රොෂාන් පිලපිටිය අලුතින් විවාහ වූ තරුණියගේ මව හිටි හැටියේ බුකිය කළඹයි.

ප්‍රවීන රංගන ශිල්පී රොෂාන් පිලපිටිය සහ ජනප්‍රිය නිරූපන ශිලිපිනයක් මෙන්ම රංගන ශිල්පිනියක වන රිද්මා දිසානායක සමග නව යුග දිවියක් ආරම්භ කල බව අප ඔබට වාර්තා කරා.

මේ පිළිබඳව බොහෝ දෙනාගේ කතා බහට ලක්වීමත් සමඟ මෙම විවාහය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විවිධ අදහස් දැක්වුවා. ඒ අතර රොෂාන් පිලපිටිය විසින් සුනාලි රත්නායක නම් තරුණියක් රවටා රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා ගෙන ඇති බවටද කට කතාවක් පැතිර ගියා. එසේම රිද්මා පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි තරුණියක් බවත්, ඇයට රඟපෑමට අවස්ථාව ලබාදෙන බව මුහුණු පොත ඔස්සේ පවසා පසුව ඇය කොළඹට ගෙන්වාගෙන ඇති බවත් සමාජ ජාලයන්හි කතාබහට ලක්වෙනවා.ඇයද විවාහක කාන්තාවක් බවයි පවසන්නේ

කෙසේ වෙතත් ඊයේ දිනයේ පසුගිය දා විවාහ වුනු ජනප්‍රිය නළු රොෂාන් පිලපිටියගේ බිරිඳ වන රිද්මා දිසානායකගේ මව Face Book හි සටහනක් යොදමින් ඔවුන් දෙපලට සුභ පතා තිබෙනවා.

“රොෂාන් පුතාට හොඳ භාර්යාවක් වීමට හැකිවේවා දුවණි.

ඔබට ඇස්වහක් කටවහක් නොවදීවා.

මගේ දුවටයි, පුතාටයි මමී හැමදාමත් සුභ පතනවා.”

යනුවෙන් එහි සදහන්ව තිබුනා.

මීට අමතරව ඇය රොෂාන් පිලපිටියට යම් ඔවදනක් ලබා දෙන අකාරයේ පින්තුරයක් එක කර තිබුනා. එම පින්තුරය සහ තවත් ෆොටෝ පහතින්.

ලියුම් බෙදන්නෙකු තම බිරිඳ වෙනුවෙන් තනිව සෑදු මේ මාලිගය ටජ්මහලට එහා ගිය ආදර කතාවක්. – වීඩියෝ.

පයේ බොරලු කැටයක් පැටලී මහ මඟ ඇද වැටුණොත් ඒ බොරලු කැටය ගැන වැඩි දෙනෙක් ඇතිකර ගන්නේ කෝපයකි. එහෙත් එසේ පයේ හැප්පුණු ගල්වලින් මාලිගාවක් තැනීම ගැන සිතිය හැකි ද?
ප්‍රංශ ජාතිකයකික තැපැල්කරුවකු වූ ෆර්ඩිනන්ඩ් චෙවල්ට සිතුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. ඔහු එය රැගෙන ගියේය. තැපැල්කරුවකු ලෙස පුරා වසර 33ක් සේවය කරද්දී ඔහු විවිධ හැඩැති ගල් සහ බොරලු එක්රැස් කළේ රාජකාරියට යන එන අතරතුරේදීය. එම ගල් එක්රැස් කර ඔහු සිහින මාලිගාවක් නොව සැබෑම මාලිගාවක් තැනීය. අද එය හඳුන්වන්නේ ‘තනි මිනිසකුගේ වැඩක්’ ලෙසිනි. එය ලියනාඩෝ ඩාවින්චිගේ, පැබ්ලෝ පිකාසෝගේ විශිෂ්ට සිත්තමක් තරමටම කලාත්මක නිර්මාණයක් වී ඇත.

ඒ කතාව තුල ඇත්තේ අපරිමිත ආදරය තම බිරිඳ කෙරෙහි දැක්වූ සැබෑ මිනිසෙකුගේ ඇදහිය නොහැකි කැපවීමක කතාවයි. වීඩියෝව පහතින්.

 

 

මහ මුහුදේ කුණාටුවෙන් ගසාගෙන ගිය මරියදාස්ගේ මිනිය ගොඩගසන තෙක් බලා සිටි පිරිසට දින 10න් ලැබුණු විශ්මිත දෙය.

අන්තෝනි මරියදාස් නැමති තිස් හත් හැවිරිදි මෙම ධීවරයා පසුගිය 7 වෙනිදා තවත් ධීවරයින් තුන් දෙනෙකු සමග මුහුදු ගිය අවස්ථාවේදී ධීවර බෝට්ටුව සැඩ පහරකට හසු වීමෙන් ඔහුව මුහුදට වැටී නොපෙනී ගොස් තිබෙනවා.

ආපසු පැමිණි ධීවරයින් මේ බව මරියදාස් ගේ නිවසේ උදවියටත් පොලීසියටත් නාවික හමුදාවටත් දැණුම් දී ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටින්නේ.

මේ සිද්ධිය වූ දිනයට පසු දා සිට මරියදාස් ගේ පවුලේ ඥාතීන් හා සහෝදර ධීවරයින් මරියදාස් ගේ මළ සිරුර ගොඩට ගසාගෙන එනු ඇතැයි බලාපොරොත්තුවෙන් පේසාලේ මුහුදු වෙරළ ආසන්නයේ රැදී සිටීම පුරුද්දක් කරගෙන සිටියා.

හදිසියේම ඉන්දියාවේ රාමේස්වරන් පොලීසියෙන් හා ඉන්දීය ධීවර සමීතියක සභාපතිවරයෙකු මරියදාස්ගේ නිවසට දුරකතනයෙන් කතා කොට පවසා ඇත්තේ ඔහුව රාමේස්වරන් පොලීසිය වෙත බාර දී ඇති බවයි.

සුළි කුණාටුවට හසු වී මුහුදට වැටුණු මරියදාස් මුහුදේ පාවෙමින් දකුණු ඉන්දියාව දෙසට ගසාගෙන යමින් සිටියදී ඉන්දීය ධීවරයින් පිරිසක් ඔහුව දැක බේරාගෙන ඔවුන්ගේ ටෝලර් යාත්‍රාවට නංවාගෙන තිබෙනවා.

ඒ වන විටත් සිහිසුන්ව සිටි මරියදාස්ට ප්‍රථමාධාර දී ඔහුට සුවය ලබා දී ටෝලර් යාත්‍රාව රාමේස්වරන් ප්‍රදේශයට ළගා වූ පසුව ඔහුව ඉන්දීය ධීවරයින් විසින් රාමේස්වරන් පොලීසියට බාරදී ඇතැයි සඳහන්.

මරියදාස් දරුවන් හතර දෙනෙකුගේ පියෙක්.

ඔහුව ආපසු මන්නාරමට ගෙන්වා ගැනීම සදහා මන්නාරමේ ධීවර සමීති හා පවුලේ සාමාජිකයින් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් හමුවීමට නියමිතව තිබුනා.

චීන ෂවොලින් විහාරයේ හිමිවරුන් මහනුවරදී කුන්ෆු සටන් කලාවේ ආරම්භය ගැන කල සුපිරි සංදර්ශනය.- වීඩියෝ

ශ්‍රී ලංකාව සහ  චීනය අතර  සම්බන්ධතාවය දීර්ඝ කාලයක් පවතිනවා. නමුත් තානාධිපති සම්බන්ධතාවයට වසර 75ක් පිරීම නිමිත්තෙන් විශේෂ කුංෆු සංදර්ශනයක් මහනුවරදී පැවැත්වුනා.

මේ සඳහා චීනයේ ෂවෝලින්ග් විහාරයේ හිමිවරුන් සහභාගී වුන. ලොව ප්‍රසිද්ධම කුන්ෆු කලාව පවතින ෂවෝලින්ග් විහාරයේ ඉතා අඩු වයසේ හිමිවරුන් විසින් ඉදිරිපත් කල කුන්ෆු සංදර්ශනය නැරඹීමට විශාල පිරිසක් සහභාගී වුනා.

මෙහිදී කුන්ෆු සටන් කලාව සඳහා  පාදක කරගත් සතුන්ගේ හැසිරීම විදහා දැක වූ හැටි පහත වීඩියෝවෙන් නරඹන්න.

රුසියාව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මාරු පහරක් එල්ල කරයි. ලක්ෂ තුනකට වඩා රැකියා අනතුරේ.

