නිරුපන තරඟයකින් ලොව පළමු ස්ථානය හිමි කරගත් ලංකාවේ සුපිරි කොල්ලා “ජනුක” – වීඩියෝ.

ලංකාවේ තරුණයෙකු ජාත්‍යන්තර වශයෙන් නිරුපන ශේත්‍රයේ ලබුඉහලම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුනා. ඔහු නමින් ජනුක රාජපක්ෂ නම් තරුණයෙක්. ඔහු මේ ජයග්‍රහණය ලැබුවේ ලොව රටවල් 134ක් පරදවයි.

පහතින් ඔහුගේ වීඩියෝව නරඹන්න.

 

ලියුම් බෙදන්නෙකු තම බිරිඳ වෙනුවෙන් තනිව සෑදු මේ මාලිගය ටජ්මහලට එහා ගිය ආදර කතාවක්. – වීඩියෝ.

පයේ බොරලු කැටයක් පැටලී මහ මඟ ඇද වැටුණොත් ඒ බොරලු කැටය ගැන වැඩි දෙනෙක් ඇතිකර ගන්නේ කෝපයකි. එහෙත් එසේ පයේ හැප්පුණු ගල්වලින් මාලිගාවක් තැනීම ගැන සිතිය හැකි ද?
ප්‍රංශ ජාතිකයකික තැපැල්කරුවකු වූ ෆර්ඩිනන්ඩ් චෙවල්ට සිතුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. ඔහු එය රැගෙන ගියේය. තැපැල්කරුවකු ලෙස පුරා වසර 33ක් සේවය කරද්දී ඔහු විවිධ හැඩැති ගල් සහ බොරලු එක්රැස් කළේ රාජකාරියට යන එන අතරතුරේදීය. එම ගල් එක්රැස් කර ඔහු සිහින මාලිගාවක් නොව සැබෑම මාලිගාවක් තැනීය. අද එය හඳුන්වන්නේ ‘තනි මිනිසකුගේ වැඩක්’ ලෙසිනි. එය ලියනාඩෝ ඩාවින්චිගේ, පැබ්ලෝ පිකාසෝගේ විශිෂ්ට සිත්තමක් තරමටම කලාත්මක නිර්මාණයක් වී ඇත.

ඒ කතාව තුල ඇත්තේ අපරිමිත ආදරය තම බිරිඳ කෙරෙහි දැක්වූ සැබෑ මිනිසෙකුගේ ඇදහිය නොහැකි කැපවීමක කතාවයි. වීඩියෝව පහතින්.

 

 

චීන ෂවොලින් විහාරයේ හිමිවරුන් මහනුවරදී කුන්ෆු සටන් කලාවේ ආරම්භය ගැන කල සුපිරි සංදර්ශනය.- වීඩියෝ

ශ්‍රී ලංකාව සහ  චීනය අතර  සම්බන්ධතාවය දීර්ඝ කාලයක් පවතිනවා. නමුත් තානාධිපති සම්බන්ධතාවයට වසර 75ක් පිරීම නිමිත්තෙන් විශේෂ කුංෆු සංදර්ශනයක් මහනුවරදී පැවැත්වුනා.

මේ සඳහා චීනයේ ෂවෝලින්ග් විහාරයේ හිමිවරුන් සහභාගී වුන. ලොව ප්‍රසිද්ධම කුන්ෆු කලාව පවතින ෂවෝලින්ග් විහාරයේ ඉතා අඩු වයසේ හිමිවරුන් විසින් ඉදිරිපත් කල කුන්ෆු සංදර්ශනය නැරඹීමට විශාල පිරිසක් සහභාගී වුනා.

මෙහිදී කුන්ෆු සටන් කලාව සඳහා  පාදක කරගත් සතුන්ගේ හැසිරීම විදහා දැක වූ හැටි පහත වීඩියෝවෙන් නරඹන්න.

ජාවාරම්කරුවන් ලංකාවේ අලි පැටවුන් මුහුඳු මාර්ගයෙන් , ලංකාවෙන් එපිට විශේෂ කලාපයකට විකුණයි.

