සංගා, මහේල, අරවින්ද අනාගත ක්‍රිකට් වෙනුවෙන් අද සුවිශේෂී සාකච්චාවක.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නව මඟකට යොමුකරලීමේ තේමාව පෙරදැරි කරගනිමින් ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහභාගී වූ වැඩමුළුවේදී සකස් කළ වාර්තාව පිළිබඳව පළමු සාකච්ඡාව අද (03) පැවැත්වීමට නියමිතයි.

එය අද පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යංශයේ දී ආරම්භවනු ඇති.

අදාළ වාර්තාව ක්‍රියාත්මක කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළා.

හේමක අමරසූරිය, අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන එහි සාමාජිකයන් ලෙස නම්කෙරුනා.

ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහභාගී වූ එම වැඩමුළුව බත්තරමුල්ල වොටර්ස්එජ් හීදී පැවැත්වුණා.

වැඩමුළුව අවසන්වීමට මත්තෙන් අදහස් දැක්වූ ලසිත් මාලිංග චෝදනා කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් කඩාවැටීමට බලධාරීන් මෙන්ම ක්‍රීඩකයින්ද වගකිව යුතු බවයි.

මෙම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යයට නොහැකි වුණේ වැඩමුළුවේ මුල් කොටස පමණක් මාධ්‍යයට විවෘත වීම හේතුවෙන්.

කෙසේ නමුත් මාලිංග එහිදී සිදුකළ කතාවේ හඬ පටය මේ වන විට සමාජ ජාල මාධ්‍යයේ සංසරණයවනවා.

ලසිත් මාලිංග

– 96 න් පස්සේ අපිට සමාජීය තලය තුළ කතාබහක් ඇතිවුණා පාසලෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ නෑ කියලා. ඒ හේතුවත් එක්ක ඇහුම්කන් දීම මත අපි බැලුවා පොඩි එක්කෙනෙක් ගෙනල්ලා මම කොහොමද ජනප්‍රිය වෙන්නේ කියලා. ඒකට අහුවුණේ තිලිණ කණ්ඩම්බි, චාමර සිල්වා, ජෙහාන් මුබාරක්, මලින්ද වර්ණපුර, කෞශාල් ලොකුආරච්චි, කෞශල්‍ය වීරරත්න. ඒ ජෙනරේෂන් එකක්. නැවතත් යළි අවුරුදු 5 කින් 6 කින් මේවගේ අවස්ථාවක් උදාවුණොත් ජනතාවට ඇහුම්කන් දෙන්න කලින් මේ ක්‍රිකට් එකට ඇහුම්කන් දෙන්න. තරග පරාජය ගැන කතා කරනවා. තරග පරාජයට වගකියන්න ඕන ක්‍රීඩකයින්. අපිට හොඳ පුහුණුකරුවන් අවශ්‍යයි. අපි නිර්මාණය කළා හයි පෆෝමන් සෙන්ටර් එකක්. අපි ඒ දේ භාරදීලා තියෙනවා තරග 16 ක් ක්‍රීඩා කරලා තමන්ගේ ජීවිතේ ලකුණු 100 ක්වත් ලබාගත්තු නැති පුද්ගලයෙකුට. අපි තවත් වැරදුණු තැනක් තමයි අපි ක්‍රීඩකයාට ක්‍රීඩකයා රීප්ලේස් කළා මිසක් ඒ ක්‍රීඩකයා කළ ජොබ් එකට ජොබ් එකක් රීප්ලේස් කළේ නෑ. පසුගිය කාලය තුළ කණ්ඩායම තේරුවට පස්සේ කණ්ඩායමේ නායකයා තෝරනවා. එතකොට ලෝකයේ ඉන්න හොඳම නායකයාටවත් සැලසුමක් හදන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. ඒ වගේම අපි තනතීරුවලට ගියාම අපිට මේවගේ තනතීරු තියලා දෙන්න. අනිත් පැත්තට එනකොට තණකොළ කපලා කියනවා ප්ලේට් එක වැරදුණා කියලා. ජාත්‍යන්තරතලයේ විකට් එකක් හදන එක්කෙනෙක් එතන ඉන්නවානම් ප්ලේට් එක වරදිනවානම් මම හිතන්නේ නැහැ එයා ඒ ග්‍රවුන්ඩ් එක හදන්න සුදුසු පුද්ගලයෙක් කියලා. ඒවගේ සිදුවීම් පහුගිය කාලය තුළ සිදුවෙලා තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *