රොෂාන් පිලපිටිය අලුතින් විවාහ වූ තරුණියගේ මව හිටි හැටියේ බුකිය කළඹයි.

ප්‍රවීන රංගන ශිල්පී රොෂාන් පිලපිටිය සහ ජනප්‍රිය නිරූපන ශිලිපිනයක් මෙන්ම රංගන ශිල්පිනියක වන රිද්මා දිසානායක සමග නව යුග දිවියක් ආරම්භ කල බව අප ඔබට වාර්තා කරා.

මේ පිළිබඳව බොහෝ දෙනාගේ කතා බහට ලක්වීමත් සමඟ මෙම විවාහය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විවිධ අදහස් දැක්වුවා. ඒ අතර රොෂාන් පිලපිටිය විසින් සුනාලි රත්නායක නම් තරුණියක් රවටා රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා ගෙන ඇති බවටද කට කතාවක් පැතිර ගියා. එසේම රිද්මා පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි තරුණියක් බවත්, ඇයට රඟපෑමට අවස්ථාව ලබාදෙන බව මුහුණු පොත ඔස්සේ පවසා පසුව ඇය කොළඹට ගෙන්වාගෙන ඇති බවත් සමාජ ජාලයන්හි කතාබහට ලක්වෙනවා.ඇයද විවාහක කාන්තාවක් බවයි පවසන්නේ

කෙසේ වෙතත් ඊයේ දිනයේ පසුගිය දා විවාහ වුනු ජනප්‍රිය නළු රොෂාන් පිලපිටියගේ බිරිඳ වන රිද්මා දිසානායකගේ මව Face Book හි සටහනක් යොදමින් ඔවුන් දෙපලට සුභ පතා තිබෙනවා.

“රොෂාන් පුතාට හොඳ භාර්යාවක් වීමට හැකිවේවා දුවණි.

ඔබට ඇස්වහක් කටවහක් නොවදීවා.

මගේ දුවටයි, පුතාටයි මමී හැමදාමත් සුභ පතනවා.”

යනුවෙන් එහි සදහන්ව තිබුනා.

මීට අමතරව ඇය රොෂාන් පිලපිටියට යම් ඔවදනක් ලබා දෙන අකාරයේ පින්තුරයක් එක කර තිබුනා. එම පින්තුරය සහ තවත් ෆොටෝ පහතින්.

අපේ කොල්ලෙක් මහමගදී කාඩ් කුට්ටමකින් කට්ටියම පිස්සු හැදෙන මැජික් එකක් දැම්ම හැටි – වීඩියෝ.

ලංකාවේ street magic කියන එක ටිකක් අමුතු දෙයක් වුනත්, විදේශ රටවලනම් මෙය ඉතා ප්‍රචලිත, රසබර දෙයක්. නමුත් ලංකාවෙත් සුපිරි මැජික් දක්ෂයන් සිටිනවා.

ඒ අතර තරුණ මැජික් ශිල්පියෙක් street magic කලාව ලංකාවේ ප්‍රචලිත කිරීම සඳහා මහත් උනන්දුවක් ගනී.

මෙහිදී සිදුවන්නේ යම් මැජික් එකක් මහමගදී, පොදු ස්ථානයකදී කර පෙන්වා යම් පිරිසක් විශ්මයට පත් කිරීමයි. බලන්නකෝ ඔහු කාඩ් කුට්ටමකින් කරන මේ මැජික් එක. ඔබත් විශ්මයට පත්වේවි.

මල්ලියෝ උබනම් සුපිරිම වැඩකාරයෙක්…කතා දෙකක් නැහැ කට්ටියම හොල්මන් වෙනවා.-වීඩියෝ.

විවිධ පුද්ගලයන්ට විවිධ හැකියාවන් තියෙනවා. සමහර පුද්ගලයන් ඒ හැකියාව ජාත්‍යන්තර වේදිකාවල පෙන්වද්දී, තව සමහරෙක් ඒ හැකියාව මග තොටේදී පෙන්වනවා. කුඩා දරුවෙක් අමුතුම වාදන භාණ්ඩයක් වයමින් ගීතයක් අපුරුවට ගායනා කරන ආකාරයක් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ දක්නට ලැබුනා. ඔහුගේ මේ අපුරු හැකියාව පහතින් නරඹන්න.

වල්කමේ යන ගෑනු ටිකක් රඟපාන්න ඇවිත්, ඇවිල්ලත් වල්කමේ යනවා. – ඩබ්.ජයසිරි.

අකුරක් තනිව තියෙද්දියි, අකුරක් වචනයක් වෙද්දියි, වචනවලට දැනෙන අර්ථයක් එක්වෙද්දීයි එකිනෙකට වෙනස්. අකුරු රහ ගීත කරලා, හ`ඩක් කට හඬක් කරලා, රංගනය අතර විශිෂ්ට රංගනයක් කරලා, මිනිස් සිත් හැම අතින්ම නතුකරගත් ඉවරයක් නැති ප‍්‍රතිභාවක් හොයාගෙන මම ගියා. මේ ඩබ්ලිව්. ජයසිරිගේ කතාවයි.

