ගමක සෙනගත් එක්ක, කාර්යමණ්ඩලය පමණක් 5600ක් සමග , ලොව විශාලම යුධ නැව ලංකාවට.

ඉකුත් සතියේ කොළඹ වරායට මහ ලොකු පෙරහරක් පැමිණියේය. එ් පෙරහර පැමිණියේ මහා සාගරය ඔස්සේ ඇමෙරිකාවේ සිටය. ඊට ලොව විශාලතම යුද නෞකා අතරින් එකක් ද එක්ව තිබුණේය. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් යූ.එස්.එස්. නිමිට්ස් නම් ගුවන් යානා ප‍්‍රවාහන නෞකාවයි.
මෙම ගුවන් යානා ප‍්‍රවාහන නෞකාව කොළඹ වරායට පැමිණියේ පිරිවර ප‍්‍රහාරක නෞකා කණ්ඩායමක්ද සමගය. ප‍්‍රින්ස්ටන්, හාවර්ඞ්, ෂූප්, පින්ක්නි සහ කිඞ් යනු එම පරිවාර ප‍්‍රහාරක නෞකාවන් විය.
පරිවාර ප‍්‍රහාරක නෞකාද සමග මෙම යූ.එස්.එස්. නිමිට්ස් ඇමෙරිකානු යුද නෞකාව මෙරටට ළඟාවූයේ සුවිශේෂී අරමුණක් පෙරදැරිවය. එනම් ශ‍්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර දිනෙන් දින ශක්තිමත් වෙමින් ඇති නාවික සබඳතාවන් තවදුරටත් පුළුල් කිරීමේ අරමුනිණි.
”මෙරට රැුඳී සිටින කාලය අතරතුර, ලාංකික ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීම සඳහා මෙම ඇමෙරිකානු නාවිකයන් සමාජ සේවා වැඩසටහන් රැුසකද නිරතවීමට නියමිත බව ඇතුල් කෙශාප් තම නිවේදනයේදී සඳහන් කළේය.
ඇමෙරිකානු තානාපතිවරයා සඳහන් කළ පරිදිම නිමිට්ස් නෞකාවේ හා එහි පරිවාර නෞකාවල නාවිකයින් පසුගිය දින කිහිපය පුරාම දිවයිනේ ප‍්‍රදේශ රැුසක සමාජ සේවා ව්‍යාපෘතීන් රැුසකට සහභාගි විය. පාසල්, රෝහල්, ළමා නිවාස, වැඩිහිටි නිවාස ආදිය කේන්ද්‍ර කරගනිමින් මෙම සමාජ සේවා වැඩසටහන් ක‍්‍රි‍යාත්මක කළ අතර මෙරට රාජ්‍ය නොවන සංවිධානද මෙම වැඩසටහන් සඳහා එක්කරගැනීමට ඇමෙරිකානු නාවිකයින් කටයුතු කළහ.එසේම ශ‍්‍රී ලංකා නාවික හමුදාව සමග එක්වද වැඩසටහන් රැුසක්ම ක‍්‍රියාත්මක කිරීමට ඇමෙරිකානු නාවිකයෝ පියවර ගත්හ.
මෙම නිමිට්ස් නෞකාවේ කප්පිත්තා රියර් අද්මිරාල් ග්‍රෙගරි හරිස්ය. මෙම ශ‍්‍රී ලංකා සංචාරය තම නාවිකයින් පිරිසට සුවිශේෂී අත්දැකීමක් වන බව ඔහු පවසනුයේ ඉමහත් සතුටිනි. ඔහු පවසන පරිදි ඹීී නිමිට්ස්, යනු 1985 වසරට පසු ශ‍්‍රී ලංකාවට ළඟා වූ පළමු ඇමෙරිකානු ගුවන් යානා ප‍්‍රවාහන නෞකාවය.
නිමිට්ස් නෞකාව සැබැවින්ම සද්දන්ත එකකි. එහි අපූරු තොරතුරු බොහෝය.
මේ මහා නෞකාව දියත් කළේ 1972 වර්ෂයේදීය. එය ඇමෙරිකාවේ පමණක් නොව ලෝකයේම විශාලතම යුද නෞකාවක් ලෙස සැලකෙනවා. නැව් තලයේ සිට කුඹ ගස දක්වා උස තට්ටු 23කි. නෞකාවේ දිග කිලෝමීටර් කාලකටත් වැඩිය. (මීටර් 333* ගුවන් යානා අංගනයේ විශාලත්වය අක්කර 4.5කි.
මේ සද්දන්ත නෞකාවේ නාවික සෙනඟද ගමන් කරයි. නාවිකයන් 3200ක්‌ සහ ගුවන් නැවියන් 2480ක්‌ ඇතුළුව 5600කට අධික පිරිසක්‌ නෞකාවේ කාර්ය මණ්ඩලය ලෙස කටයුතු කරයි. වැඩමුර ක‍්‍රමයට පැය 24ම සේවයේ යෙදෙන නාවික පිරිස වෙනුවෙන් දිනකට 4 වරක්‌ ආහාර පිළිගැන්වීම කෙරේ. මේ සඳහා විශාල ආහාර ගබඩාවක් පවත්වාගෙන යාම අවශ්‍ය වේ. එසේම අවම වශයෙන් දින 70කට සෑහෙන ශීත සහ වියළි ආහාර ගබඩා කර තබා ගත හැකි පහසුකම් මෙම නෞකාව තුළ ඇත. නැව සතු ජල පෙරන පද්ධතිය මගින් නිවෙස්‌ 2000කට සෑහෙන තරම් නැවුම් ජලය ගැලූ‍ම් 400,000ක්‌ මුහුදු ජලයෙන් පෙරා දිනපතා සපයනු ලබයි. නාවික පිරිසෙන් සියයට 16ක් කාන්තාවන්ය. කාන්තා සහ පිරිමි සැමටම වෙන්කළ විවේකාගාර සහ නිවෙස්‌ වේ. සමස්‌තයක්‌ වශයෙන් කොට්‌ට උර 14000ක්‌, ඇතිරිලි 28000ක්‌, දුරකථන 1400ක්‌ නෞකාවේ වේ. ආලෝක සවිකිරීම් 30000ක්‌ සහිත මෙම නෞකාවේ ඇද ඇති විදුලි රැුහැන් එක පෙළට දිගහැරියහොත් එහි දිග සැතපුම් 1600 කි.
නෞකාවේ නැංගුරම නැවට සම්බන්ධ අඩි 1080ක්‌ දිග ලෝහ දම්වැල් දෙකකට ඇමිනූ ටොන් 30ක්‌ බර නැංගුරම් දෙකකින් සමන්විතය. එහි දියඉමෙන් ඉහළට තට්‌ටු 20ක්‌ පිහිටා ඇත. ගුවන්යානා අංගනයේ විවිධ වර්ගයේ ගුවන්යානා 60ක්‌ නවතා ඇති අතර අක්‌කර 3.5ක්‌ විශාල ගුවන් යානා ප‍්‍රවේශ මාර්ගයකින්ද නෞකාව සමන්විතය. එසේම ගුවන් තරණය සඳහා ඉන්ධන ගැලූ‍ම් මිලියන 3.3 ක්‌ නැවේ සැමවිටම රඳවාගෙන පවතී. මේ නෞකාවේ සුක්‌කානම ඇල්ලීම කෙරෙනුයේ පියාසැරීමේ තට්‌ටුවේ දකුණු පැත්තේ සිට තට්‌ටු 10 ක්‌ උස කුලූනක මැදිරියක සිටය. එම මෙහෙයුම් මැදිරියේ 15ත් 18ත් අතර පිරිසක්‌ සේවයේ නිරත වේ. මෙහෙයුම් මැදිරියේ වීජ බෝඞ් ලෙසින් හඳුන්වනු ලබන පුවරුවක ඕනෑම අවස්‌ථාවක පියාසැරීමේ තට්‌ටුවේ ඇති ගුවන්යානා ස්‌ථානගතකර ඇති අන්දම පෙන්වන ආදර්ශ යානා පෙළගස්‌වා තිබේ. ශ‍්‍රී ලංකාවට පැමිණීම හරහා මෙරටට ලැබුණු ප‍්‍රතිලාභ පිළිබඳවද නෞකාවේ කපිතාන්වරයා විස්තර කළේය.
”ඇමෙරිකානු නාවික හමුදාව ලොව ප‍්‍රබලතම හමුදා ඒකකයක්. ඔවුන් සතුව අත්දැකීම් රාශියක් තිබෙනවා. මෙවැනි සංචාර තුළින් එම අත්දැකීම් බෙදා හදාගැනීමට මෙන්ම නාවික ක්ෂේත‍්‍රයේ නවීන තාක්ෂණය පිළිබඳ දැනුමක් ලබා ගැනීමටද ශ‍්‍රී ලංකා නාවික හමුදාවට අවස්ථාවක් ලැබෙනවා.”‍
”එසේම ‍මෙම නාවිකයින් ශ‍්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හරහා ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට රුපියල් කෝටි 154ක මුදලක් එක් කරනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා”‍ යයි කපිතාන්වරයා පැහැදිලි කළේය.

පැතුම් වික‍්‍රමරත්න

යකෝ මුනම් යකෙක්….කියන්න වදන් නැහැ. සුපිරි, පට්ට – වීඩියෝ.

ලංකාවේ තරුණයෙක් ඔක්ටර් පෑඩ් එකකින් දේශීය බෙර පද වාදනය කරන වීඩියෝවක් අන්තර්ජාලයේ මේ දින වල සැරිසරනවා. ඔහු නවීන විධ්යාවෙන් නිෂ්පාදිත විදුලි සංගීත භාණ්ඩයකින් දේශීය හඬ නිපදවන ආකාරය ඉතා අගය කල යුතුය.

ඔහුගේ ඒ දක්ෂතාවය පහතින්.

 

වසන්ති චතුරාණි දයාන් විතාරණගේ හිටපු පෙම්වතිය ද? – දයාන් විතාරණ සියල්ල හෙළි කරයි.

දයාන්… අද ගායන ශිල්පියෙක් වුණාට ඔබ මුලින්ම මිනිසුන් හඳුනාගන්නේ ඡායාරෑප ශිල්පියෙක් විදිහට නේද…?

ගොඩාක් අය හිතුවාට ගායකයාට පෙර ඡායාරෑප ශිල්පියා බිහිවුණා කියලා 1982 නන්දා මාලිනි සංගීත ආශ්‍රමයේ විජයබා මාවතේ ඇගේ නිවසේ ආරම්භ කරනකොට මාත් එහි සාමාජිකයෙක් වුණා. එතකොට අද ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රවීණයන් එදා අපිත් එක්ක එකම පන්තියේ ශිල්ප හදාරපු අයයි. මම බාත්ඛණ්ෙඩ් ප්‍රථම විභාගය සමත් වුණා. 1985 දී තමයි මම ඡායාරෑප ශිල්පයට එකතු වුණේ. එතෙක් මම අවුරුදු තුනක් සංගීතය නන්දා මාලනීයන් යටතේ ඉගෙන ගත්තා. මාලනී බුලත්සිංහයන්ගේ ‘මියැසියේ’ අත්වැල් ගායනයටත් මම එකතු වුණා. නන්දා මාලනීයන්ගේ ‘ආරාධනා’ ස්වර දැහැනෙත් මම අත්වැල් ගායනයට එකතු වුණා. එහෙම බලද්දී මගේ සංගීත දිවිය ආරම්භ වන්නේ 1982 දී. ඡායාරෑප ශිල්පියෙක් හැටියට වැඩ පටන් ගත්තේ 1985 දී.
කොතනද දයාන්ගේ හැරවුම් ලක්ෂය වුණේ…?
මම සංගීතය හදාරණ කාලේදී තමයි ඡායාරෑප කලාවටත් යොමුවුෙණ්. මම මේ කලාවන් දෙකටම ආසයි. හැබැයි 1985 දී මම විවාහ මංගල්‍ය ක්ෂේත්‍රයට යොමුවුණා. එතකොට විවාහ මංගල්‍යයන් එකින් එක මට එද්දී මට ඉස්සර වගේ නිවාඩු පාඩුවක් ලැබුණේ නෑ. මට ක්ලාස් යන්න වෙලාවක් තිබුණේ නෑ. වෙඩින් කරන්න ගත්තාම එකේ ආදායම හොඳයිනේ. ඒ නිසා මට යම්කිසි විදිහට මනුස්සයෙක් වෙන්න නම් මුදල් ටිකක් ඕන කරනවා කියලා මම හිතුවා. අත්වැල් ගායනයේදී ඒ දවස්වල ලැබුණේ සුළු මුදලක්. ඒ කාලේ මම කළෙත් පොඩි රුකියාවක්. මාසයකට මට ලැබුණේ රුපියල් පන්සීයයක් වගේ තමයි.

මොකක්ද දයාන් ඒ කාලේ කරපු රස්සාව…?

එක්තරා පෞද්ගලික ආයතනයක විදුලි කාර්මිකයෙක් විදිහට වැඩ කළා. ඒක තමයි මගේ මුල්ම රස්සාව. මැෂින්වල වැඩකරගෙන මජන් නාගෙන මාස හයක් මම ඒ රුකියාව කළා. ප්‍රින්ටින් වැඩවලටයි, ඡායාරෑප මුද්‍රණයට වගේම ඕෆ්සෙටින් මුද්‍රණයටත් මම ආස කළා. ඒ සම්බන්ධව හිතාගෙන රුකියාවට ආවට ඒ ආයතනයේ යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා තමයි කළේ. ප්‍රින්ට් කරන එක සීමා සහිතවයි ප්‍රින්ට් කළේ. ඒත් මට මගේ රුකියාව ගැන කිසිම ආසාවක් තිබුණේ නෑ. අන්තිමට මම ගැන තිබුණ විශ්වාසයට මම වාහන අමතර කොටස් ගබඩාව බාර කළමනාකරු විදිහට උසස් කළා. ඒක මම බොහෝ කාලයක් කරගෙන ගියා. අවසානයේදී ඒ ආයතනයේ අයිතිකාරීගේ දුවගේ වෙඩින් එකේත් ඡායාරෑප ගත්තේ මමයි. අවුරුදු එකොළහක් මම ඒ රුකියාව කළා.

දයාන් කැමරා කාචයෙන් දැක්ක සුවිශේෂීම රුව කාගේද…?

මම වසන්ති චතුරානි රඟපාපු ‘ගැහැනු ළමයි’ චිත්‍රපටය බලලා ඇගේ රංගනයටත් ඇගේ රෑපයටත් හරියට ආස කරපු කෙනෙක්. ඊට පස්සේ වසන්ති බොහෝ චිත්‍රපටවල උඩරට මනමාලියන් විදිහට හැඩ ගැන්වුණා. මංගල ඡායාරෑප ශිල්පියෙක් විදිහට ටිකින් ටික මම ජනප්‍රිය වෙද්දී හැරිස් විජේසිංහ මම හඳුනාගත්තා. ඔහු මගේ ජීවිතයට ලොකු අත්වැලක් වුණා. ඉතින් හැරිස් අයියා ලවා වසන්තිව උඩරට මනමාලියක් හැටියට අන්දවලා පින්තූර ගන්න ලොකු හීනයක් තිබුණා. ඒ වෙද්දී වසන්තිව මම පෞද්ගලිකව හඳුනන්නේ නෑ. අන්තිමට මම කොහොම හරි 1993 සැප්තැම්බර් 21 වැනිදා ඒ අවස්ථාව උදා කරගත්තා. එදා වසන්තිව උඩරට මනාලියක් වගේ අන්දවලා මම ගත්තු ඡායාරෑප තවමත් මගේ ළඟ තියෙනවා.

සමහරු කිව්වා ඔබ වසන්තිට ප්‍රේම කළා කියලත්… ඇත්තද…?

ඕක සමහර මාධ්‍යයෙන් හරි වැරදි විදිහට දීපු දෙයක්. ඇත්තටම මම වසන්තිට එහෙම ප්‍රේම කළේ නෑ. ඒක රසිකත්වය උඩ තිබිච්චි ගෞරව පූර්ව ආසාවක් විතරයි. අනික වසන්ති මට වඩා අවුරුදු දෙකාහමාරක් වැඩිමල් කෙනෙක්. රංගන ශිල්පිනියකට සහ ඒ රුවට තිබුණු ආසාව විතරයි මට තිබුණේ. මගේ ජීවිතේ අමතක නොවුණු සිදුවීම් අතරේ වසන්තිගේ ඡායාරෑපයටත් මුල්තැන හිමිවෙනවා. ඒ විතරක් නෙමේ මගේ ජීවිතේ හරි සුවිශේෂී මතකයක් අතරේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාව ඡායාරෑපයට ගත්තු දවස. අපේ ගෙදර ආව මාලනී අක්කගේ ඡායාරෑපය ගත්තු දවස, ලෝක රෑප රාජිනියක් වූ රෝසි සේනානායක එකල මගේ ස්ටූඩියෝවට ඇවිත් පින්තූර ගත්තු දවස මගේ ජීවිතේ සුවිශේෂී මතකයක් වෙනවා. ඒවා මිල මුදලින් ලැබෙන සතුටට වඩා ගොඩාක් වටිනා සතුටු දිනයක්.

අදටත් දයාන්ගේ හිත නතරවෙච්චි කාන්තා රුවක් නැද්ද…?

ජීවිතේ මගේ හිත නතරවෙච්චි තැන තමයි මගේ අම්මා. අදටත් මම බොහෝ කාන්තාවන් දිහා බලන්නේ ඒ අම්මා දුන්නු ස්නේහය හින්දයි. ඒ වගේම මට හරිම ළෙන්ගතු අක්කලා දෙන්නෙකුත් ඉන්නවා. අපේ අම්මා පුදුම විදිහට මට ආදරේ කළා. තාත්තාත් නැතුව අම්මා මාව හැදුවේ. තාත්තා නැතිෙවද්දී අම්මාට ගෙයක් දොරක් තිබ්බේ නෑ. කිසිම දෙයක් තිබ්බේ නෑ. තිබ්බ එකම දේ වාහනය විතරමයි. ඒ වාහනය පදවගෙන අම්මා අපිව උස්මහත් කළේ මැහුම් පන්තියක් දාලයි. අම්මට හොඳට උයන්න පුළුවන්. ඒ නිසා අම්මා මාතලේ කුකරි ක්ලාස් එකක් දැම්මා. සති අන්තවල අම්මා පන්ති කළා. ඒ කාලෙදි මම සින්දු පුරුදු වුණේ ගෙදර නාන කාමරේ. පන්තිවලට ළමයි එන නිසා සාලේ සින්දු කියන්න බෑ… වෙන තැනක් ඇත්තෙත් නෑ. ඒ වගේ සුන්දර මතක මට තිබෙනවා. මගේ අම්මා මාව මේ තැනට ගේන්න හරියට වෙහෙසුණා. දෙන්න පුළුවන් හැම උපරිම සැපක්ම අම්මා මට දුන්නා. මගේ ව්‍යාපාර දියුණු කරන්න ඇය පුදුම මහන්සියක් දැරුවා. අදටත් හැම නෙගිටිව් එකකම අදාළ දිනය හා නම් ලියලා තියෙන්නේ මගේ අම්මා. හිත නවතින තැන කොතැනද ඇහුවොත් අම්මා තරම් මාව බලාගත්තු අම්මා තරම් මගේ හිත කියවපු වෙන ගැහැනු චරිතයක් මේ ලෝකේ මට නැහැ.

ඒ අම්මාගේ අන්තිම හුස්ම පොද යද්දී දයාන් ලංකාවේ හිටියේ නෑ නේද…?

ඔව්… ඒක ඇත්ත… අපේ අම්මා කරපු දේවල් වෙනුවෙන් ප්‍රතිඋපකාර කරන්න මම ගොඩාක් වෙහෙසුණා. ඒ නිසා ඒදේවල් කරලා ඉවර කරන්න මට බැරි වුණා. අපේ අම්මට පිළිකාවක් කියලා දැනගත්තු මොහොතේ මම අම්මගේ කකුල් දෙක ළඟ වාඩිවෙලා ‘අම්මා බයවෙන්න එපා. මම මොන රටක රාජ්ජයක හරි ගෙනිහිල්ලා හරි අම්මව හොඳ කරනවා. මේ හැම දෙයක්ම මම විකුණනවා. මට අම්මව ඕනේ’ කියලා කිව්වා. ඒ වෙලාවේ අම්මා කිව්වේ පුතේ මාව හොඳ කරනවාට වඩා ඔයා ඔයා ගැන බලාගන්න. ඔයා හොඳින් හිටියොත් මට ඒ ඇති කියලයි. අම්මා කොතනකවත් උඹ මගේම පුතා වෙන්නෝනේ කියලා කිව්වේ නෑ. මම හැමවෙලේම කිව්වේ ‘අම්මා වෙනවනම් තව කෙනෙකුට මේ අම්මා වෙන්නෝනේ… නැත්නම් නිවනට යන්න ඕනේ’ කියලා. ඒක තමයි මගේ ප්‍රර්ථනාව වුණේ.

ප්‍රසංගයට යද්දීත් අම්මා දයාන් එක්ක කතා කළාද…?

ඔව්… ප්‍රසංගයට යද්දී මගේ අම්මා මම දිහා බලාගෙන ඉඳලා මාව බදාගෙන තව ගොඩාක් වෙලා මම දිහා බලාගෙන හිනාවෙලා හිටියා. මගේ හිත කිව්වා ඒ තමයි මගේ අම්මාගේ අවසාන හිනාව කියලා. ඒ අවසාන දැක්ම කියලා. මම දැනගෙන හිටියා මට අම්මාව ආයෙමත් දකින්න බැරිවෙනවා කියලා. ඒක අම්මත් දැනන් හිටියා. අම්මට අමාරු වෙද්දී මාව ගෙන්වන්න හදද්දී අම්මගේ එකම ඉල්ලීම වෙලා තිබුණේ ‘මට ආදරේනම් පුතාව ගෙන්වන්න එපා… එයාට සතුටින් ඉන්න දෙන්න’ කියලයි. අම්මා දැනගෙන හිටියා ඒ වෙද්දීත් අම්මයි මායි සමු අරගෙන ඉවරයි කියලා. හොඳට සිහිය තියෙද්දී අම්මා මට හොඳ හිනාවක් දීලා මගෙන් සමු ගත්තා. අදටත් මගේ හිතේ ඇඳෙන්නේ ඒ හිනා වෙච්චි රෑපයයි.

ඔය හිත ආදරේ කරපු ප්‍රේමණීය චරිත දයාන්ගේ හිතේ නැතිවාම නෙවෙයිනේ… නේද…?

ඔව්… ඒක ඇත්ත… ප්‍රේමය මට නුහුරු දෙයක් නෙමේ. මගේ ජීවිතේත් ප්‍රේම සම්බන්ධතා තිබිලා තියෙනවා. මගේ ජීවිතේ ප්‍රේම සම්බන්ධතා තුනක් තිබිලා තියෙනවා. නමුත් ඔවුන් ගැන අද මම කතා කරන්න කැමති නෑ. මගේ අතීතය කියලා අද ඔවුන්ගේ ජීවිත අවුල් කරන්න මට බෑ. අද ඒ අය ආදරණීය බිරින්දෑවරු, ආදරණීය අම්මාවරු. නමුත් අදටත් ඒ තුන්දෙනාම මගේ හොඳ යාළුවෝ. බොහෝ වෙලාවට මට කැමති කෑම බීම පවා ගෙනල්ලා දීලා මම ගැන ඒ අය අදටත් හොයලා බලනවා. ඔවුන් මගේ ජීවිතෙන් ඈත් වුණා කියලා මගේ හිතට අද දුකක් නෑ.

ජීවිතේ තනිකමක් කියලා හිතුණු දවසක් නැද්ද…?

මම හැමවෙලේම හිතුවේ අපි ඉපදෙන්නෙත් තනියම. අපිට ලෙඩක් දුකක් හැඳුනාම අපි ඒක විඳවන්නේත් තනියම. අපේ ජීවිතේ බොහෝ කල් ඔය අත්වැල් තියෙනවා. හැබැයි තමන්ගේ ජීවිතය අරගෙන යන්නෝනෙත් තමන්මයි. අද මම කිසිම දේකදී දුක්වෙන්න ඕන නෑ. අද මට කිසිම බැඳීමක් නෑ. ‘මට දරුවෝ ඉන්නවා නමුත් ඒ අය මට සලකන්නේ නැහැනේ.’ කියන අප්‍රසන්න හැඟීම මට නැහැ. ඒ නිසා අනිත්‍ය මෙනෙහි කරලා මට සතුටු වෙන්න පුළුවන්. අනික තනිකමේ මොකක්දෝ සුන්දරත්වයක් තියෙනවා. අන්තිමට මගේ ප්‍රාණය අතහැරලා යද්දීත් මට දාලා යන්න බැරි කිසිම කෙනෙක් මේ ලෝකේ නෑ. මම වටිනා කියන දේවල් කියලා රුස්කළේ බඩු භාණ්ඩවලින් මේ මගේ පින්තූර ටික විතරයි. මේ ගෙදර මුතු මැණික් රත්තරන් කිසිම දෙයක් නෑ. මම රත්තරන් පළදින්නෙත් නෑ. ඒ නිසා මේ බැඳීම් නැති ජීවිතේ හරි සැහැල්ලුයි.

පිට රට ගොස් අනේක දුක් විඳින මවක් තම දරුවන් සිහිවී ගයන මේ ගීතය අහන්නකො. කඳුළු එනවා. – වීඩියෝ.

අපේ රටේ බොහෝ මව්වරු දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විදේශ ගතවන අතර, අනේක දුක් විඳිමින් දිවා රෑ වෙහෙසෙති. ඒ ගෙවෙන හැම තත්පරයකම තම දරුවන් ගැන සිහිකරමින් කඳුලුසලන මව්වරුන්ගේ සිතේ නැගෙන දුක ගීයකට පෙරලා ගයන මේ මවගේ ගායනය බලන්නකෝ.

අයට තම දරුවන් ගැන සිතෙන දේ ගීතයකින් ගැයුවේ මෙසේය.

සුපිරි ගායක සෝනු නිගම් ගයන මෑත කාලයේ බිහි වූ ලොව හොඳම බුදුගුණ ගීතය මෙන්න – වීඩියෝ.

ඉන්දීය සුපිරි ගායක සෝනු නිගම්ගේ මියුරු හඩින් ගයන කරන බුදුගුණ ගීතය මෙන්න

සෝනු නිගම් කියන්නේ මේදිනවල ඉතා ජනප්‍රය චරිතයක් වෙලා එයට ප්‍රදානම හේතුව තමයි මෑතකදී ලංකාවේ පැවති ප්‍රසංගය එයට විශාල පිරිසක් සහබාගීවී තිබුනා මේ එම දක්ෂ ගායකයා ගැයූ බුහුගුන ගීතයයි