝගීන්ට රෝහල් ගත වූ මුල් සතියේම ප්‍රතිකාර කිරීම ආරම්භ කළ යුතුයි.

රෝගීන්ට සිදුකළ යුතු ඉතිරි ප්‍රතිකාර පිළිබඳව වෛද්‍යවරු තනි තනිව තීරණ ගන්නේ නැහැ. වෛද්‍යවරු සියලුදෙනා සෑම සතියකට වරක්ම එකට හමු වී ඒ ඒ රෝගීන්ට සිදුකළ යුතු ඉතිරි ප්‍රතිකාර පිළිබඳව සාමූහික තීරණ ගන්නවා. ඕනෑම රටක ජීවනාලියවන්නේ නිරෝගිමත් සහ බුද්ධිමත් පරම්පරාවයි. එවැනි පරපුරක් ගොඩනැගීමේ වගකීම රැඳී පවතින්නේ වෛද්‍යවරු සහ ගුරුවරුන් මතයි.

ගැබිනි මවක් රෝහලකට එන්නේ බබත් එක්ක ගෙදර යන්න මිස මිනී පෙට්ටියකින් ගෙදර යන්න බලාගෙන නෙවෙයි. මේ නිසා දරු ප්‍රසූතියකට රෝහල් ගතවන හැම ගැබිනි මවක් ගැනම විශේෂ අවධානයකින් හැමවිටම කටයුතු කරන්නට වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට සිදුවෙනවා. ලෝකයේ තිබෙන අතිදුෂ්කරම කාර්යය තමයි මවක් දරුවෙකු මෙලොවට බිහිකරන එක.

අපේ රටේ බොහෝ වෛද්‍යවරුන්ගෙන් සහ රෝහල්වල කාර්ය මණ්ඩලයෙන් රෝගීන්ට අවශ්‍ය කරන නිසි ගෞරවය සහ සැලකිල්ල ලැබෙන්නේ නැහැ. රෝගියෙකු අවාසනාවන්ත ලෙස මියගිය විට ඔහුට සිදුවූයේ කුමක්ද යන්න දැනගැනීමටත් එම රෝගියාගේ ඥාතීන්ට අයිතියක් තිබිය යුතුයි. මේ සඳහා රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකෙන රෝගී ප්‍රඥප්තියක් මේ රටේ වහා ඇති කිරීමට වගකිව යුතු බලධාරීන් ක්‍රියා කළ යුතුයි.

ලොව බොහෝ රටවල එවැනි ප්‍රඥප්තීන් ඇති කර ඒ තුළින් රෝගීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරදීමට කටයුතු කර තිබෙනවා. රෝගීන් නිතර පීඩාවට පත්කරන සෞඛය වැඩවර්ජන නතර කිරීමටද රජය අවශ්‍ය පියවර ගත යුතුයි. වැඩ වර්ජන නතර කර රෝගීන්ගේ අයිතිවාසිකම් රැකදෙන්නට රජයට නොහැකි නම් ඒ රජය ඉල්ලා අස්විය යුතුයි.

විසි වතාවක් ලංකාවට පැමිණි, පන්සල්ගානේ ඇවිදිමින් අමුතු වැඩක් කරන ජර්මන් ආචාර්යවරයා.

මුහුදු රළ අව් රැල්ල වැටී දිලිසෙයි .මුහුද අද්දර අවන්හලේ මුහුද දෙසට මුහුණ ලා තිබූ මේසය අපේ දිවා ආහාර ඇණවුමෙන් පිරී තිබුණි. මුහුද දෙස බලාගෙන නිස්කාන්සු සුවයෙන් දිවා ආහාරය රස විඳිමින් සිටි අපේ කෑම මේසය අද්දරින් යන්නට ආ රත් පැහැ ගැන්වුණු මුහුණක් සහ උස් සිරුරක් සහිත විදේශිකයෙක් මොහොතකට අප දෙස බලා මිත්‍රශීලී සිනාවක් පෑවේය.

කෑම රහද? මම මෙතනින් කන්න එන ඉස්සරලම දවස තමා අද? ළගන්නා සුළු උච්ජාරණයකින් සිහල බස හැසිරවූ විදේශිකයා ගේ දෑස් මත අපේ නෙත් රැඳුණේ මොහොතකිනි. සරලවම කියන්නේ නම් සුද්දෙක් සිංහල කතා කරද්දී මොහොතකට අරුමයකි. අනික් අතට සුද්දෙක් ඉංග්‍රීසිය හෝ නැත්නම් ප්‍රංශකාරයෙක් ප්‍රංශ බස හෝ ජර්මන්කාරයෙක් ජර්මන් බස පසෙක තබා ලෝකයේ අඩුම ජන සංඛ්‍යාවකගේ මාතෘ භාෂාවක් ලෙස ගැනෙන අපේ මව් බස කතා කිරීම අහම්බකාරක සතුටට කරුණකි. එහෙත් සුදු හම ඇති විදේශිකයා කොහෙන් හෝ අහුලාගත් වචනයක් දෙකක් මිමිනුවාදැයි සැකයෙන් ඔබට සිංහල භාෂාව කතා කළ හැකිදැයි අපි ඉංග්‍රීසි බසින් විමසුවෙමු.

