කිරිකැටි කලල දහස් ගණනක් කුස තුලිදීම විනාශ කල “වන් ෂොට්” ගම්පොලදී මාට්ටු.- වීඩියෝ.

ශ්‍රී ලංකාවේ ගබ්සා කිරීම නීති විරෝධී වුවත්, වසරකට බොහෝ ගබ්සා වීම් සිදුවෙනවා. ගම්පොල, ගලහ පාලම අසල වසර 16ක සිට කරගෙනගිය ගබ්සා මධ්‍යස්ථානයක් ගම්පොල නොවිසිඳුණු අපරාධ අංශය මගින් වටලා තිබෙනවා. එහිදී පොලිසිය වන් ෂොට් නමැති පුද්ගලයෙකු ඇත අඩංගුවට ගෙන තිබෙනවා.

එම සියලු විස්තර සහිත වීඩියෝව පහතින්.

ලංකාවේ කසිප්පු ලොවම හොල්ලයි. ලොවම විමතියට පත් කරමින් ලංකාවෙන් ලෝක වාර්තාවක්.

කිසියම් භාණ්ඩයකට හෝ සේවාවකට අධිත ඉල්ලූමක් පවතින විට සම්මතයට පිටින් හෝ ගොස් ලාබ ලැබීමට නිෂ්පාදකයෝ බිහි වෙති.

කවුරුන් කැමැති වුණත් නැතත් ඕනෑම වෙළෙඳ පොළක හැටි එහෙමය. අල්පෙනිත්තේ පටන් අවි ආයුධ වෙළෙඳාම දක්වා විශාල පරාසයක මේ නීත්‍යනුකූල නොවන වෙළෙඳාම සිදුවන බව ප්‍රකට කරුණකි.

මෙවර සත්‍ය ගවේෂණයට පාදක කරගන්නේ එසේ අප රටේ දිගු කලක් තිස්සේ නීතියට පිටින් සිදුකෙරෙන නිෂ්පාදනයක් ගැනය. ඒ නීතිවිරෝධී මත්පැන් ය.Image result for කසිප්පු

නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍යවලින් තොර වූ සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලාංකික සමාජයක් බිහිකිරීම ඊට අදාළ රාජ්‍ය ආයතනය වන සුරාබදු දෙපාර්තමේන්තුවේ දැක්මයි.
එහෙත් මේ වනවිට නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය වේගයෙන් ඉහළ යමින් පවතී.මහජන සෞඛ්‍යයත් රටේ ආර්ථිකයත් මහා පරිමාණයෙන් විනාශ මුඛයට කැඳවාගෙන ගිය ද ඒ සම්බන්ධයෙන් සිදුවන අධ්‍යයනයන්හි ඇති සීමාසහිත බව නිසා සිදුවන විනාශයේ දිග පළල ගැන නිශ්චිතවම පැවැසීම මෙතෙක් දුෂ්කර වී ඇත.

එහෙත් කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්යවරයකු ඇතුළු කණ්ඩායමක් විසින් කරන ලද පර්යේෂණයක් මගින් මේ සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වී තිබේ.

මෙම පර්යේෂණයේදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප‍්‍රියංග දුනුසිංහ ඇතුළු පිරිසේ මූලික අවධානය යොමු වී තිබුණේ නීති විරෝධී මත්පැන් අතුරෙන් කසිප්පු භාවිතය පිළිබඳවය. ආචාර්ය දුනුසිංහ මහතා ඊට අදාළ සංඛ්‍යා ලේඛන දක්වමින් පැහැදිලි කළේ උදා වී ඇති තත්ත්වයේ බිහිසුණු බවයි.

” මෙතෙක් කලක් ඉහළ ආදායම් ලැබූ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් අතරේත් කසිප්පු භාවිතය වැඩි වී තිබෙනවා. නීතිවිරෝධී මත්පැන්වලින් සීයට 90 ක්ම පමණ කසිප්පුයි. ආසන්න වශයෙන් කසිප්පු භාවිත කරන්නන් ලක්ෂ 13 ක් පමණ අපේ රටේ සිටිනවා. මේ පිරිසෙන් 35% ක් පමණ දිනපතා භාවිතා කරන්නන් වන අතර 40% ක පමණ පිරිසක් සතියට දින 3ත් 5ත් අතර මත්පැන් පානය කරන අය.කසිප්පු පානය කරන්නන්ගෙන් 25%ක්ම වයස අවුරුදු 40 ට අඩු අය . ඒ කියන්නේ තරුණ පිරිසයි. කසිප්පු භාවිතා කරන්නන් වැඩිම පිරිසක් සිටින දිස්ත‍්‍රික්ක වෙන්නේ නුවර එළිය, පුත්තලම, කෑගල්ල, මොණරාගල, බදුල්ල හා රත්නපුරයි. නුවර එළිය, කෑගල්ල, බදුල්ල හා රත්නපුර දිස්ත‍්‍රික්කවල කසිප්පු භාවිතා කරන්නන් වැඩිවීමට බලපා තිබෙන්නේ වතු ජනයාගෙන් ඊට ඇති අධික ඉල්ලූමයි. මේ සංඛ්‍යා ලේඛන ප‍්‍රතිශත බලද්දී ඉතාම බිහිසුණු තත්ත්ව අපට නිරීක්ෂණය වෙනවා. උදාහරණයකට ගත්තොත් නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ මත්පැන් භාවිතා කිරීමට ඉඩ ඇති වයස අවුරුදු 20 ට වැඩි පුරුෂ ගහණයෙන් 95% ක්ම පමණ කසිප්පු භාවිතා කරනවා. පුත්තලම දිස්ත‍්‍රික්කයේත් එහි අගය 79% ක් වෙනවා. නුවරඑළිය හා මොණරාගල දිස්ත‍්‍රික්කවල මත්පැන් වෙළෙඳ පොලින් 69% ක්ම ආවරණය වෙන්නේ නීති විරෝධී මත්පැන්වලින් බව බොහෝ දෙනෙක් දන්නේ නෑ.”
ඒක පුද්ගල මත්පැන් පරිභෝජනයට අනුව ලංකාවේ සැර මත්පැන් භාවිතය ලොව අනෙක් රටවලට වඩා ඉහළ මට්ටමක පවතී. දේශයේ නම රැන්ඳු ක‍්‍රිකට් ආදී ක‍්‍රීඩාවලින් අප පල්ලම් බසිද්දී ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම්වලින් සැර මත්පැන් පරිභෝජනයෙන් අංක දෙක හිමිකරගැනීමට ශ‍්‍රී ලංකාව සමත්ව තිබේ.Image result for කසිප්පු