”මම දැන් සැහෙන්න වයසයිනේ. අවුරුදු 70ත් පැනලා, ඒ නිසා දැන් එහෙම පුංචි කාලේ මතක් කරන්න අමාරුයි. නිකන් හීනයක් වගේ තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි ඉතින් මගේ ගම ගාල්ලේ, හැබැයි මම ඉපදුණේ අම්මාගේ ගමේ වැලිගම. ඒ කාලේ ඉතින් ළමයි හම්බවෙන්න ඉන්න අය යන්නේ ඉස්පිරිතාලෙට නෙවෙයිනේ, තමන්ගේ මහගෙදරටනේ. අම්මත් එහෙම ගිහිල්ලා මාව හම්බවෙලා තියෙන්නේ අම්මගේ මහගෙදරදී. මම තමයි පවුලේ වැඩිමලා. මම ඉපදුණාට පස්සේ අපි තාත්තගේ ගෙදරට ඇවිල්ලා.”

හීනයක් වගේ තිබ්බ අතීතේ මතක් කරගෙන කතාවක් වගේ ඒක කියාගෙන යනකොට මට මග නතර කරන්න හිතුණෙම නැහැ.

”මට සහෝදරයෝ තුන්දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ එක්කෙනක් මාලඹේ පදිංචි. අනිත් කෙනා ආසිරි හොස්පිටල් එකේ වැඩ. අනික් කෙනා පුස්සැල්ලාවේ වැඩ කරනවා. පොඩි කාලේ ඉඳන් අපි අතරේ කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. මම ගෙදරින් පිට හැදුණේ. ඔය ගොඩක් අය කියන විදිහට මහා සහෝදර බැඳීමක් තිබුණේ නැහැ මට.”

ගොඩක් අය කියන්නේ නැති ටිකක් වෙනස් කතාවක් වුණත්, බොරුවෙන් ජීවත්වෙන ගොඩක් අයට වඩා ඒ ඇත්ත වචන මේ පිටු අතරට ගොඩක් වටිනවා.

”මට වයස අවුරුදු දෙකේදී වගේ මම පත්තරේ කියවන්න පටන්අරන් තියෙනවා. ඒකට අපේ තාත්තලා එහෙම හො`දටම බය වෙලා මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. අපේ ලොකු තාත්තා, ඒ කියන්නේ තාත්තාගේ අක්කා බැඳපු කෙනා වේද ආරච්චි කෙනෙක්. ඉතින් එයාට කියලා සරස්වතී පූජාවක් කරලා තමයි මට අකුරු කියවලා තියෙන්නේ. ඒ කාලේ ඉස්කෝලවලට දාන්න අද වගේ ප‍්‍රශ්නයක් නැහැනේ. මම අවුරුදු 3 ඉඳලා ඉස්කෝලේ ගියා. මම මේ කියන්නේ 1950 වගේ කාලේ. එහෙම ඉස්කෝලවලට ළමයි ඇතුළත් කරන්න දැන් වගේ තරගයක් තිබුණේ නැහැ. ඉතින් මම එතැන ඉඳන් ඉගෙනගන්නවා.”

ඩබ්ලිව්. ජයසිරි අයියා මට කියපු විදිහට එයාගේ පාසල් කාලෙ නම් හරිම දඟයි.

”ගාල්ලේ කිතුලම්පිටියේ සි.සි. බාලිකා පාසලට තමයි මම මුලින්ම ගිහිල්ලා තියෙන්නේ. පාසල් කාලේ ඉතින් ළමයි දඟ කරනවානේ. කොහොම හරි මාව ගමේ තියාගන්න බැහැ කියලා මතයකට ඇවිත් තාත්තා මවා ගෙනැල්ලා මාතර නැන්දා කෙනෙක්ගේ ගෙදර නවත්තලා මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට දැම්මා. ඊට කලින් වැලිගම සුමංගල විද්‍යාලයටත් ටික කාලයක් ගියා. කොහොම හරි ඊට පස්සේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ තමයි මම එස්.එස්.සී. විභාගය පාස් වෙනකම් හිටියේ. පස්සේ මම කියන්නත් අමාරු මහා විශාල වරදක් කරලා මට ප‍්‍රසිද්ධියේ වේවැල් පාරවල් දීලා මාව ඉස්කෝලෙන් අයින් කරා. පස්සේ මම ගාල්ලේ විද්‍යාලෝක විද්‍යාලයට ඇතුළු වුණා. ඒකේ ප‍්‍රින්සිපල් අපේ තාත්තගේ යාළුවෙක්. ඒ නිසා මාව ඒ ඉස්කෝලෙන් භාරගත්තා. කොහොම හරි එක අවුරුද්දක් ඒ ඉස්කෝලේ ඉඳලා මම කොළඹ විශ්වවිද්‍යාලයට ගියා. ඒ කියන්නේ ලංකා විශ්වවිද්‍යාලයේ කොළඹ මණ්ඩපයයි පේරාදෙණිය මණ්ඩපයයි කියලා දෙකක් තිබුණා. මාව තේරුණේ කොළඹ මණ්ඩපයට. එතකොට තිබුණ එකම යුනිවර්සිටි එක ඒක. එතැන ඉඳලා ඉතින් මේ කොළඹ ජීවිතේ පටන්ගත්තා.”

ජයසිරි අයියා ඉගෙනගත්තු පාසල හෙළ හවුලත් එක්ක ලොකු සම්බන්ධයක් තිබුණා.