ශ‍්‍රී ලංකාවේ විශාලතම තේ ගැණුම්කරුවා වන්නේ ද රුසියාවයි. ශ‍්‍රී ලංකාව අපනයනය කරන තේවලින් සියයට 25ක්ම රුසියාව විසින් මිලදී ගන්නවා. එරට මුළු තේ අවශ්‍යතාවයෙන් සියයට 23ක් සම්පූර්ණ කෙරෙන්නේ ශ‍්‍රී ලංකාවේ තේවලින්.
මෙම වසරේ පළමු මාස 09 තුළ ශ‍්‍රී ලංකාව රුසියාවට අපනයනය කර ඇති තේ ප‍්‍රමාණය කිලෝග‍්‍ර‍්‍රෑම් මිලියන 25ක්. එම`ගින් ශ‍්‍රී ලංකාව උපයාගෙන ඇති ආදායම රුපියල් බිලියන 19ක් පමණ වනවා.
රුසියාවට අපනයනය කල තේ තොගයක සිටි කෘමියෙකු නිසා රුසියාව ශ්‍රී ලාංකීය තේ ආනයනය අත්සිටුවීමට තීරණය කර තිබෙනවා.
ශ‍්‍රී ලංකාවේ තේවලට රුසියාව පනවා ඇති තහනම තේ කර්මාන්තය ආශ‍්‍රිතව ආදායම් උපයාගන්නා වතු කම්කරුවන්ට ද ඍජු බලපෑමක් ඇති කරනවා. කඳුරට ජනතා පෙරමුණේ නායක, රාජ්‍ය අමාත්‍ය වී රාධ ක‍්‍රිෂ්ණන් පෙන්වා දෙන්නේ අවම වශයෙන් පුද්ගලයින් ලක්ෂ 03කට ආසන්න පිරිසක් මේ නිසා බලපෑමට ලක්විය හැකි බවයි.

වතුකම්කරුවන්ට පමණක් නොව ශ‍්‍රී ලංකාවේ තේවලට රුසියාව පනවා ඇති තහනම සමස්තයක් ලෙස ශ‍්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය කෙරෙහි ද කැපී පෙනෙන බලපෑමක් ඇති කරනු ඇති. මේ නිසා මෙම තහනම ඉවත් කරවා ගැනීමට ශ‍්‍රී ලංකාව කඩිනමින් කටයුතු කළ යුතු බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය ගාමිණී වීරසිංහ අවධාරණය කරනවා.

ශ‍්‍රී ලංකාවේ තේවලට තහනමක් පැනවීමට රුසියාව තීරණය කර ඇත්තේ ශ‍්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද තේ තොගයක තිබී කෘමි විශේෂයක් හමුවීම නිසායි. තේ පමණක් නොව ශ‍්‍රී ලංකාවේ සෙසු වැවිලි නිෂ්පාදවලට ද රුසියාව තහනමක් පනවා තිබෙනවා. මෙම තහනම හෙට සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.

අමාත්‍ය නවීන් දිසානායක මේ වනවිටත් රුසියානු බලධාරීන් සමග සාකච්ඡා කිරීමට එරටට පිටත්ව ගොස් ඇතැයි ද මෙහිදී සිහිපත් කෙරුණා.

අපේ කොල්ලෙක් මහමගදී කාඩ් කුට්ටමකින් කට්ටියම පිස්සු හැදෙන මැජික් එකක් දැම්ම හැටි – වීඩියෝ.

ලංකාවේ street magic කියන එක ටිකක් අමුතු දෙයක් වුනත්, විදේශ රටවලනම් මෙය ඉතා ප්‍රචලිත, රසබර දෙයක්. නමුත් ලංකාවෙත් සුපිරි මැජික් දක්ෂයන් සිටිනවා.

ඒ අතර තරුණ මැජික් ශිල්පියෙක් street magic කලාව ලංකාවේ ප්‍රචලිත කිරීම සඳහා මහත් උනන්දුවක් ගනී.

මෙහිදී සිදුවන්නේ යම් මැජික් එකක් මහමගදී, පොදු ස්ථානයකදී කර පෙන්වා යම් පිරිසක් විශ්මයට පත් කිරීමයි. බලන්නකෝ ඔහු කාඩ් කුට්ටමකින් කරන මේ මැජික් එක. ඔබත් විශ්මයට පත්වේවි.

දලපුට්ටුවගේ ගජමුතු සමග පිරිස ඇත අඩංගුවට ගනී. වලාන දුෂණ මර්ධන ඒකකයේ සුපිරි මෙහෙයුම.

ගල්ගමුවේ දළ පූට්ටූවා හස්තියා ඝාතනය කර තිබෙන බවත් , ඇත් රාජයාගේ ඝාතකයන් හෙළිකර ගැනීමටත් පුරෝගාමී මෙහෙවරක්‌ සිදුකළේ වලාන දූෂණ මර්දන ඒකකයයි. ආන්දෝලනයට තුඩු දුන් ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියා ඝාතනයත් සමග ඇත්දළ හා ගජමුතු ජාවාරම පිළිබඳව සමාජයේ අවදානයට ලක් විය. වලාන දූෂණ මර්දන ඒකකය විසින් පසුගිය දිනෙක ගල්ගමුව ප්‍රදේශයෙන් තවත් ගජමුතු ජාවාරම්කරුවන් පිරිසක් කොටු කර ගැනීමට සමත් විය,

ඔත්තුකරුවෙකුගේ මාර්ගයෙන් ඉකුත් දිනෙක වලාන දූෂණ මර්දන ඒකකයට ගජමුතු ජාවාරමක් පිලිබදව තොරතුරක්‌ ලැබෙන අතර, ඉන් කියෑවී තිබුණේ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් කිහිපදෙනෙක් එකතුව ගජමුතු ජාවාරමක්‌ සිදුකරන බවය. වලාන දූෂණ මර්දන ඒකකයේ වැඩ බලන අධ්‍යක්‍ෂ, සහකාර පොලිස්‌ අධිකාරී හේමාල් ප්‍රශාන්ත වෙත ලැබෙන මෙම තොරතුරින් වැඩි දුරටත් කියෑවී ඇත්තේ එම වටිනා ගජමුතු තුන රුපියල් ලක්‍ෂ පනහකට අලෙවි කිරීමට සූදානම් බවත්ය.

වලාන දූෂණ මර්දන ඒකකය ඒ අනුව ක්‍රියාත්මක වී මෙම වැටලීම සිදුකිරීම පිණිස අතරමැදියන් තිදෙනකු උපයෝගී කර ගන්නා අතර මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ ඉන් අනතුරුවය.

උපාය දූතයන් මාර්ගයෙන් ගොඩනඟාගත් හිතවත්කම් මත කණ්‌ඩායම් දෙකකින් යුත් පොලිස්‌ නිලධාරීන් පිරිස වැටලීම පිණිස ඉකුත් දිනක ගල්ගමුව ප්‍රදේශයට පිටත්ව යන්නේ ය. එම පිරිස අතරින් පොලිස්‌ නිලධාරීන් දෙදෙනෙක්‌ වෙස්‌ වලා ගනිමින් ගමන පිටත්ව යන අතර ගල්ගමුව නගරයට ගොස්‌ ඔවුන් පළමුව සිදුකර ඇත්තේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් අතුරින් එක්‌ අයෙක්‌ වෙත දුරකථන ඇමතුමක්‌ ලබා ගැනීමය. දුරකථන ඇමතුම් ගත් වෙස්‌වළාගත් පොලිස්‌ නිලධාරීන් ජාවාරම්කරුවන් අමතමින් සඳහන් කර ඇත්තේ ගනුදෙනුව සිදුකිරීමට ඔවුන් සූදානම් බවත් ඒ සඳහා පැමිණිය යුත්තේ කොතැනකටද යන බවත්ය.

ජාවාරම්කරුවන් විසින් එයට පිළිතුරු ලබා දෙමින් ගල්ගමුව ආනමඩුව පාරේ එක්‌ ස්‌ථානයකට පැමිණෙන ලෙස වෙස්‌වළාගත් පොලිස්‌ නිලධාරීන් හට ප්‍රකාශ කරන අතර, ලබා දුන් මඟ සලකුණු ඔස්‌සේ ඔවුන් එම ස්‌ථානයට පිටත්ව ගොස්‌ ඇත.

පොලිස්‌ නිලධාරීන් දෙදෙනා එම ස්‌ථානයට ළඟා වන විට එහි ජාවාරම්කරුවන් දසදෙනෙක්‌ පමණ රැඳී සිට ඇති අතර, පළමුව ගැනුම්කරුවන් වෙත ඉදිරිපත් කොට ඇත්තේ එක්‌ ගජමුතුවක්‌ පමණය. එය පරීක්‍ෂා කළ ව්‍යාපාරික වෙස්‌ගත් පොලිස්‌ නිලධාරීන් ජාවාරම්කරුවන් අමතමින් පවසා ඇත්තේ තමන් පැමිණියේ ගජමුතු තුනම මිලදී ගැනීමේ සූදානමින් බවය. ඉතිරි ගජමුතු දෙක පෙන්වීම පිණිස කිසියම් කාල වේලාවක්‌ ගත වන බවත්, එය වෙනත් ස්‌ථානයක සිට ගනුදෙනුව සිදුවන තැනට රැගෙන ආ යුතු බවත් ජාවාරම්කරුවන් විසින් ප්‍රකාශ කිරීමත් සමඟ ව්‍යාපාරික වෙස්‌ගත් පොලිස්‌ නිලධාරීන් එම ස්‌ථානයෙන් ඉවත්ව ගොස්‌ ඇත.

