නිරුපන තරඟයකින් ලොව පළමු ස්ථානය හිමි කරගත් ලංකාවේ සුපිරි කොල්ලා “ජනුක” – වීඩියෝ.

ලංකාවේ තරුණයෙකු ජාත්‍යන්තර වශයෙන් නිරුපන ශේත්‍රයේ ලබුඉහලම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුනා. ඔහු නමින් ජනුක රාජපක්ෂ නම් තරුණයෙක්. ඔහු මේ ජයග්‍රහණය ලැබුවේ ලොව රටවල් 134ක් පරදවයි.

පහතින් ඔහුගේ වීඩියෝව නරඹන්න.

 

ලියුම් බෙදන්නෙකු තම බිරිඳ වෙනුවෙන් තනිව සෑදු මේ මාලිගය ටජ්මහලට එහා ගිය ආදර කතාවක්. – වීඩියෝ.

පයේ බොරලු කැටයක් පැටලී මහ මඟ ඇද වැටුණොත් ඒ බොරලු කැටය ගැන වැඩි දෙනෙක් ඇතිකර ගන්නේ කෝපයකි. එහෙත් එසේ පයේ හැප්පුණු ගල්වලින් මාලිගාවක් තැනීම ගැන සිතිය හැකි ද?
ප්‍රංශ ජාතිකයකික තැපැල්කරුවකු වූ ෆර්ඩිනන්ඩ් චෙවල්ට සිතුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. ඔහු එය රැගෙන ගියේය. තැපැල්කරුවකු ලෙස පුරා වසර 33ක් සේවය කරද්දී ඔහු විවිධ හැඩැති ගල් සහ බොරලු එක්රැස් කළේ රාජකාරියට යන එන අතරතුරේදීය. එම ගල් එක්රැස් කර ඔහු සිහින මාලිගාවක් නොව සැබෑම මාලිගාවක් තැනීය. අද එය හඳුන්වන්නේ ‘තනි මිනිසකුගේ වැඩක්’ ලෙසිනි. එය ලියනාඩෝ ඩාවින්චිගේ, පැබ්ලෝ පිකාසෝගේ විශිෂ්ට සිත්තමක් තරමටම කලාත්මක නිර්මාණයක් වී ඇත.

ඒ කතාව තුල ඇත්තේ අපරිමිත ආදරය තම බිරිඳ කෙරෙහි දැක්වූ සැබෑ මිනිසෙකුගේ ඇදහිය නොහැකි කැපවීමක කතාවයි. වීඩියෝව පහතින්.

 

 

මහ මුහුදේ කුණාටුවෙන් ගසාගෙන ගිය මරියදාස්ගේ මිනිය ගොඩගසන තෙක් බලා සිටි පිරිසට දින 10න් ලැබුණු විශ්මිත දෙය.

අන්තෝනි මරියදාස් නැමති තිස් හත් හැවිරිදි මෙම ධීවරයා පසුගිය 7 වෙනිදා තවත් ධීවරයින් තුන් දෙනෙකු සමග මුහුදු ගිය අවස්ථාවේදී ධීවර බෝට්ටුව සැඩ පහරකට හසු වීමෙන් ඔහුව මුහුදට වැටී නොපෙනී ගොස් තිබෙනවා.

ආපසු පැමිණි ධීවරයින් මේ බව මරියදාස් ගේ නිවසේ උදවියටත් පොලීසියටත් නාවික හමුදාවටත් දැණුම් දී ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටින්නේ.

මේ සිද්ධිය වූ දිනයට පසු දා සිට මරියදාස් ගේ පවුලේ ඥාතීන් හා සහෝදර ධීවරයින් මරියදාස් ගේ මළ සිරුර ගොඩට ගසාගෙන එනු ඇතැයි බලාපොරොත්තුවෙන් පේසාලේ මුහුදු වෙරළ ආසන්නයේ රැදී සිටීම පුරුද්දක් කරගෙන සිටියා.

හදිසියේම ඉන්දියාවේ රාමේස්වරන් පොලීසියෙන් හා ඉන්දීය ධීවර සමීතියක සභාපතිවරයෙකු මරියදාස්ගේ නිවසට දුරකතනයෙන් කතා කොට පවසා ඇත්තේ ඔහුව රාමේස්වරන් පොලීසිය වෙත බාර දී ඇති බවයි.

සුළි කුණාටුවට හසු වී මුහුදට වැටුණු මරියදාස් මුහුදේ පාවෙමින් දකුණු ඉන්දියාව දෙසට ගසාගෙන යමින් සිටියදී ඉන්දීය ධීවරයින් පිරිසක් ඔහුව දැක බේරාගෙන ඔවුන්ගේ ටෝලර් යාත්‍රාවට නංවාගෙන තිබෙනවා.

ඒ වන විටත් සිහිසුන්ව සිටි මරියදාස්ට ප්‍රථමාධාර දී ඔහුට සුවය ලබා දී ටෝලර් යාත්‍රාව රාමේස්වරන් ප්‍රදේශයට ළගා වූ පසුව ඔහුව ඉන්දීය ධීවරයින් විසින් රාමේස්වරන් පොලීසියට බාරදී ඇතැයි සඳහන්.

මරියදාස් දරුවන් හතර දෙනෙකුගේ පියෙක්.

ඔහුව ආපසු මන්නාරමට ගෙන්වා ගැනීම සදහා මන්නාරමේ ධීවර සමීති හා පවුලේ සාමාජිකයින් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් හමුවීමට නියමිතව තිබුනා.

චීන ෂවොලින් විහාරයේ හිමිවරුන් මහනුවරදී කුන්ෆු සටන් කලාවේ ආරම්භය ගැන කල සුපිරි සංදර්ශනය.- වීඩියෝ

ශ්‍රී ලංකාව සහ  චීනය අතර  සම්බන්ධතාවය දීර්ඝ කාලයක් පවතිනවා. නමුත් තානාධිපති සම්බන්ධතාවයට වසර 75ක් පිරීම නිමිත්තෙන් විශේෂ කුංෆු සංදර්ශනයක් මහනුවරදී පැවැත්වුනා.

මේ සඳහා චීනයේ ෂවෝලින්ග් විහාරයේ හිමිවරුන් සහභාගී වුන. ලොව ප්‍රසිද්ධම කුන්ෆු කලාව පවතින ෂවෝලින්ග් විහාරයේ ඉතා අඩු වයසේ හිමිවරුන් විසින් ඉදිරිපත් කල කුන්ෆු සංදර්ශනය නැරඹීමට විශාල පිරිසක් සහභාගී වුනා.

මෙහිදී කුන්ෆු සටන් කලාව සඳහා  පාදක කරගත් සතුන්ගේ හැසිරීම විදහා දැක වූ හැටි පහත වීඩියෝවෙන් නරඹන්න.

රුසියාව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මාරු පහරක් එල්ල කරයි. ලක්ෂ තුනකට වඩා රැකියා අනතුරේ.

ශ‍්‍රී ලංකාවේ විශාලතම තේ ගැණුම්කරුවා වන්නේ ද රුසියාවයි. ශ‍්‍රී ලංකාව අපනයනය කරන තේවලින් සියයට 25ක්ම රුසියාව විසින් මිලදී ගන්නවා. එරට මුළු තේ අවශ්‍යතාවයෙන් සියයට 23ක් සම්පූර්ණ කෙරෙන්නේ ශ‍්‍රී ලංකාවේ තේවලින්.
මෙම වසරේ පළමු මාස 09 තුළ ශ‍්‍රී ලංකාව රුසියාවට අපනයනය කර ඇති තේ ප‍්‍රමාණය කිලෝග‍්‍ර‍්‍රෑම් මිලියන 25ක්. එම`ගින් ශ‍්‍රී ලංකාව උපයාගෙන ඇති ආදායම රුපියල් බිලියන 19ක් පමණ වනවා.
රුසියාවට අපනයනය කල තේ තොගයක සිටි කෘමියෙකු නිසා රුසියාව ශ්‍රී ලාංකීය තේ ආනයනය අත්සිටුවීමට තීරණය කර තිබෙනවා.
ශ‍්‍රී ලංකාවේ තේවලට රුසියාව පනවා ඇති තහනම තේ කර්මාන්තය ආශ‍්‍රිතව ආදායම් උපයාගන්නා වතු කම්කරුවන්ට ද ඍජු බලපෑමක් ඇති කරනවා. කඳුරට ජනතා පෙරමුණේ නායක, රාජ්‍ය අමාත්‍ය වී රාධ ක‍්‍රිෂ්ණන් පෙන්වා දෙන්නේ අවම වශයෙන් පුද්ගලයින් ලක්ෂ 03කට ආසන්න පිරිසක් මේ නිසා බලපෑමට ලක්විය හැකි බවයි.

වතුකම්කරුවන්ට පමණක් නොව ශ‍්‍රී ලංකාවේ තේවලට රුසියාව පනවා ඇති තහනම සමස්තයක් ලෙස ශ‍්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය කෙරෙහි ද කැපී පෙනෙන බලපෑමක් ඇති කරනු ඇති. මේ නිසා මෙම තහනම ඉවත් කරවා ගැනීමට ශ‍්‍රී ලංකාව කඩිනමින් කටයුතු කළ යුතු බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය ගාමිණී වීරසිංහ අවධාරණය කරනවා.

ශ‍්‍රී ලංකාවේ තේවලට තහනමක් පැනවීමට රුසියාව තීරණය කර ඇත්තේ ශ‍්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද තේ තොගයක තිබී කෘමි විශේෂයක් හමුවීම නිසායි. තේ පමණක් නොව ශ‍්‍රී ලංකාවේ සෙසු වැවිලි නිෂ්පාදවලට ද රුසියාව තහනමක් පනවා තිබෙනවා. මෙම තහනම හෙට සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.

අමාත්‍ය නවීන් දිසානායක මේ වනවිටත් රුසියානු බලධාරීන් සමග සාකච්ඡා කිරීමට එරටට පිටත්ව ගොස් ඇතැයි ද මෙහිදී සිහිපත් කෙරුණා.

මෙන්න බිත්ති බඳින “රොබෝ මේසන් බාස්.” – කොහොමඳ බිත්ති බැඳීම.පට්ට නේද?

ලොව ඉදිකිරීම් කර්මාන්තය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතිනවා. තරඟකාරී වෙළදපොල ට මුහුණදීම සඳහා කාර්යක්ෂමතාව ඉහල නංවාගැනීමට නවීන තාක්ෂනය උපයෝගී කරගන්යි.

මිනිස් ශ්‍රමය අවම කිරීම මගින් කාර්යක්ෂමතාව ඉහල නංවා ගැනීම ඔවුන්ගේ අරමුනයි.

මේසන් බාස්වරුන්ගේ කාර්යක් වන බිත්ති බැඳීම සඳහා රොබෝ තාක්ෂනය යොදා ගන්නා අපුරුව පහත වීඩියෝවෙන් නරඹන්න.

ගිනස් පොතට යන මේ දේදුන්න බලන්නකෝ. ජීවිතේට දැකල තියෙනවද මෙහෙම දේදුන්නක් – වීඩියෝ.

පැය 09කට ආසන්න වාර්තාගත කාලයක් දේදුන්නක් දිස්වීමේ සිදුවීමක් තායිවානයෙන් වාර්තා වෙයි. පසුගියදා තායිවානයේ තායිපේ අගනුවර කඳුකර ප්‍රදේශයක් ආශ්‍රිත අහසේ මෙම දේදුන්න පැය 08යි මිනිත්තු 58ක කාලයක් දිස්වූ බව එරට බලධාරීහු පවසති.

ඒ අනුව දීර්ඝතම කාලයක් දිස්වූ දේදුන්න ලෙස මෙය වාර්තා පොත් අතරට එක්වනු ඇති බව පවසන තායිවාන විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකු ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් ගිනස් ආයතනය දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි. 1994 වසරේ බ්‍රිතාන්‍යය ආශ්‍රිතව පැය 06ක කාලයක් දිස්වූ දේදුන්න දීර්ඝ කාලයක් දිස්වූ දේදුන්න ලෙස මීට පෙර වාර්තා වී තිබුණි

මල්ලියෝ උබනම් සුපිරිම වැඩකාරයෙක්…කතා දෙකක් නැහැ කට්ටියම හොල්මන් වෙනවා.-වීඩියෝ.

විවිධ පුද්ගලයන්ට විවිධ හැකියාවන් තියෙනවා. සමහර පුද්ගලයන් ඒ හැකියාව ජාත්‍යන්තර වේදිකාවල පෙන්වද්දී, තව සමහරෙක් ඒ හැකියාව මග තොටේදී පෙන්වනවා. කුඩා දරුවෙක් අමුතුම වාදන භාණ්ඩයක් වයමින් ගීතයක් අපුරුවට ගායනා කරන ආකාරයක් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ දක්නට ලැබුනා. ඔහුගේ මේ අපුරු හැකියාව පහතින් නරඹන්න.

රෝගී මව සුවපත් කරන්නට තට්ටු 60ක් උඩ කල සෙල්ලම වැරදී බිමට වැටුණු හැටි – වීඩියෝ.

26 හැවිරිදි  Wu Yongning නම් තරුණයෙකු තට්ටු 62ක් සහිත මහල් ගොඩනැගිල්ලක ඉහලම භයානක සෙල්ලමක් කරමින් සිටියදී  තට්ටු 62කින් පහලට ඇද වැටී මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහු ඉහල වාඩිවි සිට වීඩියෝවේ දැක්වෙන ආකාරයට  පසුව ගොඩනැගිල්ලේ පිටතින් ඉහල පහල යන අතර පසුව ඔහු නැවත ඉහල යාමට උත්සහ දරමින් සිටියදී එක්වරම ඇද වැටේ. පසුගිය නොවැම්බර් මස මෙම අනතුර සිදුව ඇති  අතර ඔහුගේ මාමා කෙනෙකු පවසා ඇත්තේ මෙසේ ඔහු කර ඇත්තේ තරඟයකට මුහුණ දී මුදල් සෙවීමේ අරමුණෙනි. මෙම තරඟයෙන් පසු දින ඔහු බලාපොරොත්තුව සිට ඇත්තේ  ඔහුගේ පෙම්වතියට විවාහ යෝජනා කිරිමටයි. ඔහු මේ භයානක අයුරින් මුදල් සෙවීමට පෙළඹී ඇත්තේ රෝගීව සිටින මවට බෙහෙත් කීරිමට හා ඔහුගේ මංගල්‍යය කටයුතු සඳහායි.

ඔහුගේ මෙම මරණින් පසුව ඔහුගේ රසිකයින් බොහෝසේ කණගාටුවට පත්ව ඇති බව වාර්තා වේ.

වීඩියෝ ව

කුකුල් කේන්තිකාරයා “විරාට් කෝලි” ගේ විවාහයේ අලුත්ම චායාරුප සමග වීඩියෝව මෙන්න.

ලෝක ක්‍රිකට් පිටියේ මහා පෙරළිකාර චරිතයක් වූ විරාට් කෝලි යුගදිවියට පත් වුනා. ඒ ඉන්දීය සුපිරි නිලියක් වූ අනුෂ්කා ශර්මා සමගයි. ඉතාලියේ මිලානෝ නුවරදී විවාහය සිදුවිය. එහිදී විවිධ අවස්ථා සහිත වීඩියෝව පහතින් නරඹන්න.