 

”ඒ කලේ මට උගන්වනකොට හිටපු ගුරුවරු දැන් ගොඩක් අය ජීවතුන් අතර නැහැ. මම ඉස්කෝලෙන් අස්වෙනකොට හිටපු ප‍්‍රින්සිපල් තමයි කු.බේ. ජයසුරිය. මම ඉගෙනගත්තු මාතර ශාන්ත තෝමස් විද්‍යාලය තමයි හෙළ හවුලේ මුල්ම ඉස්කෝලේ. ඒක නිකන් හෙළ හවුලේ හෙඞ් ඔෆිස් එක වගේ තමයි තිබුණේ. ශාන්ත තෝමස් කුමාර කුලාජිය කියලා තමයි කීවේ.”

පාසල් යන දවස්වල ජයසිරි අයියා කිසිම විශේෂයක් නොපෙන්වපු ළමයෙක් කියලා කීවොත් හිතාගන්නත් අමාරුයි නේද?

”මාව දන්නේ සත පහකට වැඩක් නැති, පන්තියේ කිසිම දීප්තියක් නැති, අනාගතේ අහවල් කෙනෙක් වෙයිද කියලා කියන්නවත් බැරි හරිම සාමන්‍ය ළමයෙක් විදිහට. කොටින්ම නිකම්ම නිකම් ළමයෙක්. අම්මලා තාත්තලාටත් ඒක ලොකු ප‍්‍රශ්නයක් වුණේ නැහැ. එයාලා බලාගෙන හිටියේ මම කවදාහරි ඉගෙනගෙන මහා විශාල තැනකට යයි කියලා. කොහොම හරි ඉතින් අද දවසේ මම කරන දේවල් බලන්න අද ඒගොල්ලෝ නැහැ.”

අමාරුවෙන් හරි මතක් කරගත්තු අතීතේ දිගේ ඇවිත් අපි කැම්පස් එක ළඟ නතර වුණා. මොකද ජීවිතේ එක සාර්ථක පිටුවක් ලියන්න පුළුවන් වෙච්ච තැනක් නිසා.
”කැම්පස් ආපු එකෙන් තමයි මගේ ජිවිතේ පටන්ගන්නේ. මම කැම්පස් එකේ ඉගෙනගත්තේ ආර්ථික විද්‍යාව, ඉන්දියන් ඉතිහාසය, සිංහල. ඒ කාලෙ නම් හිටියා මිත‍්‍රයෝ, ඒ අය දැනුත් ඉන්නවා. ඔය මහින්ද යාපා අබේවර්ධන කියලා ඒකාබද්ධ විපක්ෂේ මන්ත‍්‍රී කෙනෙක් ඉන්නේ, එයා මාත් එක්ක එකට ඉගෙනගත්තේ. සෝලංගආරච්චි කියලා පොලිසියේ ලොක්කෙක් ඉන්නවා, එතකොට බෝධි ලියනගේ කියලා බොක්සර් කෙනෙක් හිටියා එයත් පොලිසියේ. ඒ වගේ අය මාත් එක්ක ඉගෙනගත්තා.”

කැම්පස් මතක් කරනකොට අහන්න හිතුණ දේ තමයි රැුග් එක ගැන.

”ඒ කාලේ රැුග් එක තිබුණා. හැබැයි මේ දැන් වගේ අමානුෂික විදිහට නෙවෙයි ළමයි අදුරාගන්න ඒවා තිබුණේ. කෙල්ලෙක් හම්බුණොත් කියනවා ස්ත‍්‍රී ලින්ගේ නළලේ කියලා හිතාගෙන කතා කරන්න කියලා. අන්න ඒ වගේ දේවල් තමයි. ඒවා කාටවත් ශාරීරික හානියක් නැහැ.”

ගාල්ලේ ඉඳන් ඉගෙනගන්න කොළඹ ආපු ජයසිරි අයියා කලා කටයුතුවලට එකතුවෙච්ච විදිහ කීවේ මේ විදිහට.

”අපි විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ තියෙනවානේ එක එක සංගම්. මම නාට්‍ය සංගමේ සංස්කාරක විදිහට පත් වුණා. ඉතින් අපි හැම අවුරුද්දෙම නාට්‍ය උළෙලවල් තුන හතරක් කරනවා. මහාචාර්ය සරච්චන්ද්‍රගේ, හෙන්රි ජයසේනගේ, ගුණසේන ගලප්පත්තිගේ, සුගතපාල සිල්වාගේ, නාට්‍ය කරනවා. එහෙම වෙලාවක සුගතපාල සිල්වාගේ නාට්‍ය උළෙලක් කරලා අපි හොදට මිත‍්‍ර වුණා. මරණය දක්වාම සුගත් මගේ ඉතාමත් හොද මිත‍්‍රයෙක් වුණා. සුගත් තමයි මාව වේදිකාවට ගෙනාවේ. ඒ ගමන්ම ධර්මසේන පතිරාජ මගේ මිත‍්‍රයෙක් බවට පත් වුණා. පස්සේ පති එක්ක චිත‍්‍රපටිවලට සම්බන්ධ වුණා. සුගත් එක්ක නාට්‍යවලට සම්බන්ධ වුණා.”

අද වෙනකොට රඟපාන්න එන නළුවෝ දවස ගාණේ වැඩි වෙනවා. එත් ඒ අතරින් මතකයේ රැුෙ`දන විදිහට රංගනයේ යෙදෙන ශිල්පීන් ඉන්නේ අතේ ඇඟිලි ගාණට.ඒ රංගන ශිල්පින් අතරේත් අද ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් තමයි ජයසිරි අයියා. හැබැයි ඔහු කියන විදිහට ඔහු රංගනය උපතින්ම අරගෙන ආපු දෙයක් නෙවෙයි.

”මට හිතුණේ නැහැ මට රගපාන්න පුළුවන් කියලා. ර`ගපෑම කියන එකත් එහෙම උප්පත්තියෙන් ගේන එකක් නෙවෙයි. දැන් කට්ටිය ගොන් කතා කියනවා සහජෙන් ගෙනාවා කියලා. සහජෙන් ගේන්නේ රඟපෑම නෙවෙයි ලෙඩ. සහජයෙන් ගේන්නේ ඩයබෙටික්ස්, පපුවේ රෝග වගේ දේවල්. සහජෙන් රඟපෑම වගේ ඒවා ගෙනවා නම් ගාමිණී ෆොන්සේකාගේ පුතා හෙන නළුවෙක් වෙන්න එපැයි. ජෝ අබේවික‍්‍රමගේ පුතා මාර නළුවෙක් වෙන්න එපැයි. හබැයි ඉන්දියාවේ රාජ් කපූර්ගේ පවුලේ ඉපදිච්ච කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම නළු නිළියෝ වෙනවා. ඒක ඒගොල්ලෝ ඉපදිච්ච දවසේ ඒ ගොල්ලන්ගේ පෙකණි වැල කපලා තියෙන්නේ ෆිල්ම් කෑන් එකක් උඩ තියලා. ඒ තරමට ඒ ගොල්ලෝ චිත‍්‍රපටිවලට සම්බන්ධයි. උප්පත්තියෙන් කිසිදෙයක් ගෙනාවේ නැහැ. උප්පත්තිය ලැබුවේ ඒ වගේ පසුබිමක. ඒ නිසා ඒ ගොල්ලෝ නළු නිළියෝ වුණා. ඒත් ඒගොල්ලෝ දිලිප් කුමාර්ලා තරම් දක්ෂ වුණේ නැහැ.”

උප්පත්තියේ රංගනය ගේන්නේ නැහැ කියන ජයසිරි අයියා, තමන් රංගන ශිල්පියෙක් විදිහට රංගනයේ තාක්ෂණය අල්ලාගැනීම සහ හැසිරවීම ගැන හරි අපූරුවට විස්තර කරා.

”මම මුලින්ම රඟපෑමට එන්නේ 1966 මුල හෝ අග ”හරිම බඩු හයක්” නාට්‍යයේ දෙවෙනි නිෂ්පාදනයේ. එතැන ඉඳලා දිගටම ර`ගපානවා. මම ඇත්තටම නළුවෙක් විදිහට වැඩිවියට පත් වුණේ 1985න් පස්සේ ”මරාසාත්” නාට්‍යයෙන් තමයි. ඊට කලින් මම ”දුන්න දුනුගමුවේ” නාට්‍යයේ ප‍්‍රධාන චරිතය නිරුපණය කරා. සුගතපාල සිල්වාගේ නාට්‍ය කීපයක්ම කරා. ඊට පස්සේ ධර්මසේන පතිරාජගේ චිත‍්‍රපටිවල සහය අධ්‍යක්ෂ කෙනෙක් විදිහට සම්බන්ධ වුණා. පස්සේ ටෙලිනාට්‍ය රචක, ගීත රචක වුණා. ”බඹරු ඇවිත්” චිත‍්‍රපටියේ සින්දු ලීවා, රඟපෑවා, ඔහොම ඇවිත් ටික කාලෙකින් අපේ අතේ තිබ්බ සල්ලි සේරම ඉවරයි. ජීවත්වෙන්නවත් විදිහක් නැහැ. තිබ්බ සල්ලිවලින් චිත‍්‍රපටි කරන්න ගියා. ඒ චිත‍්‍රපටි වාණිජ අතින් ඒ කාලේ සාර්ථක වුණේ නැහැ. පස්සේ මම මේ සේරම අතෑරලා දාලා සෞදි අරාබියේ ඇමරිකන් කොම්පැනියක රස්සාවකට ගියා.”

ඔහු කියන විදිහට ”මරාසාත්” නාට්‍ය තමයි ඔහු රංගනයෙන් වැඩිවියට පත්වෙන්නේ. මට ප‍්‍රශ්නයක් වෙච්ච ඒ කතාව ඔහු පැහැදිලි කළේ මේ විදිහට.

”මම ඒ නාට්‍යයෙන් තමයි රඟපෑම මොකද්ද කියලා තේරුම්ගන්නේ. ජීවිතේ ගොඩක් අත්දැකීම් හැලහැප්පීම් ඇති වෙන්න ඕනේ මනුස්සයෙක්ට නළුවෙක් වෙන්න. අපේ රටේ නම් මහා මෝඩ විදිහට මේ ළමයින්ටත් හො`දම නළුවා කියලා සම්මාන දෙනවා. ළමයි නළුවෝ නෙවෙයි ළමයි කියන දේ කරන අය. ළමයිට කරලා පෙන්නුවාම ඒක කරනවා. ඒ නළුවෝ නෙවෙයි, ඒ ළමයි. නළුවෙක් වෙන්න තමන්ගේ ජිවිතේ කර දණ්ඩ උස ගිහිල්ලා, යමක් කමක් ඉගෙනගෙන, මිනිස්සු එක්ක හැසිරිලා තියෙන්න ඕනෙ. තව ගොඩක් දේවල් තියෙනවා. ඒවායින් පස්සේ තමයි නළුවෙක් විදිහට තමන්ට කියලා ස්වාධීනව යමක් හිතලා නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මේ පොඩි ළමයි නළුවෝ වෙන්නේ නැහැ. දැන් ‘සි¥’ එකේ පොඩි හාමුදුරුවෝ අද වෙනකොට නළුවෙක් විදිහට හො`ද තාක්ෂණික දක්ෂකමක් පෙන්වනවා. එත් ඔහු තවම නළුවෙක් නෙවෙයි. ඔහු තවම කටේ කිරි සුවඳ ගියපු නැති පොඩි දරුවෙක්.”