ඔවුන් එම ස්‌ථානයෙන් පිටත්ව යන්නේ ගජමුතු දෙක රැගෙන ආ පසු නැවත එම ස්‌ථානයට පැමිණෙන බව ජාවාරම්කරුවන්ට වූ පොරොන්දුව පිටය. ඒ වනවිට වෙනත් වාහනයක්‌ තුළ තවත් පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ කිසිවකුට සැක නොසිතෙන පරිදි රැඳී සිට ඇත. පැය දෙකක පමණ කාලයකින් අනතුරුව නැවතත් දුරකථන ඇමතුමක්‌ ලැබෙන අතර එම ඇමතුමෙන් කියවී ඇත්තේ ඉතිරි ගජමුතු දෙක රැගෙන ආ බවත් එය පරීක්‍ෂා කිරීම පිණිස කලින් පැමිණි ස්‌ථානයට නැවත වරක්‌ පැමිණෙන ලෙසත් ය.

ඒ අනුව ක්‍රියාත්මක වී ඇති පොලිස්‌ නිලධාරීන් දෙදෙනා නැවත එම ස්‌ථානයට පිටත්ව යන්නේ දෙවන වර ගෙනෙන ලද ගජමුතු දෙක පරීක්‍ෂා කර බැලීම සඳහාය. එම ගජමුතු දෙක පරීක්‍ෂා කළ පොලිස්‌ නිලධාරීන් දෙදෙනා ඉන් පසුව විමසා ඇත්තේ නියම කරගත් මුදල වන රුපියල් ලක්‍ෂ පනහේ මිලට වඩා අඩුවෙන් ගජමුතු තුන අලෙවි කළ නොහැකිද යනුවෙන්ය. එහිදී ජාවාරම්කරුවන් පිරිස ප්‍රකාශ කර ඇත්තේ එය කිසිසේත් නොකළ හැකි බවත් ගනුදෙනුව සිදුවන්නේ නම් පළමුව මුදල් පරීක්‍ෂා කර බැලීමට ඔවුන්ට අවශ්‍ය බවත් ය. ඒ අනුව වෙස්‌වළාගත් පොලිස්‌ නිලධාරීන් දෙදෙනා පැමිණි වාහනය වෙත පැමිණි සැකකරුවන්ට මුදල් පෙන්වා ඇති පොලිස්‌ නිලධාරීන් දෙවැනි වරට ද එම ස්‌ථානයෙන් පිටත්ව පැමිණ ඇත්තේ ඔවුන්ගේ ‘බොස්‌’ අතරමඟ ස්‌ථානයක රැඳී සිටින බවත්, ඔහු ද රැගෙන ගනුදෙනුව නිමා කිරීම පිණිස නැවත පැමිණෙන බවත් මුස්‌ලිම් ජාතිකයන් අමතමින් ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය.

එලෙස පැමිණෙන පොලිස්‌ නිලධාරීන් දෙදෙනා අතරමඟ වෙනත් වාහනයක රැඳී සිටි කණ්‌ඩායමේ අනෙකුත් සාමාජිකයන් හට එතෙක්‌ වේලා සිදුවූ සියල්ල පවසන අතර, අවසන් අදියර ක්‍රියාත්මක කරන්නේ ඉන් අනතුරුවය. ඒ අනුව සියල්ල සැලසුම් කරන පොලිසිය නැවතත් අදාළ ස්‌ථානය වෙත ළඟා වන්නේ මෙහෙයුමේ ඉතිරි කොටස ක්‍රියාත්මක කිරීම පිණිසය.

ඒ අනුව නැවතත් ජාවාරම්කරුවන් මුණගැසෙන වෙස්‌වළාගත් පොලිස්‌ නිලධාරීන් කිසිදු සැකසංකාවක්‌ ඇති නොවන අයුරින් ජාවාරම්කරුවන් රැඳී සිටි නිවස වෙත පිවිස ඇත. මුදල් ද රැගෙන නිවෙස තුළට යන පොලිස්‌ නිලධාරීන් දෙදෙනා ගනුදෙනුව නිමා කිරීමට සූදානම් වූවා පමණි. එතෙක්‌ වේලා වෙනත් වාහනයක රැඳී සිටි අනෙක්‌ පොලිස්‌ නිලධාරීන් පිරිස එම ස්‌ථානයට ළඟා වී ඇත්තේ ජාවාරම්කරුවන්ට කිසිවක්‌ සිතා ගැනීමටවත් ඉඩක්‌ නොතබමිනි. “දඟලන්න එපා අපි පොලිසියෙන්” කියනවාත් සමඟ ජාවාරම්කරුවන් හිස්‌ ලූ ලූ අත දුවන්නට ගෙන ඇති අතර පොලිසියෙන් මිදී පලායැම ඔවුනට පහසු කාර්යයක්‌ වී නැත. පලා යන සැකකරුවන් පසුපස පන්නන පොලිසිය පලා ගිය පිරිස අතරින් වැඩි කොටසක්‌ අත්අඩංගුවට ගන්නා අතර ගනුදෙනුව සිදුකළ නිවස වෙත ගජමුතු තුන රැගෙන ආ ජාවාරම්කරුවන් ද ඒ අතර සිට ඇත.

අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගජමුතු තුන සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිසිය විසින් වැඩිදුරටත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇත. එහිදී සැකකරුවන් විසින් ප්‍රකාශ කර ඇත්තේ පොලිස්‌ අත්අඩංගුවට පත් ගජමුතු තුන රාජාංගණය ඇළේ ෂොපින් කවරයක බහා තිබියදී තමන්ට හමු වූ බවක්‌ ය.

වික්ටර් රත්නායක පුතුන් දෙදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරයි.

නව පරපුරේ සංගීතවේදියෙකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ ‘‘ දැනුනා“ මියුසික් වීඩියෝව බොහෝ සෙයින් ආන්දෝලනයට තුඩු දුන් එකක් බවට පත්වුණා.

ඊට හේතුව වුණේ එම මියුසික් වීඩියෝව ප්‍රවීන සංගීතවේදි ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ පෞද්ගලික ජීවිතය ඇතැම් සිදුවීම් අලලා නිර්මාණය වූවක් බව බොහෝ දෙනාගේ අදහස වූ නිසයි.

වික්ටර් රත්නායකගේ දෙවැනි විවාහය හේතුවෙන් ඔහු සමග මේ වන විට අමනාපයෙන් පසුවන ඔහුගේ වැඩිමහල් පුත් ජයන්ත රත්නායක පවා මෙම මියුසික් වීඩියෝව සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ඉරාජ්ව දැඩි ලෙස විවේචනයට ලක් කළා.

කෙසේ වෙතත් මීට දින කිහිපයක පෙර සිය ෆේස්බුක් පිටුව වෙත ඔහු සහ ජයන්ත එකට සිටගත් ඡයාරූපයක් මුදා හරිමින් ඉරාජ් ඊට කෙටි සටහනක්ද ඇතුළත් කර තිබුණා.

එහි සඳහන් වුණේ ‘‘ වික්ටර් රත්නායකගේ පුතණුවන් අපේ ජයන්ත රත්නායක අයියාව හමුවුණා අද තිබුණු ඉවෙන්ට් එකේදී. ගොඩක් වටින දේවල් කතා කළ ශ්‍රි ලංකා සංගීතය ගැන.“ යනුවෙන්.

ඉතා ඉහළ අවධානයක් හිමිකරගත් මෙම ඡායාරූපයෙන් පසු ඉරාජ් ඔහු සමග ජයන්ත රත්නායක කළ කෙටි සංවාදයක් සිය ෆේස්බුක් ගිණුම වෙත මුදා හැර තිබුණේ ඉරාජ්ව දැඩි ලෙස විවේචනයට ලක් කළ ජයන්ත දැන් ඉරාජ් සමග එකට ගමනක් යාමට සැරසෙනවාද යන සැකය පවා ඇතැමුන්ගේ සිත් තුළට ඇතුළු කරමිනි.

මේ ගැන ඇත්ත නැත්ත දැන ගැනීමට සති අන්තපුවත්පතක් ජයත්න රත්නායක සමග කළ කතාබහේදී තමන්ට සහ සිය සොයුරා වන ලෙලුම් රත්නායකට එල්ල වූ තහනමක් ගැනත් කිසිවෙකු නොදන්න තොරතුරු කිහිපයක් හෙළි කර තිබුණා.

මොකද්ද මේ හිටි හැටියේ වැටුණා කියන තහංචිය..?
අපේ තාත්තාගේ ගීත සම්බන්ධයෙනුයි අපිට මේ තහංචිය වැටිලා තියෙන්නෙ. තාත්තා නීතඥයෙකුගේ මාර්ගයෙන් පසුගිය දවසක අපිට ලිපියක් එවලා තිබුණා මටත් මගේ මල්ලි ලෙලුම්ටත් තාත්තාගේ ගීත මින් ඉරිදියට ගායනා කිරීම තහනම් කරලා.

ඔය කියන තහනම ඔබෙත් ලෙලුම්ගෙත් කලා ජීවිතවලට විශාල බලපෑමක් එල්ල කරාවිද..?
මං හිතන්නෙ නෑ එහෙම වේවි කියලා. මොකද අපි මෙච්චර කාලයක් තාත්තාගේ ගීත ගායනා කරලා නෙමෙයි මුදල් හම්බ කළේ. මා ගැන කියනවා නම් මම උත්සව ආදියට සංගීතය සපයන්න සහභාගී වුණාම බොහෝ ගායකයන්ගේ ගීත ගායනා කරනවා. මම වික්ටර් රත්නායකගේ පුතා බව දැනගත්තාම තමයි හුඟ දෙනෙක් තාත්තාගේ ගීත මගෙන් ඉල්ලන්නෙ.

හිත් අමනාපකම් ඇතිවෙන්න කලින් ඔබ ඔබේ පියාගෙන් ප්‍රසංග වලට සංගීත අධ්‍යක්ෂනයෙන් දායක වුණා. දැන් ඒවාට සම්බන්ධ නොවීමත් එක් ඔබේ ජීවිතයේ මොන විදිහෙ වෙනසක්ද ඇතිවෙලා තියෙන්නෙ.
ඒක මගේ ආර්ථිකයටත් අද වෙද්දි බොහොම තදින් බලපාලා තියෙනවා. ඉස්සර තාත්තාගේ හැම ප්‍රසංගයක්ම මම තමයි සංගීතවත් කළේ. අපි අතර ඇතිවූ ප්‍රශ්නයෙන් පස්සෙ ඔහුගේ ප්‍රසංග මට නොලැබී ගියා. මම මාස 11 කින් කිසිම ප්‍රසංගයකට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙලා නැහැ.

පියාගේ සෙවණැල්ලෙන් මිදිලා වෙනම ගමනක් ගියා නම් අද ඔබට ඔය විදිහෙ අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවෙන්නෙ නැහැ නේද..?
මටත් උවමනා නම් අද ඉන්න සමහර සංගීතඥයො වගේ රැල්ලට යන්න තිබුණා. නමුත් මම කවදාවත් එහෙම කළේ නැහැ. මොකට වික්ටර් රත්නායකගේ පුතා කියන ගෞරවය තියන්නයි මම හැම විටම උත්සාහ කළේ.

ඔබ සමග ගත් ඡායාරූපයක් සහ සංවාදය පසුගිය දිනක ඉරාජ් වීරරත්න ඔහුගේ ෆේස්බුක් ගිණුමට මුදා හැර තිබුණා. ඒ කියන්නෙ ඔබ ඉරාජ් එක්ක තිබ්බ හිත් අමනාපකම් දුරුවෙලා ගිහින්ද..?
මම මොකටද ඉරාජ් එක්ක අමනාප වෙන්නෙ. ඔහු සමග තරහා වෙන්න මට කිසිම හේතුවක් නැහැ.

ඔබේ පියාගේ කතාව බව හඟවන මියුසික් වීඩියෝවක් මෑතකදි ඉරාජ් නිර්මාණය කළ අවස්ථාවේ ඔබම තමයි මාධ්‍ය ඔස්සේ ඔහුගේ පතුරු හැරියේ..? ඒ කියන්නෙ එදා ඔබ කළේ බොරුවක්ද..?
කිසිසේත්ම නෑ. මම ඉරාජ් ගැන එදා හිටපු ස්ථාවරයේමයි අදත් ඉන්නෙ. මම අදත් කියනවා ඉරාජ් කියන්නෙ බිස්නස්කාරයෙක් මිස සංගීතඥයෙක් නෙමෙයි කියලා. ඉරාජ්ලාගේ මගේ සංගීතය ගැන මගේ විවේචනය වෙනස් වෙලා නෑ. ඉරාජ් වගේ අය තාක්ෂණය අතින් ඉදිරියෙන් ඉන්නවා. හැබැයි ඔවුන්ගේ ක්ෂේත්‍රයට කිසිම ගුණාත්මක දෙයක් ලැබෙන්නෙ නැහැ. කොටින්ම කියනවා නම් ඒ සංගීතය මොලෝ රසක් නැහැ. ඉරාජ් ගත්තොත් ඔහු ඕනෑම දෙයක් විකුණලා මුදල් ගන්න තමයි බලා ඉන්නෙ. සමහර විට මා සමග කළ සංවාදයේ විඩියෝවෙනුත් ඔහු මුදල් හම්බ කරගනී.

ඔබ දැන දැනම ඉරාජ්ට අහු වුණාද..?
අපෝ නැහැ. ‘‘අයියේ මම මේක වීඩියෝ කරනවා කියලයි ඉරාජ් සහ මගේ සංවාදය වීඩියෝ කර ගත්තෙ. ඒක මගේ අවසර ඇතුව කරපු දෙයක්.

ඔය විදිහට සංගීතය පැත්තෙන් දෙපිළක සිටියදී ඔබට ඉරාජ් එක්ක ඔය තරම් සුහදතාවක් ඇතිවෙන්න හේතුව මොකක්ද..?
ඉරාජ් එක්ක විතරක් නෙමෙයි මම හැමෝ එක්කම සුහදශීලිව ඉන්න කෙනෙක්. ඉරාජ් වෘත්තීය ජීවිතයෙදී කරන දේවල් ගැන මට විවේචනයක් තියෙන බව ඇත්ත. හොරෙක් වුණත් තමන්ගෙ ළමයින්ට කන්න අඳින්න දෙන්නනෙ හොරකම් කරන්නේ. ඒත් පෞද්ගලික ජීවිතයේදී තරහා වෙන්න තරම් හේතුවක් මට නැහැ. ඉරාජ් විතරක් නෙමෙයි භාතිය – සංතුෂ් ඇතුළු නව පරපුරේ බොහෝ අය මම සුහදව ආශ්‍රය කරනවා. ඔවුන් එක්ක පෞද්ගලික තරහක් නෑ.

ඉරාජ්ගේ මියුසික් වීඩියෝව දැකපු වෙලාවේ සංගීතඥයෙක් විදිහට නෙමෙයි වික්ටර් රත්නායකගේ පුතා විදිහට ඔබට වේදනාවක් දැනුනේ නැද්ද..?
තාත්තා ඔහුගේ ගෙදර තිබුනු අපේ ඡායාරූප පවා කුණු ලොරියකට විසි කළා කියලා අපිට ආරංචි වුණා. ඔහු අපි සමග ගත කරපු යට ගියාව දැන් සම්පූර්ණයෙන් අමතක කරලායි තියෙන්නෙ. මොකද එක් කාන්තාවක් විතරයි දැන් ඔහුගේ ලෝකයේ ඉන්නෙ. මම මගේ අම්මා සහ සහෝදර සහෝදරියන් ඔහු වෙනුවෙන් විශාල කැප කිරීම්කරපු බව ඔහුට අමතකයි. නමුත් තාත්තා අපට මොන දේ කළත් ඉරාජ්ගේ මියුසික් වීඩියෝව දැකපු වෙලාවේ විශාල කේන්තියක් ආවා.

ඉරාජ්ගේ මියුසික් වීඩියෝව නිසා ඔබටත් අමිහිරි අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවුණා නේද..?
ඔව්. ඒ විඩියෝව දැකපු හුඟක් අයත් තාත්තාව විවේචනය කිරීම නවත්තලා ඔහුට අනුකම්පා කරන්න පටන් ගත්ත බව පෙනුනා. වික්ටර්ට එහෙම වුණේ දරුවො සලකපු නැති නිසා කියලත් සමහරු කිව්වා. අපි අපේ ප්‍රසංගවලට අනුග්‍රාහකයෝ හොයද්දි අපි තාත්තාට සැලකුවේ නැති පුත්තු කියලා සමහර ආයතන අපිව ප්‍රතික්ෂේප කළා. ඒ වගේම තාත්තාට සැලකුවේ නෑ කියලා ඇතැම් අය අපි එක්ක රණ්ඩු වෙලාත් තියෙනවා. මොකද අපි තාත්තාට සලකපු බව හුඟක් අය දන්නෙ නැහැ.

මේ යන විදිහට කවදා හරි ඔබ ඉරාජ් එක්ක වුණත් ගීතයක් නිර්මාණය කරන්න බැරි නැහැ කියලත් සමහරු මුහුණු පොතේ සඳහන් කරලා තිබුණා. ඔබට මොකද ඒ ගැන කියන්නෙ..?
ඔව් එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි ගීතයේ පදරචනාව සහ සංගීතය මොන වගේද කියලා බලලා ඒ ගීතය මට ගායනා කරන්න සුදුසු එකක් නම් විතරයි මම එවැනි ආරාධනාවක් බාර ගන්නෙ.

විවාහයන් තුනම අසාර්ථක වී, අද වන විට කුලී කාමරයක ජීවත් වන ජයසේකර අපොන්සු

බොහෝ දෙනා ඔහු හඳුනා ගෙන තිබෙන්නේ කාන්තා චරිත රඟපෑමේ දී දක්වන දක්ෂතාව නිසාය. වේදිකාවේදී ඔහු එම චරිතය රඟපාන ආකාරය නිසාම සමහරු ඔහු දෙස වැරැදි කෝණයකින් පවා බලන්නට උත්සුක වූහ. නමුත් ඔහු එය රංගනයට පමණක් සීමා කළ එකක්ම විය. ඔහු සැබවින්ම හොඳ ප්‍රේමවන්තයෙකි. මේ නිසාම ඔහුට කාන්තාවන්ගේ ආකර්ෂණය නිතැතින්ම හිමිවී තිබිණී. ආදරයට දැඩි ලෙස ප්‍රේම කළ මේ සොඳුරු රංගධරයා තම විවාහ ජීවිත පිළිබඳවත් ප්‍රේම සබඳතා පිළිබඳවත් මා සමග කතා බහ කෙරන්නට කැමැත්තක් දැක්වීම මේ ලිපිය ලිවීමට මට උත්තේජනයක් විය.

ඔහු රංගධරයෙක් පමණක් නොව වේදිකා හා ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. හාස්‍ය රසය මැවීමට උපන් හපන්කම් ඇති දක්ෂ රංගන ශිල්පියෙකි. ඔහුගේ වේදිකා නාට්‍ය සියල්ල අකුරු දෙකින් නිර්මාණය වීම විශේෂත්වයක් විය. ඔහු නමින් ජයසේකර අපොන්සුය. ‘‘ආදරය ප්‍රේමය හා විවාහය’’ යන පරිච්චේදයේ තවත් එක් සොඳුරු සටහනක් ඔහුට තබන්නට මා කළ ආරාධනය පිළිගත්තේ ඔහු මා කෙරෙහි තබා ඇති විශ්‍වාසය නිසාය. ඒ නිසාවෙන්ම මීට පෙර හෙළි නොකළ බොහෝ කාරණා ඔහු ප්‍රථම වරට මා සමග පවසන්නට විය. ඉතිං එහෙමනං මේ සොඳුරැ රංගධරයාගේ ආදර කතාවට අපේ ඉඩ වෙන් කරමු.

ඔබ ජීවිතය විඳින්නෙක්ද? එහෙමත් නැත්නම් විඳවන්නෙක්ද?

මම ජීවිතය ඇත්තටම විඳින්නෙක්. විඳවන්න කැමැති නෑ. හරි සාධාරණෙන් ජීවිතය විඳින්න කැමතියි.

ඔය විඳින ජීවිතය තුළ ඔබ ආදරය ප්‍රේමය හඳුනාගෙන තිබෙන්නේ කොයි ආකාරයට ද?

ආදරය කියන එක මා හිතන්නේ දැඩි ආත්මාර්ථකාමී එකක් කියලයි. ඒක සොඳුරැ ආත්මාර්ථකාමී හැඟීමක්. මම තමයි මට ආදරේ කරන්නේ. ඔය ආදරය කොටස් කිහිපයකට බෙදෙනවා. අම්මාට, තාත්තාට, සහෝදර සහෝදරියන්ට, ගුරුවරුන්ට යනාදිය. මම කියන්නේ එයින් පරිබාහිරව කෙල්ලන්ට කරන ආදරය ප්‍රේමය ගැනයි. හැම පැත්තෙම ආදරය එක වගේ විය යුතුයි.

මම ගැහැණු ළමයෙකුට ආදරය කරනවා කියා සිතමුකෝ. මම බලාපොරොත්තු වෙනවා. ඒ ආදරය මට උපරිම ආදරය කරයි කියා මට එයාව දකින්න ඕනැ. එයා මට ආදරයෙන් කතා කරන්න ඕනැ. සලකන්න ඕනේ. එතකොට මගේ හිතට තමයි දැනෙන්නේ සතුට එයා දකින්න නැතිවෙනකොට මට දුකයි. එයා වෙන කවුරුහරි උදුරගත්​තොත් මට ඊර්ෂ්‍යාව එනවා.

ඒ විදිහට මම කැමැති නෑ. මම කැමැති එයා මගේ විතරක් වෙන්න. එයා මට සැර දැම්මොත් මගේ හිත කලකිරෙනවා. මම එයාට කැමැති නෑ. ඔක්කොම දැනෙන්නේ මගේ හිතට. මගේ සිතැඟි අනුව කටයුතු කරන කෙනාට මම දැඩිව ප්‍රේම කරනවා. හැබැයි ඉතිං පෙරළා මගෙනුත් එයාට ඒ ආදරය ලැබෙනවා. කලකිරීම ආවොත් මට එයා එපා වෙනවා. එයාගෙන් දුරස්වෙන්න බලනවා. එයා නැතිවෙනවානම් හොඳයි කියා සිතෙනවා. ඒ විදියට තමයි මා ආදරය දකින්නේ.

ඔබට ඔවැනි විරුද්ධ ලිංගික ආදරයත් ප්‍රේමයත් මුලින්ම ඇතිවුණේ කොයි කාලයේදී ද?

එ්ක ගැන තමයි මම කනගාටුවෙන්නේ. මම මුලින්ම ආදරය කළ කෙනා මට ලබාගන්න බැරි වුණා. මුලින්ම මම ආදරය කළේ මගේ පාසලේ ගැහැණු ළමයෙක්ටයි. පාසල් කාලයේදී තමයි මට මුලින්ම විරුද්ධ ලිංගික ආදරයක් ඇතිවුණේ. මේ ගැහැණු ළමයා හරියට සරෝජා දේවි වගේ. මම සරෝජා දේවිට හරි කැමතියි. ඒ කියන්නේ සිනමා සිත්තමේ ඉන්න සරෝජා​ දේවි ගැනයි. මේ කෙල්ලත් මට පේන්නේ සරෝජා දේවි වගේ. හැබැයි ඉතිං මම සිතින් ආදරය කරනවා. මේ කෙල්ල කවදාවත් මට ආදරය කළෙත් නෑ. මාව හමුවුණෙත් නෑ. ඒක එතනින්ම ඉවර වුණා.

මම වෛජයන්තිමාලාට තවත් ආදරෙයි. හින්දි සිනමාවේ ප්‍රේමයෙන් තමයි මාව ආදරයෙන් පිස්සු වැට්ටුවේ. වෛජයන්තිමාලා, රාජේන්ද්‍ර කුමාර්ලා, සංගම්, චිත්‍රපටයේ ආදරෙයෙන් ඉන්නකොට මා බලාපොරොත්තු වුණේ ඒ වගේ ආදරයක්. වෛජයන්තිමාලා වගේ ගැහැණු ළමයා වෙන ඉස්කොලෙක ඉන්නේ. ඉස්කෝලේ අැරුණු වෙලාවට වටේ යනවා. ලයින් එක දාන්න. එක දවසක් යනවිට ස්ටයිල් කොල්ලෙක් එක්ක මේ ළමයා කතා කරකර ඉන්නවා. කොල්ලා පාසල් ගිහින් ඉවර වුණ කෙනෙක්. මට බෑ ඔහු එක්ක හැප්පෙන්න. හරිම වේදනාවකින් ඒ අාදරයත් නිමා වුණා.

ඔය විදියට බූට් කාලා ප්‍රථම ආදරයක් දිනාගත්තේ කොළඹට ආවට පස්සේ නේද?

ඔව්. කොළඹ ඇවිත් නළු​ෙවක් වෙන්න දුක් වින්ද කාලයේ තමයි ඇය මට හමුවුණේ. එතකම් මම කෙල්ලෙක්ට ලව් කරලා තිබුණේ නෑ. ප්‍රථම ආදරය තමයි ඒක ලස්සන ගැහැණු ළමයෙක්. මම එයා දැකලා එයාට යෝජනා කළා. ‘‘මම ඔයාට ආදරෙයි’’ කියලා. එයත් ඒක පිළිගත්තා. අපි පාන්දර තමයි හම්බවෙන්නේ. මා පිළිකන්නේ පැත්තෙන් ඇවිත් ඇය හමුවෙනවා. අපේ ආදරය හරිම පිවිතුරුයි. ප්‍රේමය නම් සඳ එළියසේ අචින්තයි වගේ තමයි රාගයෙන් තොර මම රාගය ගැන සිතුවේ නෑ. අපි සිප වැළඳැගනීම් තිබුණා එච්චරයි. එතනින් එහාට ගියේ නෑ. ඒ ආදරය ඔහොම දිගට ගියා.