ශ්‍රී ලංකාවතුල මේ දිනවල උණුසුම්ම මාර්තෘකාවක් බවට අලින් පත්ව ඇත. දල ඇතුන් වෙඩි තබා ඝාතනය කර ,දල කපාගේනයාම් ගැන නිරතුරු අසන්නට ලැබුනා. මිනිසුන්ගේ උගුල්වලට හසු වී තවත් අලින් මිය යයි. මේ ගැන සමාජයතුළ දැඩි කතාබහක් ඇති විටෙක   මෙරට අලි ඇතුන් සම්බන්ධ තවත් ජාවාරමක් පිළිබදව වාර්තා වෙනවා. ඒ මවු ඇතින්නන්ගෙන් කුඩා අලි පැටවු වෙන් කරවාගෙන , එම අලි පැටවුන් මුහුදු මාර්ගයෙන් හොර රහසේ ඩුබායි අබුඩාබි ඇතුළු මැද පෙරදිග රටවලට යැවීමේ ජාවාරමක් පිළිබදවයි.

තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා‍ මෙම ජාවාරම පිළිබදව හෙළි කරමින් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා. මෙලෙසින් අලි පැටවුන් මහුදු මාර්ගයෙන් හොර රහසේ ඩුබායි අබුඩාබි ඇතුළු මැද පෙරදිග රටවලට යැවීමේ ජාවාරමක් පිළිබදව තමන්ට තොරතුරු ලැබී ඇතැයි අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර තිබුණා.

පසුගියදා හම්බන්තොට වෙරළ තීරයෙන් අලි පැටවුන් තිදෙනකු  සොයා ගැනීමට හැකිවූ බවත් මෙම අලි පැටවුන් තිදෙනා මුහුදු මාර්ගයෙන් හොර රහසේ ගෙන යෑමට සූදානමක් තිබූ බවට සැකකරන බවත් මේ පිළිබදව හෙළි කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

වෙරළේ සිට බෝට්ටු මාර්ගයෙන් මෙම අලි පැටවුන් මුහුදේ යන නැව්වලට පැටවීමේ සූදානමක් තිබෙන්නට ඇති බවත් කාලයක සිට මෙසේ මැද පෙරදිග රටවලට අලි පැටවුන් හොර රහසේ පැටවීමේ ජාවාරමක් සිදුවන්නට ඇති බවත් ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.

මෙම අලි පැටවුන් තිදෙනාගේ මවු ඇතින්නන් සොයා මේ වන විට හම්බන්තොට හා ඒ අවට ප්‍රදේශවල ආරක්‍ෂක අංශ හා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහෙයුමක්ද ආරම්භ කර ඇත.

මුහුදු මාර්ගයෙන් අලි පැටවුන් රැගෙන යෑමේ ජාවාරම ගැන නාවික හමුදාවටත්, ගුවන් හමුදාවටත් විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්‍ෂක අංශවලටත්, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටද දැඩි අවධානයකින් සිටින ලෙස උපදෙස් ලබාදී තිබෙන බව ද සදහන්.

නයි, පොළඟුන් ගහන කැලෑවට අලුත උපන් දරුවා වීසිකළ මව කීව සිත සසල කරවන කතාව. – වීඩියෝ.

සතර දිසාවෙන් මල් සින්දු ඇහෙන, අහන අපි පොඩ්ඩක් වෙනස් දෙයකට, ජීවිතයට වැදගැම්මක් ඇති දෙයකට විනාඩි 2ක් වැය කරමුද?

සැමදෙසින්ම මල් සින්දු ඇහෙනවාට සමානවම , අහිංසක දරුවන් , බිලිඳුන් මහා මග දමා යන, මරණයට පත් කරන, පුංචි මල් කැකුළු පොඩි කර දමන හැටිත් අසන්නට , දකින්නට ලැබෙනවා. මීට වරද කරුවන් කව්රුන්ද?

අම්මෙක් දරුවෙක් මහා මග දමා ගිය පසු සමාජයම ඇයයව පතුරු ගසයි. වරද ඇයගේ පමණද? නන්දා මාලනිය නම් වූ ඒ අසහාය ගායිකාව මේ සමාජ ගැටලුව ගැන මීට දශක කිහිපයකට කලින් ගයන ලද මේ ගීතය අද මාධ්‍ය තුලින් ඇසෙන්නේ නැත. නමුත් අදට ගැලපෙන මේ පද වැල්, සංගීතය ගැන ඔබ වෙත ගෙන එන්නට සිතුවා. මදකට හැමදේම අමතක කරලා මේ ගීතය අහන්නකො.

තරුණයෙකු තම ජීවිත අවධානම ගැන නොසිතා හරක් හොරු ලුහුබැඳ පැටව් දෙදෙනෙකු බේරාගත් හැටි – වීඩියෝ.