ඔව්… ටිකාක්… සිනහ වෙමින් එසේ පැවසූ විදේශිකයා කෑම රසදැයි යළිත් විමසුවේය.

රසයි….. යළිත් හිස පහත් කර සිනාසුන සුහද පෙනුමක් ඇති ඒ විදේශිකයා හුදෙකලා තැනක හිඳගෙන පැණිරස යමක් කමින් උණු තේ බඳුනක් තොල ගෑවේය. ඉක්මනින් දිවා ආහාර ගැනීම අහවර කළ අපි ඒ විදේශිකයා අසුන් ගෙන සිටි තැනට ගියේ වඩාත් දිගු කතාවකට මුලපුරනු රිසියෙනි. අපි කැමතියි ඔයත් එක්ක ඔයාගේ විස්තර කතා කරන්න. ඔයා සිංහල ඉගෙන ගත්ත හැටි ගැන ඔයාගෙන් අහන්න. ඔයා කවුද කියලා දැනගන්න. ඔයා කැමතිද අපිත් එක්ක කතා කරන්න අපි ඉංග්‍රීසියෙන් විමසද්දී ඔහු ඉංග්‍රීසියෙන්ම කැමැත්ත ප්‍රකාශ කරමින් ඉනික්බිති මෙසේ කීවේය.

මට සිංහල තේරෙන්නේ නැති තැනක් ආවොත් විතරක් මගෙන් ඒ ප්‍රශ්නය ඉංග්‍රීසියෙන් අහන්න…. මම කැමතියි ලංකාවේ මිනිස්සු එක්ක එයාලගේ භාෂාවෙන්ම කතා කරන්න…. ඔහු ප්‍රසන්නශීලි ඉල්ලීමක්ද කළේය.

ඔයාගේ රට මොකක්ද?
ජර්මනිය

නම මොකක්ද?
මම හයිනර් කෝච්…. (පසුව ඔහුගේ වෙබ් පිටුව බලද්දී අප දුටු ආකාරයට ඔහු ආචාර්ය පදවිය දරන්නෙකි. එහෙයින් ඔහු ආචාර්ය හයිනර් කෝච්ය)

මේ වතාවේ ලංකාවට ආවේ කී වැනි වතාවටද?
විසිවැනි වතාවට

එච්චරටම ලංකාව ඔයාගේ හිතට ඇල්ලුවද ?
මම මේ රටට එනවා යනවා… මගේ බිරිඳ, දුව, පුතා එයාලත් ඇවිත් තියෙනවා.. ඒත් එයාලා සතියකින් දෙකකින් විතර ආපහු යනවා.. මම එහෙම නෙවෙයි… මම මාස පහක් විතර ආවම ලංකාවේ නවතිනවා… අවුරුද්දෙන් එක කාලයක්ම මම ඉන්නේ ලංකාවේ.

ඇයි ඒ ?
මගේ රටේ සීතල කාලයට මම කැමති නෑ මගේ රටේ. ඉන්න. හරි සීතලයි. අව්ව නෑ..හිම වැටෙනවා… ගිනි උඳුනෙන් තමා අපි උණුසුම් වෙන්නේ.. ඒත් ලංකාව කොච්චර සනීපද? මෙහෙ අව්වට මම ආසයි.. ඔයාලගේ සිංහල අවුරුදු කාලෙ එද්දී මගේ රටේ සීතල ඉවරයි මගේ රටටත් අව්ව වැටෙන කාලය… ඒ කාලෙට මම ආයෙමත් මගේ රටට යනවා… හැබැයි මම ලංකාවට එන ලොකුම හේතුව ඒ සීතලනම් නෙවෙයි… මම ලංකාවට එන්නේ ලංකාවේ පන්සල්වල ඇවිදින්න… ඒ විහාර බිතු සිතුවම් බලන්න.. මම ලංකාවේ මුහුදට හුඟක් කැමතියි …ඒත් මම හුඟක් කැමති ලංකාවේ ලස්සන බලන්න ඇවිදින්න නෙවෙයි… විහාර බිතුසිතුවම් බලන්න… ඒක තමා මගේ සතුට සහ විනෝදාංශය නුවර, කොළඹ, පොළොන්නරුව, මුල්කිරිගල වගේම ලංකාවේ හුඟක් ගම් නගරවල විහාර බිතුසිතුවම් බලන්න මම ගියා.