මේ සම්බන්ධයට මගේ ඥාතීන් විරුද්ධ වුණා. ඒ විරුද්ධත්වය උඩ අපි දෙන්නට පොඩ්ඩක් අයින් වෙන්න වුණා. ඒ අයින් වීම තිබුණත් මම හොරෙන් හොරෙන් ඇයට ආදරේ කළා. නමුත් මගේ කලා ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් එක්ක මෙයා යාළුවුණා. ඊට පස්සේ බොහොම දුකක් මට ඇතිවුණා. මගේ ප්‍රථම ප්‍රේමය දුක්මුසුව ඉවර වුණා. ඊට පස්සේ අද ජනප්‍රිය නළුවන්ගේ බිරින්ඳෑවරු පවා මට ලව් කළා. ඒවා කියන්න අපහසුයි.
ඔබ ඊට පස්සෙ ජනප්‍රිය නිවේදිකාවක් මෙන්ම රංගන ශිල්පිනියකට ද ආදරය කළ බව දැනගන්නට ලැබුණා. ඇත්තටම ඒ ප්‍රේමයට මොකද වුණේ.

ඔබ ඒ පිළිබඳව දන්නේ කොහොමද? ඒ කතාව හරි හැබැයි ඒ ප්‍රේමය තිබුණේ දවස් 2 ක් විතරයි. ඇය එතකොට හරිම ලස්සනයි. හැබැයි ටිකක් කළුයි. මම එයාට ලියුම් ලිව්වා. ඒ ලියුම් තවමත් එයා ළඟ තිබෙනවාලු. මම නුවරඑළියේ සිට පැමිණි අහිංසක තරුණයෙක්. මම ඔයාට ආදරෙයි කියලා ලියුම් ලිව්වා. එයාත් මට කැමැති වුණා. අපි දෙන්නා ලුම්බිණියේ නාට්‍යයක් බලන්න ගියා. නාට්‍යය බලල එළියට එනකොට වැස්සක් වැටෙනවා.

මේ කෙල්ල ළඟ කුඩයක් තිබුණා. කෙල්ල කුඩය ඉහළගෙන යන්න හදනවා. ඉස්සරහින් මගේ යාළුවෙක් වන නාට්‍ය නිෂ්පාදකයෙක් ගියා. අැය එක පාරටම ඔහුට ‘‘අයියේ එන්න මේ කුඩේ යටට’’ කිව්වා. එහෙම කියලා ඔහු ඒ කුඩය යටට ගිහින් දෙන්නා හොඳටම දොඩමළු වී යනවා. මාව මගහැරුණා. මම බලාගෙන ඉන්නවා. මාව අමතකයි. මේ දෙන්නා යනවා. දැන් බස් හෝල්ට් එකට ආවා. මම තෙමීගෙන ඇවිත් ඇයට කිව්වා අදින් පස්සේ ඔයාගෙයි මගෙයි ආදරේ නෑ කියලා. එහෙම කියලා මම ගියා. එතනින් ඒ ප්‍රේමයත් ඉවරවුණා. එක දවස් දෙකේ අපූරු ප්‍රේමයක්.

ඔබ පස්සේ හොරණ පැත්තේ ගෙදරකට ගිහින් ගැහැණු ළමයෙක්ට ආදරේ කරන්න නැවතුණා කියලත් ආරංචියි. ඇත්ත ද ඒ කතාව?

ඔව්. ඒ කතාවත් හරිම සුන්දරයි. මට හොරණ පොකුණුවිට පාරේ ඉන්න ගැහැණු ළමයෙක්ගෙන් හරියට ලියුම් එනවා. හරිම ලස්සන ලියුම්. ඒ ලියුම්වල තිබුණු අත් අකුරුත් ලස්සනයි. මම මේ කියන්නේ 1975 වසරේ මුල හරියේ. මේ ලියුම්වල තිබුණු අදහස්වලට මම සිතුවා ඇය තමයි මගේ හිමිකාරිය කියලා. මම බඳින්නේ මෙයා තමයි කියලා දවසක් මෙයා සොයාගෙන මම පොකුණුවිට ගියා.

එයා එතකොට ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිත් නෑ. එයාගේ තාත්තා තමයි මාව පිළිගත්තේ. එතකොට මම ජනප්‍රිය නළුවෙක්. තාත්තා එක පාරටම මාව දැකලා ‘අයියෝ මගේ දුව ඔයා දැක්කොත් මැරෙයි එන්න එන්න’’ කියලා කිව්වා. ටිකක් වෙලා යනකොට ඒ ගැහැණු ළමයා පාසල ඇරිලා ගෙදර ආවා.

හරිම ලස්සනයි. එයා එකපාරටම මාව දැකපු ගමන් පුදුම වුණා. තව නූලෙන් පොත් ටික බිමට වැටෙනවා. ඒ තරමටම විස්මයට පත්වුණා. එතකොට මම හොඳම නළුවා විදිහට සම්මානයක් ලැබිලායි තිබුණේ. ඒකත් අරගෙනයි ගියේ. ඒ ළමයා කිව්වා ‘‘අපි සම්මානයක් ගන්නවා පත්තරෙන් දැක්කා’’ කිව්වා. මම කිව්වා මේ තිබෙන්නේ ඒ සම්මානය කියලා. එයාට හරිම සතුටුයි. මම එදා සිතුවා මෙයා තමයි මගේ ඉරණම්කාරී කියලා. එයා මාව හරියට අගය කරනවා. එයා ඉඳගෙන මාත් එක්ක කතා කරනවා. එයා ඊට පස්සේ මම කිව්වාම කෑම ටිකක් අරගෙන මා ළඟට ඇවිත් කතා කරනවා. මට කතා කරන්න දේවලුත් තිබෙනවා. එයාටත් කතාකරන්න දේවල් තිබෙනවා. අපි හරිම යාළුවෝ වුණා.

දැන් ගොඩාක් හවස් වුණා. ‘‘මම දැන් යන්න ඕනෑ’ කිව්වාම ‘අනේ යන්න එපා තාත්තේ මේ යන්න හදන්නේ’ කියලා ඇය කියන්න ගත්තා. තාත්තයි අම්මයි කිව්වා අද ඉඳලා හෙට උදේ යන්න කියලා. මම හිතුවා දැන් ඉතිං මගේ මුළු අනාගතයම මෙතන තමයි කියලා. ඊට පස්සේ මට කාමරයක් දුන්නා. අපි රෑට කෑමත් කාලා හිටියත් එයා එක දිගට මාත් එක්ක කතා කරමින් ඉන්නවා. අම්මයි තාත්තයි නිදි කිරා වැටෙනවා. රෑ 11 වනතුරු කතා බහ හරිම සුන්දර කතාබහක්. පස්සේ නිදිමත හින්දා එයාට නිදාගන්න යන්න කිව්වා. මොකද පහුවදා ඉස්කෝලේ යන්නත් තිබෙන හින්දා.

එතකොට ලයිට් එහෙම තිබුණේ නෑ. හැබැයි ඒ ගෙදර හරිම ලොකුයි. පහුවැනිදා නැගිටලා මම යන්න ලෑස්ති වෙනවා. එයා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා. එතකොට මෝටර් සයිකලක පොඩි ගැටවරයෙක් ආවා. ඇවිත් එයා එක්ක කතා බහ කරලා ගියා. ඊට පස්සේ ‘‘යමු මාත් එක්කම කියලා’’ ඇය මා සමග පාරට ආවා. අපි කතා කර කර යනකොට ‘‘මම ඔයාට ආදරෙයි’’ කියලා මගේ අදහස ඇයට ඉදිරිපත් කළා. එයාගේ ඇස්වල කඳුළු පිරුණා. එයා කිව්වා අර මෝටර් සයිකලෙන් ආව කෙනා ඔයා දැක්කා නේද? ඒ මගේ මස්සිනා. එයාව මට බන්දන්න තීරණය කරලයි තියෙන්නේ’’ කිව්වා. මට පුදුම ශෝකයක් ඇතිවුණා. ඒ ප්‍රේමය හරි ගියේ නෑ. ඒක හරිගියා නම් මම හිතනවා එය බොහොම සුන්දර ආදරයක් වේවි කියලා.

ඔබේ කතාවලින් පේන්නේ හැම තිත්සෙම ගැහැණු ළමයින්ගෙන් බූට් කාලා තිබෙන බවයි. එහි දී ඔබට මොනවගේ හැඟීමක්ද ඇතිවුණේ.

මම කල්පනා කළා, ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. මොකද මට හිත ගිය සියලු දෙනා මා හැරගියා. පස්සේ අන්තිමේ දී මම රඟපෑම් පන්තියක් කළා. එය කරද්දී එයට ක්ලීටස් මෙන්ඩිස්, උදයකාන්ත වර්ණසූරිය වැනි අය ආවා. මමත් එතකොට තරුණයි. 1975 දී මම හොඳම නළුවා වූ හින්දා රඟපෑම් උගන්වන්න කියා මට කිව්වා. රැපියල් 100 ක් තමයි ලැබුණේ. පන්තියේ හිටියා ලස්සන ගැහැණු ළමයෙක්. මට මෙයා ගැන ලොකු පැහැදීමක් ඇතිවුණා. එයා අම්මා එක්ක පන්තියට ආවේ හරිම ලජ්ජයි. මම එයාගෙන් ඇහුවාම අම්මාගෙන් අහන්න කිව්වා. මම අම්මාගෙන් ඇහුවාම ගෙදරින් ඇවිත් අහන්න කිව්වා. ගෙදර ගිහින් ඇහුවා. සහෝදර සහෝදරියෝ ඇයට සිටියා.

ඒ අය මුලින්ම මගෙන් ඇහුවේ මොකක්ද රස්සාව කියලයි. මම කිව්වා නළුකම රඟපෑම කියලා. ‘අයියෝ ඒකත් කරලා ජීවත් වෙන්න පුළුවන්ද? රස්සාවක් සොයාගන්නකෝ කියලා ඔවුන් කිව්වා. මම කිව්වා ‘‘මගේ වෘත්තිය නළුකම, මම සම්මාන ගත්තේ ලොකු නළු නිළියෝ පරද්දලා. මට අනාගතයකුත් තිබෙනවා මෙකෙන් ගි​ෙයා්ත්. ඒ හින්දා මේ රස්සාව මට හොඳයි කියා.

කොහොම හරි මේ ආදරය මාස ගණනාවක් ගියා. මේ අතරේ ගලෙන්බිඳුණුවැව චිත්‍රපටයක රූගත කිරීමකට මම ගියා. ඒ චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ හොඳම ගැහැණු ළමයත් එතනට ඇවිත් සිටියා. ඒ ගැහැණු ළමයා මට සමීප වෙන්න ගත්තා. මට වැටහෙනවා ඇය මට ආදරේ වගේ කියලා. හැබැයි මම කෙනෙක්ට ආදරේ කරද්දී තව ආදරයක බැඳෙන්නේ නෑ මොකද මට දැන් කෙනෙක් ඉන්නවානේ.

මට එතන දී රවින්ද්‍ර රන්දේණිය කිව්වා අපොන්සු ‘‘මේ කෙල්ල උඹට හරි ආදරෙයි. උඹ දන්නවාද තෙල් මෝල් පොල් මෝල් තියෙන සල්ලි කඳක්. මේ කෙල්ලට කැමතිවෙයන්’’ කියලා මට කිව්වා. ‘‘ නෑ රවි අය්යා මම ආදරය කරනවා දුප්පත් කෙල්ලෙක්ට’’ කියලා. ඒ නිසා මම ඇයට ළංවුණේ නෑ. කොහොම හරි අර රඟපෑම් පන්තියේ සිටිය ගැහැණු ළමයා මට බඳින්න සිද්ධ වුණා.

ඔබ විවාහ වුණත් ඒ විවාහය දිගටම ගෙනියන්න බැරිවුණා නේද?. ඇයි එහෙම වුණේ ඔබගේ වරදක් හින්ද ද? නැත්නම් ඇයගේ වරදක් හින්දද?

1978 වන විට විවෘත ආර්ථීකය පැමිණි කාලයේ. අපි ඒ වන විට සිනමාවෙන් ලස්සන ජීවිත ගත කරන කාලේ. ජනප්‍රියත්වයේ හිටියේ. මම මෙතනදී කාටවත් දොස් කියන්නේ නෑ, මගේ රැකියාව රංගනය. මම ප්‍රේම කරපු කෙල්ලගේ අක්කා දරුණු විදිහට මට කිව්වේ රස්සාවක් කරන්න කියලයි. ආර්ථික ප්‍රශ්නත් එන්න එන්න ආවා. සිනමාවේ වැඩ නැතිවෙන්න ගත්තා.

වැඩ නැතිවෙන කොට තමයි අපි දෙන්නට දරුවෙක් ඇතිවුණේ. මම මේ ඇත්ත කියන්නේ. දරුවාට පිටි පැකට් එකක් ගන්නත් බැරි තරම් මම අමාරුවෙන් පාසල් නාට්‍ය කරමින් රංගනය උගන්වමින් මේ නඩත්තුව ගෙනිච්චා. නමුත් ඒ අය කලාව විශ්වාස කරන්නේ නෑ. මට ලජ්ජා කරනවා. ඒ අතරේ ගැටුම් ගොඩාක් ඇතිවුණා. ඒ ගැටුම්වලින් අන්තිමේ දී උසාවි පවා යන්න සිද්ධ වුණා. එහෙම වෙලා අයින් වෙන්න සිද්ධ වුණා. පළමු විවාහය අසාර්ථක වුණා. හැබැයි ඒ කෙල්ලට මම දොස් කියන්නේ නෑ. මම වැරදි කියලවත් කියන්නේ නෑ.

රංගන ශීල්පියෙකු ලෙස අපි රටේ පවතින විදිහ නිසයි අපි වැරැදිකාරයෝ වෙන්නේ. සල්ලි තිබුණා නම් කාර් බාර් තිබුණා නම් කවදාවත් අපි විවාහය අසාර්ථක වෙන්නේ නෑ. මෙතන ඇතිවුණේ ඒ ගැටලු තමයි. වෙන්වුණාට පස්සේ සාධාරණ මුදලක් මම ගෙව්වා. එය ලොකු ගණනක් ඒක ගෙවන්න මම මාර දුකක් වින්දා.

ඊට පස්සේ ඔබ තවත් ආදරයක් පස්සේ යන්න ගන්නවා නේද? ඇයත් විවාහ කරගන්නවා. නමුත් ඒකත් අසාර්ථක වෙනවා නේද?

ඔව්, ඔබ හරි මට ලස්සන ආදරයක් ලැබෙනවා. ඒ ආදරයට මම ඇත්ත කිව්වා. එයා මට බොහොම ප්‍රේම කළා. කොහොම හරි අපි දෙන්නා විවාහ වුණා. විවාහ වෙලා මම චිත්‍රපටයක් ‘රෑ රූ’ නමින් නිර්මාණය කළා. ඒ චිත්‍රපටය මම නිෂ්පාදනය කළේ ගේයි ඉඩමයි උගස් කරලා. එදා ක්‍රියාකාරී අධ්‍යක්ෂ මට චිත්‍රපටය රිලීස් කිව්වා. ඒ කාලේ බෝම්බ පුපුරණවා. 1999 දි විතර වගේ අසුබ කාලයක්. මටත් වැඩිය උසට තාප්පවලින් වටවූ ගෙයකුත් හදලා දෙවැනි විවාහයක මම හිටියේ.

ඒ ගෙය බැංකුවට උගස් කරලා චිත්‍රපටය කළේ. මගේ බිරිඳ චිත්‍රපටයට කැමැති වුණේ නෑ. ගැටුම් නිතරම ඇතිවුණා. අපට ඇමරිකාවේ යන්න සිද්ධ වුණා. ඇමරිකාවේ ගිහින් බිරිඳ ආපහු ලංකාවට එන්න බැහැ කිව්වා. එයා නැවතුණා. මට කලකිරුණා. මම කිව්වේ ප්‍රශ්න තිබෙනවා කලාකරුවන්ට ඔබ මාත් එක්ක එන්න ඕනේ කියලා. එයා බැහැ කිව්වා. අන්තිමේදී එවයාගෙන් වෙන් වුණා. එයා ඇමරිකාවේ ඉන්නවා.

ඔබ තුන්වැනියට විවාහ වෙන්නේ ගොඩාක් වයසින් බාල තරුණ කෙල්ලක් එක්කයි. නිරූපිකාවක් නේද ඇය. ඇයි ඒ විවාහයත් ඔබ කඩාකප්පල් කරගත්තේ?

මට ලැබුණු හැම ආදරයටම වැඩිය තුන්වැනියට හමුවූ ඇය ආදරේ කළා. ක්‍රිකට් මැච් එකකදී තමයි ඇය මට හමුවුණේ. එයා නිළියක්ම නොවෙයි. මොඩ්ල් කෙනෙක්. එයා මගේ ජීවිතයට ඇතුළු වුණා. මගේ මේ නැතිබරිකම් ෆිල්ම් එකේ ණය ගෙවාගන්න ගේ දොර උගස් කරලා විකුණන තත්ත්වයට ඇවිත් එතකොට හිටියේ. ඒකට උදව් කළෙත් එයා. මට වඩා ගොඩාක් ඇය බාලයි.