පොලිසියටත් හිසරදයක් වූ හරක් නීතියට පටහැනි ලෙස ගෙනයන පුද්ගලයන් ලුහුබැඳ ගොස් , නොබියව ඔවුන් පොලිසියට කොටුකර දී, අවිහිංසක ගවයන් දෙදෙනෙකු බේරා දුන් වසන්ත කරුණාතිලක නම් තරුණයෙකු ගැන සමාජ ජාලා ඔස්සේ වාර්තා වෙනවා. මෙන්න අ ගැන සම්පුර්ණ විස්තරය.

BCS උපාධිය වයස 11දී දිනා ලෝක වාර්තාවක් තබා, ගුවන් නියමුවරියක් වූ 15 හැවිරිදි සිසුවිය.

ලොව මවිත කල ඇය 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි. බ්‍රිතාන්‍ය පරිඝනක සංසදය පිරිනමන BSC උපාධිය වයස 11දෙඑ දිනාගෙන , ලොව ලාබාලම උපාධි ධාරණිය වූ ඇය, සා/පෙළ සමත්වන විට වයස 13කි. ජනපති සම්මාන සහ තවත් සම්මාන රැසක් දිනාගත් ගුවන් නියමුවරියක් වූ 15 හැවිරිදි ඇයගේ විශ්මිත කතාවයි මේ.

බුද්ධ පුත්‍රයෙකු මිනිස් පහරදීමකින් මරණාසන්න වන්දුරෙකුට පණ දී කීව සුපිරි කතාව.- වීඩියෝ.

මිනිසුන්ගේ දරුණු පහර දීම නිසා අහිංසක වඳුරෙකුගේ හිසට දැඩි හානි සිදුව තිබුනා. පසුව කාලයට වීසිකර තිබියදී හිමිනමක් විසින් මරණාසන්න වඳුරා නැවත සුවපත් කිරීමට මහත් වෙහෙසක් ගත්තා. අවසානයේදී හිමි නම විසින් වඳුරා බේරාගෙන , මිනිසුන් වෙත අපුරු කතාවක් කියා දුන්නා. පහත වීඩියෝවෙන් සම්පුර්ණ විස්තරය බලන්නකෝ.

මහලු නිවසක සජීවී පටිගත කිරීමක් අතර තුර සිදු වූ හද කම්පා කරන සිදුවීමක් – වීඩියෝ.

අදකාලේ දෙමව්පියන් විඳින අනේක දුක් වේදනා ගැන කොතරම් අප, ඔබ අසා ඇතිද?. මහලු නිවාස අද දරුවන් ගෙනත් දැමු දෙමව්පියන්ගෙන් පිරී ගොස්ය. ජීවිතයේ අවසන් කාලයේ ඔවුන් ගෙවා දමන්නේ කියාගන්න බැරි දුකක් සිතේ සිරකරගෙනය.

ඔවුන්ගේ සිතේ සිරවූ දුක කොතරම්ද කියා ඔබ දන්නවාද?. මහලු නිවාසයක සජීවී පටිගත කිරීමක් අතරතුර සිදුවූ මෙම සිද්ධිය පටිගතවී තිබුනා. ඔබත් මෙය නරඹා තවත් කෙනෙකුට බලන්න share කරන්න.

ජරමර අතර ලංකාවේ පෙට්‍රල් අර්බුධය ගැන “වස්ති” නිකුත් කල වීඩියෝව මෙන්න – වීඩියෝ.

මේ දවස්වල දැවෙන ගැටලුව වී පවතින්නේ ඉන්ධන ගැටලුවයි. පෙර කිසි දිනෙක නොවූ විරු ලෙස පෙට්‍රල් හිඟය සහ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් දක්නට ලැබෙනවා.

මෙය ඉතා උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇති අතර සමාජ ජාලා සියල්ලගේ මේ ගැන විවිධ අදහස් හුවමාරු වනවා. මේ අතර ලංකාවේ සමාජ ජාලා අතර ඉතා ජනප්‍රිය චරිතයක් වූ “වසති” හි අනුෂ්ක සහ දුලාජ් මේ ගැන අපුරු වීඩියෝවක් නිකුත් කලේ මීට ටික දිනකට පෙරයි. බලන්නකෝ පොඩ්ඩක් ඒ වීඩියෝව.