දේශීය මත්පැන් පරිභෝජනයෙන් 88% ක්ම සැර මත්පැන් වීමෙන් එය පැහැදිලිය. එය එසේ වන්නේ ලොව රටවල් රැසකම සැහැල්ලූ මත්පැන් භාවිතය 70% ක් පමණ වෙද්දීය. අපේ රට හරිම වෙනස් යැයි එදිනෙදා කතාවට කීවාට එය මෙතැනට ද අදාළ නොවේද?

වැටලීම් හා පරිභෝජනය අතර වෙනස

නීති විරෝධී මත්පැන් වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් සිදුකරනු ලබන්නේ පොලිසිය හා සුරාබදු දෙපාර්තමේන්තු මගිනි. එහෙත් දෙපාර්තමේන්තු දත්ත හා ඒවායේ නිලධාරින් පවසන කරුණු අනුව බැලූවහොත් එකක් පැහැදිලිය. එනම්, නීතිවිරෝධී මත්පැන් මැඩපැවැත්වීම හුදෙක් වැටලීම්වලින්ම පමණක් කළ නොහැකි බවයි. නිත්‍යනුකූල මත්පැන් වෙළෙඳ පොල මත ක‍්‍රියාත්මක වන රජයේ බදු නිසි පරිදි මෙහෙයවීම එහිදී අතිශය වැදගත්ය. බොහෝ දෙනා නොදැන සිටියාට ලොව විශාලතම අරක්කු නිෂ්පාදකයා ද ශ‍්‍රී ලංකාවය. බියර් වැනි සැහැල්ලූ මද්‍යසාර සම්බන්ධයෙන් වූ තුලිත රාජ්‍ය බදු ප‍්‍රතිපත්තිය සැලකිය යුතු ලෙස වෙනස්වීම විසින් ද මත්පැන් පානය කරන්නන් හොර පොට්වලට තල්ලූ කරනු ලැබිණි.

2015 වසරේදී හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා මද්‍යසාර කර්මාන්තයට අදාළව කළ බදු සංශෝධන මගින් ඇත්තටම වුණේ සමාගම් කීපයක් ගොඩයාමය. උදාහරණයකට ගතතොත් ස්කාගාර බලපත‍්‍ර ගාස්තු මිලියන සියය දක්වාත්, අරක්කු බෝතල් කිරීමේ බලපත‍්‍ර ගාස්තු මිලියන 50 දක්වාත් වැඩි කෙරුණි. එහිදී එම මිල ගණන ගෙවාගැනීමට හැකි වුණේ ආයතන එකක් හෝ දෙකකට පමණි. මද්‍යසාර කර්මාන්තයෙහි ඒකාධිකාරින් තැනෙන මේ ප‍්‍රතිපත්ති අභියෝගයට ලක්කිරීමට අධිකරණයට පවා යෑමට සෙසු නිෂ්පාදකයන්ට සිදුවිය. කෙසේ වෙතත් පසුව නිෂ්පාදකයන්ගේ ඉල්ලීම පරිදි මිලියන 100 බද්ද මිලියනය දක්වාත් මිලියන 50 බද්ද ලක්ෂ පහ දක්වාත් අඩු කිරීමට නව ඇමැතිවරයාගේ අවධානය යොමුවිය. 2015 වසරේදී තොග ලීටර මිලියන 125 ක් වූ බියර් නිෂ්පාදනය ලීටර් මිලියන 59 දක්වා මේ වනවිට පහළ බැස ඇතැයි පවසන්නේ නියෝජ්‍ය මුදල් ඇමැතිවරයාමය. මිල ගණන් වැඩිවීම නිසා ඉතා අඩු මිලට නීතිවිරෝධී මද්‍යසාර වෙත යොමුවීම එහි ප‍්‍රතිපලය වී ඇති බව දැන් විශ්ව විද්‍යාල පරීක්ෂණවලින් හෙලිදරව් වී ඇත. එසේ බලද්දී සරල සිංහලෙන් කිවහොත් දැන් ආණ්ඩුවට සිදුව තිබෙන්නේ බදු ආදායම ද අහිමි කරගෙන ලෙඞ්ඩුන්ට බෙහෙත් කිරීමටය. ලංකාවට සමාන ඒක පුද්ගල ආදායමක් ඇති රටවල පමණක් නොව ඊට වඩා අඩු ආදායමක් ඇති රටවල පවා සැර මත්පැන් භාවිතය පහළ අගයක් ගැනීමෙන් ද බදු බරේ යථාර්ථය පැහැදිලිය. අනෙක් අතට මුදල් අමාත්‍යංශයෙන් 2015 කෙරුණු මෙම බදු ඉහළ දැමීමේ ප‍්‍රතිපත්තිය ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ ද පැහැදිලිවම උල්ලංඝනය කිරීමකි. ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ මද්‍යසාර කර්මාන්තයට අදාළ බදු පැනැවීම්වලදී සැර මත්පැන් නිෂ්පාදනය අධෛර්යමත් කළ යුතු බවය. එහෙත් ලංකාව කරඇත්තේ එහි අනෙක් පැත්තය. Image result for sri lankan beer factory
සැබැවින්ම පොලිසිය හා සුරාබදු දෙපාර්තමේන්තුව නීතිවිරෝධී මත්පැන් විකිණීම හා ළඟ තබාගැනීමට එරෙහිව නීතිය මගින් ක‍්‍රියා කරන අවස්ථා අඩු වී නැත. එහෙත් පර්යේෂක කණ්ඩායම් පවසන්නේ නීති විරෝධී මත්පැන් භාවිතය ඉහළ යෑමට සාපේක්ෂව මෙම වැටලීම් මීට වඩා වැඩි විය යුතු බවයි. අනෙක් අතට බලවතුන්ගේ ආශිර්වාදය ඇතිව නීතිවිරෝධී වෙළෙඳාම ජයටම කරගෙන යන පිරිස් නැතිවාම නොවේ. එවැනි වැටලීම්වලදී අවසන අසරණ වන්නේ එක්කෝ පොලීසියය. නැත්නම් ඔත්තුකරු හෝ පැමිණිලිකරුය. කසිප්පු වැනි මත්පැන් නිෂ්පාදනය කෙරෙන්නේ කිසිදු ප‍්‍රමිතියකට නොවේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය හැටියට සීනිවලට අමතරව යූරියා මෙන්ම කෘමිනාශක වර්ග ද මිශ‍්‍ර කෙරෙන අතර කටුකම්බි ආදිය ද උත්පේ‍්‍රරක හැටියට භාවිත කෙරේ. කෘතිම ඊස්ට් මගින් පැසවන ගෝඩා මිශ‍්‍රණය පරිසරයට විවෘතව පවතින නිසා කෘමින් ඇතුලූව කටුස්සන්, මීයන්, සර්පයන් වැනි සතුන් ඊට වැටී මිය යාම සාමාන්‍ය දෙයකි. කසිප්පු නිපදවන්නේ එසේ සකස් කරගත් මද්‍යසාර ආසවනයෙනි. කසිප්පුවල වඩාත් බිහිසුණු සංඝටකය වන්නේ මීතයිල් මධ්‍යසාරයයි. වෛද්‍යවරුන් පවසන ආකාරයට මීතයිල් මද්‍යසාරය මිලිලීටර 10 ක් පානයෙන් ස්ථිර අන්ධභාවය ඇතිවිය හැකි අතර මිලිලීටර 30 ක් හෙවත් උගුරු තුනක් මාරාන්තික විය හැකිය. එසේ බලද්දී ලංකාවෙන් සැලකිය යුතු පිරිසක් නිරතව සිටින්නේ මාරාන්තික ක‍්‍රීඩාවකය.

පැවැති ආණ්ඩුව මතට තිත සංකල්පය රාජ්‍ය ප‍්‍රතිපත්තියක් හැටියටම ක‍්‍රියාත්මක කළේය. එහෙත් සංඛ්‍යාලේඛන පැවැසුවේ ඊට වෙනස් කතාවකි. මේ ආණ්ඩුව ද ඒ වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කර තිබේ. 2015 වසරේදී පැවති සමස්ත ලංකා සුරාබදු සැරයන් හා නියාමක සංගමයේ 64 වැනි සංවත්සරය අමතමින් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ රජයට ආදායම් ලබාදෙන ප‍්‍රධාන ආයතන වන රේගු, ආදායම් බදු හා සුරාබදු ආදී දෙපාර්තමේන්තු වල ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් කිසි විටෙකත් තමා පෙනී නොසිටින බවය. තව ද නීතිවිරෝධී මෙන්ම නීත්‍යනුකූල මත්පැන් අලෙවි බලපත‍්‍ර මගින් අලෙවි කරන මත්පැන්වලින්ද මිනිසුන්ට සිදුවන්නේ හානියක් පමණක්ම බව ද එහිදී අවධාරණය කළේය. මීට අමතරව රජයේ ප‍්‍රධානීන් එදිනෙදා දේශපාලන කතාවලදී ද අවධාරණය කරන්නේ මතින් තොර ව්‍යාපාරය සාර්ථකව දියත්ව ඇති බවකි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රජයේ අදහස් ද මේ වනවිට Related imageපරස්පර වෙමින් තිබේ. මුදල් ඇමැති මංගල සමරවීර මහතා නීතිවිරෝධී මත්පැන් භාවිතය 61% ක් වී ඇති බව පාර්ලිමේන්තුවේදී පිළිගැනීමෙන්ම එය පැහැදිලිය. නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා ද එම අදහස පිළිගත්තේය.

නීතිවිරෝධී මත්පැන් භාවිතයේදී වැඩිපුරම ඊට යොමුවන්නේ දරිද්‍රතාවෙන් පෙළෙන අඩු ආදායම්ලාභීන් බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. ලංකාවේ සමෘද්ධි සහනාධාරය ලබන පිරිස ලක්ෂ 14කට ආසන්නය. ඊට අමතරව පසුගියදා දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් කළ සමීක්ෂණයකදී තවත් ලක්ෂ 11ක පිරිසක් ඊට අයැදුම්පත් යොමුකළහ.
එකී පිරිසෙන් කොපමණ පංගුවක් මෙම කුලකයට අයිති වනු ඇති ද? නීතිවිරෝධී මත්පැන් සැපයුම ඉහළ යාමේදී ආණ්ඩු ප‍්‍රධාන ප‍්‍රශ්න දෙකකට මුහුණ පායි. පළමුවැන්න රජයට හිමි විය යුතු බදු අහිමිවීමයි. දෙවැන්න ප‍්‍රමිතියෙන් තොර මද්‍යසාර නිසා මිනිසුන් පීඩා විඳින රෝගවලට ප‍්‍රතිකාර කිරීමේදී සෞඛ්‍යාරක්ෂණයට පිරිවැයක් දැරීමට සිදුවීමය. මෙසේ බලද්දී අවසාන විග‍්‍රහයේදී ආණ්ඩුවේම සුබසාධන ඉලක්ක සහ රාජ්‍ය බදු ප‍්‍රතිපත්ති අතර ඇත්තේ විශාල නොපෑහීමක් නොවේද? ආදායමත් නැති කරගෙන ලෙඩුන්ට බෙහෙත් කරන්නට සිදුවන තැනකට ආණ්ඩු තල්ලූවන්නේ නම් එය සම කළ හැක්කේ අතින් කාලා හරක් බැලීමකටය. මෙවැනි කාරණා සදාචාර තර්කවලින් වැසිය නොහැකිය. එසේ වසාදැමීමට උත්සාහ කිරීමේ අනිටු විපාකය ද යළි එන්නේ මහජනතාවටමය. මන්දයත් නැවත සෞඛ්‍ය සේවයට වියදම් වන්නේ ද මහජන ධනයම වන බැවිනි.

කාලයට ගැලපෙන සේ බදු ප‍්‍රතිපත්ති සකස් විය යුතුයි : මුදල් ඇමැති මංගල සමරවීර ජුනි 23 පාර්ලිමේන්තුවේදී

”දැනට මත්පැන් ස්කාගාර 24ක් පවතිනවා. ව්‍යාපාරිකයන් ගෙනයන අධිකරණය ක‍්‍රියාමාර්ග නිසා මිල අඩු කළත් රජයේ ආදායමට කිසිසේත් එය බලපාන්නේ නැහැ. අද මත්පැන් භාවිතය විශාල ප‍්‍රශ්නයක් වෙලා. සියයට 61ක් පමණ මත්පැන් අද භාවිත කරන්නේ නීතිවිරෝධී මත්පැනුයි. බලපත‍්‍ර ගාස්තු වැඩි කරන්න වැඩි කරන්න නීති විරෝධි මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වෙනවා. ඒ නිසා බදු සංශෝධන බලපත‍්‍ර නිකුත් කිරීමේ ක‍්‍රමවේදයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනවා. කිසිම රටක මත්පැන් පානය අවම කරන්න බැරි බව අප දන්නවා. සෞඛ්‍යයට අහිතකර නොවන බියර් හා වයින්වලට සහන ලබාදෙන්න ඕන. නීත්‍යානුකූල බාර් තිබෙන අය අපට කියන්නේ වැඩිපුරම බෝතල් විකිණෙන්නේ පෝයට දවසටයි කියායි. සමහර බාර් හිමියන් කරන්නේ පෝය දවසට ගෙදර ඉදන් දෙගුණයක මිලට අරක්කු විකුණනවා. නත්තල් දවසේ බාර් වහනවා. සංචාරක මෙරටට පැමිණෙන දෙසැම්බර් මාසයේ මත්පැන් හල් වසා තැබීමෙන් අදායම් නැතිව යනවා. මේ වගේ යල්පැන ගිය නීතිරීති පිළිබඳ අපි නැවතත් හිතා බලන්න ඕන. තායිලන්තය අපි වගේම බෞද්ධ රටක්. ඒ අය වසර පහ හයකට සැරයක් මත්පැන් හල් වහන්නේ මැතිවරණයක් තිබෙන දවසට පමණයි. ඒ නිසා අපි මත්ද්‍රව්‍ය විකිණීමේදී ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඉන්පසුව තීන්දුව ගත හැකියි.”Image result for budget

සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.හෙලන්. ඒ. මීගස්මුල්ල මහත්මිය
”නීතිවිරෝධී මත්පැන් භාවිතය ඉහළ යාමට ප‍්‍රධාන හේතු දෙකක් මම දකිනවා. පළමුවෙන්ම මිනිස්සු ඉතින් අඩු මිලට තිබෙන දේ තමයි පාවිච්චි කරන්න පෙළඹෙන්නේ. අනෙක් අතට අපරාධ සම්බන්ධයෙන් වැටලීම්වල ප‍්‍රමාණාත්මක නෑ. කසිප්පු වැනි නීතිවිරෝධී මත්පැන්වලට වැඩිපුර පෙළඹෙන්නේ දුප්පත් මිනිස්සු. අපට සිටින නිලධාරින් ප‍්‍රමාණවත්. නමුත් වැටලීම්වල ප‍්‍රශ්නයක් ඇතැයි මා හිතනවා. නීත්‍යනුකූලව අළෙවිය සිදුකරන තැන්වල ඇති කාර්මික අපරාධ සම්බන්ධයෙන් නම් අපි ප‍්‍රමාණාත්මක මැදිහත්වීමක් කර තිබෙනවා. රා නිෂ්පාදනයට දී ඇති අවසරයෙන් කෘතිම රා නිපදවීම ඊට එක උදාහරණයක්. පසුගිය මාසයේ දින කීපයක් ඇතුළත පමණක් එවැනි මද්‍යසාර ලීටර දෙලක්ෂයකට වඩා අත්අඩංගුවට ගත්තා. විශ්ව විද්‍යාලයේ පර්යේෂණ ප‍්‍රතිපලය විමසා බැලිය යුතු යැයි මා සිතනවා. මේ වැඩිවීම 25% ඉක්මවනවා නම් අනිවාර්යෙන්ම අපි දැඩි අවධානයක් මේ සඳහා යොමු කළ යුතුයි. ”

රාත්තල් 252 ක බර තිබූ දරුවන් 4 දෙනෙකුගේ මවක් තමාගේ බර රාත්තල් 90 ට අඩුකර ගත් ආකාරය

Boise, Idaho හි පදිංචි Jennifer Hunter වයස අවුරැදු 40 ක සිවුදරු මවකි. ඇය දෙවරක්ම නිවුන් දරැවන් බිහිකිරිමෙන් පසු ඇයගේ බර රාත්තල් 252 දක්වා ඉහල ගොස් ඇත. වසර 10 කාලයක් පුරා මෙම බර පැවතීමෙන් දියවැඩියාව හො කොලෙස්ටර්රෝල් වැනි රෝග තත්වයන්ද වැළදී ඇත.

Jennifer ගේ ළමා කාලය දෙමාපියන්ගේ ආරක්ෂාව යටතේ ගෙවුනි. ඇය විනෝද විමට කිසිවක් නොකල අතර 2001 දී ඇයගේ විවාහයෙන් පසු සම්පූර්ණ නිදහසේ ජීවත් වුනි. විවාහයෙන් පසු සැමියා සමග විවිධ ආහාර වර්ග රස බැලූ අතර අළුත් ආහාර වටිටෝරු අත්හදා බලමින් ඔනෑවටත් වඩා ආහාර ලබාගෙන ඇත.

ඇය 2002 දී නිවුන් පිරිමි දරුවන් දෙදෙනකු බිහිවිය. ඔවුන් Jonah හා Airas නම් වෙි. එම දරුවන් ලැබීමෙන් පසු ඇයගේ බර රාත්තල් 40 කින් වැඩි වී තිබුණි.

