වික්ටර් රත්නායක පුතුන් දෙදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරයි.

නව පරපුරේ සංගීතවේදියෙකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ ‘‘ දැනුනා“ මියුසික් වීඩියෝව බොහෝ සෙයින් ආන්දෝලනයට තුඩු දුන් එකක් බවට පත්වුණා.

ඊට හේතුව වුණේ එම මියුසික් වීඩියෝව ප්‍රවීන සංගීතවේදි ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ පෞද්ගලික ජීවිතය ඇතැම් සිදුවීම් අලලා නිර්මාණය වූවක් බව බොහෝ දෙනාගේ අදහස වූ නිසයි.

වික්ටර් රත්නායකගේ දෙවැනි විවාහය හේතුවෙන් ඔහු සමග මේ වන විට අමනාපයෙන් පසුවන ඔහුගේ වැඩිමහල් පුත් ජයන්ත රත්නායක පවා මෙම මියුසික් වීඩියෝව සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ඉරාජ්ව දැඩි ලෙස විවේචනයට ලක් කළා.

කෙසේ වෙතත් මීට දින කිහිපයක පෙර සිය ෆේස්බුක් පිටුව වෙත ඔහු සහ ජයන්ත එකට සිටගත් ඡයාරූපයක් මුදා හරිමින් ඉරාජ් ඊට කෙටි සටහනක්ද ඇතුළත් කර තිබුණා.

එහි සඳහන් වුණේ ‘‘ වික්ටර් රත්නායකගේ පුතණුවන් අපේ ජයන්ත රත්නායක අයියාව හමුවුණා අද තිබුණු ඉවෙන්ට් එකේදී. ගොඩක් වටින දේවල් කතා කළ ශ්‍රි ලංකා සංගීතය ගැන.“ යනුවෙන්.

ඉතා ඉහළ අවධානයක් හිමිකරගත් මෙම ඡායාරූපයෙන් පසු ඉරාජ් ඔහු සමග ජයන්ත රත්නායක කළ කෙටි සංවාදයක් සිය ෆේස්බුක් ගිණුම වෙත මුදා හැර තිබුණේ ඉරාජ්ව දැඩි ලෙස විවේචනයට ලක් කළ ජයන්ත දැන් ඉරාජ් සමග එකට ගමනක් යාමට සැරසෙනවාද යන සැකය පවා ඇතැමුන්ගේ සිත් තුළට ඇතුළු කරමිනි.

මේ ගැන ඇත්ත නැත්ත දැන ගැනීමට සති අන්තපුවත්පතක් ජයත්න රත්නායක සමග කළ කතාබහේදී තමන්ට සහ සිය සොයුරා වන ලෙලුම් රත්නායකට එල්ල වූ තහනමක් ගැනත් කිසිවෙකු නොදන්න තොරතුරු කිහිපයක් හෙළි කර තිබුණා.

මොකද්ද මේ හිටි හැටියේ වැටුණා කියන තහංචිය..?
අපේ තාත්තාගේ ගීත සම්බන්ධයෙනුයි අපිට මේ තහංචිය වැටිලා තියෙන්නෙ. තාත්තා නීතඥයෙකුගේ මාර්ගයෙන් පසුගිය දවසක අපිට ලිපියක් එවලා තිබුණා මටත් මගේ මල්ලි ලෙලුම්ටත් තාත්තාගේ ගීත මින් ඉරිදියට ගායනා කිරීම තහනම් කරලා.

ඔය කියන තහනම ඔබෙත් ලෙලුම්ගෙත් කලා ජීවිතවලට විශාල බලපෑමක් එල්ල කරාවිද..?
මං හිතන්නෙ නෑ එහෙම වේවි කියලා. මොකද අපි මෙච්චර කාලයක් තාත්තාගේ ගීත ගායනා කරලා නෙමෙයි මුදල් හම්බ කළේ. මා ගැන කියනවා නම් මම උත්සව ආදියට සංගීතය සපයන්න සහභාගී වුණාම බොහෝ ගායකයන්ගේ ගීත ගායනා කරනවා. මම වික්ටර් රත්නායකගේ පුතා බව දැනගත්තාම තමයි හුඟ දෙනෙක් තාත්තාගේ ගීත මගෙන් ඉල්ලන්නෙ.

හිත් අමනාපකම් ඇතිවෙන්න කලින් ඔබ ඔබේ පියාගෙන් ප්‍රසංග වලට සංගීත අධ්‍යක්ෂනයෙන් දායක වුණා. දැන් ඒවාට සම්බන්ධ නොවීමත් එක් ඔබේ ජීවිතයේ මොන විදිහෙ වෙනසක්ද ඇතිවෙලා තියෙන්නෙ.
ඒක මගේ ආර්ථිකයටත් අද වෙද්දි බොහොම තදින් බලපාලා තියෙනවා. ඉස්සර තාත්තාගේ හැම ප්‍රසංගයක්ම මම තමයි සංගීතවත් කළේ. අපි අතර ඇතිවූ ප්‍රශ්නයෙන් පස්සෙ ඔහුගේ ප්‍රසංග මට නොලැබී ගියා. මම මාස 11 කින් කිසිම ප්‍රසංගයකට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙලා නැහැ.

පියාගේ සෙවණැල්ලෙන් මිදිලා වෙනම ගමනක් ගියා නම් අද ඔබට ඔය විදිහෙ අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවෙන්නෙ නැහැ නේද..?
මටත් උවමනා නම් අද ඉන්න සමහර සංගීතඥයො වගේ රැල්ලට යන්න තිබුණා. නමුත් මම කවදාවත් එහෙම කළේ නැහැ. මොකට වික්ටර් රත්නායකගේ පුතා කියන ගෞරවය තියන්නයි මම හැම විටම උත්සාහ කළේ.

ඔබ සමග ගත් ඡායාරූපයක් සහ සංවාදය පසුගිය දිනක ඉරාජ් වීරරත්න ඔහුගේ ෆේස්බුක් ගිණුමට මුදා හැර තිබුණා. ඒ කියන්නෙ ඔබ ඉරාජ් එක්ක තිබ්බ හිත් අමනාපකම් දුරුවෙලා ගිහින්ද..?
මම මොකටද ඉරාජ් එක්ක අමනාප වෙන්නෙ. ඔහු සමග තරහා වෙන්න මට කිසිම හේතුවක් නැහැ.

ඔබේ පියාගේ කතාව බව හඟවන මියුසික් වීඩියෝවක් මෑතකදි ඉරාජ් නිර්මාණය කළ අවස්ථාවේ ඔබම තමයි මාධ්‍ය ඔස්සේ ඔහුගේ පතුරු හැරියේ..? ඒ කියන්නෙ එදා ඔබ කළේ බොරුවක්ද..?
කිසිසේත්ම නෑ. මම ඉරාජ් ගැන එදා හිටපු ස්ථාවරයේමයි අදත් ඉන්නෙ. මම අදත් කියනවා ඉරාජ් කියන්නෙ බිස්නස්කාරයෙක් මිස සංගීතඥයෙක් නෙමෙයි කියලා. ඉරාජ්ලාගේ මගේ සංගීතය ගැන මගේ විවේචනය වෙනස් වෙලා නෑ. ඉරාජ් වගේ අය තාක්ෂණය අතින් ඉදිරියෙන් ඉන්නවා. හැබැයි ඔවුන්ගේ ක්ෂේත්‍රයට කිසිම ගුණාත්මක දෙයක් ලැබෙන්නෙ නැහැ. කොටින්ම කියනවා නම් ඒ සංගීතය මොලෝ රසක් නැහැ. ඉරාජ් ගත්තොත් ඔහු ඕනෑම දෙයක් විකුණලා මුදල් ගන්න තමයි බලා ඉන්නෙ. සමහර විට මා සමග කළ සංවාදයේ විඩියෝවෙනුත් ඔහු මුදල් හම්බ කරගනී.

ඔබ දැන දැනම ඉරාජ්ට අහු වුණාද..?
අපෝ නැහැ. ‘‘අයියේ මම මේක වීඩියෝ කරනවා කියලයි ඉරාජ් සහ මගේ සංවාදය වීඩියෝ කර ගත්තෙ. ඒක මගේ අවසර ඇතුව කරපු දෙයක්.

ඔය විදිහට සංගීතය පැත්තෙන් දෙපිළක සිටියදී ඔබට ඉරාජ් එක්ක ඔය තරම් සුහදතාවක් ඇතිවෙන්න හේතුව මොකක්ද..?
ඉරාජ් එක්ක විතරක් නෙමෙයි මම හැමෝ එක්කම සුහදශීලිව ඉන්න කෙනෙක්. ඉරාජ් වෘත්තීය ජීවිතයෙදී කරන දේවල් ගැන මට විවේචනයක් තියෙන බව ඇත්ත. හොරෙක් වුණත් තමන්ගෙ ළමයින්ට කන්න අඳින්න දෙන්නනෙ හොරකම් කරන්නේ. ඒත් පෞද්ගලික ජීවිතයේදී තරහා වෙන්න තරම් හේතුවක් මට නැහැ. ඉරාජ් විතරක් නෙමෙයි භාතිය – සංතුෂ් ඇතුළු නව පරපුරේ බොහෝ අය මම සුහදව ආශ්‍රය කරනවා. ඔවුන් එක්ක පෞද්ගලික තරහක් නෑ.

ඉරාජ්ගේ මියුසික් වීඩියෝව දැකපු වෙලාවේ සංගීතඥයෙක් විදිහට නෙමෙයි වික්ටර් රත්නායකගේ පුතා විදිහට ඔබට වේදනාවක් දැනුනේ නැද්ද..?
තාත්තා ඔහුගේ ගෙදර තිබුනු අපේ ඡායාරූප පවා කුණු ලොරියකට විසි කළා කියලා අපිට ආරංචි වුණා. ඔහු අපි සමග ගත කරපු යට ගියාව දැන් සම්පූර්ණයෙන් අමතක කරලායි තියෙන්නෙ. මොකද එක් කාන්තාවක් විතරයි දැන් ඔහුගේ ලෝකයේ ඉන්නෙ. මම මගේ අම්මා සහ සහෝදර සහෝදරියන් ඔහු වෙනුවෙන් විශාල කැප කිරීම්කරපු බව ඔහුට අමතකයි. නමුත් තාත්තා අපට මොන දේ කළත් ඉරාජ්ගේ මියුසික් වීඩියෝව දැකපු වෙලාවේ විශාල කේන්තියක් ආවා.

ඉරාජ්ගේ මියුසික් වීඩියෝව නිසා ඔබටත් අමිහිරි අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවුණා නේද..?
ඔව්. ඒ විඩියෝව දැකපු හුඟක් අයත් තාත්තාව විවේචනය කිරීම නවත්තලා ඔහුට අනුකම්පා කරන්න පටන් ගත්ත බව පෙනුනා. වික්ටර්ට එහෙම වුණේ දරුවො සලකපු නැති නිසා කියලත් සමහරු කිව්වා. අපි අපේ ප්‍රසංගවලට අනුග්‍රාහකයෝ හොයද්දි අපි තාත්තාට සැලකුවේ නැති පුත්තු කියලා සමහර ආයතන අපිව ප්‍රතික්ෂේප කළා. ඒ වගේම තාත්තාට සැලකුවේ නෑ කියලා ඇතැම් අය අපි එක්ක රණ්ඩු වෙලාත් තියෙනවා. මොකද අපි තාත්තාට සලකපු බව හුඟක් අය දන්නෙ නැහැ.

මේ යන විදිහට කවදා හරි ඔබ ඉරාජ් එක්ක වුණත් ගීතයක් නිර්මාණය කරන්න බැරි නැහැ කියලත් සමහරු මුහුණු පොතේ සඳහන් කරලා තිබුණා. ඔබට මොකද ඒ ගැන කියන්නෙ..?
ඔව් එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි ගීතයේ පදරචනාව සහ සංගීතය මොන වගේද කියලා බලලා ඒ ගීතය මට ගායනා කරන්න සුදුසු එකක් නම් විතරයි මම එවැනි ආරාධනාවක් බාර ගන්නෙ.

නයි, පොළඟුන් ගහන කැලෑවට අලුත උපන් දරුවා වීසිකළ මව කීව සිත සසල කරවන කතාව. – වීඩියෝ.

සතර දිසාවෙන් මල් සින්දු ඇහෙන, අහන අපි පොඩ්ඩක් වෙනස් දෙයකට, ජීවිතයට වැදගැම්මක් ඇති දෙයකට විනාඩි 2ක් වැය කරමුද?

සැමදෙසින්ම මල් සින්දු ඇහෙනවාට සමානවම , අහිංසක දරුවන් , බිලිඳුන් මහා මග දමා යන, මරණයට පත් කරන, පුංචි මල් කැකුළු පොඩි කර දමන හැටිත් අසන්නට , දකින්නට ලැබෙනවා. මීට වරද කරුවන් කව්රුන්ද?

අම්මෙක් දරුවෙක් මහා මග දමා ගිය පසු සමාජයම ඇයයව පතුරු ගසයි. වරද ඇයගේ පමණද? නන්දා මාලනිය නම් වූ ඒ අසහාය ගායිකාව මේ සමාජ ගැටලුව ගැන මීට දශක කිහිපයකට කලින් ගයන ලද මේ ගීතය අද මාධ්‍ය තුලින් ඇසෙන්නේ නැත. නමුත් අදට ගැලපෙන මේ පද වැල්, සංගීතය ගැන ඔබ වෙත ගෙන එන්නට සිතුවා. මදකට හැමදේම අමතක කරලා මේ ගීතය අහන්නකො.

මල්ලියෝ උබනම් සුපිරිම වැඩකාරයෙක්…කතා දෙකක් නැහැ කට්ටියම හොල්මන් වෙනවා.-වීඩියෝ.

විවිධ පුද්ගලයන්ට විවිධ හැකියාවන් තියෙනවා. සමහර පුද්ගලයන් ඒ හැකියාව ජාත්‍යන්තර වේදිකාවල පෙන්වද්දී, තව සමහරෙක් ඒ හැකියාව මග තොටේදී පෙන්වනවා. කුඩා දරුවෙක් අමුතුම වාදන භාණ්ඩයක් වයමින් ගීතයක් අපුරුවට ගායනා කරන ආකාරයක් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ දක්නට ලැබුනා. ඔහුගේ මේ අපුරු හැකියාව පහතින් නරඹන්න.

ලංකාවේ ජනප්‍රියතම පුද්ගලයා වූ චාමර වීරසිංහ ගැන අම්මා හෙළිකරන රහස්

චාමර කියන්නේ හොඳ ටේලර් කෙනෙක් – චාමර වීරසිංහගේ අම්මා කියන කතාව
අෑත දියඹේ සැඩ කුණාටු, සුළි සුලං, චණ්ඩ මාරුතවලින් කොච්චර නං නෞකා අතරමං වෙනවා ඇත්ද? ඒ මහා නෞකාවලට යන්න හරි පාර කියලා දෙන්නේ ගොඩබිමේ ඉන්න ප්‍රදීපාගාරය. නෞකා විතරක් නෙමෙයි. සාගර ජීවින් පවා මේ ප්‍රදීපාගාරයට අවනත වෙන්නේ නන්නාඳුන මහා සාගරේ පාර කියන එකම කෙනා එයා නිසා.

සමහරු කියනවා සතර දිසාවට විශාල ආලෝක කදම්භ විහිදුවට ප්‍රදීපාගාරය යට කළුවරයි කියලා. ඔව්. ප්‍රදීපාගාරය යට කළුවරයි. ඒත් ඒ ප්‍රදීපාගාරය රාත්‍රියට කොච්චර නම් අයට පාර කියනවා ඇත්ද?

අම්මලත් හරියට මේ ප්‍රදීපාගාරය වාගේ. තමන්ගේ ජීවිතේ මොන තරම් දුක්ඛ ‍ෙදාම්නස්සයන්ගෙන් කළුවර වුණත් ඒවා ඉවසා දරාගෙන දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරන්න අම්මලා කොයිතරම් නම් වෙර දරනවා ද? ගොඩක් අය ජීවිතේ ගැන කතා කරද්දි “ජීවිතේ කියන්නේ තක්සලාවකට” කියලා කියනවා. මම කියනවා ජීවිතේ තක්සලාවක් නම් අම්මා කියන්නේ ඒ තක්සලාවේ දිසාපාමොක් ඇඳුරුතුමාට කියලා. මොකද දරුවෙක් නව මාසයක් තිස්සේ උදර කුහරේ දරාගෙන විඳපු දුක වගේම ඒ දරුවා ලෝකේ එළිය දැකපු දවසේ ඉඳන් දියුණුවේ හිනිපෙත්තටම නඟින්න ජීවිත කාලෙම කැප කරන, පාර කියන තාරුකාව වෙන්නේ අම්මා මිසක් වෙන කවුද?

“මම මෙතනට ආවේ ලොකු කට්ටක් කාලා. මේ එන ගමන ඇතුළේ ගොඩක් කලකිරීම්, හිත් රිදීම් වුණා. මම රුපියල් 300ටත් සින්දු කියපු කාලයක් තිබුණා. ඒ දේවල්වලින් පහුබහින මාව දිරිමත් කළේ මගේ අම්මා. මට ජීවිතේ ඉවසීම පුරුදු කළේ මගේ අම්මා.”

තමන්ගේ අම්මා ගැන කියන්න මොනාහරිම දෙයක් හැම ළමයෙක්ටම කියනවා. ඒ පුතාටත් අම්මා ගැන කියන්න දෙයක් තිබුණා. ඒ වචනවලට විතරක් සීමා වුණ නිර්වචනයක් නෙමෙයි. හදවතේ හැඟීම් වචනවලට කාවද්දලා වර නඟපු වචන පෙළක එකතුවක්.

කලකට පෙර ලංකාවේ ප්‍රසංග වේදිකාව බටහිර පන්නයට නතුව තිබුණි. එකල ප්‍රේක්ෂක රසවින්දනයට නතු වූයේ බටහිර ආභාසය සහිත රොක් හිපොප් ශෛලියට අනුගත රිද්ම රටා මෙන්ම ඉන්දියානු හින්දුස්ථානී ආභාසය ඇසුරු කොටගත් හින්දි ගීතය. ප්‍රසංග වේදිකාවේ රසිකයන් ඔල්වරසන් දුන්නේ ද උරුවම් බෑවේ ද ඒ හරසුන් රිද්ම රටාවන්ටය. එය වෙනත් මඟකට යොමු කළ පුරෝගාමීන් අතර චාමර වීරසිංහ යනු රසික ජනාදරය දිනූ ප්‍රමුඛ පෙළේ හඬ පෞරුෂයකි.

වෙන කවුරුත් නෙමෙයි ඒ වචන පෙළේ අයිතිකරුවත් ඔහුම තමයි. තමන්ගේ අම්මා ගැන පුතාගේ මේ කියවීම් ඇතුළේ අපි ඒ අම්මාව හොයන්න පටන්ගත්තා. චාමරට ජීවිතේ ආපිට හැරෙන්න තීරණය කරපු තැන්වලදී ජීවිතේ කියන්නේ දියුණුවට විතරක් නෙමෙයි නින්දා අපහාස, පසුබැසීම් කියන්නෙත් ජීවිතයට කියලා කියලා දීපු ඒ අම්මව මුණගැහිලාම මේ පෙකණිවැලේ කතාවේ සුලමුල හොයන්න අපි තීරණය කළා.

හරිම කෙටි දුරකතන සංවාදෙකින් පස්සේ හවස් යාමේ චාමර වීරසිංහගේ ගෙදරට පිළියන්දල බණ්ඩාරගමට යන්න අපි තීරණය කළේ හීන් හිරිපොද වැස්සත් එක්කරගෙන. කියපු මංසලකුණු දිගේ ගෙදරට ගියාම අම්මා වගේම එදා විවේකයෙන් ගෙදරට වෙලා හිටපු චාමරත් අපිව ආදරෙන් පිළිගත්තා. අම්මා දැකපු ගමන්ම හිතුණේ චාමර වගේ කියලා. හරියටම කිව්වොත් චාමර අම්මා වගේ. අම්මාගේ හැඩහුරුකම්වලින් බොහෝමයක් චාමරටත් ඇවිත් තියෙනවා කියලා මේ අම්මයි පුතායි දිහා බලන ඕනෙ කෙනෙක්ට පේනවා.

“අපි එළියට ගිහින් කතා කරමු පුතේ. අපිට නිදහසේ කතා කරන්න පුළුවන් එතකොට.”
වැහි කළුව නිසා අන්ධකාර වුණ ගෙදර ඇතුළේ රූපවාහිනියේ සද්ද බද්ධ නිසා නිදහසේ කතා කරන්න බැරි බව වැටහුණු අම්මා අපිව නිවස ඉදිරිපිට ආලින්දයට එක්කරගෙන ගියා. නිදහසේ කියන්න තරම් මේ අම්මට තමන්ගේ පුතා ගැන ලොකු කතාවක් ඇති කියලා නිකමට හිතුණේ ඇගේ කතා විලාසයෙන්.

ආලින්දයේ කොනකට වෙන්න තිබුණ පුටුවක හරි බරි ගැහිලා හිමින් සීරුවේ වැටෙන හිරිපොද දිහා බලාගෙන අම්මා ඇගේ යටගියාව සිහිපත් කරන්න පටන්ගත්තා.
ඉදිකැටියේ හේවා ගමගේ ශික්ෂිතා මානෙල්. ඒ තමයි අම්මාගේ සම්පූර්ණ නම. මාතර වල්ගම ප්‍රදේශයේ සොහොයුරන් තිදෙනෙක්ට හා සොහොයුරියකට වැඩිමල් සොයුරිය විදිහට උපත ලබපු අම්මා තමන්ගේ පුංචි කාලේ විස්තර කිව්වේ හරි ආසාවෙන්. පවුලක වැඩිමලා විදිහට ගෑනු දරුවෙක් ලැබුණම අම්මාට ටිකක් සහනයක් ලැබෙනවා. මොකද ඉන් පස්සේ උපත ලබන බාල සොයුරු සොයුරියන් බලාකියාගන්න වගකීම “ලොකු දුවට” භාරදෙන්න පුළුවන් නිසා. ඉතින් හදිස්සියේම අම්මාට හොයාගන්න බැරි ලෙඩක් හැදිලා රෝගාතුර වුණාම පවුලේ ලොකු දුව වුණු චාමර වීරසිංහගේ අම්මා තමයි නංගිවයි මල්ලිලා තුන්දෙනාවයි බලාගෙන තියෙන්නේ.
“මගේ තාත්තා එළවළු ව්‍යාපාරිකයෙක්. මොන අඩුපාඩු තිබුණත් අපි පුංචි කාලේ හරි කෙළිලොල් විදිහට ගත කළා. දැන් ළමයින්ට පහසුකම් වැඩී. ඒත් එයාලට අපිට වගේ පුංචි කාලයක් නැහැ.”

අෑ තමන් විදපු කුඩා කළ මතක සිහිපත් කරන්නීය. රස විඳින්නීය. තමන් විඳි කුඩා කාලය අහිමි වත්මන් දරුවන් දෙස බලා පසුතැවෙන්නීය. අනේක විද දුක් ගැහැට මැද වුව ළමා කාලය හිමි තමන්ගේ පරම්පරාව සමඟින් තාක්ෂණයෙන්, පහසුකම්වලින් සපිරි දරුවන්ගේ කොටුවුණ ජීවිත සසදන්නීය.

තම යටගියාව ටිකෙන් ටික හාරවුස්සන අම්මාගේ කල්පනා ලෝකේ මඳකට අවහිර කරන්න හිතුණේ හිටිහැටියේ හිතට ආපු ප්‍රශ්නයක් නිසා.
“එතකොට අම්මා බැන්දේ කොයි කාලෙද?”

“මම බැන්දේ අවුරුදු 24න්. ගමේම කෙනෙක්ව තමයි මම බැන්දේ. එයා ‘ටේලර්’ කෙනෙක්. අපි දෙන්නා යාළු වෙලා බැන්දේ.”
ඒ වචන ටික කියනකොට අම්මාගේ මූණෙ ඇඳුණ ආදරබර හිනාවෙන්ම ඒ බැඳීම කොච්චර ආදරණීය ද කියලා කියන්න පුළුවන්.

වෘත්තියෙන් ඇඳුම් මසන්නෙක් වුණ තම සැමියාගේ ව්‍යාපාරයටත් උදව් උපකාර කරගෙන, දුක සැප බෙදාගෙන තමන්ගේ යුගදිවිය ගතකළ ආකාරය අම්මා රස කර කර අපිත් එක්ක කිව්වා.

“ඒ කියන්නේ අම්මාට හොඳට ඇඳුම් මහන්න පුළුවන් ඇති?”
මගේ තොරතෝංචියක් නැති ප්‍රශ්නවලින් ඊළඟ ප්‍රශ්නේ තමයි ඒ.

“ඔව්. මට ඕනම ඇඳුමක් හොඳට මහන්න පුළුවන්. පුංචි කාලේ චාමරලාගේ ඇඳුම් මහලා දෙන්නේ මම තමයි.
ඒ ඇඳුම් මහලා තමන්ගේ දරුවන්ට අන්දවලා හැඩ බලලා අම්මා මොන තරම් නම් සතුටු වෙන්න ඇත්ද ඒ කාලේ? දරුවන්ට තමන්ගේ අතින් මහපු ඇඳුම් අන්දන්න අම්මලා කොහොමත් හරි ආසයි.

වැහි අඳුරත් එක්ක එන හිරිගඬු පිපෙන හීනි සුළං රැල්ල හෙමීට ඇවිල්ලා අපිව වෙලාගෙන ආයිමත් තමන්ගේ ගමන යනවා. අම්මා හෙමින් හෙමින් වැටෙන හිරිපොද දිහා බලාගෙන ඒ නොකියපු කතාව අපිත් එක්ක කියනවා.

කතාව ගලාගෙන යන අතරේ මම කතාව අපේ කතා නායකයා දිහාවට හැරෙව්වා.
“අම්මේ… චාමර වීරසිංහ කියන්නේ පවුලේ කීවෙනියටද?”

“චාමර කියන්නේ පවුලේ පස්වෙනියට. මට ඉන්නේ දුවලා තුන්දෙනයි පුතාලා තුන්දෙනයි. චාමරට පස්සේ මල්ලි කෙනෙකුත් ඉන්නවා.”
සහෝදරියෝ තුන්දෙනෙක්ට සහ සහෝදරයෝ තිදෙනෙක්ගෙන් පස්වෙනියා හැටියට මාතර මහරෝහලේ උපත ලබපු චාමර වීරසිංහ නම් ඒ ප්‍රසංග වේදිකාවේ වේදනාබර සංවේදී හඬ පෞරුෂයේ යටගිය මතක අම්මා අපිත් එක්ක බෙදාගන්නවා. මේ අතරතුර කවුරුත් ආදරේ කරන චාමරගේ කුඩා කල මතකවලට එබිකම් කරලා බලන්න අපි අමතක කළේ නැහැ.

“චාමර තමයි මේ හයදෙනාගෙන්ම අහිංසකම ළමයා. විසේ නෑ. හරිම අහිංසක තැම්පත් ළමයෙක් එයා. එයා අහිංසක නිසාම ද කොහෙද හැමෝම එයාට ආදරෙයි.”
ප්‍රසංග වේදිකාවේ අහිංසක පෙම්වතා පොඩි කාලෙත් හරි අහිංසකයි කියලා අම්මාම කියපු නිසා පිළිගන්නම වෙනවා. අදටත් බැලූ බැල්මට පේන ඔහු සතු හික්මීම, තැම්පත් ගති පැවතුම් කුඩා කාලේ පටන්ම ගෙන එන ඇවතුම් පැවතුම් කියලා අම්මාගේ වචනවලින්ම ඕනෙ කෙනෙක්ට තේරෙනවා.

ගොඩක් අය සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ හුඟක් පුංචි කාලේ ඉඳලා දක්ෂතා පෙන්නලා ඒත් චාමර එහෙම නෙමෙයි.

“එයා පුංචි කාලේ වැඩියෙන්ම සංගීතයටත් වඩා කැමති චිත්‍රවලට. ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්. එයා ඇඳපු චිත්‍රකතාවලින් තාත්තා තොරන් තුනක් ගැහුවා ඉස්සර.
හැමෝම ආදරේ කරන ඒ නිහතමානී කලාකරුවාගේ සැඟවුණු රහසක් තමයි අම්මා අපිත් එක්ක කිව්වේ. සංගීතයට විතරක් නෙමෙයි චිත්‍ර කලාවටත් දක්ෂතා දක්වන ඔහු විවිධ වූ හැකියා ඇත්තෙක් බව පසක් කරන තවත් කතාවක් අම්මා කිව්වා.

“එයාලගේ තාත්තා ටේලර්නේ. ඉතින් චාමරටත් හොඳට ඇඳුම් මහන්න පුළුවන්. එයාට විතරක් නෙමෙයි පවුලේ හැම ළමයෙක්ටම ඒ වැඩ හොඳට පුළුවන්.”
අපි ආදරය කරන මිනිස්සුන්ගේ නොදන්න දේවල් නම් කොයිතරම් තියනවාද? චාමර වීරසිංහ කියන්නේ හැමෝම දන්න විදියට අතිදක්ෂ ගායකයෙක්. ඒත් ඔහු චිත්‍ර ශිල්පියෙක්. ඒ වගේම හොඳ ඇඳුම් මසන්නෙක්. අම්මා තමන්ගේ පුතාගේ මේ හැකියා දක්ෂතා අපිත් එක්ක කිව්වේ හරි ආඩම්බරෙන්. ඒ වගේම හිතේ කොනක ගුලිකරගත්ත ආදරෙන්.

“චාමරගේ තාත්තත් හරි කැමතියි සංගීතයට. පුංචි කාලේ සංගීත සංදර්ශනවලට එක්කන් ගිහින් ස්ටේජ් එකේ තියලා ඒකේ සිංදු කියවලත් තියෙනවා මෙයාට කියලා. ඒත් ඇත්තටම එයා ස්ටෙජ් එකේ සිංදු කියනවා දකින්න තාත්තාට බැරි වුණා.”

අෑ මොහොතකට නිහඬ විය. ඒ පමාවෙන් ඇගේ නෙත් කොනේ දිලිහෙන කඳුළු කැටේ දැක ගන්න ලැබුණා. චාමර වීරසිංහට තමන්ගේ තාත්තා අහිමිවෙන්නේ අවුරුදු 12න්. ඒත් තාත්තා පුංචි කාලේ ඉඳන් හීන දැකලා තියෙන්නේ ඔහු දක්ෂ ගායකයෙක් වෙනවා දකින්න. මේ දේවල් අම්මා කොහේදෝ බලාගෙන කියාගෙන යන්නේ සතුටයි, දුකයි අතරමැද මොකක්දෝ කියාගන්න බැරි හැඟීමකින්. මට ඕන වුණේ ඒ හැඟීම අම්මත් එක්කම විඳින්න. ඒත් ඒ සිතුවිලි දිගුව මඳකට නතර කරන්න වුණේ හිටිහැටියේ. මගේ කලබල හිතට ආපු තවත් එක ප්‍රශ්නයක් නිසා.

“චාමරට අම්මා කතා කරන්නේ මොකක් කියලද?”
“මම එයාට කතා කරන්නේ ‘චම්මි’ කියලා”
ඒක චාමරට ආදරේ කරන රසිකයන්ට ලොකු හෝඩුවාවක්. කොහොම වුණත් චාමරගේ නිවුණ ගති පැවතුම් නිසා අම්මා චාමරට ටිකක් වැඩියෙන් ආදරේ කළා කියලා අම්මගේ කතාවෙන් අපිට තේරුණා.

චාමර වීරසිංහ ආපු මේ තරු ගමන ගැන අම්මාගේ මතකය අවදි කරන්නත් අපි අමතක කළේ නැහැ.
“එයා ඉස්කෝලේ යන කාලේ ගොඩක් සංගීතයට දක්ෂයි. ඉස්කෝලේ යන කාලේ එයාගේ ඒක පුද්ගල ප්‍රසංගයක් තිබුණා. ඒකෙන් පස්සේ තමයි එයාව ගොඩක් අය දැනගත්තේ. ඒ වගේම එයාට ඒකට හොඳ ප්‍රතිචාරත් ලැබුණා.

පුතාගේ තරු ගමනේ මතක එකින් එක අම්මා හරි සතුටෙන් හෙළි කරනවා. තමන් පුංචි කාලේ ඉඳන් හරි ආදරෙන් හදපු දරුවෝ ලොකු තැන්වල වැජඹෙද්දී අම්මලාගේ සතුට වචනවලට පෙරළන්න හරි අමාරුයි. වචන වෙනුවට එළියට එන්නේ කඳුළු කැට. ඒත් ඒවා සතුටු කඳුළු.
පුංචි තැනකින් පටන් අරගෙන දවසින් දවස මුළු රටක්ම ආදරය කරන තැනට එනකම් චාමර වීරසිංහ ආපු ගමන ගොඩක් දුෂ්කරයි. ඉතින් මේ හැමදේකටම ඔහු ළඟින් හිටියේ චාමරගේ ‘අම්මා’. ඉතින් දරුවා මේ ඉන්න තැන ගැන දැනෙන හැඟීම අහන්න හොඳම කෙනත්, ඒ සතුටේ අයිතිකාරියත් ඒ අම්මා විතරයි.
“මට ගොඩක් සතුටුයි පුතා ඉන්න තැන දැකලා. ඒ වගේම මම ගොඩක් වාසනාවන්තයි. ඒ වගේ පුතෙක් ලබන්න. එයා දවසින් දවස ඉහළට යනවා. මට එතකොට එයාලගේ තාත්තව මතක් වෙනවා. තාත්තත් හිටි නම් කියලා හිතෙනවා.”

ඒ අන්තිම වචන ටික ඉවර වුණේ ඉකියකින්. තමන්ගේ පුතා ඉන්න තැන ගැන සතුටුවෙන අම්මා ඒ දිහා බලන්න තාත්තා නැති වුණ ඒක ගැන දුක් වෙනවා. ජීවිතේ කියන්නේ හරි පුදුමාකාර එකක්. කෙනෙක්ට දෙයක් ලැබෙනකොට තවත් දෙයක් අහිමි වෙනවා. ළමයි පුංචි කාලෙම තමන්ගේ සැමියා අහිමි වුණාම අම්මා කෙනෙක් මොනතරම් අසරණ වෙනවා ඇත්ද? කොයි තරම් දුක්විඳලා ඒ දරුවෝ හදන්න ඇත්ද? ඒ හැමදේටම හිත හයිය කරගෙන තමන්ගේ ස්වාමියාගේ ව්‍යාපාරය වැඩිමහල් පුතාත් එක්ක දිගින් දිගටම කරගෙන පවුලම නඩත්තු කළා කියලා අම්මා අපිත් එක්ක කිව්වා. එහෙම දුක්විඳලා හදපු ළමයි දැන් ඉහළ තලයක බැබළෙද්දි අම්මාගේ සතුට කොහොමට ඇත්ද?
මේ තොරතෝංචියක් නැති ප්‍රශ්නවලට මගේ හිතට ඉඩදීලා මම අහන්න හිතාගෙනම හිටපු ප්‍රශ්නයක් අම්මාගෙන් ඇහුවා.

“චාමර මේ දැන් ඉන්න විදිහට අම්මා කැමතිද?”
“එයා මුළු ඇගේම පච්ච කොටාගෙන ඉන්නේ. කනයි, මූණයි තුන් හතරපලකින් විඳලා ඉන්නේ. මම නම් ඒවාට කැමති නැහැ. ඒවා කරගෙන ආවම මම බයිනවා. ඒත් ඒක එයාගේ කැමැත්තනේ. ඒ නිසා ඒක මට නතර කරන්නත් බැහැ.

ඒ වචන හරි අව්‍යාජයි. තමන්ගේ දරුවෝ තමන් අකමැති දේවල් කළාම ඒ දේට විරුද්ධ වෙන්න අම්මලා දෙපාරක් හිතන්නෙ නැහැ. ඒත් අම්මලා දරුවන්ගේ කැමැත්තට ඉඩ දීලා තමන්ගේ විරෝධය යටපත් කරගන්නේ ආදරේට.

තාරුණ්‍යයේ අතිමහත් බහුතරයක ආදරය දිනාගත් ප්‍රසංග වේදිකාවේ ජනප්‍රියම, නිහතමානීම කලාකරුවෙක් විදිහට කවුරුත් දන්න කියන තමන්ගේ පුතාගේ ඉදිරිගමනට අම්මා ආශිර්වාද කරන්නේ සුපසන් සිතින්. නොකිව්වත් ඒ ආශිර්වාදය, ආදරය, ඇගේ හැම වචනයකින්ම දෝරේ ගලනවා. අම්මා කෙනෙක් ජීවිතේ ලබන්න කියන උපරිම සතුට, ගෞරවය චාමර වීරසිංහගේ අම්මා විඳලා හමාරයි. ඇගේ අවසන් බලාපොරොත්තුවත් හරි උපේක්ෂා සහගතයි.

“මගේ අන්තිම බලාපොරොත්තුව මෙහෙම ඉඳලා කිසිම කරදරයක් නැතුව, එකතැන් වෙන්නෙ නැතුව මගේ හුස්ම ටික යන්න එක තමයි.”
ඇය ජීවිතේ නොයෙක් විඳ දුක්ඛ ‍ෙදාම්නස්නයන්ගෙන් පීඩා විඳ දරා ගන්නීය. සැමියාගේ අභාවයත් සමඟ අනිත්‍ය අනාත්ම ලක්ෂණ පසක් කරමින් කල්ගෙවන්නීය.

දරුවන් මෙන්ම මුණුබුරු මිනිබිරියන්ගේ ආදරය ලබමින් ජීවිතේ සැදෑ සමය ගත කරන්නීය. තම පුතු විඳින පැසසුම්, මෙන්ම නින්දා දෙස උපේක්ෂා සහගත සිතින් බලන්නීය. ජීවිතේ මේ යැයි අවබෝධ කරගනිමින් ප්‍රීතිමත් මරණයක් බලාපොරොත්තුවෙන් පසුවන්නීය. කෙසේ වුව ද අෑ ඒ රටක් ආදරය කරමින් ඔල්වරසන් දෙන චාමර වීරසිංහ නම් ඒ දැවැන්ත හඬ පෞරුෂයේ ‘ආදරණීය අම්මා’ විය.

උපුටාගැනීම:ඉරිදා ඇපල්.

නිර්මාණි බණ්ඩාරනායක
ඡායාරූප _ හෂාන් අනුරාධ

ලංකාවේ ජනප්‍රියම ගායකයාගේ බිරිඳ සහ දූවරු මේරියන්ස් නායක නලීන් ගෙන් කෝටියක් ඉල්ලයි.

ශ්‍රී ලංකාවේ මේ වන විට බිහිවුන ගායකයන් අතර තවමත් තම නම ඉහලින්ම පවත්වාගෙන යන , ජනප්‍රියත්වය එදා මෙන්ම අදත් පවත්වාගෙන යන ගායකයෙකුගේ බිරිඳ සහය දරුවන් සිව් දෙනා මේරියන්ස් නායක නලීන් පෙරේරාට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා සිටියි.
ඒ ගැන සවිස්තර විස්තරය පහත වීඩියෝවෙන් නරඹන්න.

” බොබ් මාර්ලේ මැරුවේ මමයි” CIA ඒජන්තවරයෙක් ලොව කළඹමින් කල ප්‍රකාශය මෙන්න.

ලෝක පූජිත ජැමෙයිකා ගායක බොබ් මාර්ලි ඝාතනය කළේ සී.අයි.ඒ සංවිධානය බවට පසුගියදා රාවයක් පැතිර ගියා.
ඇමරිකාවේ මේන් මර්සි රෝහලේ මරණාසන්නව සිටින 79 හැවිරිදි සී අයි ඒ නිලධාරියකු මේ බව හෙළි කර තිබුණා.

බිල් ඔක්‌ස්‌ලි නමැති මෙම සී අයි ඒ ඒජන්තවරයා පවසා තිබුණේ නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතේ ඡායාරූප ශිල්පියකු ලෙස වෙස්‌ වලාගත් තමා බොබ් මාර්ලි සිටි නිවසට ගොස්‌ ඝාතනය සිදු කළ බවයි.

කෙසේ වෙතත් මෙම පුවත සම්පූර්ණ අසත්‍ය එකක් බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.එම පුවත පළ කළ මාධ්‍ය ආයතනයද වැරදි පුවත් පළ කරන කුප්‍රකට මාධ්‍ය ආයතනයක් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මුළු ලෝකයේම ආදරයට පාත්‍ර වූ සුප්‍රකට ගායක බොබ් මාර්ලි 1981 මැයි 11 දා සිරුරේ ඇති වූ පිළිකා රෝගයකින් මියගියේ වයස අවුරුදු 36 දී.

ජරමර අතර ලංකාවේ පෙට්‍රල් අර්බුධය ගැන “වස්ති” නිකුත් කල වීඩියෝව මෙන්න – වීඩියෝ.

මේ දවස්වල දැවෙන ගැටලුව වී පවතින්නේ ඉන්ධන ගැටලුවයි. පෙර කිසි දිනෙක නොවූ විරු ලෙස පෙට්‍රල් හිඟය සහ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් දක්නට ලැබෙනවා.

මෙය ඉතා උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇති අතර සමාජ ජාලා සියල්ලගේ මේ ගැන විවිධ අදහස් හුවමාරු වනවා. මේ අතර ලංකාවේ සමාජ ජාලා අතර ඉතා ජනප්‍රිය චරිතයක් වූ “වසති” හි අනුෂ්ක සහ දුලාජ් මේ ගැන අපුරු වීඩියෝවක් නිකුත් කලේ මීට ටික දිනකට පෙරයි. බලන්නකෝ පොඩ්ඩක් ඒ වීඩියෝව.

භාතිය , සිදු කතාවේ සෝරත ව කරේ තියාගෙන මහා සෙනග සමග ලෝමීටර් ගානක් ගිය හැටි.

පසුගියදා පැවත්වුන මනුසත් දෙරණ Little Hearts වැඩසටහනට රටේ සියළුම කලාකරුවන් වගේම සහභාගී වුනා, බාල, මහළු තරුණ සියළු දෙනාගේ සහභාගිත්වයෙන් පැවත්වුන මෙම වැඩසටහනට ප්‍රවීණ ගායක භාතිය ජයකොඩි ද සහභාගී වුනා. එහිදී භාතියට අපූරු සිදුවීමක් සිදුව තිබුණා.
ඒ තමයි ලංකාවේ අංක එකේ ටෙලි සිත්තමක් වන සිදූ කතාවේ සෝරත හාමුදුරුවන්ගේ චරිතයට රඟ දක්වන කවීෂ නිසා.
Little Hearts පා ගමන ආරම්භයේදී පුංචි කවීෂ ගමන් කිරීමට අපහසු බව දැනගත් භාතිය කවීෂව සිය කර මතට ගෙන පා ගමනේ ගමන් ගත් අයුරු සැමගේ සිත් ගන්නට සමත් වෙලා තිබුණේ මේ විදිහට.

උපුටා ගැනීම:වෙබ් ගොස්සිප්.

 

 

සනුකගේ ගීත දෙකක කොටස් , සනුකගේ පියා සජීවීව ගායනය කර හැමෝම පිස්සු වට්ටපු හැටි.- වීඩියෝ.

තරුණ තරුණියන් අතර ඉතා ජනප්‍රිය සහ දක්ෂ ගායකයෙකු වූ සනුක වික්‍රමසිංහගේ පෙරවදනක් ගීතය සහ සංසාර සිහිනේ ගීතය මේ දිනවල මහත් ජනප්‍රිය වී ඇත. ශ්‍රී ලංකාවේ ගීත දර්ශකවල පවා මෙය ඉහලින්ම පවතිනවා.

සනුක වික්‍රමසිංහයන්ගේ පියා වන්නේ සංගීත් වික්‍රමසිංහය. සංගීත් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ “ශක්ති” සංගීත කණ්ඩායමේ සිටි දක්ෂ ගායකයෙකි. එමෙන්ම “සඳ මුවා වෙලා” වැනි ගීත ඔහු විසින් ගයනා කරන ලද ඒවා අතර වේ.

සජීවී රුපවාහිනි වැඩසටහනක් අතරතුර සංගීත් සනුකගේ ගීත දෙකක කොටස් ගායනා කළා. එය පියෙකු විසින් පුතෙකුගේ ගීතයක් ගායනා කල දුර්ලභ අවස්තාවක් විය. එම වීඩියෝව පහතින්.

“අම්ම කෙනෙක් දවසක් මට දණගහල වනදා – කෙල්ලෙක් ස්ටේජ් එකේදී මාව Kiss කළා”- භාචි සුසාන්.

කෙල්ලක් එක පාරටම අැවිත් මාව ඉම්බා
අම්මා කෙනෙක්
හනි හනිකට අැවිත් මට දණ ගහලා වැන්දා
ඔන්න ඉතින් අපි පොරොන්දු වුණා වගේම මේ පාරත් වේදිකාවේ ගී ගයන ගායකයෙක්ට Top story විශේෂාංගයට එකතු කරගත්තා. ඒ තමයි ප්‍රසංග වේදිකාවේ නැතිවම බැරි කලාකරුවෙක් වූ භාචි සූසාන්.

එකපාරක් මම සනිධප සංගීත කණ්ඩායමත් එක්ක කොරියාවේ ප්‍රසංගයකට සහභාගි වුණා. ඒ එළිමහන් ප්‍රසංගයට ලොකු ජනකායක් ඇවිත් හිටියා. ඔන්න ඉතින් මම පළවැනි සින්දුවත් කිව්වා. කොරියාව කියන්නෙ හරි විනෝදකාමී ශ්‍රී ලාංකික තරුණ පිරිසක් රැකියා කරන රටක්. ඉතින් ඔන්න මම දෙවැනි සින්දුවත් කියන්න පටන් ගත්තා. ස්ටේජ් එකේදි මම නටනවා. ඉස්සරහ ඉන්න තරුණ අයට මගේ අත වද්ද වද්ද ගියා. එක පිරිමි ළමයෙක් මගේ අත හයියෙන් අල්ලලා මාව ඇදලා ගත්තා. මම එකපාරටම බය වුණා. මගේ අනිත් අතේ මයික් එක. හැබැයි විශ්වාස කරන්න, මාව ඒගොල්ලො ටික බිමට වැට්ටුවේ නෑ. ඒ අය මාව එයාලගේ අත් උඩ තියාගෙන ලොකු රවුමක් අරගෙන ගියා. බෑන්ඩ් එක මියුසික් නැවැත්තුවෙ නෑ. මම සින්දුව නැවැත්තුවෙත් නෑ.

මම ඒ සින්දුව ඉවරවෙනකන්ම කිව්වෙ අර අපේ කොල්ලන්ගෙ අත්වල ඉඳලා රවුමට කැරකි කැරකි. මුළු පිට්ටනිය පුරාම ලොකු රවුමක් එදා හැදුණා. සින්දුව ඉවරවෙලා අන්තිමට ඒ සහෝදරයො ටික මාව ස්ටේජ් එක උඩින් තිබ්බා. ඇත්තටම මම ඒ වෙලාවේ හිතුවේ නෑ, මාව එහෙම ඇදලා ගනීවි කියලා. ඇත්තටම එකපාරටම ස්ටේජ් එකෙන් මාව වැටුණාම මම එකපාරටම බය වුණා. ඒත්… කොරියාවේ අපේ අයියලා මල්ලිලා මාව එදා පරිස්සම් කළා. ඒක මට කවදාවත් අමතක වෙන එකක් නෑ.

කොරියාවෙන් අපි එහෙමනම් ලංකාවට පොඩ්ඩක් එමුකො… මේක භාචිට වෙලා තියෙන්නෙ නුවර ප්‍රසංගයකදි. හැබැයි දැන් ටික කාලයකට කලින්.

නුවර ප්‍රසංගයකට සහභාගි වෙච්ච දවසකත් මට අමතක නොවුණු සිදුවීමක් වුණා. මම ස්ටේජ් එකේ නටනවා.. සින්දු කියද්දි එක ලස්සන ගෑනු ළමයෙක් එකපාරටම ස්ටේජ් එකට නැඟලා මාව බදාගෙන ඉම්බා. මේක පිටරටකදි සිදුවුණානම් ඒක සාමාන්‍ය සිදුවීමක් වෙනවා. හැබැයි නුවර ප්‍රසංගය බලන්න ආපු අයට ඒක සාමාන්‍ය සිදුවීමක් වුණේ නෑ. ලංකාවේ මිනිස්සු හිතන පතන විදිහ වෙනස්නෙ. ඉතින් අන්තිමට සින්දු කියාගන්න බැරිතරම් ලොකු කලබගෑනියක් වුණා. ප්‍රසංගය බලන්න ආපු අයට ඒක දරාගන්න බැරි වුණා. මම බය වුණේ තව මේක නිසා ස්ටේජ් එකට ගල් ගහලා විනාශ කරයි කියලා. හැබැයි හොඳ වෙලාවට එහෙම දෙයක් නම් වුණේ නෑ. ලංකාවේ එළිමහන් ප්‍රසංග බලන්න එන සමහරක් එන්නෙ කටගොන්නක් බීගෙන වලියක් දාගන්නම බලාගෙන. ඒ අය සංගීතය රසවිඳිනවාට වඩා එන්නෙ පරණ කෝන්තර පිරිමහගන්න, රණ්ඩුවෙන්න එහෙම බලාගෙනනෙ. එදත් මම ගොඩක් බය වුණා. කොහොම හරි සංවිධායක මණ්ඩලය මැදිහත්වෙලා ඒක සමථයකට පත් කළා.
භාචිගේ අවසාන මොහොත මාගේ කියන සින්දුව එකපාරටම ජනප්‍රිය වුණානෙ. ඉතින් අහලා බලමුද ඒ සින්දුව නිසා භාචිට වෙච්ච අමතක නොවන සිදුවීමක් ගැනත්..

අවසාන මොහොත මාගේ කියන ගීතය මම කළේ හින්දි තනුවකට සිංහල වචන දාලා. මම ගායනා කළොත් කොහොම වෙයිද කියලා කරපු අත්දහාබැලීමක් තමයි ඕක. හැබැයි මට හිතන්නවත් බැරි විදිහට ඒ ගීතය ජනප්‍රිය වුණා. ඒක මම දන්නෙවත් නැතිව ජනප්‍රිය වුණ ගීතයක්. දවසක් ප්‍රසංගයකට මම ගියපු වෙලාවක මගේ අවස්ථාව එනකන් මම ස්ටේජ් එනික් පහළට වෙලා බලාගෙන හිටියා. එකපාරටම සෙනඟ අතරින් තෙරපි තෙරපි බොහොම අමාරුවෙන් මම ළඟට ආපු එක අම්මා කෙනෙක් එකපාරටම මට වැන්දා. ඇත්තටම මට හිතාගන්නවත් බැරි වුණා. මට ඒක දරාගන්න බැරි වුණා.

අනේ අම්මා… එහෙම කරන්න එපා.. කියලා අම්මගේ උරහිසින් අල්ලලා නැඟිට්ටවද්දි ඒ අම්මගේ කම්මුල් පුරා කඳුළු බේරුණා..
අනේ පුතේ… මම පුතාගේ කකුල් දෙක අල්ලලා වැන්ඳට පව් නෑ.. ඔයාගේ සින්දුව අහලා මගේ පුතා මට ලැබුණා පුතේ… කියලා කිව්වා.

ඒ අම්මගේ බාල පුතා දඩබ්බරයි. ඒ දවස්වල හොඳටම බීලා ඇවිත් මේ අම්මට වද දෙනවලු. සමහරදාට අම්මට ගහනවත් එක්කලු. මේ පුතා නිසා අම්මා ඉඳලා තියෙන්නෙ කලකිරීමෙන්. හැබැයි අම්මා පුතාට හරි ආදරෙයි. දවසක් සිහියෙන් ඉඳිද්දි අහම්බෙන් මේ පුතාට මගේ සින්දුව අහන්න ලැබිලා. එදා ඉඳන් සැරෙන් සැරේ මේ පුතා ඒ සින්දුව අහලා එකපාරටම කුස්සියට ගිහින් අම්මට වැඳලා තියෙනවා. එදා ඉඳන් පුතා කිසිමදාක අම්මට වද දීලත් නෑ. කිසිම දෙයකට ඇබ්බැහිවෙලත් නෑ. අන්තිමට මම ප්‍රසංගයේ සින්දුව කියලා ඉවර වුණාට පස්සෙ අම්මයි අම්මගේ වැඩිමල් පුතයි මගේ ළඟට ඇවිත් මගෙන් ඉල්ලීමක් කළා. ඒ.. තේ එකක් බොන්න ගෙදර එන්න කියලයි. ඒ ඉල්ලීම පිළිගෙන මම ඒ අම්මගේ ගෙදර ගියා. එදා ඒ ගෙදර කට්ටිය මට කන්න දීලා හොඳට සැලකුවා. මම ඒ ගෙදරින් එළියට බහිද්දි අම්මගේ බාල පුතා මගේ කකුල් දෙක අල්ලලා වැන්දා. ඒ සිදුවීමත් මට කවදාවත් මගේ ජීවිතේ අමතක වෙන්නෙ නෑ.

උපුටාගැනීම: දේශය.

► Text – Jayamali / Pic – Internet