ගොඩක්දෙනෙක් කියන කතාවක් තමයි රගපෑමට අපේ අතීතයේ අපි ඇසුරු කරපු පුද්ගලයින්, පරිසරය බලපානවා කියන එක.

”අපේ ජීවිතේ ජීවත්වෙනකොට අපේ ජීවිතේ පේ‍්‍රම සම්බන්ධකම්, විවාහ සම්බන්ධකම්, වෙනත් යාළුවන් එක්ක තියෙන සම්බන්ධකම්, තවත් නොයෙක් හැලහැප්පිලි තමයි අපේ ජීවිතේ තැම්පත් වෙලා තියෙන්නේ. ඒවා සමහර චරිත නිරූපණය කරන්න ගියාම මතක් වෙනවා. නැත්තම් මතක් කරලා හරි කරනවා. අනේ මන්දා ඒ වුණාට මට එහෙම මතක් වෙනව ද කියලා මම දන්නේ නැහැ. මට නම් දැන් රඟපෑමේ තාක්ෂණය, රඟපෑම කියන්නේ මොකද්ද කියන එක ඇෙඟ් තියෙනවා. දැන් අවුරුදු 40ක් විතර රඟපෑම කරනවනේ. ඒක ඉගෙනගන්නවාට වඩා අත්දැකීමෙන් එන දෙයක්. අත්දැකීමෙන් තමයි රඟපෑමේ තාක්ෂණය ඉගෙනගන්න පුළුවන්.”

ර`ගපාලම ර`ගපෑමේ තාක්ෂණය ඉගෙනගත්තු ජයසිරි අයියා තමන්ගේ පේ‍්‍රම සම්බන්ධතා ගැන කියන්න කැමැත්තක් දැක්වූවේ නැති වුණාට, තමන්ගේ පවුලේ ආදරණීයයන් ගැන ආදරෙන් මතක් කරා.

”දැනට මම ගැහැනියක් එක්ක ජීවත්වෙනවා. මට ගැහැනු දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක්ට 20යි, අනික් කෙනාට 22යි. එක්කෙනෙක් රැුකියාවක් කරන ගමන් ඉහළට ඉගෙනගන්නවා, අනික් කෙනා කෙමෙස්ටි‍්‍ර ඩිග‍්‍රි එකක් කරනවා. මම ගෙදර දොරේ වැඩ කටයුතු නම් කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒක ඉතින් වයිෆ් කරනවා. දැන් ඉතින් නිවාඩු කාලෙකටවත් කොහෙවත් යන්නවත් බැහැනේ. මේ රටේ තියෙන ආර්ථික අහේනිය හින්දා. අපිට ලැබෙන සල්ලිවලින් හො`දට කාලා බීලා ඉන්නවා තවම. ඉස්සර නම් ළමයි පොඩි කාලේ ගියා. ඒත් දැන් යන්න බැහැ. හොටෙල් එකක ගිහින් නවතින්නත් දැන් කොච්චර ඕනෙද? එදා රුපියල් දහදාහකින් කරපු දේ අද කරන්න රුපියල් පනස්දාහක් තිබ්බත් මදි.”

ආර්ථික අහේනියක් ගැන කියපු නිසා රටේ දේශපාලනේ ගැන කතා නොකරොත් ඒක අඩුවක්.

”මහින්ද රාජපක්ෂ ලෝකෙට වෙන්න පුළුවන් ණය ඔක්කොම ගත්තා. දැන් ලොකුවට කියනවා අපි යුද්ධ කරලත් අපි ණය මෙච්චරයි ගත්තේ කියලා. එත් යුද්ධෙන් පස්සේ තමයි ඔක්කොම ණය ගත්තේ. මොකටද මේ පොඩි රටට අධිවේගී මාර්ග. යාපනේට අධිවේගී මාර්ගයක් හදලා මොනවා කරන්නද? පැය දෙකෙන් යාපනේට ගිහින් ගහන්නද? ඔය මේ තියෙන පාර පොඞ්ඩක් පළල් කරා නම් ඉවරයිනේ. දැන් දක්ෂිණ අධිවේගී මාර්ගේ කියන්නේ ලංකාවේ ප‍්‍රධාන පෙළේ ගංගාවල් තුනක් හරහට වේල්ලක් බැදලා. ඒවා ආයෝජන නෙවෙයි. අනික ගාලූ පාරේ යනකොට තියෙන හැ`ගීම අද නැහැ. අනික පැයෙන් ගිහින් මොනවා කරන්නද? ඔය හදපු අධිවේගී මාර්ගේ මහා කර්මාන්ත ශාලා මහා නිෂ්පාදනාගාර ඇතිවෙන්න ඕනේ. එතකොට ඒවායේ නිෂ්පාදනය කරන දෙවල් කොළඹට ගේන්න පුළුවන්. ඒක තමයි අධිවේගී මාර්ගයක් හැදීමේ ආර්ථික සැලැස්ම වෙන්න ඕනේ.”