ඇය සම්පූර්ණ අවධානය තම දරුවන්ට යොමුකල අතර ඇයගේ බර පිළිබද නොසිතුවාය. අවුරුදු කිහිපයකට පසු ඇගේ බර රාත්තල් 252 වූ අතර ඇය කෘතිම හා ක්ෂණික ආහාර වලින් ඈත් වී රාත්‍රි ආහාර වෙිල සතියකට එකක් ලෙස සීමා කෙරිනි. බරවැඩි කම නිසා ඩිමිබකෝෂ වල රෝගී තත්වයක්ද ඇතිවිය.

මෙි අතර ඇය නැවතත් ගැබිණියක් වූ අතර එයද නිවුන් දරුවන් විය. සති 32 පසු හදිස්සියේම එක් දරුවෙකු ගර්භාෂය තුල දුර්වල වී මරණාසන්න වීම නිසා සිසේරියන් සැත්කමක් මගින් දරුවන් බිහි කෙරිණි.මෙවර ඇයට ලැබුනේ දුවක හා පුතෙකුය. ඔවුන්ට Rowan හා Audrey ලෙස නමි තබා ඇත.

ඉන්පසු ඇය දරුවන් 4 දෙනා වෙනුවෙන් නීරෝගී විය යුතුයැයි තීරණය කලාය. ඇය දිනපතා දිවීමෙි ව්‍යායාම ආරමිභ කර ඇත. ඇය දිවිමෙිදී අනතුරකට ලක් විමෙන් වළළුකර සැත්කමකට පවා ලක් කෙරිනි. ඉන්පසු පෝෂදායි ආහාර පිසීමෙි වැඩමුළුවකටද සහභාගී විය. පසුව ඇය නැවතත් ව්‍යායාම කිරීම සදහා ජිමි එකකට යන අතර ආහාර ගත්තේ ඉතා පරිස්සමින්ය.

මෙම ක්‍රමයෙන් ඇයට බර රාත්තල් 90 අඩු කරගෙන නීරෝගී විමට හැකියාව ලැබී ඇත. මෙයින් පැහැදිලි වන්නේ බර අඩුකරගැනීමට වෙළඳපොලේ පෙන්වන ක්‍ෂණික මැජික්වලින් නොහැකි බවය. ඒ සඳහා විශාල මහන්සියක් සහ කැපකිරීමත්, නිවැරදි අහාර පුරුදු අනුගමනය කල යුතු බවයි. එමෙන්ම බර අඩුකරගැනීම කල හැකි දෙයක් බවත් මතක තබාගත යුතුය.

භාතිය , සිදු කතාවේ සෝරත ව කරේ තියාගෙන මහා සෙනග සමග ලෝමීටර් ගානක් ගිය හැටි.

පසුගියදා පැවත්වුන මනුසත් දෙරණ Little Hearts වැඩසටහනට රටේ සියළුම කලාකරුවන් වගේම සහභාගී වුනා, බාල, මහළු තරුණ සියළු දෙනාගේ සහභාගිත්වයෙන් පැවත්වුන මෙම වැඩසටහනට ප්‍රවීණ ගායක භාතිය ජයකොඩි ද සහභාගී වුනා. එහිදී භාතියට අපූරු සිදුවීමක් සිදුව තිබුණා.
ඒ තමයි ලංකාවේ අංක එකේ ටෙලි සිත්තමක් වන සිදූ කතාවේ සෝරත හාමුදුරුවන්ගේ චරිතයට රඟ දක්වන කවීෂ නිසා.
Little Hearts පා ගමන ආරම්භයේදී පුංචි කවීෂ ගමන් කිරීමට අපහසු බව දැනගත් භාතිය කවීෂව සිය කර මතට ගෙන පා ගමනේ ගමන් ගත් අයුරු සැමගේ සිත් ගන්නට සමත් වෙලා තිබුණේ මේ විදිහට.

උපුටා ගැනීම:වෙබ් ගොස්සිප්.

 

 

දිනකට මවු කිරි ගැලුන් ගණන් එරෙන අපුරු මවක් කල විශ්මිත වැඩේ. – වීඩියෝ.

විදෙස් මාධ්‍ය මගින් වාර්තා වූ අපුරු මෙන්ම, ආදරණීය පුවතක් ගැන වාර්තා වුනා. ඒ දිනකට මවු කිරි ගැලුම් ගණන් එරෙන සුන්දර මවක් ගැනයි. ඊටත් වඩා එහි විශේෂත්වය වන්නේ, එම මවු කිරි වලට ඇය සිදුකරන විශේෂිත ක්‍රියාවයි.

බලන්නකෝ පහත වීඩියෝව. ඔබට ඇයගේ මේ කාර්ය ගැන ආදරයක් ඇතිවනු ඇති, ඒ වගේම ඇයට දීර්ඝායුෂ පතනවා ඇති.

කොළඹ ක්ලබ් වල ආතල් පෙති අතර සැරි සරණ කොල්ලෝ, කෙල්ලන්ගේ නොදැක්ක ඇත්ත කතාව.

කොළඹ නගරය තුළ රාත්‍රී සමාජ ශාලා බොහෝය. කැරොකේ ශාලාද ඒ හා සමානය. මේ නිසා රාත්‍රියේ කොළඹ සැරිසරන්නෝද අති විශාලය. අවුරුදු 17 එකාගේ සිට හැට පැන්න උන් පවා මේ රාත්‍රියේ වීදිවල රජ කරති. සුරා මතින් නටති. සමාජ ශාලා තුළ විනෝද වෙති. සරලව කිව්වොත් කති, බොති, නටති විනෝද වෙති. අප මේ ලියන්නට යන්නේ සමාජ ශාලාවල කන බොන විනෝද වන අය ගැන නොවේ. එසේම ඔවුන් ගෙවන ජීවිතය ගැනවත් නොවේ. මේ කියන්නට යන්නේ එම සමාජශලා අසල සිට එළියෙන් සිදුකෙරෙන ජාවාරමක් ගැනය. අදටත් පොලීසියට කොටු කර ගැනීමට නොහැකි වූ මෙම ජාවාරම ගැන අප රටට හෙළිකරන්නේ කාගෙත් ඇස් කන් ඇරෙන්නටය.

