සාජාහිදී සුරුපිනියකට රාත්‍රිය ගතකරන්න ඇරයුම් කල ලංකාවේ ක්‍රිකට් ලොක්කා වැඩ වරද්දාගනියි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අගාධයකට පත්ව ඇති අවස්ථාවක ශ්‍රී ලංකා ක්‍රිකට්  කීර්තිනාමයට හානි වන ආකාරයේ ක්‍රියාවක් කල ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරියෙකු පිළිබද අන්තර්ජාලය උණුසුම් වෙමින් පවතිනවා.

මේ පිළිබද දැඩිව කතාබහට ලක්වුනේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිටි, තරඟාවලියේ කටයුතු වෙනුවෙන් රාජකාරියේ යෙදුණු තරුණියක් විසින් ඇයගේ ටිව්ටර් ගිණුමේ පළකල ප්‍රකාශයත් සමගින්.

ඇය විසින් සදහන් කර ඇති ආකාරයට අදාල ඉහළ නිළධාරියා විසින් ඇය සමග රාත්‍රියක් ගත කිරීමට ඇරයුම් කර තිබුනා. ඒ ඇයගේ ජංගම දුරකතනයට පණිවිඩයක් යවමින්. නමුත් ඇය එම පණිවිඩය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පසුව ඊයේ(23) පස්වරු 1 ට පමණ ඇයගේ ටිව්ටර් ගිණුමේ මේ සම්බන්ධයෙන් ඇය ප්‍රකාශයක් නිකුත් කර තිබුනා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් වර්තමානයේ මුහුණපා ඇති ගැටළුකාරී තත්ත්වයත් සමඟ මෙවැනි ක්‍රියා තුලින් එම ගැටළුකාරී බව තව දුරටත් අගාධයට යන බවයි බොහෝ දෙනා අදහස් දක්වන්නේ.

එසේම මෙම නිළධාරියාගේ තොරතුරු ඉදිරියේදී අනාවරණය කරන බවද මෙම සුරූපී තරුණිය අනාවරණය කර තිබුනා.

ඇය විසින් ටිව්ටර් ගිණුමේ සඳහන්කල පණිවිඩය පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *