මෛත්‍රී කන්න දුන්න අත හපාකයි. එක්සත් ජාතික පක‍ෂයේ පසුපෙළ සීරුවෙන්.

චතුරිකා සිරිසේන මහතා මහින්ද රාජපක‍ෂ මහතා හමුවීමත්, ඩඩ්ලි සිරිසේන මහතා බැසිල් රාජපක‍ෂ මහතා හමුවීමත් අහම්බයක් නොවන බව ප්‍රකාශ කරන එක්සත් ජාතික පක‍ෂ පසුපෙල මන්ති්‍රවරු අවශ්‍ය ඕනැම විටෙක ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයකට සූදානමින් සිටින බව අද ප්‍රකාශ කර තිබේ.
අල්ලස, දූෂණය, පවුල් පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය බලගන්වන්නට බලයට පැමිණි මෛති්‍රපාල සිරිසේන මහතා මේ වනවිට දකිමින් සිටින එකම හීනය වන්නේ තම දියණිය වන චතුරිකා දේශපාලනයට ගෙන ඒමයි.
කුකුල් කේන්තිකාරයෙක් මෙන්ම කෙටි තීරණ ගන්නා පුද්ගලයෙක් වන මෛති්‍රපාල සිරිසේන මහතාගේ එකම පුතු දහම් සිරිසේන මහතාව හැකිතාක් රටෙන් පිටව තැබීමට මෛති්‍රපාල සිරිසේන මහතා කටයුතු කරන්නේ ඔහු ලංකාවට පැමිණියහොත් මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වාටත් වඩා ඔහු පුවත් මවන්නෙකු විය හැකි නිසාය. වරක් ආරුගම් බේ හි මාලූ-මාලූ හෝටලයේදි තරුණියගේ සිරුර මිරිකීම නිසා බරපතල ගැටළුවක් ඇති කරගත් අරගලයෙන් පසුව මෛති්‍රපාල සිරිසේන මහතා තම පුත්‍රයා විදේශ ගත කළේ එවකට ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතාගේද උපදෙස් ඇතිවය.

මෛති්‍රපාල සිරිසේන මහතාගේ වැඩිමහල් දියණිය තම පවුලට නොගැලපෙන තරුණයෙක් සමග පැනයාමත්, ඒ සමගම සිදු වූ ඔහුගේ අබිරහස් මරණයත් නිසා වැඩිමහල් දියණිය දේශපාලනයට තබා ප්‍රසිද්ධ උත්සවයකට හෝ නොඑන්නීය. තමාගේ කනවැන්දුම් දියණිය ශී්‍ර ලංකා නිදහස් පක‍ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතාට විවාහ කරදෙන්නට මෛති්‍රපාල සිරිසේන මහතාට විශාල අවශ්‍යතාවයක් තිබුනද, මේ වනවිට ඒ පිලිබඳ ඔහු නිෂ්කි්‍රය ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ දුමින්දගේ දේශපාලන අනාගතය අවිනිශ්චිත බැව් චන්ද්‍රිකා මැතිණිය කළ ප්‍රකාශයත් සමගිනි.
මෙවන් පසුබිමක් මත එක්සත් ජාතික පක‍ෂයේ පසුපෙළ කන්ඩායම පසුගිය දා සමූහ ගතවෙමින් දිවුරුම් දුන්නේ අවශ්‍ය ඕනැම විටෙන තමන් මෛති්‍රපාල සිරිසේන මහතා හට දෝෂාභියෝගයක් ගෙනෙන්නට සූදානම් බව ප්‍රකාශ කරමිනි.

රෝසි ම මිසක් කොළඹට වෙන කිසිවෙක් සුදුසු නොවන්නේ ඇයි…?

බලවත් නගර පාලනය කරන —බලවත්තු

ප්‍රංශයේ පැරීසිය, ඉතාලියේ රෝමය, ස්පාඤඤයේ බාර්සිලෝනා නුවර, චෙක් ජනරජයේ ප්‍රාග්, සහ වර්සෝ, බැග්ඩෑඩ් ඇතුලූ ප්‍රධාන පෙළේ නගර බොහෝමයක පාලන වගකීම දරන්නේ කාන්තා නගරාධිපතිනියන් විසිනි. මෙය නව ප්‍රවණතාවයකි. නව ප්‍රවණතාවයක් යැයි කීවේ, මීට පෙර කිසිදු අවස්ථාවක, මේ නගර, තමන්ගේ ප්‍රධානියා ලෙස කාන්තාවන් තෝරා පත් කර ගෙන නොතිබුණු බැවිනි. බැග්ඩෑඩයේ හැරුණු කොට, ඉහත නගර සියල්ලේම වාගේ නගරාධිපතිනියන් තෝරා පත් කර ගනු ලැබුවේ මහජන ඡන්දයෙනි.

පැරීසිය පාලනය කරන, ඈන් හීඩල්ගෝ, ප්‍රංශ සමාජවාදී පක්ෂය නියෝජනය කරයි. 2014 දී මැතිවරණයට ඉදිරිපත් වූ ඈන්, ඒ මැතිවරණයේ දී 55% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කිරීමට සමත් විය. ඈන් හීඩල්ගෝ, පැරීසියේ පරිසර දූෂණයට එරෙහි සටන සියතට ගෙන තිබේ. ඇගේ ඒ සටනට පැරිස් ජනයාගේ සහාය නොමදව ලැඛෙන බවද කිව යුතුයි. රෝමය පාලනය කරන, වර්ජිනියා රගී, දූෂණ විරෝධී සටනකට නායකත්වය දෙයි. ඇගේ සටන දූෂණයට එරෙහි සටනකි.

අනාගත පරම්පරාව, නිදහස් සාමකාමී රෝම පුරවරයක පුරවැසියන් බවට පත් කිරීම ඇගේ අභිප්‍රායයි. නගරාධිපතිනියන් අතර සිටින වඩාත්ම රැඩිකල් නගරාධිපතිනිය , ස්පාඤඤයේ බාර්සිලෝනාව පාලනය කරන ඒඩා කොලව් ය. ඇගේ සටන බාර්සිලෝනාවේ නිර්ප්‍රභූ දුප්පත් ජනතාවට, ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දීම ස`දහා යොමු වී තිබේ. නගරාධිපති සටන ජයග්‍රහණය කිරීමෙන් පසුව ඒඩා කොලව්, ඇගේ ජයග්‍රහණය බාර්සිලෝනාවේ නිර්ප්‍රභූ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළා ය. මේ සියලූ නගරාධිපතිනියන්, පිරිමින් හා සමානව සහ අනාගත පරම්පරාව කෙරෙහි වූ ඊටත් වඩා වැඩි ආදරයකින් යුතුව තමන්ගේ නගර පාලනය කරයි¦ අනාගත සැලසුම් සදයි. සටන් කරයි.

පෙබරවාරි 10 වන දා පැවැත්වෙන මැතිවරණයෙන් රෝසී සේනානායක මැතිණිය කොළඹ පුරපති අසුනට තේරී පත් වුවහොත්, කොළඹ පළමු පුරපතිනිය ලෙස ඈ ඉතිහාස ගත වනු ඇති. ලෝකයේ අනෙකුත් පුරපතිනියන් සම`ග එක පෙළට සිට ගැනීමට හැකි, බුද්ධිමත් සහ දේශපාලන සවිඤාණිකත්වයකින් යුතු පුරපතිනියක් තෝරා පත් කර ගත්තා යැයි, කොළඹ පුරවැසියන්ට සතුටු විය හැකි ය. ස්වාධීන විචාරකයන්ගේ අදහස නම්, කොළඹ පුරපති සටනින් රෝසී සේනානායක නිසැක ලෙසම ජය ගන්නා බවයි. ඇගේ ජයග්‍රහණය අලූත් බලගතු කොළඹක ආරම්භය වනු ඇති. රෝසී, කොළඹ පළමු වැනි නගරාධිපතිනියයි. ලංකාවේම දෙවැනි නගරාධිපතිනියයි. පෙබරවාරි 10 මැතිවරණයෙන් පසුව, රෝසී සේනානායක නිසැක ලෙස ම කොළඹ පුරපති අසුනේ අසුන් ගනු ඇති.

ඒ ගැන කිසිදු සැකයක් කිසිවෙකුට නැත. පොහොට්ටුවෙන් සහ බුලත් කොළයෙන් කොළඹ ට ඉල්ලන අපේක්ෂකයන් අතරේ, කොළඹ පුරපති අසුනේ අසුන් ගැනීමට රෝසී තරම් සුදුසු කිසිවෙකු නැත. මේ හේතුව නිසාම නිතරගයෙන් රෝසී ජයගනු ඇති. නිසැක ජයග්‍රහණයෙන් පසුව, කොළඹ පළමු පුරපතිනිය බවට පත් වීමේ වාසනාව හිමි වූවත්, රෝසී ලංකාවේ පළමු පුරපතිනිය නොවේ. රෝසිට පෙර, මහනගරයක් පාලනය කළ පුරපතිනියක් අපට සිටියි. ඒ යාපනය මහ නගර සභාව පාලනය කළ සරෝජනී යෝගේස්වරන් මැතිණියයි. 1997 වසරේ පැවති මැතිවරණයෙන්, යාපනයේ නගරාධිපතිනිය ලෙස සරෝජනී යෝගේස්වරන් තේරී පත් වූ වා ය. ඈ, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජන කළ අපේක්ෂිකාවයි. නමුත් වැඩිකල් පුරපති අසුනේ වාඩි වී සිටීමට ඇයට නොහැකි විය. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් ඈ මරා දැමුවා ය. —රෝසි ම මිසක් කොළඹට වෙන කිසිවෙක් සුදුසු නොවන්නේ ඇයි…? ලංකාවේ අපට අග නගර දෙකක් තිබේ. එකක් කොළඹ යි. අනෙක, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යි. ජයවර්ධනපුර කෝට්ටේ ලංකාවේ —පරිපාලන˜ අගනුවර යි. ˜කොළඹ˜ වාණිජ අගනගරයයි. ඉදිරි දශකය අපේ රට, සංවර්ධන ඉලක්ක හඹායන දශයකය වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයි. ඒ ගමනේ දී —කොඹට˜ සුවිශේෂ කාර්ය භාරයක් පැවරී තිබේ. සංවර්ධනයේ ප්‍රතිලාභ රටේ සිවු කොණ ව්‍යාප්ත වුවත්, දේශපාලනයට සහ ආර්ථීකයට අදාළ ජාත්‍යන්තර සම්බන්ධතා අපි ගොඩ නගන්නේ කොළඹ සිට යි. එමෙන්ම ජාත්‍යන්තරය අපේ රට ගැන චිත්‍රයක් ඇද ගන්නේ, —කොළඹ පරිපාලනයට˜ සාපේක්ෂවයි. ඒ නිසාම, රට නියෝජනය කරමින්, කොළඹ මුල්පුටුව දැරිය යුත්තේ, විදග්ධ, බුද්ධිමත් සහ තීක්ෂණ නායකයෙකි. රෝසී තරම් තීක්ෂණ, රාජතාන්ත්‍රික ගනුදෙනුවලදී ඈ තරම් පරිණතභාවයක් දක්වා ඇති වෙනත් අපේක්ෂකයෙකු වෙනත් කිසිදු පක්ෂයකින් මේ මැතිවරණයට ඉදිරිපත් වී නැත. විශේෂයෙන්ම අගමැති විසින් සැලසුම් කර තිඛෙන, ඉදිරි සංවර්ධන ඉලක්ක ගැන පුලූල් අවබෝධයක් ඇයට තිබේ. කොළඹ පුරපති අසුනේ රෝසී වාඩි වී ම ඒ ඉලක්ක වෙත රට රැගෙන යන ගමනේ දී, අගමැති රනිල් වික්‍රමසිංහට ලැඛෙන අමතර වාසියක් ද වනු ඇති. කොළඹ පුරපති අසුන ස`දහා රෝසිම මිසක් – සුදුසු වෙනත් අයෙකු නැතැයි, බොහෝ දෙනා පවසන්නේ මේ හේතුව නිසා ය. හැමෝගෙම කොළඹට අපේ රෝසි. —කොළඹ˜ අපි හැමෝගේ ම නගරයයි. —කොළඹ˜, අපි හැමෝගෙම නගරය යැයි කියන්නේ, සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ සහ බර්ගර් යන ආදී සියලූ ජනකොටස් කොළඹ ජීවත් වන බැවිනි. සංඛ්‍යා ලේඛනවලට අනුව, කොළඹ ජනගහනයෙන් 41.6% ක් සිංහලයන් ය. 28.9% ක් ලංකා දෙමළ වන අතර, 23.8% ක්, මුස්ලිම් වරුය. මීට අමරතව, —ඉන්දියානු දෙමළ˜, —මැලේ˜, සහ —බර්ගර්˜ යන ජන කොටස් ද සුලූ ප්‍රතිශතයන්ගෙන් වුවත්, කොළඹ ජීවත් වෙයි. කොළඹ මුල් පුටුවට තේරී පත් විය යුත්තේ, මේ සියලූ ජනකොටස් නියෝජනය කළ හැකි චරිතයකි. බහුවාර්ගික, බහු ආගමික, කොළඹට රෝසී තරම් සුදුසු වෙනත් අයෙකු මේ මැතිවරණයේ දී ඉදිරිපත් වී නැත. පොහොට්ටුවෙන් සහ අත ලකුණෙන් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් දෙදෙනා ම, යම් කිසි තරමකට ජාතිවාදය කේවල් කරන දේශපාලන චරිත බව නො රහසකි. රෝසී, ඇගේ දේශපාලන ජීවිතයේ දී කිසි දිනෙක, අදහස්වලින් හෝ හැසිරීමෙන්, ජාතිවාදී වී නැත. ඈ, සියලූ ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය හිස් මුදුනින් පිළිගන්නා කාන්තාවකි. රෝසී, ප්‍රසිද්ධ වේදිකාවේ දී හෝ දේශපාලන සංවාදවල දී, ජාතිවාදී අදහස් ප්‍රකාශ කළා යයි කියා කිසිම තැනක වාර්තා නොවේ. කොළඹ යනු බහු ආගමික සහ බහුවාර්ගික නගරයකි. එමෙන්ම කොළඹ, —ඉහළ සහ —පහළ මධ්‍යම පන්තියට අයත් ජනප්‍රජාවන්ගෙන් ද යුත් නගරයකි. රෝසී, ඒ දෙපිරිසේම හද ගැස්ම හදුනා ගන්නට සමත්ව සිටියි. ඉහළ පන්තියේ මිනිසුන්ට ඔවුන්ගේ සංස්කෘතික වටිනාකම් රැක දිය යුතුවනවා මෙන්ම පහළ මධ්‍යම පන්තියට අයත් බහුතරයේ, මුලික අවශ්‍යතා ඉටු කරමින්, ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ මට්ටමකට ගෙන ඒමේ වගකීම ද කොළඹ මුල් පුටුව භාර ගන්නා කාට වුවත් පැවරෙයි. එවැනි වගකීමක් ඉටු කළ හැකි එකම අපේක්ෂිකාව රෝසී බවට කිසිදු විවාදයක් නැත. හැමෝගෙම කොළඹට, රෝසී තරම් ගැලපෙන – වෙනත් අයෙක් නැත.

මඩ මෙහෙයුමකට ශ්‍රීලනිපය ලෑස්තියි. මෛත්‍රී ඔපරේෂන් 2 අරඹයි.

පසුගිය දා ජනපති නිල නිවසට රැස් වූ ශී්‍ර ලංකා නිදහස් පක‍ෂයේ ඉහළ පෙළේ පිරිස තම මැතිවරණ ව්‍යාපාරයේ අලූත්ම තත්ත්වය පිලිබඳ ජනාධිපතිතුමා දැනුවත් කර ඇතැයි රහසිගත ආරංචි මාර්ග වලින් වාර්තා වේ. දැනට පවතින සමීක‍ෂණ වාර්තා අනුව එක්සත් ජාතික පක‍ෂයට අති විශාල ජයග්‍රහණයක් ලැඛෙන බවත්, දෙවැනි ස්ථානය මහින්ද රාජපක‍ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටුව ලබාගන්නා බවත්, තමන්ට හිමිව ඇත්තේ තෙවන ස්ථානය බවත්, එම ස්ථානයටද ජනතා විමුක්ති පෙරමුණ සමග කරටකර සටනක් ඇති බවත් මෙහිදි ප්‍රකාශ වීමත් සමප පිරිස කඩිගුලක් සේ ඇවිස්සී තිබේ.Image result for maithripala sirisena

බොහෝ ජ්‍යෙෂ්ඨයන් පවසා ඇත්තේ විජිතමුණි සොයිසා අමාත්‍යවරයා මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේදීම ශී්‍ර ලංකා පක‍ෂයට පරාජය පුරුදු බව ප්‍රකාශකිරීම මගින් විශාල අගතියක් සිදු වූ බවයි. එසේම අමාත්‍යවරුන් පරස්පර විරෝධි කතා ප්‍රකාශ කිරීම, එකිනෙකාට එරෙහිව ප්‍රකාශ නිකුත්කර ගැනීම ආදිය නිසා ශී්‍ර ලංකා නිදහන් පක‍ෂයේ පදනම විශාල වශයෙන් නායගොස් ඇති බව මෙහිදි ප්‍රකාශ විය. පක‍ෂයේ උපදේශිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රකාශයන්ද එයට හේතු වූ බව ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කර ඇති අතර, තමන් විසින් වහාම පවතින තත්ත්වය වෙනස් කිරීමට උපක්‍රමයක් දියත් නොකළහොත් ශී්‍ර ලංකා නිදහප් පක‍ෂය පරාජය පත්වීම නොවැළැක්විය හැකියැයි ප්‍රකාශ කර තිබුනේ චන්දිම බණ්ඩාර අමාත්‍යවරයාය.

මෛති්‍රපාල සිරිසේන මහතාගේ ඉදිරි දේශපාලන පැවැත්ම තීරණය කරන්නේ මෙම මැතිවරණයේ ප්‍රතිඵලය බැව් එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කිරීමත් සමගම බොහෝ දෙනෙක් කලබල වී තිබේ. තමන් මුල පටන්ම මෛති්‍රපාල සිරිසේන මහතාට අවවාද අනුසාසනා කළද ඔහු ඒවා ගණන් නොගෙන කි්‍රයාකළ බවත්, ඔහු සිතන්නේ තාමත් තමා ග්‍රාම නිලධාරියෙක් වන බවත් කියමින් මෙහිදි චෝදනා එල්ල කළ චන්දි්‍රිකා මැතිණිය පැවසුවේ ඉක්මනින්ම මහින්ද රාජපක‍ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටු පක‍ෂයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ යුතු බවයි. එහිදි මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේ පොහොට්ටුවට පමණක් නොව, එක්සත් ජාතික පක‍ෂයටත් එලෙසම ප්‍රහාර එල්ල කළ යුතු බවත්, සතුරන් දෙදෙනෙකුට එක්වර පහරදීමට ඇති අසීරුතාව ජයගන්නට කළ යුත්තේ මේ දෙකොට්ඨාසයටම හොරු යන ලේබලය අලවා හොරුන්ට පහරදීමේ පිලිවෙතක් දියත් කළ යුතු බවත්ය. එහිදි චන්ද්‍රිකා මැතිණිහ උපහාසයෙන් ප්‍රකාශ කර ඇත්තේ මහින්දගේ කාලේ හොඳට හොරකම් කළ හොඳම හොරු ටික සිටින්නේ තම පක‍ෂයේ බවයි.

විශේෂයෙන්ම එක්සත් ජාතික පක‍ෂයේ තරුණ නැවුම් දේශපාලඥයන් වන හරින් ප්‍රනාන්දු, හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා වැනි පුද්ගලයන්ට චරිත ඝාතනය වන ආකාරයේ ප්‍රහාරාත්මක සටනක් දියත් කළ යුතු බවට මෙහිදී විජිතමුණි සොයිසා මහතා කළ යෝජනායට සියලූ දෙනාගේ එකඟතාවය හිමි විය.

කෙසේ වුවද උනුයි මුනුුයි දෙගොල්ලොම හොරු යන ශිර්ෂය යටතේ මෛති්‍රපාල සිරිසේන මහතා ඔපරේෂන් 2 ආරම්භ කරන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසිනි.

හරීන් සමඟ ඓතිහාසික සටන අද නැවතත් වෙල්ලස්සෙන් ඇරඹෙයි.

2018 පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක‍ෂ තරග භූමිකාව අද බදුල්ල නගරයේදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිනි. මීට පෙර රාජපක‍ෂ රෙජීමය පරාජයට පත් කරමින් ඌව වෙල්ලස්සේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගත්තේද අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසිනි. එදා රාජ්‍ය බලය සකලවිධ ආකාරයෙන් අවභාවිතා වෙද්දි එදා එක්සත් ජාතික පාක‍ෂිකයන් හට ඉමහත් ශක්තියක් වෙමින්, උත්තේජයක් සපයමින් දුර්දාන්ත පාලනයක් නිමා කරන මුල් අඬහැරය වූයේ එම මැතිවරණයයි.

පොහොට්ටුවේ 3ක්, සීනුවේ 1ක් එජාප වේදිකාවේ.

ඒ අනුව යමින් මෙවරද, එක්සත් ජාතික පක‍ෂයේ ඌව වෙල්ලස්ස සටන ඇරඹෙන්නේ ජයග්‍රහණය තහවුරු කරමිනි. මේ අනුව ඌව වෙල්ලස්සේ එක්සත් ජාතික පක‍ෂය විජයග්‍රහණය තහවුරු කරන්නට පොහොට්ටුවේ අපේක‍ෂකයන් 3 එක් හා ජනතා විමුක්ති පෙරමුණේ අපේක‍ෂකයෙක් එක්සත් ජාතික පක‍ෂයට එක් විය. ඌව වෙල්ලස්ස පමණක් නොව, ලංකාවේ දස අතින් මෙලෙස පොහොට්ටුවේත්, ජනතා විමුක්ති පෙරමුණේත් අපේක‍ෂකයන් එක්සත් ජාතික පක්ෂයට එක් වනු ඇතැයි හරින් ප්‍රනාන්දු මහතා අපේක්ෂා කරයි.

මෙය එක්සත් ජාතික පක‍ෂයට ඉතාම වැදගත් අවස්ථාවකි. වසර ගණනාවකට පසුව පළාත් පාලන ඒකකයන් සඳහා වඩාත් ශක්තිමත් ආකාරයකින් හා රොදබැඳගන්නා සුවිශේෂ ආකර්ෂණීය බවකින් චන්ද දායකයෝ එක්සත් ජාතික පක‍ෂය වටා එක්රොක් වෙමින් සිටිති.

නිරුපන තරඟයකින් ලොව පළමු ස්ථානය හිමි කරගත් ලංකාවේ සුපිරි කොල්ලා “ජනුක” – වීඩියෝ.

ලංකාවේ තරුණයෙකු ජාත්‍යන්තර වශයෙන් නිරුපන ශේත්‍රයේ ලබුඉහලම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුනා. ඔහු නමින් ජනුක රාජපක්ෂ නම් තරුණයෙක්. ඔහු මේ ජයග්‍රහණය ලැබුවේ ලොව රටවල් 134ක් පරදවයි.

පහතින් ඔහුගේ වීඩියෝව නරඹන්න.

 

රොෂාන් පිලපිටිය අලුතින් විවාහ වූ තරුණියගේ මව හිටි හැටියේ බුකිය කළඹයි.

ප්‍රවීන රංගන ශිල්පී රොෂාන් පිලපිටිය සහ ජනප්‍රිය නිරූපන ශිලිපිනයක් මෙන්ම රංගන ශිල්පිනියක වන රිද්මා දිසානායක සමග නව යුග දිවියක් ආරම්භ කල බව අප ඔබට වාර්තා කරා.

මේ පිළිබඳව බොහෝ දෙනාගේ කතා බහට ලක්වීමත් සමඟ මෙම විවාහය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විවිධ අදහස් දැක්වුවා. ඒ අතර රොෂාන් පිලපිටිය විසින් සුනාලි රත්නායක නම් තරුණියක් රවටා රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා ගෙන ඇති බවටද කට කතාවක් පැතිර ගියා. එසේම රිද්මා පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි තරුණියක් බවත්, ඇයට රඟපෑමට අවස්ථාව ලබාදෙන බව මුහුණු පොත ඔස්සේ පවසා පසුව ඇය කොළඹට ගෙන්වාගෙන ඇති බවත් සමාජ ජාලයන්හි කතාබහට ලක්වෙනවා.ඇයද විවාහක කාන්තාවක් බවයි පවසන්නේ

කෙසේ වෙතත් ඊයේ දිනයේ පසුගිය දා විවාහ වුනු ජනප්‍රිය නළු රොෂාන් පිලපිටියගේ බිරිඳ වන රිද්මා දිසානායකගේ මව Face Book හි සටහනක් යොදමින් ඔවුන් දෙපලට සුභ පතා තිබෙනවා.

“රොෂාන් පුතාට හොඳ භාර්යාවක් වීමට හැකිවේවා දුවණි.

ඔබට ඇස්වහක් කටවහක් නොවදීවා.

මගේ දුවටයි, පුතාටයි මමී හැමදාමත් සුභ පතනවා.”

යනුවෙන් එහි සදහන්ව තිබුනා.

මීට අමතරව ඇය රොෂාන් පිලපිටියට යම් ඔවදනක් ලබා දෙන අකාරයේ පින්තුරයක් එක කර තිබුනා. එම පින්තුරය සහ තවත් ෆොටෝ පහතින්.

ලියුම් බෙදන්නෙකු තම බිරිඳ වෙනුවෙන් තනිව සෑදු මේ මාලිගය ටජ්මහලට එහා ගිය ආදර කතාවක්. – වීඩියෝ.

පයේ බොරලු කැටයක් පැටලී මහ මඟ ඇද වැටුණොත් ඒ බොරලු කැටය ගැන වැඩි දෙනෙක් ඇතිකර ගන්නේ කෝපයකි. එහෙත් එසේ පයේ හැප්පුණු ගල්වලින් මාලිගාවක් තැනීම ගැන සිතිය හැකි ද?
ප්‍රංශ ජාතිකයකික තැපැල්කරුවකු වූ ෆර්ඩිනන්ඩ් චෙවල්ට සිතුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. ඔහු එය රැගෙන ගියේය. තැපැල්කරුවකු ලෙස පුරා වසර 33ක් සේවය කරද්දී ඔහු විවිධ හැඩැති ගල් සහ බොරලු එක්රැස් කළේ රාජකාරියට යන එන අතරතුරේදීය. එම ගල් එක්රැස් කර ඔහු සිහින මාලිගාවක් නොව සැබෑම මාලිගාවක් තැනීය. අද එය හඳුන්වන්නේ ‘තනි මිනිසකුගේ වැඩක්’ ලෙසිනි. එය ලියනාඩෝ ඩාවින්චිගේ, පැබ්ලෝ පිකාසෝගේ විශිෂ්ට සිත්තමක් තරමටම කලාත්මක නිර්මාණයක් වී ඇත.

ඒ කතාව තුල ඇත්තේ අපරිමිත ආදරය තම බිරිඳ කෙරෙහි දැක්වූ සැබෑ මිනිසෙකුගේ ඇදහිය නොහැකි කැපවීමක කතාවයි. වීඩියෝව පහතින්.

 

 

මහ මුහුදේ කුණාටුවෙන් ගසාගෙන ගිය මරියදාස්ගේ මිනිය ගොඩගසන තෙක් බලා සිටි පිරිසට දින 10න් ලැබුණු විශ්මිත දෙය.

අන්තෝනි මරියදාස් නැමති තිස් හත් හැවිරිදි මෙම ධීවරයා පසුගිය 7 වෙනිදා තවත් ධීවරයින් තුන් දෙනෙකු සමග මුහුදු ගිය අවස්ථාවේදී ධීවර බෝට්ටුව සැඩ පහරකට හසු වීමෙන් ඔහුව මුහුදට වැටී නොපෙනී ගොස් තිබෙනවා.

ආපසු පැමිණි ධීවරයින් මේ බව මරියදාස් ගේ නිවසේ උදවියටත් පොලීසියටත් නාවික හමුදාවටත් දැණුම් දී ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටින්නේ.

මේ සිද්ධිය වූ දිනයට පසු දා සිට මරියදාස් ගේ පවුලේ ඥාතීන් හා සහෝදර ධීවරයින් මරියදාස් ගේ මළ සිරුර ගොඩට ගසාගෙන එනු ඇතැයි බලාපොරොත්තුවෙන් පේසාලේ මුහුදු වෙරළ ආසන්නයේ රැදී සිටීම පුරුද්දක් කරගෙන සිටියා.

හදිසියේම ඉන්දියාවේ රාමේස්වරන් පොලීසියෙන් හා ඉන්දීය ධීවර සමීතියක සභාපතිවරයෙකු මරියදාස්ගේ නිවසට දුරකතනයෙන් කතා කොට පවසා ඇත්තේ ඔහුව රාමේස්වරන් පොලීසිය වෙත බාර දී ඇති බවයි.

සුළි කුණාටුවට හසු වී මුහුදට වැටුණු මරියදාස් මුහුදේ පාවෙමින් දකුණු ඉන්දියාව දෙසට ගසාගෙන යමින් සිටියදී ඉන්දීය ධීවරයින් පිරිසක් ඔහුව දැක බේරාගෙන ඔවුන්ගේ ටෝලර් යාත්‍රාවට නංවාගෙන තිබෙනවා.

ඒ වන විටත් සිහිසුන්ව සිටි මරියදාස්ට ප්‍රථමාධාර දී ඔහුට සුවය ලබා දී ටෝලර් යාත්‍රාව රාමේස්වරන් ප්‍රදේශයට ළගා වූ පසුව ඔහුව ඉන්දීය ධීවරයින් විසින් රාමේස්වරන් පොලීසියට බාරදී ඇතැයි සඳහන්.

මරියදාස් දරුවන් හතර දෙනෙකුගේ පියෙක්.

ඔහුව ආපසු මන්නාරමට ගෙන්වා ගැනීම සදහා මන්නාරමේ ධීවර සමීති හා පවුලේ සාමාජිකයින් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් හමුවීමට නියමිතව තිබුනා.

චීන ෂවොලින් විහාරයේ හිමිවරුන් මහනුවරදී කුන්ෆු සටන් කලාවේ ආරම්භය ගැන කල සුපිරි සංදර්ශනය.- වීඩියෝ

ශ්‍රී ලංකාව සහ  චීනය අතර  සම්බන්ධතාවය දීර්ඝ කාලයක් පවතිනවා. නමුත් තානාධිපති සම්බන්ධතාවයට වසර 75ක් පිරීම නිමිත්තෙන් විශේෂ කුංෆු සංදර්ශනයක් මහනුවරදී පැවැත්වුනා.

මේ සඳහා චීනයේ ෂවෝලින්ග් විහාරයේ හිමිවරුන් සහභාගී වුන. ලොව ප්‍රසිද්ධම කුන්ෆු කලාව පවතින ෂවෝලින්ග් විහාරයේ ඉතා අඩු වයසේ හිමිවරුන් විසින් ඉදිරිපත් කල කුන්ෆු සංදර්ශනය නැරඹීමට විශාල පිරිසක් සහභාගී වුනා.

මෙහිදී කුන්ෆු සටන් කලාව සඳහා  පාදක කරගත් සතුන්ගේ හැසිරීම විදහා දැක වූ හැටි පහත වීඩියෝවෙන් නරඹන්න.

රුසියාව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මාරු පහරක් එල්ල කරයි. ලක්ෂ තුනකට වඩා රැකියා අනතුරේ.

ශ‍්‍රී ලංකාවේ විශාලතම තේ ගැණුම්කරුවා වන්නේ ද රුසියාවයි. ශ‍්‍රී ලංකාව අපනයනය කරන තේවලින් සියයට 25ක්ම රුසියාව විසින් මිලදී ගන්නවා. එරට මුළු තේ අවශ්‍යතාවයෙන් සියයට 23ක් සම්පූර්ණ කෙරෙන්නේ ශ‍්‍රී ලංකාවේ තේවලින්.
මෙම වසරේ පළමු මාස 09 තුළ ශ‍්‍රී ලංකාව රුසියාවට අපනයනය කර ඇති තේ ප‍්‍රමාණය කිලෝග‍්‍ර‍්‍රෑම් මිලියන 25ක්. එම`ගින් ශ‍්‍රී ලංකාව උපයාගෙන ඇති ආදායම රුපියල් බිලියන 19ක් පමණ වනවා.
රුසියාවට අපනයනය කල තේ තොගයක සිටි කෘමියෙකු නිසා රුසියාව ශ්‍රී ලාංකීය තේ ආනයනය අත්සිටුවීමට තීරණය කර තිබෙනවා.
ශ‍්‍රී ලංකාවේ තේවලට රුසියාව පනවා ඇති තහනම තේ කර්මාන්තය ආශ‍්‍රිතව ආදායම් උපයාගන්නා වතු කම්කරුවන්ට ද ඍජු බලපෑමක් ඇති කරනවා. කඳුරට ජනතා පෙරමුණේ නායක, රාජ්‍ය අමාත්‍ය වී රාධ ක‍්‍රිෂ්ණන් පෙන්වා දෙන්නේ අවම වශයෙන් පුද්ගලයින් ලක්ෂ 03කට ආසන්න පිරිසක් මේ නිසා බලපෑමට ලක්විය හැකි බවයි.

වතුකම්කරුවන්ට පමණක් නොව ශ‍්‍රී ලංකාවේ තේවලට රුසියාව පනවා ඇති තහනම සමස්තයක් ලෙස ශ‍්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය කෙරෙහි ද කැපී පෙනෙන බලපෑමක් ඇති කරනු ඇති. මේ නිසා මෙම තහනම ඉවත් කරවා ගැනීමට ශ‍්‍රී ලංකාව කඩිනමින් කටයුතු කළ යුතු බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය ගාමිණී වීරසිංහ අවධාරණය කරනවා.

ශ‍්‍රී ලංකාවේ තේවලට තහනමක් පැනවීමට රුසියාව තීරණය කර ඇත්තේ ශ‍්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද තේ තොගයක තිබී කෘමි විශේෂයක් හමුවීම නිසායි. තේ පමණක් නොව ශ‍්‍රී ලංකාවේ සෙසු වැවිලි නිෂ්පාදවලට ද රුසියාව තහනමක් පනවා තිබෙනවා. මෙම තහනම හෙට සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.

අමාත්‍ය නවීන් දිසානායක මේ වනවිටත් රුසියානු බලධාරීන් සමග සාකච්ඡා කිරීමට එරටට පිටත්ව ගොස් ඇතැයි ද මෙහිදී සිහිපත් කෙරුණා.