ඇයි ලංකාවේ විහාර බිතුසිතුවම්වලට කැමති.. ඔයා ඒවා ගැන අධ්‍යයනයක් කරන කෙනෙක්ද ?
මගේ ප්‍රියතම විෂය තමා විහාර බිතුසිතුවම්. මම පාලි සංස්කෘත ඉගෙනගත්තා. මට සිංහලත් හොඳින් පුළුවන්. මම ජාතක පොත කියෙව්වා. මම හුඟක්ම කැමතියි උම්මග්ග ජාතකයට වෙස්සන්තර ජාතකයට චුල්ලපදුම ජාතකයට. විහාර බිතුසිතුවම්වල ඒ ජාතක කතා හරිම ලස්සනට ඇඳලා තියෙනවා. මම ඒවා ගැන හදාරනවා. දකුණු ආසියාවේම තියෙන විහාර බිතුසිතුවම් ගැන මම අධ්‍යයනය කරනවා. මගේ හැදෑරීම් ගැන web page එකක් තියෙනවා. මම මගේ රටේ මිනිස්සුන්ට ඒවා ගැන කියා දෙනවා.

එතකොට ඔයාගේ රැකියාව ?
මම දැන් පෙන්ෂන්… ඒකට මොකක්ද සිංහලෙන් කියන්නේ…. උත්තරයට වචන එකතු කරන ඇසිල්ලේ ඔහු විමසීය. විශ්‍රාමික…. අපි උත්තර දුන්නෙමු. ආන්න මම දැන් විශ්‍රාමික. මම විශ්ව විද්‍යාලයේ ඉගෙනගත්තා. මියුනික් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදිහට ළමයින්ට ඉගැන්නුවා. අවුරුදු දහයක් මම සංචාරක මඟ පෙන්වන්නෙක් විදිහට වැඩ කළා. දැන් රස්සාවක් කරන්නේ නෑ. දැන් මම ඇවිදිනවා.. ඇවිදිනවා.. ඇවිදිනවා….. ලංකාවේ පන්සල් පන්සල් ගාෙණ් ඇවිද්දා… තවත් ඇවිදිනවා…. එසේ කියමින් ඔහු යළිත් හඬ නගා සිනාසුණේය.
ඒ සිනාවේ හවුල්කාරයන් වෙන අතරේම අපි තවත් ප්‍රශ්නයක් විමසුවෙමු.

ලෝකයේ රටවල් කීයක විතර ඇවිදලා තියෙනවද?
වයස 18 වෙද්දී මම වාහනයක් ගන්නවා. එලවනවා. ඇවිදිනවා. මගේ තාත්තා මට ඇවිදින්න වාහනයක් දුන්නා. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය චීනය තව රටවල් ගොඩක මම ඇවිද්දා… කාලයක් මම ඉන්දියාවේ රස්සාවත් කළා.. ඒත් මම එහෙට ආසා නැති වුණා

ඇයි ඒ ?
එහෙ වතුර හොඳ නෑ… එහෙ ජීවත් වෙන්න එච්චර හොඳ නෑ.

ලංකාවට ආවම නවතින්නේ කොහෙද ?
මට ලංකාවෙත් මගේ හිතවත් පවුලක් ඉන්නවා.. ගාල්ලට කිට්ටුව තිරාණගම තමා මගේ ලංකාවේ පවුල ඉන්නෙ… මගේ ලංකාවේ යාළුවා තමයි සෝමසිරි. එයාගේ පවුෙල අය තමයි ලංකාවේ මගෙත් පවුල. එයා ව්‍යාපාරිකයෙක්. බම්බලපිටියෙත් මගේ යාළුවෙක් ඉන්නවා.. ලංකාවේ මිනිස්සු මට විශේෂයි…

විශේෂයි කීවේ ?
හොඳයි.. මම කැමතියි… එයාලා හිනාවෙලා කතා කරනවා.. සිංහල කතා කරද්දී වැරදුණත් හිනා වෙන්නෙ නෑ…

මට ලංකාවේ අමතකම නොවෙන දෙයක් වුණා.. කතා බහ අතරතුර මුහුද දෙස බලාගෙන ඔහු පැවසුවේය… ඒ කවරක්දැයි අසන්නටත් පෙරාතුවම ඔහු කතාවේ ඉතිරියට වචන එක් කළේය. සුනාමි එද්දී මම ලංකාවේ හිටියේ… මමත් සුනාමියට අහුවුණා… එදාත් මම හිටියේ මගේ ලංකාවේ හිතවත් පවුලත් එක්ක සෝමසිරිගේ ගෙදර… මගේ කාමරේට වතුර ආවා.. කාමරේම වතුරෙන් පිරුණා.. මම පීනුවා.. පීනලා පීනලා කොහොමහරි බේරුණා …

සුනාමියෙන් පස්සේ ලංකාවට එන්න බය හිතුණෙ නැද්ද ?
බය වෙන්න හොඳ නෑ… අපි බය නැති මිනිස්සු වෙන්න ඕන.. මම ලංකාවේ විහාර බිතු සිතුවම්වලට ආසයි.. ඒවා බලන්න ඇවිදින එක තමා මගේ විනෝදාංශය.. මට ලංකාවේ යාළුවෝ ඉන්නවා.. මම උපතින් ක්‍රිස්තියානි වුණාට මම බුද්ධාගමට කැමතියි.. සිංහල කතා කරන්න කැමතියි.. සිංහල කෑම කන්න කැමතියි.. මගේ රටේ සීත කාලෙට ලංකාවේ අව්වට කැමතියි.. ඉතින් මම කොහොමද ලංකාවට එන්නෙ නැතුව ඉන්නේ

මොනවද කන්න කැමති සිංහල කෑම ?
බත් කන්න ආසයි.. ඒත් මිරිස් කන්නනම් බෑ.. දනවා දනවා… කඳුළු එනවා.. මම ආසයි කිරිමාළු කන්න.. තව පොල් රොටී බතල, මඤ්ඤොක්කා කන්න ආසයි.. දවල්ට මොනවා හරි කනවා.. උදේට රෑට මට මගේ හිතවත් සිංහල පවුලෙන් කෑම හම්බවෙනවා.

ලංකාවේ පත්තරත් කියවනවද ?
ඉංග්‍රීසි පත්තරයක් කියවනවා.. කලින් මම ගත්ත ඉංග්‍රීසි පත්තරේ දේශපාලන තොරතුරු එහෙම හොඳයි.. ඒත් ඒ පත්තරේ හරි බරයි. කෑලි ගොඩයි… දැන්වීම් කෑලි කෑලි… ඒ හින්දා මම ඒ පත්තරේ ගන්න එක නතර කළා.. දැන් ගන්නවා වැඩිය බරනැති ඉංග්‍රීසි පත්තරයක්.

වයස කියන්න කැමතිද ?
අමතක් වෙනවා.. අමතක් වෙනවා…. එසේ කියමින් ඔහු හඬ නගා සිනාසුණේය. වයස නේද? වයස දැන් 64යි. ඔහු යළිත් සිනාසුණේය.. අනතුරුව ඔහු අපෙන් ප්‍රශ්නයක් ඇසුවේය.. මොකක්ද ඔයාලගේ පත්තර කොම්පැණියේ නම.. අපි උත්තර දුන්නෙමු …ආආආආ විජය.. විජය කියන්නේ කුමරයෙක්නේ ඔහු යළිත් සිනාසුණේය… ඔහු අපේ ඉතිහාසයත් කියවා ඇති සැටියකි.

හමුවීම සතුටක්.. සමුගන්න තත්ත්පරයේ අපි කීවෙමු.
මටත් සතුටක්… ඔහුත් කීවේය.

බුදු සරණයි.. සමුගන්නා ඇසිල්ලේ අපි නැවතත් කීවෙමු.
එසේම වේවා.. ඒ ඔහු දුන් පිලිවදනයි.

Dr Heiner koch… ඔබ තවම තරුණයි…. අහම්බෙන් මුණගැසුණු සොඳුරු සල්ලාපයකට මඟ හැදූ නන්නාඳුනන ජර්මන් ජාතිකයාට ආයුබෝවන් කියන මොහොතේ මට එසේ සිත්විණි .

► සංජීවිකා සමරතුංග
සේයාරූව / චන්න කස්සප කෝරලේආරච්චි

ලක්ෂ පහකට ලංකාවට එන්න හදන ඉලෙක්ට්‍රික් කාර් එක විස්තරේ මෙන්න.

ඉලෙක්ට්‍රික් මෝටර් රථයක්  ලක්ෂ පහකට හෝ හයකට  පමණ  ලබාදිය හැකි බව ලංකා වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ පවසනවා.

විශේෂ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.

සම්පත් මෙරින්චිගේ පෙන්වා දෙන්නේ චීනයේ සිට මෙම වාහන ගෙන්විය හැකි බවයි.

ත්‍රීරෝද රථ සඳහා විකල්පයක් ලෙස මෙම කාර් යොදාගත හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් සම්පුර්ණ තොරතුරු පහතින් නැරඹිය හැකියි.

ඉලෙක්ට්‍රික් කාරයක් ලංකාවේ රුපියල් ලක්ෂ 5ට! (EXCLUSIVE VIDEO )

ඉලෙක්ට්‍රික් කාරයක් ලංකාවේ රුපියල් ලක්ෂ 5ට! (EXCLUSIVE VIDEO )වැඩි තොරතුරු – http://nethnews.lk/article/48848

Posted by Neth News on Wednesday, December 6, 2017