හිටපු එල්ටීටීඊ නායකයන් පිරිසක් මැතිවරණයට.. බලාපොරොත්තුව ප්‍රභාකරන්ගේ සිහිනය සැබෑ කිරිමලු

පුනරුත්ථාපනයට පත්වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් එකතු වී නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර තිබෙනවා.

ඒ එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර භාරව සිටි නායකයෙකු වූ අන්බු හෙවත් ඉන්බරාසාගේ නායකත්වයෙන්.

පුනරුත්ථාපනය ලැබු දෙමළ කොටි විමුක්ති පක්ෂය ලෙස එම පක්ෂය නම් කර තිබෙනවා.

මෙම නමින් පක්ෂය ලියාපදිංචි කිරිමට තමන් බියෙන් සිටි නමුත් මැතිවරණ මහ ලේකම් කාර්යාලය එය පිළිගෙන ඇති බවයි පක්ෂයේ නායකයා කියා සිටියේ.

පසුගියදා එම පක්ෂයේ නායකයා ඇතුලු පිරිස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවූ බවත් පක්ෂයේ නම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කළ බවත් ඊට කිසිඳු විරෝධයක් මැතිවරණ කොමිසමෙන් එල්ල නොවු බවත් ඔහු කියා සිටියා.

කිළිනොච්චියේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මෙම අදහස් පල කළා.

තමන් දැන හෝ නොදැන කොටි ලේබලයට හිමිකම් කියු බැවින් සමාජය අදත් තමන් දෙස එල්ටීටීඊ මුද්‍රාව තබා ඇති බවයි ඔහු සඳහන් කළේ.

රජය විසින් පුනරුත්ථාපනය ලැබු එල්ටීටීඊ නාමය තමන්ට ලබාදී ඇති බැවින් එම ලේබලයෙන් කිසි දිනක ගැලවිය නොහැකි බවත් ඒ අනුව තමන් මෙම නම පක්ෂයට තෝරාගත් බවත් පුනරුත්ථාපනය ලැබු දෙමළ කොටි විමුක්ති පක්ෂයේ නායක ඉන්බරාසා කියා සිටියා.

එමෙන්ම මෙයට පෙර නැගෙනහිර පළාතේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ පිල්ලෙයාන් හේවත් සිවනේෂතුරයි චන්ද්‍රකාන්තන් විසින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරනු ලැබුවා.Image result for ltte leader inbarasa

එම පක්ෂය ද නම් කර තිබුණේ තමිල් මක්කල් විඩුදලයි පුලිහල් පක්ෂය (දෙමළ ජනතා විමුක්ති කොටි පක්ෂය) ලෙසයි.

එමෙන්ම එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර පළාත් අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදන් කලක් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වී සිටියා.

පසුව ඔහු විසින් නව පක්ෂයක් ආරම්භ කරනු ලැබුවා.

අන්බු හෙවත් ඉන්බරාසා, පිල්ලෙයාන් හෙවත් සිවනේෂතුරයි චන්ද්‍රකාන්තන්, කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදන් යන තිදෙනා කලක් එල්ටීටීඊ සංවිධානයේ ප්‍රබලයන් වන අතර මොවුන් තිදෙනාම නැගෙනහිර පළාතේ අණදෙන නිලධාරින් වශයෙන් ක්‍රියාත්මක වූ පිරිසක් වනවා.

කෙසේ හෝ පිල්ලෙයාන්, ඝාතන නඩුවක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතව ඇති අතර කරුණා අම්මාන් සහ අන්බු නැමති අය නැගෙනහිර පළාතේ සිය දේශපාලන කටයුතුවල නිරත වී සිටිනවා.Image result for karuna amman

කරුණා අම්මන් හෙවත් විනායග මූර්ති මුරලිදරන් පසුගියදා නැගෙනහිර පළාතේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ යුතු බවයි.

එය කැලය මාරු වුනත් කොටියගේ පුල්ලි මාරු නොවන බවට පැරණි කියමන සනාථ කරන්නක් බවයි ඇතැම් සංවිධාන පවසන්නේ.

ඒ සඳහා වූ අරගලයට තමන්ගේ පක්ෂය නායකත්වය ලබාදෙන බවයි ඔහු එහිදී කියා සිටියේ.

එමෙන්ම එහිදී කරුණා අම්මාන් කියා සිටියේ එල්ටීටිඊ සංවිධානයේ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් තමන්ට සමාව දෙනු ඇති බවයි.

දැනට බන්ධනාගාරයේ සිටින පිල්ලෙයාන්ගේ නිදහස පිළිබඳවත් ඔහු වරින් වර මතක් කර සිටියා.Image result for පිල්ලෙයාන්

කරුණා එසේ දෙමළ ඊළාම්වාදය ඉදිරියට ගෙන යද්දී හතු පිපෙනා මෙන් අන්බු හේවත් ඉන්බරාසා දේශපාලන කරළියට පිවිසෙන්නේ පුනරුත්ථාපන වූ කොටි ලේබලයෙන්.

කිළිනොච්චිය ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ පුනරුත්ථාපනය වූ 60 දෙනෙකුගෙන් යුත් පිරිසක් මුලික කරගෙන තමන් දේශපාලනයට පිවිසෙන්නේ එල්ටීටිඊ සංවිධානයේ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ සිහිනය සැබෑ කිරිමට බවයි.

එල්ටීටිඊ සංවිධානයේ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් ගතින් මිය ගියත් ඔවුන්ගේ සිත් තුල තවදුරටත් ජීවත් වන බවත් ඔහුගේ මාර්ගයෙන් ගමන් කරමින් දෙමළ ජනයාගේ විමුක්තිය උදා කරගන්න තමන් කටයුතු කරන බවත් ඔහු කියා සිටියා.

මෙහිදි තේරුම්ගත හැකි එකම කරුණක් වන්නේ අවි ආයුධ සයනයිට් කරල යුද පිටිය සහ ජීවත් වන පරිසරය යන භෞතික සම්පත් වලින් හිටපු එල්ටීටීඊ සාමාජිකයන් පුනරුත්ථාපනය වුවත් සිය මනසේ කොතැනක හෝ මුල්බැස ඇති ඊළාම් සිහිනයෙන් තවමත් පුනරුත්ථාපනය වී නොමැති බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.

ඊට අමතරව අප අවදානයට ලක් කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ මෙම පිරිස ඇත්ත වශයෙන් පුනරුත්ථාපනය වී ඇති ද කියන කාරණාව සම්බන්ධයෙන්.

ඊට හේතුව වන්නේ කිළිනොච්චියේ පැවති මාධ්‍ය හමුවේ දී අන්බු හෙවත් ඉන්බරාසා කියන කතාවයි.

ලක්ෂ 6ක් වු උතුරේ ජනතාවගේ හදවත් තුල තවමත් එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් ජීවත් වන බවත් ඔහුගේ අදහස් තමන් ක්‍රියාත්මක වන බවත් ඉන්බරාසා පවසනවා.

එය සඵල වන තුරු තමන්ගේ ගමන නොනවතින බව මෙම පුද්ගලයා පැවසීම තුල කුමක් හෝ එහි ගැල්වී ඇති බව අප වටහා ගත යුතු බවයි දේශපාලන විචාරක මතය වන්නේ.

නිදහස, ප්‍රජාතන්ත්‍රවාය සම අයිතිවාසිකම් අපේක්ෂා කරන උතුරේ ඇතැම් පිරිස් කොටි මානසිකත්වයෙන් මිදෙන්නට උත්සාහ නොදරන්නේ තමන්ගේ ඊළාම් සිහිනය නිසා නොවේදැයි අපට ඇතැමුන් ප්‍රශ්න කරනවා.

ශ්‍රී ලංකා පුරවැසියෙකු වශයෙන් දේශපාලන පක්ෂයක් ආරම්භ කිරිමේ අයිතිය උතුරේ වේවා දකුණේ වේවා කාටත් සමානව තිබුණ ද ජාත්‍යන්තර වශයෙන් තහනමට ලක්ව ඇති සංවිධානයකට සම්බන්ධ නාමයක් සිය දේශපාලන පක්ෂයට යොදා ගැනීම උතුරු නැගෙනහිර පළාත්වල යළිත් බෙදුම්වාදීන් ක්‍රියාත්මක වීමේ උත්සාහයක් ද යන්න එහිදී ප්‍රශ්න කෙරෙනවා.

උතුරේ දේශපාලනඥයන් එහී පිහිටි හමුදා කඳවුරු ඉවත් කරන ලෙසත් හදිසි නීතිය යටතේ රඳවාගෙන සිටින රෑඳවියන් නිදහස් කරන ලෙසටත් ආණ්ඩුවට බල කර සිටින අතර තවත් පිරිසක් ෆෙඩරල් පාලනයක් ඉල්ලා අරගලයක නිරත වනවා.

ඊට විදේශ බලවේග ද අනුබල දෙන අතර රට දෙකඩ කිරිමට විදේශ රටවල සිටින ඩයස්පෝරා මාන බලා සිටින බවටයි ඇතැම් පාර්ශ්ව චෝදනා කරන්නේ.

එවැනි පසුබිමක බලය විමධ්‍යගත කිරිම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට රජය සූදානම් වන අතර ඊට විවිධ පාර්ශ්වයන් විරෝධය පල කර තිබීම ද විශේෂිතයි.

මෙම අවස්ථාව උතුරේ දෙමළ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කිරිමට සහ බලය විමධ්‍යගත කිරිමට ඉතිහාසයේ හිමි වූ නියම අවස්ථාවක් යනුවෙන් පවසමින් උතුරු නැගෙනහිර බිහි වන නව දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් ද රජය මනා අවබෝධයෙන් යුතුව කටයුතු කරන්නේ නම් එය ඉතාමත් වැදගත් කරුණක් වනු ඇති බව බොහෝ පාර්ශ්වවල අදහසයි.

උපුටා ගැනීම:නෙත් FM

මේ දුර්ලභ පිංකම ගැන තවත් කෙනෙකු දැනුවත් කර සම්බුදු සසුන බබළවන්න share කරමු.

ඔබට මතක ඇති හන්තානේ පෙදරේරු තරුණයෙකු වූ සුනිල් ශාන්ත මහතා මුලිකවී ඉතා මහන්සියෙන් , කැපකිරීම් මැද ගොඩනගන විහාර මන්දිරය සහ බුද්ධ ප්‍රතිමාව. මේ සඳහා අවශ්‍ය ආධාර ලබාදීමට විදෙස්ගත් ශ්‍රී ලාංකිකයන් සහ ශ්‍රී ලංකාවේ සිටින පින්වතුන් ඉදිරිපත් වුන.
මේ නිසා තවත් වසර ගණනකින් නිම කිරීමට බලා සිටි විහාරමන්දිරයේ කොටස් රැසක් මේ වන විට අවසන් කර තිබෙනවා.
බෞද්ධයෙකුට ඉතා කලාතුරකින් දැකිය හැකි සහ සහභාගී විය හැකි විශේෂ අවස්තාවක් හන්තාන ශ්‍රී අග්‍රබෝධි විහාරයේ මේ වනමිට සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ ගැන විස්තරය මෙයින් බලාපොරොත්තු වන්න. මෙය ඉතා සුවිශේෂී අවස්තාවක් වන්නේ සමහරවිට තම ජීවිත කාලයටම ලැබෙන එකම අවස්ථාවද මෙය වියහැකි බැවිනි.

පහත වීඩියෝව නරඹා හැකිතාක් share කර තවත් අය දැනුවත් කිරීමට කාරුණික වන්න.

වැඩි විස්තර සඳහාන් අමතන්න
හන්තානේ චන්දිම හිමි: 076- 647 38 21 (Viber / Imo)සවස 3න් පසු අමතන්න.
D.E ජයලත් ඇපා :072- 625 77 60
K.G.සුනිල් ශාන්ත:071 – 510 43 40

 

(මෙම විහාරස්ථානය පිළිබඳව නිකුත් වූ පළමු වීඩියෝව බලන්න මෙතනින් )

ගමක සෙනගත් එක්ක, කාර්යමණ්ඩලය පමණක් 5600ක් සමග , ලොව විශාලම යුධ නැව ලංකාවට.

ඉකුත් සතියේ කොළඹ වරායට මහ ලොකු පෙරහරක් පැමිණියේය. එ් පෙරහර පැමිණියේ මහා සාගරය ඔස්සේ ඇමෙරිකාවේ සිටය. ඊට ලොව විශාලතම යුද නෞකා අතරින් එකක් ද එක්ව තිබුණේය. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් යූ.එස්.එස්. නිමිට්ස් නම් ගුවන් යානා ප‍්‍රවාහන නෞකාවයි.
මෙම ගුවන් යානා ප‍්‍රවාහන නෞකාව කොළඹ වරායට පැමිණියේ පිරිවර ප‍්‍රහාරක නෞකා කණ්ඩායමක්ද සමගය. ප‍්‍රින්ස්ටන්, හාවර්ඞ්, ෂූප්, පින්ක්නි සහ කිඞ් යනු එම පරිවාර ප‍්‍රහාරක නෞකාවන් විය.
පරිවාර ප‍්‍රහාරක නෞකාද සමග මෙම යූ.එස්.එස්. නිමිට්ස් ඇමෙරිකානු යුද නෞකාව මෙරටට ළඟාවූයේ සුවිශේෂී අරමුණක් පෙරදැරිවය. එනම් ශ‍්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර දිනෙන් දින ශක්තිමත් වෙමින් ඇති නාවික සබඳතාවන් තවදුරටත් පුළුල් කිරීමේ අරමුනිණි.
”මෙරට රැුඳී සිටින කාලය අතරතුර, ලාංකික ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීම සඳහා මෙම ඇමෙරිකානු නාවිකයන් සමාජ සේවා වැඩසටහන් රැුසකද නිරතවීමට නියමිත බව ඇතුල් කෙශාප් තම නිවේදනයේදී සඳහන් කළේය.
ඇමෙරිකානු තානාපතිවරයා සඳහන් කළ පරිදිම නිමිට්ස් නෞකාවේ හා එහි පරිවාර නෞකාවල නාවිකයින් පසුගිය දින කිහිපය පුරාම දිවයිනේ ප‍්‍රදේශ රැුසක සමාජ සේවා ව්‍යාපෘතීන් රැුසකට සහභාගි විය. පාසල්, රෝහල්, ළමා නිවාස, වැඩිහිටි නිවාස ආදිය කේන්ද්‍ර කරගනිමින් මෙම සමාජ සේවා වැඩසටහන් ක‍්‍රි‍යාත්මක කළ අතර මෙරට රාජ්‍ය නොවන සංවිධානද මෙම වැඩසටහන් සඳහා එක්කරගැනීමට ඇමෙරිකානු නාවිකයින් කටයුතු කළහ.එසේම ශ‍්‍රී ලංකා නාවික හමුදාව සමග එක්වද වැඩසටහන් රැුසක්ම ක‍්‍රියාත්මක කිරීමට ඇමෙරිකානු නාවිකයෝ පියවර ගත්හ.
මෙම නිමිට්ස් නෞකාවේ කප්පිත්තා රියර් අද්මිරාල් ග්‍රෙගරි හරිස්ය. මෙම ශ‍්‍රී ලංකා සංචාරය තම නාවිකයින් පිරිසට සුවිශේෂී අත්දැකීමක් වන බව ඔහු පවසනුයේ ඉමහත් සතුටිනි. ඔහු පවසන පරිදි ඹීී නිමිට්ස්, යනු 1985 වසරට පසු ශ‍්‍රී ලංකාවට ළඟා වූ පළමු ඇමෙරිකානු ගුවන් යානා ප‍්‍රවාහන නෞකාවය.
නිමිට්ස් නෞකාව සැබැවින්ම සද්දන්ත එකකි. එහි අපූරු තොරතුරු බොහෝය.
මේ මහා නෞකාව දියත් කළේ 1972 වර්ෂයේදීය. එය ඇමෙරිකාවේ පමණක් නොව ලෝකයේම විශාලතම යුද නෞකාවක් ලෙස සැලකෙනවා. නැව් තලයේ සිට කුඹ ගස දක්වා උස තට්ටු 23කි. නෞකාවේ දිග කිලෝමීටර් කාලකටත් වැඩිය. (මීටර් 333* ගුවන් යානා අංගනයේ විශාලත්වය අක්කර 4.5කි.
මේ සද්දන්ත නෞකාවේ නාවික සෙනඟද ගමන් කරයි. නාවිකයන් 3200ක්‌ සහ ගුවන් නැවියන් 2480ක්‌ ඇතුළුව 5600කට අධික පිරිසක්‌ නෞකාවේ කාර්ය මණ්ඩලය ලෙස කටයුතු කරයි. වැඩමුර ක‍්‍රමයට පැය 24ම සේවයේ යෙදෙන නාවික පිරිස වෙනුවෙන් දිනකට 4 වරක්‌ ආහාර පිළිගැන්වීම කෙරේ. මේ සඳහා විශාල ආහාර ගබඩාවක් පවත්වාගෙන යාම අවශ්‍ය වේ. එසේම අවම වශයෙන් දින 70කට සෑහෙන ශීත සහ වියළි ආහාර ගබඩා කර තබා ගත හැකි පහසුකම් මෙම නෞකාව තුළ ඇත. නැව සතු ජල පෙරන පද්ධතිය මගින් නිවෙස්‌ 2000කට සෑහෙන තරම් නැවුම් ජලය ගැලූ‍ම් 400,000ක්‌ මුහුදු ජලයෙන් පෙරා දිනපතා සපයනු ලබයි. නාවික පිරිසෙන් සියයට 16ක් කාන්තාවන්ය. කාන්තා සහ පිරිමි සැමටම වෙන්කළ විවේකාගාර සහ නිවෙස්‌ වේ. සමස්‌තයක්‌ වශයෙන් කොට්‌ට උර 14000ක්‌, ඇතිරිලි 28000ක්‌, දුරකථන 1400ක්‌ නෞකාවේ වේ. ආලෝක සවිකිරීම් 30000ක්‌ සහිත මෙම නෞකාවේ ඇද ඇති විදුලි රැුහැන් එක පෙළට දිගහැරියහොත් එහි දිග සැතපුම් 1600 කි.
නෞකාවේ නැංගුරම නැවට සම්බන්ධ අඩි 1080ක්‌ දිග ලෝහ දම්වැල් දෙකකට ඇමිනූ ටොන් 30ක්‌ බර නැංගුරම් දෙකකින් සමන්විතය. එහි දියඉමෙන් ඉහළට තට්‌ටු 20ක්‌ පිහිටා ඇත. ගුවන්යානා අංගනයේ විවිධ වර්ගයේ ගුවන්යානා 60ක්‌ නවතා ඇති අතර අක්‌කර 3.5ක්‌ විශාල ගුවන් යානා ප‍්‍රවේශ මාර්ගයකින්ද නෞකාව සමන්විතය. එසේම ගුවන් තරණය සඳහා ඉන්ධන ගැලූ‍ම් මිලියන 3.3 ක්‌ නැවේ සැමවිටම රඳවාගෙන පවතී. මේ නෞකාවේ සුක්‌කානම ඇල්ලීම කෙරෙනුයේ පියාසැරීමේ තට්‌ටුවේ දකුණු පැත්තේ සිට තට්‌ටු 10 ක්‌ උස කුලූනක මැදිරියක සිටය. එම මෙහෙයුම් මැදිරියේ 15ත් 18ත් අතර පිරිසක්‌ සේවයේ නිරත වේ. මෙහෙයුම් මැදිරියේ වීජ බෝඞ් ලෙසින් හඳුන්වනු ලබන පුවරුවක ඕනෑම අවස්‌ථාවක පියාසැරීමේ තට්‌ටුවේ ඇති ගුවන්යානා ස්‌ථානගතකර ඇති අන්දම පෙන්වන ආදර්ශ යානා පෙළගස්‌වා තිබේ. ශ‍්‍රී ලංකාවට පැමිණීම හරහා මෙරටට ලැබුණු ප‍්‍රතිලාභ පිළිබඳවද නෞකාවේ කපිතාන්වරයා විස්තර කළේය.
”ඇමෙරිකානු නාවික හමුදාව ලොව ප‍්‍රබලතම හමුදා ඒකකයක්. ඔවුන් සතුව අත්දැකීම් රාශියක් තිබෙනවා. මෙවැනි සංචාර තුළින් එම අත්දැකීම් බෙදා හදාගැනීමට මෙන්ම නාවික ක්ෂේත‍්‍රයේ නවීන තාක්ෂණය පිළිබඳ දැනුමක් ලබා ගැනීමටද ශ‍්‍රී ලංකා නාවික හමුදාවට අවස්ථාවක් ලැබෙනවා.”‍
”එසේම ‍මෙම නාවිකයින් ශ‍්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හරහා ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට රුපියල් කෝටි 154ක මුදලක් එක් කරනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා”‍ යයි කපිතාන්වරයා පැහැදිලි කළේය.

පැතුම් වික‍්‍රමරත්න

එදා ලොව සුපිරිම ඇපල් වගාව ඇරඹු ලංකාවට බියවී ඔස්ට්‍රේලියාව කල දේ…

කාලයේ වැලි තලාවට වැසී ගිය මහා ඛේදවාචකයක් ගැන හෙළි කිරීමටයි අප බලාපොරොත්තුවන්නේ. ඔබ දන්නවා නේද ශ්‍රී ලංකාව ඇපල් ආනයනයට වසරකට කොතරම් මුදලක් වැය වනවාද?

නමුත් ලොව ඉස්තරම්ම ඇපල් වගාව ඇරඹු ලාංකිකයෙක් ගැන විස්තරයක් අපට හමුවුනා. එය ලොවපුරා ජනප්‍රිය වුනා. මේවන විට ඇපල් අපනයනයෙන් මුදල් උපයන රටකි. නමුත් ඔවුන් විශ්මයට පත්කළ ලංකාවේ ඇපල් යම් දිනයක තමන්ගේ වෙළඳපොල වූ ආසියාවවේ විශාල වෙළඳපොළක් අල්ලාගන්නා චායාව දිස් විය. ආරම්භයේදීම ලංකාවේ සුපිරි ඇපල් විනාශ කිරීමේ කුමන්ත්‍රණය ආරම්භ වුනා. ඔවුන් ලංකාවේ එක්වරම ලොව සුපිරිම ඇපල් වගාව එම මොහොතේම රටෙන් තුරන් කල ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.

මේ ගැන සියලුදෙනා දැනුවත් කිරීමට හැකිතාක් මෙය share කරන්න.

ලොව හොඳම ළමා චිත්‍ර ශිල්පිනිය වී, ලෝකයේම පැසසුමට ලක්වූ 90 වියැති අපේ අත්තම්මා. – වීඩියෝ.

1965 දී “වෙසක්‌ පහන” කෘතියටමහා බ්‍රිතාන්‍යයේ ඉසොබෙල් හටිං සම්මානය හිමිවීම, 1986 වසරේදී ජපානයේ පළවූ හොඳම විදේශීය ළමා කෘතිය වශයෙන් “කුඩ හොරා” පොත සම්මානයට භාජනය වීම හා ටෝකියෝ නුවර ළමා පුස්‌තකාලය මගින් 1987 වසරේ ඉතාම ජනප්‍රිය ළමා පොත ලෙස එය තෝරා ගැනීම. හොඳම සැලසුම සහිත ළමා පොත සඳහා 2003 සාක්‌ සම්මානය ඇගේ “දුවන රැවුළ” පොතට හිමිවීම අන්තර්ජාතික වශයෙන් ඇය ලැබූ සම්මානවලින් කිහිපයකි.
ඇය ගැන ලාංකිකයන් නිසි දැනුමක් නැති නමුත් මුළු ලොවම ඇය අගයයි. මේ ඇගේ කතාවයි.

 

 

ලංකාවේ ප්‍රථම බෞද්ධ ,සිංහල පුවත්පත මුද්‍රණය කල , සංරක්ෂිත මුද්‍රණ යන්ත්‍රයට පාපතරයන් කල දේ.

මේ රට හැඬිය යුතු මොහොතකි. රාජ්‍ය කෞතුකාගාරය කොල්ල කා එහි අගනා කෞතුක භාණ්‌ඩ වල මුතු මැණික්‌ කොල්ල කනු ලබයි. රට පුරා වස්‌තු ජයටම කොල්ල කනු ලබයි. මේ වැනසී යන්නේ රටේ අගනා අතීතයයි. රටක අනාගතයට ඉතිරිකොට තැබිය යුතු අතීත සෞභාග්‍යයයි. ඒ අතරේ අපේ අතීතයේ මුද්‍රණ වංශ කතාවේ කැපී පෙනෙන තැනක්‌ සනිටුහන් කරන අගනා වස්‌තුවක්‌ ගිනිබත්ව ගියේය.

දැන් ඉතින් ඉතිරි වී ඇති යකඩ සැකිල්ල සංරක්‍ෂණය කොට තැබිය හැක. එහෙත් දැන් පරිස්‌සමට තැබූ දැ ඈලියාවට ගොසිනි.
එහි යකඩ වටිනාකමක්‌ මිස කෞතුක වටිනාකමක්‌ නම් නැත.

සියලු විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න. තවත් කෙනෙකුට බලන්න share කරන්න.

සකස්‌ කළේ,
චන්ද්‍රසිරි දොඩන්ගොඩ,
ගාල්ලේ ලලිත් චාමින්දගේ
වාර්තාව ඇසුරිනි.

බුද්ධ සාසනය නගා සිටුවීමට සිතාගන්න බැරි වැඩකට අත ගැසූ හන්තානේ පෙදරේරු තරුණයාගේ කතාව – වීඩියෝ.

මහනුවර නගරයේ සිට හන්තාන මාර්ගයේ 6කි.මී ගිය තැන ශ්‍රී අග්‍රබෝධි විහාරය හමුවේ. මෙය පැරණි විහාරස්ථානයකි. නමුත් කලක සිට එය ගරා වැටීම නිසා ජරා ජීර්ණ වී ඇත. මේ නිසාම මෙහි හිමි නමකට වාසය කිරීමට සුදුසු තත්වයක නොපවතී. ඒ නිසාම හිමිවරුන් විශාල සංඛ්‍යාවක් පන්සල හැරගොසිනි.

ගරාවැටෙන පන්සල නැවත මුල සිට ගොඩ නැංවීමට ප්‍රදේශයේ එක තරුණ තිදරු පෙදරේරු පුත්‍රයෙක් වූ සුනිල් ශාන්ත මහතා දැඩිව සිතට ගත්තා. තමාගේ මව සතු අමාරුවෙන් එකතුකරගත් රුපියල් ලක්ෂ 2ක මුදලින් විහාරස්ථානය ගොඩ නැංවීම ආරම්භ කළා. ඊට ප්‍රථම සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත මනා සැලැස්මක් සකසා ගත්තා. එය නිම කිරීමේදී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමක් යන බව තක්සේරු විය. “මම මේක කොහොමහරි හදනවා” සුනිල් දැඩිව සිතාගෙන වැඩ ආරම්භ කළා.

තමා සතු ගස් කෝලන් වල දැව පවා ඔහු පන්සල හදන වැඩේට දුන්නා. තම හිතවතුන් දෙතුන් දෙදෙනෙකුගෙන් මැටල් සහ තවත් සුළු ආධාර ලැබුනා. උදේ ඉඳල සවස්වන තුරු පෙදරේරු වුර්තියේ නියැලුණු ඔහු තම සහෝදරයා සමග සවස 6 සිට මධ්‍යම රාත්‍රිය පසුවන තෙක් පන්සල හදන වැඩේ කරනවා. වැඩ අධික නිසා දින ගණන් වැඩට යන් නැතිව පන්සල හදනවා. කොහොමහරි පන්සලේ වැඩේ ටික ටික සාර්ථක වෙමින් තිබුනා.

ගමේ සියලු දෙනා ඔහුට උදව් කළා. සමහරුන් රත්රන් බදු පවා උකස් කර ද්‍රව්‍ය ලබා දුන්නා. ගමේ තරුණයන් සමග සුනිල් නොමිලේ ශ්‍රම දායකත්වය යොදවමින් වැඩේ කරගෙන ගියා. මුදලින් රු. ලක්ෂ පහලවක් පමණ යොදවා තිබියදී , වටිනාකම ලක්ෂ 45-50 වන ගොඩ නැගිල්ලක් දැන් තනා ඇත. මුළු ශ්‍රමයම නොමිලේ ලැබුණු නිසා එවැනි අඩු මුදලකින් මෙම වැඩේ කරගන්නට ඔවුන්ට හැකිවෙලා. සුනිල් අප හා පැවසුවේ අනන්ත වාරයක් කුසගින්නේ සිටිමින් ඔවුන් වැඩ කල බවයි. නමුත් තවත් රු.ලක්ෂ 25ක පමණ මුදලක් වැඩ නිම කිරීමට අවශ්‍ය බැවින් විහාරස්ථානය ගොඩනැගීමේ කමිටුව සහ සුනිල් ඉලා සිටින්නේ රු. 100න් හෝ මීට ආධාර දීමට කැමති අය ගේ ආධාර මහත් ගෞරවයෙන් අපේක්ෂා කරන බවයි.

මරණය දැක දැක වසර 05ක් කොටි අත්අඩංගුවේ සිටි පොලිස් නිලධාරියාගේ කතාව.

ඒ අනූව දශකයේ අරම්භයයි. යුද ගිනි දැල් තරමක් නිවී ගොස් තිබිණි. එවකට ශ්‍රී ලංකාවේ රැඳී සිටි ඉන්දීය සාමසාධක හමුදාවේ පිරිසක් මෙරටින් පිටත්ව ගොස් සිටි අතර ඉතිරි හමුදා භටයෝ මෙරට රැඳී සිටියහ. මේ කාලයේ දී ආධුනික පොලිස් කොස්තාපල්වරුන් බඳවාගැනීම සිදු විය. සුනිල් දිසානායක පොලිස් කොස්තාපල්වරයකු ලෙස පත්වීම ලැබුවේ මේ කාලවකවානුවේදීය. ඒ වව්නියාවේ මාන්කුලම් පොලීසියටය.
එදින නව පත්වීමේ සේවයට වාර්තා කිරීමට ඔහු බස් රියෙන් කොළඹ කොටුවට පැමිණියේය. කොටුව දුම්රිය ස්ථානය වෙත ළඟා වන විට යාපනය බලා යන යාල්දේවි දුම්රිය පිටත්ව ගොසිනි. මඳ වේලාවක් කොටුව දුම්රිය ස්ථානයේ බංකුවක් මතට වී සිටියේය. පසුදා උදෑසන වන විට සේවයට වාර්තා කිරීමට අවැසි බැවින් කළ යුතුව ඇත්තේ යාපනය බලා යන පෞද්ගලික ‍බස් රථයකින් මාන්කුලම් යෑම පමණෙකැයි සිතූ ඔහු කොටුව දුම්රිය ස්ථානයෙන් ගුණසිංහපුර ප්‍රධාන බස් නැවැතුමට ඇතුළු වී, මාන්කුලම් දක්වා යන බස් රථයකට ගොඩ විය. නුහුරු නුපුරුදු පළාතකට බොහෝ දුරක් තනිවම යෑම ඉතා අසීරු කාරියකි. බස් රථය පිටත් වීමට තව බොහෝ වේලාවක් ගත වෙයි. ඔහු අරමුණක් නොමැතිව ඒ මේ අතට දෑස් කරකැවීය. බසයේ කෙළවරේ අසුනේ හිඳගෙන සිටි පුද්ගලයාද මාන්කුලම් පොලීසියේම සේවය කරන අයෙක් විය. පාළු හුදෙකලාව මැකී ගියේය. දිගු කතාබහකට වැටුණු ඔවුන්ට ගමන් විඩාවක් නොදැනිණි.
මාන්කුලම්වලට ආසන්නයේදී සුනිල් සිටි බස් රථයේ පිරිස සහ සුනිල් ඇතුළු පිරිස කොටි අත්අඩංගුවට පත් වීය. ත්‍රස්තවාදීන් විසින් දිගු ප්‍රශ්න කිරීමකින් අනතුරුව පැය කිහිපකට පසු ඔහු නිදහස් කරන ලදී. එය සුනිල්ගේ ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් පළමු අත්දැකීමයි. එදින ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මිදුණු සුනිල් දිවි ගලවාගත්තේය.
තිස් දෙනකුගෙන් යුත් පොලිස් නිලධාරින් පිරිසක් සමගින් 90.02.05 වන දින ඔහු මුල්වරට මාන්කුලම් පොලීසියේ සේවයට වාර්තා කළේ කවරදා හෝ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරට යන තිර අදිටනි. ඔහු සේවයට බැඳී ඉතා කෙටි කාලයකදී ත්‍රස්තවාදී ප්‍රහාර යළිත් ආරම්භ විය. 90 වර්ෂයේ ජුනි මස 13 වැනිදා රාත්‍රියේ ඉතා දරුණූ කොටි ප්‍රහාරයක් මාන්කුලම් පොලීසිය වෙත එල්ල විය. පොලීසියේ සිටි නිලධාරීන් අසූහත්දෙනාම ත්‍රස්තවාදීන් සමඟ සටන් වැදුණාහ. එය ඉතා අසීරු කාරියකි. මාන්කුලම් පොලීසිය ඉදිරිපිට ඇති යුද හමුදා කදවුරටද ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් දියත් කර තිබිණි. නොසිතූ ලෙස එල්ල කළ ප්‍රහාරය පැය කිහිපයක් පුරා පැවැතිණි. සටන අවසානයේදී ත්‍රස්තවාදීන් විසින් මාන්කුලම් පොලීසියේ නිලධාරීන් කිහිපදෙනෙක් දෑස් සහ දෙපා බැඳ, මාන්කුලම් වන මැදින් මල්ලාවි කොටි කඳවුර වෙත රැගෙන යන ගියහ. මාන්කුලම් වනය පුරා ගිනිදලු නැඟෙයි. සෑම අතින්ම ප්‍රහාර එල්ල විය. ගුවන් හමුදාව විසින් ගුවනින් ප්‍රහාර දියත් කොට තිබිණි. එකම යුද පිටියක් මැදින් මේ යන්නේ තමන්ගේ අවසන් ගමන බව පොලිස් නිලධාරීහු සිතූහ. ඇතැම් තැන්වල ඉහළ අහසට බුර බුරා නැ‍ඟෙන ගිනි දළු ය. ගුවනින් වරින් වර නැගෙන වෙඩි හඬය‍‍. වනය පුරා ත්‍රස්තවාදීන්ට එල්ල වන මෝටාර් හඬය. මල්ලාවි පිහිටා ඇති කොටින්ගේ රෝහලට මිය ගිය කොටින්ගේ සහ යුද හමුදාවේ සෙබළුන්ගේ මළ සිරුරු රැගෙන යමින් තිබිණි.Related image
සුනිල් ඇතුළු සිංහල පොලිස් නිලධාරින් 18 දෙනෙක් මල්ලාවී කදවුරේ රදවා තැබිණි. නිරායුධව සිටි මෙම පොලිස් නිලධාර පිරිස දැඩි පීඩාවට ලක් කිරීම ආරම්භ වුයේ එතැන් සිටය. ඉන් අනතුරුව රෙදි කැබලිවලින් ඇස් සහ දෑත්ද පසුපසට ගෙන බැඳ දින තුනකට පසු එකා පිට එකා පටවා ගෙන මල්ලාවි කදවුරෙන් මේ නිලධාරීන් රුගෙන යන්නට විය. ‘නායකයා නියෝග කරලා තියෙනවා මුන් මරන්න කියලා’ එක ත්‍රස්තවාදියෙක් මහ හඬින් කීවේය. “අපිව ගෙනියන්නේ මරන්න!” දෙමළ භාෂාව දන්නා පොලිස් නිලධාරියෙක් අනෙක් නිලධාරීන්ට ඇසෙන සේ කෙඳිරුවේය. ඒ වන විටත් ඔවුන් රැගෙන යන්නේ ජීවිතයේ අවසාන ගමනට බව පොලිස් නිලධාරීහු සිතූහ. ඔවුන් ත්‍රස්තවාදීන්ගෙන් ජීවිතය ඉල්ලා සිටියේ නැත. සුනිල්ට තම දෙමවුපියන් සිහිපත් විය. රැකියාවට පැමිණි දින ඔහු සිහින මැවූ සියල්ල තමා ඉදිරියේ සුනුවිසුනුවී ගිය හැටි ඔහුට සිතුණේය. සුනිල් ඇතුළු පිරිස ජීවිතය ගැන අපේක්ෂාව අතහැරියේය. ත්‍රස්තවාදීන් හමුවේ ජිවිතය ඉල්ලා හඬාවැටෙන්නට ඔහුට අවශ්‍ය නොවිණි. සුනිල්ගේ බැඳදමා තිබුණු දෑස් ඉදිරියේ බොඳ වූ සිතුවමක් සේ අම්මාගේ රුව මැවී නොපෙනී ගියේය. සුනිල් තම බිහිසුණු අත්දැකීම මෙසේ විස්තර කළේය:
“ඒ අත්දැකීම පුදුමයි! මම කවදාවත් ආයේ මේ වගේ කතා කරන්න පුළුවන් වෙයි කියලා හිතුවෙ නෑ. එදා අපි අරන් ගිය ලොරිය දෙපැත්තෙන් කොටින්ගේ ජීප් දෙකක් ආවා. කොටි තිහ-හතළිහක් විතර අපේ දෙපැත්තෙන් ආවා කියලයි මම හිතන්නේ. අපිට කිසිම දෙයක් කරන්න බැහැ. අපේ ඇස් – අත් බැඳලා තිබුණේ. පාන්දර වන තුරු අපිව අරන් ගියා. අතරමඟදී කොටින්ට නැවතත් ඉහළින් නියෝගයක් ඇවිල්ලා අපිව වෙන කොටි කඳවුරකට අරන් ගියා. කොටි අපි 18 දෙනාට බිම දාගෙන පහර දුන්නා. කන්න කෑම මොනවත් දුන්නේ නැහැ. අපිව එදා මරනවා කිව්වත් මැරුවේ නැහැ. පසුවදා රෑ මරන්න ගෙනියනවා කියලා අපේ අතපය බැඳලා ඇස් ගැට ගහලා වෙන තැනකට අරන් ගියා. දවස් දෙකක් තිස්සේ කෑමට තියා බීමටත් මොනවත්ම ලැබුණ් නැහැ. මරණය පෙනි පෙනී ඉන්න අපට මොන කෑමක්ද?”
අත් දෙකද පිටුපසට කර කිටිකිටියේ තදට බැඳ ඇත. කොටින් දෙදෙනකු විසින් දෙපසින් අල්ලා මෙම පිරිස උස්සා ලොරියට විසි කරනු ලැබිණි. ලොරිය තුළ පොලිස් නිලධාරින් එකා පිට එකාය. ආයෙත් ගමන ඇරඹිණි. මොහොතින් මොහොත මේ පිරිස ජීවිතයේ අවසාන මොහොත ළං වන බව ඔවුන්ට වැටහිණි. ඈතින් ජල පහරක හඬක් ඇසිණි. ලොරිය ඒ මේ අත පැද්දෙන අයුරු මේ පිරිසට දැනෙන්නට විය. ඊළඟ මොහොතේ පපුව පසාරු කරගෙන යන වෙඩි පහර වැදීමෙන් ප්‍රාණය නිරුද්ධ සිරුර ජල පහරට වැටී ගසාගෙන යන ආකාරය සුනිල්ට මැවී පෙනිණි. “දැන් නම් අපිව මරලා මුහුදට දාන්න තමයි හදන්නේ” අයකු කියනු ඇසීමෙන් සුනිල්ගේ සිතිවිල්ල සනාථ විය.
අලි මංකඩ හමුදා කඳවුරේ බලය ඒ වන විට කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතු ව නොතිබිණි. ප්‍රධාන මාර්ගයෙන් නොගොස් කලපුව හරහා බත්තලක ලොරිය පටවාගෙන යන බව පොලිස් නිලධාරීන්ට අවබෝධ විය. රෑ-දවල් කියා නැත. අවටින් ඇසෙන්නේ කන් බිහිරි කරන වෙඩි හා මෝටර් හඬය.
ඒ බිහිසුණු සිදුවීම ගැන කොස්තාපල් සුනිල් යළිත් හඬ අවදි කළේය.Image result for ltte punish camp
“අපිව අරන් ගිය කෑම්ප්-එක කොටින්ගේ ලොකුම කෑම්ප්-එකක්. ලොකු ශාලාවක් තිබ්බා. ජේනරේටරයක් දාලා තිබෙන ශබ්දයත් ඇසුණා. ගොඩක් දෙනෙකුට තුවාල වුණා. කිහිප දෙනෙක්ගේ අතපය අඹරලා දැම්මා. කොටි ඊට පස්සේ දම්වැල් අරගෙන අපේ කකුල් දෙකට තියලා වෑල්ඩින් කරා. කකුල් පිච්චෙනවට පොඩි ෂීට් කෑල්ලක් තිබ්බා. ඒත් කකුල් තදේට පිච්චුණා. දම්වැල් දෙක අතරේ පරතරය අගල් 06ක් විතර තිබ්බේ. අපිට කකුල් දෙක උස්සලා ඇවිදගන්න බැරි වුණා. ඇවිදින්න බැරි අපිට ඇවිදපන් කියලා ගැහුවා. අපි කකුල් දෙක ඇද ඇද ඇවිදින කොට උන් හිනා වුණා. මම විසි වෙලා ගිහින් වැටුණා. පස්සේ මීටර් සීයක් විතර දුරකට අපිව අරන් යද්දි අඩි 75ක් විතර ගැඹුරු, අඩි 04ක් පමණ පළල, අඩි දෙසීයක් විතර දිග ලොකු වළක් තිබ්බා. ඒක උඩට කුඩාරම් රෙදි ගහලා තිබ්බේ. වටේට කටුකම්බිත් ගහලයි තිබ්බේ. කොටින්ගෙ ‘මාස්ටර්’ කියන නායකයා හිටියා. මිනිහට සිංහල පුළුවන්. ‘බැහැපන්! බැහැපන්!’ කියලා මිනිහා කේන්තියෙන් කෑගැසුවා. පස්සෙ ලණුවක් දිගේ මම වළට බහිද්දි ඒ වළේ තව කට්ටිය විස්සක් තිහක් විතර හිටියා; ඔඩ්ඩුසුඩාන් පොලීසියේ පිරිසක් හිටිියා.” සුනිල් බිහිසුණු සිදුවීම මතකයට නැඟුවේය.
සුනිල් සිය කතාව යළි ආරම්භ කළේය.
සතියට වතාවක් හිස කෙස් කපා තට්ටය ගානවා. කකුල් දම්වැල් දමා පාස්සලාමයි තිබුණේ. රෑට අත්වලට මාංචුත් දානවා. දිගු දම්වැලකින් සියලු දෙනාම එකට බැඳලා. මේ ආකාරයෙන් ‘තට්ට කඳවුර’ ලෙස මේ සිරකරුවන් හැඳින්වුණා. මේ කඳවුරේ සිටද තැන් තැන්වලට මේ පිරිස අරන් යනවා. වරෙක මේ 44 දෙනා කුඩා කාමරේක දමා දින 10ක් සිර කර තැබුවා. ටිකක් වැතිරෙන්න වත් බිම වාඩි වෙන්න වත් ඉඩක් ලැබුණේ නැහැ…”
ඒ වසරේ -එනම්1990- සැප්තැම්බර් 01 වැනිදා සහකාර පොලිස් අධිකාරි ගෝපාල ක්‍රිෂ්නන් තවත් සිරකරුවන් අසූවක් සමඟ මේ කඳවුරට ගෙන එන ලදි. ඒ වන විටත් දැඩි සේ පහර දීම නිසා ඔහුගේ අතපය බිදීගොස්ය. ඊට දින කිහිපයකට පසු 09 වැනදා පොලිස් සැරයන්වරයකු වන කරුණාරත්න (11812) නිසි අහරක් නැති වීම නිසා මිය ගියේය. 16 වන දින පොලිස් කොස්තාපල් අතපත්තු (7850) ද මිය ගියේය. 20 වන දින පොලිස් කොස්තාපල් සාමවික්‍රම (24183) මිය ගියේය.
වසර 03ක් මේ ආකාරයෙන් සිරකරුවන් ලෙස සිටීමෙන් පලක් නොවන බව සිතු මේ පොලිස් නිලධාරීහු කුමන හෝ ක්‍රියා මාර්ගයක් ගත යුතු යැයි සිතූහ. රතු කුරුස සංවිධානයද අදාළ පාර්ශ්ව දැනුවත් කරමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන්න්ට සුදානම් වූහ. මේ අත්අඩංගුවේ පසු වූ නිලධාරීන්ට නිදහස නොදීම හේතුවෙන් රතු කුරුස සංවිධානය විසින් අවසානයේ උද්ඝෝෂණයක් ආරම්භ කෙරිණි. උපවාසකරුවන් කිහිප දෙනකු අසාධ්‍ය තත්ත්වයට පත් වන තුරු උපවාසය දියත් කෙරිණි.
මේ කාලවකවානුවේ උතුරුකරයේ දරුණු සටන ඇවිළෙමින් තිබිණි. රතු කුරුස සංවිධානය සහ කොටිද රජය වෙනුවෙන් හමුදාවේ බ්‍රිගේඩියර් ආනන්ද වීරසේකර මහතාද යාපනයට පැමිණ මේ උපවාසකරුවන් වෙනුවෙන් කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස අසාධ්‍ය තත්ත්වයේ සිටි පොලිස් නිලධාරීන් පස් දෙනකු නිදහස් කිරීමෙන් පසු මේ උපවාසය අත්හැරියේය.
‘නිදහස’ කියන වචනය ඇසෙත්ම මරණයට ළඟා වීමට පෙර තම මව දැකීමේ නොතිත් ආශාව යළි දලු ලන්නට විය. ජීවිතය පිළිබඳ සියලු බලාපොරොත්තු අතහැර කළ අරගලයෙන් ඔවුන්ට නැවත ජීවිතය ලැබිණි.
වසර පහක් අනේක වධ විඳිමින් කොටි අත්අඩංගුවේ සිටි සුනිල් දිසානයක මහතා වසර 13ක කාලයක් උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස ශ්‍රී ලංකාවේ පොලීසිය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් සිදු කර දැන් අම්පාර දමන පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කරයි. එදා ඔහු කොටි අත්අඩංගුවේ සිටියදී ශ්‍රී ලංකා පොලීසියට ගෞරවයක් ගෙන එමින් අභිමානවත් ලෙස කටයුතු කරමින් ත්‍රස්තවාදීන්ගේ පීඩාවන් හමුවේ නොසැලී නොසිටියේ නම් සුනිල් ඇතුළු පොලිස් නිලධාරීන්ගේ කතාව මෙසේ නොලියවෙනු ඇත.
සුභද්‍රා දේශප්‍රිය
උපුටා ගැනීම: සිළුමිණ