පසුගිය දවසක ලියුම්කරු වෙත අපූරු තොරතුරක් ආවේ මිතුරකු හරහාය. මෙම මිතුරා සංචාරක මඟ පෙන්වන්නකු වන අතර ඔහු නිතර ඉහත කී සමාජ ශාලාවල කරක් ගසන පුද්ගලයෙක් විය. ඔහු ලබාදුන් තොරතුර වුණේ සමාජ ශාලා ඉදිරිපිට සිදුවන අමුතු පහේ ගනුදෙනුවක් ගැනය.

විදේශිකයන්ද, දේශීය ධනපති පන්තියේ අයද රාත්‍රී සමාජ ශාලා සහ කැරොකේ ශාලා වලින් තෝරාගන්නේ කොල්ලුපිටියේ සිට බම්බලපිටිය දක්වා දිවෙන මාර්ගයේ ඇති සමාජ ශාලාය. එයට හේතු කාරණා කිහිපයක් ඇත. විශේෂයෙන් ඒ සමාජ ශාලාවල මිල ගණන් අඩුය. එසේම සාමාජිකත්වය නොමැති අයකුට වුවද ඇතුළු වීමටත් ඇති ඉඩකඩ වැඩිය. මේ නිසා රාත්‍රී අටේ සිට පසුදින පහන් වනතුරු ඔය හැම අයියලාම, නංගිලාම කල්ගෙවන්නේ ඉහත කී තැන් වලය.
කෙසේ වෙතත් ඒ ඇතුළට යන බොහෝ දෙනෙක් ඉන්නේ මත් ලෝකයේය. බොහෝ ‍දෙනෙක් මත්පැණින් පදම් වී සිටියත් තවත් සමහරෙක් පදම් වී සිටින්නේ විවිධ මත් ද්‍රව්‍ය වලිනි. එසේ පදම්ව පැමිණෙන ගොඩක් දෙනෙක් එළිවෙනතුරු වෛවර්ණ පහන් එළි යට නටති.

මා මිත්‍රයා සඳහන් කළ ආකාරයට එම තැන්වලට පැමිණෙන වැඩි දෙනකු අත මුදල් මහා පරිමාණයෙන් නැත. සොච්චම් මුදලක් සොයාගෙන එතැනට පැමිණෙන්නෝද සිටිති. රුපියල් 20000ක් වියදම් කොට විනෝද විය නොහැකි මෙම පිරිස් සමාජ ශාලාව ඇතුළට පැමිණ කාටත් හොරා සංවිධානය වන්නේ කණ්ඩායමක් ලෙසය. එම කණ්ඩායමට උපරිම සාමාජිකයන් 6කි. ඊට එහා වද්ද ගන්නේ නැත. එසේ සංවිධානය වන ඔවුන්ගේ ඊළඟ අරමුණ වන්නේ අඩු මුදලකින් මත්වී විනෝද වීමටය. ඒ සඳහා ඔවුහු අලුත්ම උපාය මාර්ගයක් යොදාගනිති. ඒ මත්වීම සඳහා මත් පෙත්තක් මිලදී ගැනීමය. එම මත්පෙති ඇතැම් සමාජ ශාලවල මිලදී ගැනීමට ඇත. නීතියෙන් තහනම් වුවත් නීතියට වැලි ගසා සිදුකරන මත්පෙති ජාවාරම නිසා සමාජ ශාලා හිමිකරුවෝද අපමණ මුදල් සොයාගනිති. කෙසේ වෙතත් එළියේ විකිණෙන මුදලට වඩා දෙගුණයක මුදලින් මෙහි මත්පෙති විකිණෙන නිසා බොහෝ දෙනා සමාජ ශාලාව ඇතුළෙන් මත් පෙති මිලදී ගැනීමට අදි මදි කරති. එසේ අදිමදි කරන උන් පසුව කණ්ඩායමක් ලෙස සූදානම් වන්නේ වෙනත් ක්‍රමයකට අදාළ මත් පෙති මිලදී ගැනීම සඳහාය.

පුදුමය නම් මේ කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ අදාළ මත්පෙති ජාවාරම් කරුවන් විසින්ම වීමය. විනෝද වීමට මෙන් පැමිණ සිටින ඔවුහු එක් එක් තරුණයන් ගාවට ගොස් “මචන් බඩු ගත්තාදැයි” විමසති. එසේ විමසන්නේ අදාළ තරුණයාව බොහෝ වේලාවක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය. එවිට තරුණයා අදාළ පෙති මිලදී ගත්තේ නැතැයි කියතොත් ජාවරම්කරු සිය දැල එළන්නේ කිසිවකුට නොදැනෙන්නටය.

“මචන් මමත් ගත්තේ නෑ. මේක ඇතුළේ ගණන්. අපි ඕනනම් මෙහෙම කරමු. අපි තව තුන් දෙනෙකුත් එකතුවෙලා සල්ලි එකතු කරලා එළියෙන් ගේමු” යැයි යෝජානා කරයි. එවිට ඇතුළේ රුපියල් 8000ක් වන පෙත්ත එළියෙන් රුපියල් 4000ට ලබාගැනීමට හැකි බව අදාළ ජාවාරම්කරු කියයි. ඒ අනුව එය ගෙන්වීමේ වගකීම ජාවාරම්කරු විසින් බාරගන්නා අතර ජාවාරම්කරු ඇමතුමක් මගින් එළියේ සිටින මිතුරන්ට පවසන්නේ පෙත්ත හැකි ඉක්මනින් රැගෙන එන ලෙසය. ඒ වනවිට හයිබ්‍රීඩ් රථ දෙක තුනකින් පැමිණ බම්බලපිටියේ මෙරින් ඩ්‍රයිව් මාර්ගයේ වී සිටින මෙම කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයෝ එම පණිවිඩයත් සමඟ අදාළ සමාජ ශාලාවට පැමිණ පෙත්ත ලබාදෙති. එම පෙත්‍තදී මුදල් ලබාගන්නා ඔවුහු පිටව ගොස් නැවත මෙරින් ඩ්‍රයිව් මාර්ගයේ වාහනය නතර කර තබා ගනිති. ඒ තවත් ඇණවුමක් ලැබෙන තෙක්ය. Ecstasy නැමැති මත් පෙත්ත සීඝ්‍රයෙන් මෙහිදී විකිණෙන බව සඳහන් වේ.
මෙම ජාවාරමේ තවත් කොටසක් වන්නේ ත්‍රීරෝද රථයේ බිස්නස් එකය. එය සමාජ ශාලා අරමුණු කරගෙන සිදුනොවන අතර එහෙත් එය පුරුදු ගනුදෙනුකරුවන්ට පමණක් සිදුවන ජාවාරමකි. එනම් මත්පෙත්ත අවශ්‍ය පුද්ගලයා අදාළ ත්‍රීරෝද රථයට ඇමතුමක් දී තමන් ඉන්නා ස්ථානයට කැඳවයි. ඊටපසු එම ත්‍රීරෝද රථයෙන්ම කුලී ගමනක් යන ආකාරයෙන් ගමන් ගන්නා අතර එසේ යන අතරතුරේදී පෙත්තත් වතුරත් ලබාදීමට ජාවරම්කරුවෝ ක්‍රියාකරති. මේ ත්‍රීරෝද රථවලත්, මෝටර් රථවලත් එන බොහොමයක් අය පිළිවෙළකට ඇඳ පැළඳ සිටින අය නිසා ඔවුන් ගැන කිසිදු සැකයක් ඇති නොවේ. ඇතැම් අයට ඉංග්‍රීසියෙන් පවා වචන හැසිරවීමේ හැකියාව ඇත. බොහෝ වෙලාවට ඔවුන් පැමිණෙන හයිබ්‍රිඩ් රථ කළු පැහැයෙන් යුක්ත බවද දන්නෝ දනිති.
කෙසේ වෙතත් වයස අවුරුදු 15 සිට 25 අතර වයස් කාණ්ඩයේ අය මේ සඳහා ඇබ්බැහි වී සිටින අතර ඔවුන් රාත්‍රී 7.30 වනවිට මෙරින්ඩ්‍රයිව්හි එහා මෙහා යන හැටි දැක ගැනීමට හැකියාව ඇත. පුදුමය නම් එළිපිට සිදුකරන මෙම ජාවරම තවමත් පොලීසිය නොදැකීමය. වගකිව යුතු පොලිස් ස්ථානයන් පටුපස සිදුවන මේ ජාවාරම් සම්බන්ධයෙන් එම ප්‍රදේශය මහජනතාව දැන සිටියත් තවමත් පොලීසිය නොදැන සිටීම අරුමයකි. කෙසේ වෙතත් මා මිත්‍රයා සඳහන් කළ ආකාරයට එම ස්ථානයේ එළිපිට සිදුකරන ජාවාරමට තරුණයන්ටත් වඩා තරුණියන් ඇබ්බැහි වී සිටින බව සඳහන් වේ. තරුණියන් එම පෙත්ත පානය කොට ඇතැම් අවස්ථාවල අව සිහියෙන් ගැටුම් ඇති කර ගනිමින් එම සමාජ ශාලාවල යකානටන බවද සඳහන් වේ.

කෙසේ වෙතත් සවස 7.00 ආරම්භ වන මේ සෙල්ලම රෑ 12.00 තෙක් සිදුවෙමින් පවතී. එහෙත් එම කාලය තුළ පොලිස් ජංගම සේවා ක්‍රියාත්මක වුවත් අද වනතෙක් අල්ලගත්ත එකෙක් නැත. ඇතැම් අවස්ථාවල එය දැක දැක පොලීසිය අහක බලාගෙන සිටින්නේ ඔවුන්ද මේ පෙති ජාවාරම්කරුවන්ට බියේ දැයි සැකයක් ඇත. කෙසේ වෙතත් අප සිදුකළ නිරීක්ෂණය අනුව ඕනෑම බාලාංශ දරුවකුට පවා මේ ජාවාරම දෑසෙන් දැක ගත හැක. එපමණක් නොව ඉවෙන් පවා වටහා ගත හැක. එහෙත් බල්ලෙකුට මෙන් ඉව තිබිය යුතු පොලීසියට මැක්කෙකු තරම් වන දැනීමක් නැතිකොට කවර කතාදැයි කිව යුතුය. ඒ නිසා රටේ තරුණ පරපුර ක්‍රමයෙන් ගිලගන්නා මත් පෙති ජාවාරම නතර නොවුණහොත් සිදුවන්නේ අපට විවිධ ආබාධ සහිත තරුණ ප්‍රජාවක් අනාගතයේ ඉතිරි වීම පමණි.

ගයාන් ගාල්ලගේ
උපුටා ගැනීම: දේශය.

බන්ධනාගාර අදිකාරීවරයාට පිහියෙන් ඇන පලායන්න හැදු පුද්ගලයා අධිකාරීවයාම පොර බදා අල්ලාගනී.

මැගසින් බන්ධනාගාර අධිකාරිවරයාට පිහියෙන් ඇන පලා යැමට තැත් කළ පුද්ගලයෙකු බන්ධනාගාර අධිකාරිවරයා විසින්ම අල්ලාගෙන පොලීසියට භාර දුන් පුවතක් වාර්තා වෙනවා.

මැගසින් බන්ධනාගාර අධිකාරි සුමිත් රංජන් මෙසේ නාඳුනන පුද්ගලයකුගේ පිහි පහරට ලක්‌ව ඇත්තේ පෙරේදා (21 දා) රාත්‍රි 7.30 ට පමණ අමතර පන්තියකට සහභාගි වී සිටි තම දරු දෙදෙනා රැගෙන ඒමට ගිය අවස්‌ථාවේදීය.
පිහි පහරට ලක්‌වූ බන්ධනාගාර අධිකාරිවරයාගේ උදර ප්‍රදේශයට ශල්‍යකර්මයක්‌ සිදුකර තිබෙන අතර ඔහුගේ එක්‌ අතකටද තුවාල සිදුවී ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

බන්ධනාගාර අධිකාරී රංජන් සිදුවීම මාධ්‍යයට විස්තර කළේ මෙලෙසය,.

“මම දරුවන් දෙන්නා ගන්න පන්නිපිටියේ හන්දියේ මට අයත් ජීප් රථයෙන් බැස හිටියා. එකවරම අයෙක්‌ මගේ පටුපසින් ඇවිත් ඉනවටා අතදමා මාව වැරෙන් අල්ලා ගත්තා. මම ඔහුගේ අත්දෙක මෑත්කර දැම්මා. ඊළඟට ඔහු මගෙන් මුදල් ඉල්ලුවා. මම කප්පම් දෙන්නේ නැහැ කිව්වා. ඊළඟට මගෙන් සිගරට්‌ පැකට්‌ එකක්‌ ඉල්ලුවා. මම එයත් ප්‍රතික්‍ෂේප කළා. ඔහු බීමතින් සිටින බව හැඟී ගිය නිසාත් ඔහු කොට කලිසමක්‌ සහ ස්‌කිනි බැනියමක්‌ ඇඳගෙන සිටි නිසා මගේ වාහනය උත්සන්නද කියලා සැකයක්‌ ඇතිවුණා.

මම වහා ජීප් රථයේ දොර අරගෙන ඇතුළට යනවාත් සමග එම පුද්ගලයා වාහනයේ දොර විවෘත කර මට පහරක්‌ ගැහුවා. මම එය වළක්‌වා එළියට පැමිණි විට මගේ උදරය ප්‍රදේශයට පිහියෙන් ඇන ඇති බව වැටහුණා. මම ඔහු අල්ලා ගන්න උත්සහ කළ අවස්‌ථාවේ නැවත මට පිහියෙන් අනින විට මගේ දකුණු අත කැපී තුවාල වුණා.

එහෙත් මම ඔහුව අල්ලාගෙන පිහිය බිමට වට්‌ටවා ගෙන සිටියදී ඔහු මගේ අතින් මිදී පලා ගියා. මමත් ඔහු පිටුපසින් ලුහුබැඳගොස්‌ අල්ලා ගත්තා. මගේ බිරිඳ වෛද්‍යවරියක්‌ නිසා ඊට අදාළ ලෝගුව දැක මහජනතාව වෛද්‍යවරයකුට පිහියෙන් ඇන ඇති බව පවසමින් එක්‌ අයෙක්‌ ඔහුව අල්ලා ගන්න උදව් කළා. අනතුරුව මම මහරගම පොලිසියට කතා කර එම පුද්ගලයා සහ පිහිය පොලිසියට භාරදුන්නා”

කෙසේ වෙතත් මෙම සැකකරු මහරගම පොලිසියෙන් නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගත කරනු ලැබුවහොත් ඔහුව බන්ධනාගාර ගත කෙරෙන්නේද සුමිත් රංජන් මහතා බන්ධනාගාර අධිකාරිවරයාව සිටින මැගසින් බන්ධනාගාරයේම වීම විශේෂත්වයකි.

 

ඉන්ජෙක්ෂන් කටු සහිත අරුම පුදුම බෙහෙත් කරලක් හඳුන්වා දෙයි. බඩ ඇතුලේ සිද්ධවන දේ කොහොමද? – වීඩියෝ.

ඔබ කොතෙකුත් අසනීප සඳහා ඖෂධ ලෙස “කරල්” භාවිත කර ඇති. නමුත් ඔබ දන්නවාද වෛද්‍ය විද්යාවේ දියුණුවත් සමග මේ කරල් තුල එන්නත් කටු සවිකර, භාවිතයට ගත හැකි ලෙස විශ්මිත නිෂ්පාදනයක් ලොවට හඳුන්වා දී ඇති බව.

අදාළ ඖෂධය කරල  මුඛයෙන් ගත් පසු එය ශරීරය හරහා ගමන් කොට අතරමගදී විවුර්තවේ. පසුව ඒ තුල ඇති එන්නත් කටු විශේෂය ඉන් එලියට පැමිණ ශරීරයට එන්නත් වේ. අවශේෂය විනාශ වේ. මෙම එන්නත් කටු අති විශේෂිත ද්‍රව්‍යකින් නිර්මාණය කර ඇත.

පහතින් බලන්නකෝ මේ අරුම පුදුම කරල ක්‍රියාත්මක වන හැටි.

This biodegradable pill could replace painful injections

This biodegradable pill could replace painful injections.

Posted by Hashem Al-Ghaili on Sunday, October 22, 2017

වල් අලින්ට වෙදකම් කරන වෛද්‍යවරයාට කැලේදී අලියෙක් දරුණු ලෙස පහර දුන් හැටි – වීඩියෝ.

ලංකාවේ සිටින වල අලින්ට වෙදකම් කරන ඇති දක්ෂ වෛධ්‍යවරයෙකුට වනය මැදදී දරුණු වල අලි ප්‍රහාරයකට ලක්වෙන්නට වෙනවා. එය කැමරාවක සටහන් වුවා.
නමුත් ජීවිතයේ අවසාන මොහොත දැක දැක සිටි ඔහුට සිදු වූ දේ බලන්නකෝ. මෙය අදහා ගත නොහැකි තත්වයකි. ඔබත් මෙය share කර තවත් අය දැනුවත් කර, එම වෛධ්‍යවරුන් කරන සේවය ඇගයීමකට ලක් කරමු.

 

ඔලිම්පික් ඉතිහාසයේ වඩාත් ගෞරවාන්විත පුද්ගලයා වූ , ජපානයේ පාසල්වල පවා උගන්වන ලාංකිකයා.

1964 ජපානයේ පැවතී ඔලිම්පික් තරඟයකට සහබාගී වූ ශ්‍රී ලාංකිකයා රණතුංග කරුණානන්ද ලොව ඔලිම්පික් ඉතිහාසයේ පරමාදර්ශී චරිතයක් වුවා. ලක්ෂ සංක්‍යාත නරබන්නන්ගේ හදවතේ මේ පොඩි මිනිසා ගැන ඇතිවුයේ මහත් ගෞරවයකි. අවසානයේ අදටත් ජපානයේ පාසල් පෙළපොත්වල මේ අසිරිමත් මිනිසාඅ ගැන ඇතුලත් වුනා. මෙසේ ලොව පුරා විශේෂිත වූ තරඟයේ වීඩියෝවක් ඔබ වෙත ගෙන එන්නට අපි සිතුවා. බලන්නකෝ ඔහු මෙතරම් විශේෂිත මිනිසෙකු වුයේ මන්ද කියා.