ඩබ්ලිව්. ජයසිරි කියන්නේ අවුරුදු ගණනක් මේ ක්ෂෙත‍්‍රයේ ජීවත්වෙන කෙනෙක්. ඒ නිසා ඔහුට එදා සහ අද ගැන සංසන්දනය කරන්න බැරිකමක් නැහැ කියලා මම හිතුවා.

”දැන් කාලේ කට්ටියගේ බොහෝ අය, මම නමින් කීවොත් රොෂාන් රවීන්ද්‍ර, දසුන් පතිරණ වගේ අතලොස්සක් හැරෙන්න අනිත් ඔක්කොම නළු නිළියෝ මම හිතන්නේ කිසිම දෙයක් දන්නේ නැහැ. හු`ගක් අය අහනවානේ අපේ නිළියෝ මිනිස්සු එක්ක යනවා කියලා. මට කියන්න තියෙන්නේ අපේ නිළියෝ කවදාවත් එහෙම යන්නේ නැහැ. වෙලා තියෙන්නේ වල්කමේ යන ගෑනු රඟපාන්න ඇවිල්ලා උන් තවම වල්කමේ යනවා.”

කතාබහ කෙටි වුණාට, මේ පිටු දෙක පුරා මම ලියපු ඔහුගේ වචන ඇතුළේ ඩබ්ලිව්. ජයසිරි කියන ඉවරයක් නැති ඒ ප‍්‍රතිභාවේ අයිතිකරු කියවගන්න පුළුවන් වෙන්න ඇති කියලා මම හිතනවා.

ඉරිදා ඇපල් පුවත්පතෙන් උපුටා ගැන්නා ලදී.

වීඩියෝව නරඹා නිවැරදි පිළිතුර ලබා දී ලක්ෂ ගණනක් දිනාගන්න.

මේ දිනවල ලංකාවේ ප්‍රසිද්ධ ස්ථාන වල සරි සරණ මේ රෝස පැහැති ගවයාගේ ඇඳුමින් සැරසුණු පුද්ගලයන් කව්රුන්ද? ඔවුන් කුමන හේතුවක් නිසා මෙසේ සැරි සරනවාද යන්න ගැන කිසිවෙකුට වටහ ගැනීමට නොහැකිවී තිබෙනවා. ඔවුන් කරන්නේ කුමක්දැයි හරියටම කියන්න ඔබට හැකිද?

මේ වීඩියෝව නරඹා හරියටම පිළිතුර comment කිරීමෙන් තෝරාගන්නා ජයග්‍රාහකයන් පස් දෙනෙකුට ලක්ෂ පහ බැගින් ත්‍යාග ලබාදීමට සැලසුම් කර ඇත.

ඔබත් පහත වීඩියෝව නරඹා ඉක්මනින්ම පිළිතුර comment කර මුදල් ත්‍යාගය ලබාගන්න.

ලංකාවම විමතියට පත් කරනමින් අත්භූත රෝස එළදෙනක් කරලියට.

මේ දිනවල දිවයින පුරා ප්‍රධාන නගරවල ජනතාව ගැවසෙන ස්ථාන වල, විශේෂයෙන්ම පාසල් අසල සහ බස් නැවතුම්පොළවල් අසල “රෝස එළදෙන” නමින් හඳුන්වන ගවයෙකුගේ අනුරුවකින් සැරසුණු පුද්ගලයන්  සැරි සරයි.  මේ කව්රුන්ද, කුමක් නිසා මෙසේ සැරි සරනවාද යන්න ගැටළුවක් වී ඇත.

මේ ගැන හරියටම දන්නා පුද්ගලයෙකු තවමත් නැති අතර, විවිධ පුද්ගලයන් මේ ගැන විවිධ අදහස් දක්වමින් සිටයි. ඔබත් පහතින් මේ වීඩියෝව නරඹන්න. ඔබටත් මේ ගැන යම් අදහසක් ඇත්නම් ඒ ගැන අදහස් දක්වන්නත් අමතක කරන්න එපා.

ලොව විශාලම ටැලන්ට් ෂෝ එකේදී ලොවම කම්පනයට පත් කල අරුම පුදුම හැකියාවන්ගෙන් සමන්විත මිනිසුන්.

අදවනවිට ලොවපුරා අසාමාන්‍ය දක්ෂතා ඇති මිනිසුන් සහභාගී වන “රියලිටි ටැලන්ට් ෂෝ” ජනප්‍රියත්වයට පත්ව තිබේ. ලොව පවත්වන විශාලම සහ ජනප්‍රියතම ටැලන්ට් ෂෝ එකක් වන America’s Got Talent හිදී විනිසුරුවන් පමණක් නොව, ලොව පුරා  ප්‍රේක්ෂකයන් පවා විමතියට පත් කල අසාමාන්‍ය හැකියාවන්ගෙන් සමන්විත තරඟකරුවන් විදහා දැක්වූ සුවිශේෂී හැකියාවන් කිහිපයක් පහතින් නරඹමු.

ජරමර අතර ලංකාවේ පෙට්‍රල් අර්බුධය ගැන “වස්ති” නිකුත් කල වීඩියෝව මෙන්න – වීඩියෝ.

මේ දවස්වල දැවෙන ගැටලුව වී පවතින්නේ ඉන්ධන ගැටලුවයි. පෙර කිසි දිනෙක නොවූ විරු ලෙස පෙට්‍රල් හිඟය සහ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් දක්නට ලැබෙනවා.

මෙය ඉතා උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇති අතර සමාජ ජාලා සියල්ලගේ මේ ගැන විවිධ අදහස් හුවමාරු වනවා. මේ අතර ලංකාවේ සමාජ ජාලා අතර ඉතා ජනප්‍රිය චරිතයක් වූ “වසති” හි අනුෂ්ක සහ දුලාජ් මේ ගැන අපුරු වීඩියෝවක් නිකුත් කලේ මීට ටික දිනකට පෙරයි. බලන්නකෝ පොඩ්ඩක් ඒ වීඩියෝව.

ජරමර අතර ලංකාවේ පෙට්‍රල් අර්බුධය ගැන “වස්ති” නිකුත් කල වීඩියෝව මෙන්න – වීඩියෝ.

මේ දවස්වල දැවෙන ගැටලුව වී පවතින්නේ ඉන්ධන ගැටලුවයි. පෙර කිසි දිනෙක නොවූ විරු ලෙස පෙට්‍රල් හිඟය සහ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් දක්නට ලැබෙනවා.

මෙය ඉතා උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇති අතර සමාජ ජාලා සියල්ලගේ මේ ගැන විවිධ අදහස් හුවමාරු වනවා. මේ අතර ලංකාවේ සමාජ ජාලා අතර ඉතා ජනප්‍රිය චරිතයක් වූ “වසති” හි අනුෂ්ක සහ දුලාජ් මේ ගැන අපුරු වීඩියෝවක් නිකුත් කලේ මීට ටික දිනකට පෙරයි. බලන්නකෝ පොඩ්ඩක් ඒ වීඩියෝව.

“අම්ම කෙනෙක් දවසක් මට දණගහල වනදා – කෙල්ලෙක් ස්ටේජ් එකේදී මාව Kiss කළා”- භාචි සුසාන්.

කෙල්ලක් එක පාරටම අැවිත් මාව ඉම්බා
අම්මා කෙනෙක්
හනි හනිකට අැවිත් මට දණ ගහලා වැන්දා
ඔන්න ඉතින් අපි පොරොන්දු වුණා වගේම මේ පාරත් වේදිකාවේ ගී ගයන ගායකයෙක්ට Top story විශේෂාංගයට එකතු කරගත්තා. ඒ තමයි ප්‍රසංග වේදිකාවේ නැතිවම බැරි කලාකරුවෙක් වූ භාචි සූසාන්.

එකපාරක් මම සනිධප සංගීත කණ්ඩායමත් එක්ක කොරියාවේ ප්‍රසංගයකට සහභාගි වුණා. ඒ එළිමහන් ප්‍රසංගයට ලොකු ජනකායක් ඇවිත් හිටියා. ඔන්න ඉතින් මම පළවැනි සින්දුවත් කිව්වා. කොරියාව කියන්නෙ හරි විනෝදකාමී ශ්‍රී ලාංකික තරුණ පිරිසක් රැකියා කරන රටක්. ඉතින් ඔන්න මම දෙවැනි සින්දුවත් කියන්න පටන් ගත්තා. ස්ටේජ් එකේදි මම නටනවා. ඉස්සරහ ඉන්න තරුණ අයට මගේ අත වද්ද වද්ද ගියා. එක පිරිමි ළමයෙක් මගේ අත හයියෙන් අල්ලලා මාව ඇදලා ගත්තා. මම එකපාරටම බය වුණා. මගේ අනිත් අතේ මයික් එක. හැබැයි විශ්වාස කරන්න, මාව ඒගොල්ලො ටික බිමට වැට්ටුවේ නෑ. ඒ අය මාව එයාලගේ අත් උඩ තියාගෙන ලොකු රවුමක් අරගෙන ගියා. බෑන්ඩ් එක මියුසික් නැවැත්තුවෙ නෑ. මම සින්දුව නැවැත්තුවෙත් නෑ.

මම ඒ සින්දුව ඉවරවෙනකන්ම කිව්වෙ අර අපේ කොල්ලන්ගෙ අත්වල ඉඳලා රවුමට කැරකි කැරකි. මුළු පිට්ටනිය පුරාම ලොකු රවුමක් එදා හැදුණා. සින්දුව ඉවරවෙලා අන්තිමට ඒ සහෝදරයො ටික මාව ස්ටේජ් එක උඩින් තිබ්බා. ඇත්තටම මම ඒ වෙලාවේ හිතුවේ නෑ, මාව එහෙම ඇදලා ගනීවි කියලා. ඇත්තටම එකපාරටම ස්ටේජ් එකෙන් මාව වැටුණාම මම එකපාරටම බය වුණා. ඒත්… කොරියාවේ අපේ අයියලා මල්ලිලා මාව එදා පරිස්සම් කළා. ඒක මට කවදාවත් අමතක වෙන එකක් නෑ.

කොරියාවෙන් අපි එහෙමනම් ලංකාවට පොඩ්ඩක් එමුකො… මේක භාචිට වෙලා තියෙන්නෙ නුවර ප්‍රසංගයකදි. හැබැයි දැන් ටික කාලයකට කලින්.