මුත්තයියාට එදා පන්දුව දමා ගසන බවට චෝදනා කල ඩැරල් හෙයාර් විනිසුරු මුදල් සොරකමක – වීඩියෝ.

ඔස්ට්‍රලියානු ජාතික ක්‍රිකට් විනිසුරුවෙකු වූ ඩැරල් හෙයාර් ගැන ලාංකීය ජනතාව හොඳින් දන්නවා. ඒ කාලය වනවිට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලොව අංක එකේ කණ්ඩායම බවට පත්ව සිටියා. ආසියාතික රටක් වන ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට ඇදී එමින් සිටීම ඔවුන්ට තර්ජනයක් වුනා. මුත්තයියා එහි සුවිශේෂී චරිතයක් වුනා. මුත්තයියාගේ ගමන නැවතීම සඳහා සැලසුම ක්‍රියාත්මක වුනා. එහි මුලිකත්වය ගත්තේ ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් විනිසුරු ඩැරල් හෙයාර් විසින්ය.

මුරලි පන්දුව දමා ගසන බවට එදා චෝදනා කොට, මුරලිට තරංග තහනමක් පනවා, බොරු චෝදනා එල්ල කල ඩැරල් හෙයාර් ට අද සිදුවෙලා තියෙන්නේ ලොවට මුහුණ දෙන්නට බැරි සිදුවීමකට මුහුණ දීමටය. සියලු විස්තරය පහතින්

 

ඉංග්‍රීසින් එදා “මුතු” සොයන්න සැදු “ඩොරික් බංගලාව” දැකල තියෙනවද? – වීඩියෝ.

මන්නාරම චාරිකාවකදී ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතුම තැනකි ඩොරික් බංගලාව. මන්නාරම සිලාවතුර මාර්ගයේ ගමන් කරනවිට අරිප්පුව නගරයට ආසන්නව මෙම සුවිශේෂ බංගලාව හමුවේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාර වු පෙඩ්රික් නෝර්ත් විසින් (Fedric North) මෙම ගොඩනැගිල්ල ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පයට අනුව වර්ශ 1798-1805 අතර කාලය තුළ දී මේ මාලිගය ඉදිකොට ඇත.

සුදු පාලකයන් එවක මන්නාරම මුහුදු තීරයේ සිලාවතුර , කොණ්ඩච්චි හා අරිප්පු ප්‍රදේශ මුතුබෙල්ලන් ව්‍යාපාරයේ යෙදෙමින් විශාල ආදායමක් උපයා ඇත. එම කටයුතු නිරීක්ෂනය කිරිම සදහා පැමිණෙන ආණ්ඩුකාර පෙඩ්රික් නෝර්ත් නවාතැන් ගන්නේ මෙම බංගලාවේ බව කියැවේ.

මෙය 1940 පුරාවිද්‍යා ආඥාපනතට අනුව ස්මාරකයක් සේ නම්කොට ඇතත් සංරක්ෂණයක් වන බවක් නම් දක්නට නොලැබුණි.

මේ මාලිගය පිහිටි ස්ථානයේ වීඩියෝව පහතින්.