නුවර ප්‍රසංගයකට සහභාගි වෙච්ච දවසකත් මට අමතක නොවුණු සිදුවීමක් වුණා. මම ස්ටේජ් එකේ නටනවා.. සින්දු කියද්දි එක ලස්සන ගෑනු ළමයෙක් එකපාරටම ස්ටේජ් එකට නැඟලා මාව බදාගෙන ඉම්බා. මේක පිටරටකදි සිදුවුණානම් ඒක සාමාන්‍ය සිදුවීමක් වෙනවා. හැබැයි නුවර ප්‍රසංගය බලන්න ආපු අයට ඒක සාමාන්‍ය සිදුවීමක් වුණේ නෑ. ලංකාවේ මිනිස්සු හිතන පතන විදිහ වෙනස්නෙ. ඉතින් අන්තිමට සින්දු කියාගන්න බැරිතරම් ලොකු කලබගෑනියක් වුණා. ප්‍රසංගය බලන්න ආපු අයට ඒක දරාගන්න බැරි වුණා. මම බය වුණේ තව මේක නිසා ස්ටේජ් එකට ගල් ගහලා විනාශ කරයි කියලා. හැබැයි හොඳ වෙලාවට එහෙම දෙයක් නම් වුණේ නෑ. ලංකාවේ එළිමහන් ප්‍රසංග බලන්න එන සමහරක් එන්නෙ කටගොන්නක් බීගෙන වලියක් දාගන්නම බලාගෙන. ඒ අය සංගීතය රසවිඳිනවාට වඩා එන්නෙ පරණ කෝන්තර පිරිමහගන්න, රණ්ඩුවෙන්න එහෙම බලාගෙනනෙ. එදත් මම ගොඩක් බය වුණා. කොහොම හරි සංවිධායක මණ්ඩලය මැදිහත්වෙලා ඒක සමථයකට පත් කළා.
භාචිගේ අවසාන මොහොත මාගේ කියන සින්දුව එකපාරටම ජනප්‍රිය වුණානෙ. ඉතින් අහලා බලමුද ඒ සින්දුව නිසා භාචිට වෙච්ච අමතක නොවන සිදුවීමක් ගැනත්..

අවසාන මොහොත මාගේ කියන ගීතය මම කළේ හින්දි තනුවකට සිංහල වචන දාලා. මම ගායනා කළොත් කොහොම වෙයිද කියලා කරපු අත්දහාබැලීමක් තමයි ඕක. හැබැයි මට හිතන්නවත් බැරි විදිහට ඒ ගීතය ජනප්‍රිය වුණා. ඒක මම දන්නෙවත් නැතිව ජනප්‍රිය වුණ ගීතයක්. දවසක් ප්‍රසංගයකට මම ගියපු වෙලාවක මගේ අවස්ථාව එනකන් මම ස්ටේජ් එනික් පහළට වෙලා බලාගෙන හිටියා. එකපාරටම සෙනඟ අතරින් තෙරපි තෙරපි බොහොම අමාරුවෙන් මම ළඟට ආපු එක අම්මා කෙනෙක් එකපාරටම මට වැන්දා. ඇත්තටම මට හිතාගන්නවත් බැරි වුණා. මට ඒක දරාගන්න බැරි වුණා.

අනේ අම්මා… එහෙම කරන්න එපා.. කියලා අම්මගේ උරහිසින් අල්ලලා නැඟිට්ටවද්දි ඒ අම්මගේ කම්මුල් පුරා කඳුළු බේරුණා..
අනේ පුතේ… මම පුතාගේ කකුල් දෙක අල්ලලා වැන්ඳට පව් නෑ.. ඔයාගේ සින්දුව අහලා මගේ පුතා මට ලැබුණා පුතේ… කියලා කිව්වා.

ඒ අම්මගේ බාල පුතා දඩබ්බරයි. ඒ දවස්වල හොඳටම බීලා ඇවිත් මේ අම්මට වද දෙනවලු. සමහරදාට අම්මට ගහනවත් එක්කලු. මේ පුතා නිසා අම්මා ඉඳලා තියෙන්නෙ කලකිරීමෙන්. හැබැයි අම්මා පුතාට හරි ආදරෙයි. දවසක් සිහියෙන් ඉඳිද්දි අහම්බෙන් මේ පුතාට මගේ සින්දුව අහන්න ලැබිලා. එදා ඉඳන් සැරෙන් සැරේ මේ පුතා ඒ සින්දුව අහලා එකපාරටම කුස්සියට ගිහින් අම්මට වැඳලා තියෙනවා. එදා ඉඳන් පුතා කිසිමදාක අම්මට වද දීලත් නෑ. කිසිම දෙයකට ඇබ්බැහිවෙලත් නෑ. අන්තිමට මම ප්‍රසංගයේ සින්දුව කියලා ඉවර වුණාට පස්සෙ අම්මයි අම්මගේ වැඩිමල් පුතයි මගේ ළඟට ඇවිත් මගෙන් ඉල්ලීමක් කළා. ඒ.. තේ එකක් බොන්න ගෙදර එන්න කියලයි. ඒ ඉල්ලීම පිළිගෙන මම ඒ අම්මගේ ගෙදර ගියා. එදා ඒ ගෙදර කට්ටිය මට කන්න දීලා හොඳට සැලකුවා. මම ඒ ගෙදරින් එළියට බහිද්දි අම්මගේ බාල පුතා මගේ කකුල් දෙක අල්ලලා වැන්දා. ඒ සිදුවීමත් මට කවදාවත් මගේ ජීවිතේ අමතක වෙන්නෙ නෑ.

උපුටාගැනීම: දේශය.

► Text – Jayamali / Pic – Internet