එයා මට පුදුම ආදරයක් දැක්වූයේ. මම යන කාර් එක පොඩියි කියලා එයා ලොකු එකක් ගන්න එයාගේ ගෙදරත් වික්කා. විකුණලා තාත්තාගෙන්ද සල්ලි ඉල්ලලා වාහනයක් ගත්තා. එයාගේ තාත්තා අම්මාත් මට කැමැති වුණා. අපි විවාහ වුණා. අපි සන්තෝෂයෙන් විවාහ දිවිය ගත කළේ. එයා මට කියන්නේ බබා පැටියෝ කියලයි. ඒ තරමට ආදරෙයි. ඉඳිකට්ටයි නූලයි වගේ හිටියේ.

මේ අවුරුදු 12 තුළ එහෙමයි අපි හිටියේ. පොඩි සිද්ධියක් හින්දා සැකයක් මතුවෙලා ප්‍රශ්න ආවා. මගේ පළමු කසාදයේ පුතා විවාහ වෙන දවසේ ඔහුගේ යාළුවෝ ඇවිත් කිව්වා ‘‘අන්කල් ඔයාගේ පුතා බඳිනවා. ඒකට තාත්තා වශයෙන් එන්න බැරිද’’ කියලා. එතකොට නාට්‍යවලට මට උදව් කරන්නේ එයා. ඇය එවෙලේ ස්ටේජ් එකේ හිටියේ. මම කිව්වා ‘‘පුතා මම දැකලා නෑ.

අවුරුදු ගාණකින් අර ඉන්නේ මගේ වයිෆ් එයා ඒකට කැමැති නෑ’’ කියලා ළමයි යනකොට දුකත් හිතිලා අඬගහලා පුතාට දෙන්න කියලා පොඩි මුදලක් දුන්නා. හැබැයි එතන කලාකාරයෙක් හිටියා. නම කියන්නේ නෑ. ඊට මාස 4 කට පස්සේ ඇය අඬාගෙන ඇවිත් කිව්වා. ‘‘මම දන්නවා ඔයා කවදා හරි පුතා ළඟට යනවා. මුල් වයිෆ් ගාවට යනවා ඔයා පුතාට රුපියල් ලක්ෂයක් දුන්නා නේද?’ කියලා. මම කිව්වා ඒක බොරු කතාවක් කියලා. සමාවෙන්න මට ඒක කියන්න බැරිවුණා කියලා කිව්වා. මම දුන්නේ මෙච්චරයි ලක්ෂයක් දුන්නේ නෑ කිව්වා.

ඊට පස්සේ ඕක මෙයාට ……………… වුණා. එයා වරින් වර මේකමට මතු කළා. ඔහොම ඉඳලා මම ගෙදර යනවා කියලා එයාගෙන් වෙන්වුණා. එයා අද විවාහ වෙලා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා. හැබැයි පුදුම ආදරයක් තිබුණේ. එයා මාව දාලා ගියාට පස්සේ දවසක් කෝල් කරලා කිව්වා. මගේ කණ්ණාඩිය කැඩුණු හින්දා ඒක හදාගන්න අහවල් තැනට යන්න එයා සල්ලි ගෙවන්නම් කියලා. මට දුකු හිතුණා. ඒක පුදුම ආදරයක්.

ඇත්තටම ඔබට නිළියන් එක්ක ආදර සබඳතාවක් ඇති කර ගන්න බැරිවුණේ ඇයි‌ ? ඔවුන්ට ඔබ ඇල්ලුවේ නැද්ද? නැත්නම් ඔබ නිළියන්ට කැමැත්තක් දැක්වූයේ නැද්ද?

ඒ කාලයේ ලස්සන නිළියො හිටියේ. පුදුම වැඩේ කියන්න මට නිළියන් අප්‍රමාණ හමුවුණත් ඔවුන් එක්ක එකට වැඩ කරන්න ලැබුණත් ආදරයක් ඇතිවුණේ නෑ. ක්ෂේත්‍රයේ කිසිම කෙනෙක් එක්ක මගේ සබඳතාවක් තිබුණේ නෑ. මම කිසිම නිළියක් එක්ක ප්‍රේම සබඳතාවක් ඇතිකරගත්තේ නෑ. ඔවුන් මට ආදරය කරන්න ඇති නමුත් කවුරුවත් මගේ මූණට ඇවිත් කිව්වේ නෑ.

ඔබ පසු කාලයේදී යළිත් මුල් විවාහයේ බිරිඳ ළඟට ගියා නේද? එහෙම වුණේ ඇයි.?

ඒක වුණේ ඔවුන් මට කතා කළා මම ගියා. හැබැයි මම ගියාම ඒ මුල් ආකල්පය ඒ කියන්නේ නළුවා, කලාකරුවා කියන එකට වඩා ඇමරිකාවේ යමු කියන තැන තමයි හිටියේ. පස්සේ අපි ඇමෙරිකාවට ගියා. ලංකාවට එන්න බැහැ කිව්වා. ජොබ් එකත් කරන්න ඕනෑ කිව්වා. ඉයාලට ඉන්න කියලා මම ලංකාවට ආවා. එයාලගෙන් අයින් වුණා. ඒ සියලු දෙනාට මම වෛර කරන්නේ නෑ. ඒ අයට මම ආශිර්වාද කරනවා.

ඔබගේ මේ සබඳතා බිඳී යන්නේ ගැහැණු ගති ඔබ තුළ තිබෙන නිසා කියලයි සමහරු කියන්නේ. මොකක්ද මේ කතාවේ තේරුම.

ගැහැණු ගති තිබෙනවා නම් කිව්වොත් මම නපුංසකයෙක් වෙයි. එහෙම නොවෙයි. චරිතවලට ගැහැණු වුණාට මම නියම පිරිමියෙක්. තුන්වැනි විවාහක බිරිඳට මම ගෙරෙව්වේ නැත්නම් නින්ද යන්නේ නෑ. මම ගොරවනකොට තමයි ඒ සනීපයට ඇය නිදාගන්නේ. විවාහ ජීවිතේ පැත්ත ගත්තොත් ඒක උපරිමයි. ඒවායින් කිසිම අඩුවක් නෑ, මගේ කසාද තුනම පොඩි දේවල් හින්දයි නැතිවුණේ. හැබැයි ආදරය උපරිමයි. තවමත් මට ඒවා මතක් වෙනවා. මට දැනුත් ඉන්න බැහැ. ආදරය මට අවශ්‍යයි. තුන්වැනියා මාව ගොඩක් ඉදිරියට ගෙන ගියා. එහෙම කියලා මම සල්ලාල ජිවිතයකට නැඹූරු වුණේ නෑ.

ඔබගේ පුතා ඊට පස්සේ හම්බ වුණේ නැද්ද?

නෑ. ඔහු හොඳ පුතෙක්. ඔහු දැන් විවාහ වෙලා දරුවොත් එකක් ඇමරිකාවේ ඉන්නේ. මම බලන්න ගියොත් අම්මාව හම්බවෙනවා. ඒකට මම බයයි. ඉතිං ඒ හින්දා යන්නෙ නෑ. ඔහුත් සතුටින් පවුල් ජීවිතය ගත කරනවා.

ආදරය හා ලිංගිකත්වය පවුල් ජීවිතයට කො​හොමද බලපාන්නේ කියා ඔබ සිතන්නේ?

ප්‍රේමය සඳ එළිය සේ අචින්තයි. කියනවානේ. ඇත්තටම ආදරයෙන් ගොඩ නැගෙන රාගය ලිංගිකත්වය එය වර්ධනයට ගොඩාක් බලපානවා. ඒක මම අත්දැකීමෙන් දන්නවා. දෙන්නාගේ ආදරය තුළින් තමයි රාගය ඇතිවෙන්නේ. ඒ රාගය ලිංගිකත්වය අපේ බැඳීම තවත් ශක්තිමත් කරන බැඳීමක් වෙනවා.

ඔබ තුන්වරක් විවාහ වූ අයෙක්. මේ විවාහ ජීවිතය පිළිබඳව ද ආපසු හැරී බැලීමේ දී ඔබට මොකද සිතෙන්නේ.

විවාහය හරිම සුන්දර දෙයක්. විවාහයේ දී දෙන්නාට දෙන්නා නීති දාන්න ඕනෑ නෑ. මම කැමතිත් වයසට යනතුරු ආදරයෙන් විවාහ ජීවිතය ගෙනියන්නයි. මට විවාහ ජීවිතය තවම එපා වෙලා නෑ.

ඒ කියන්නේ ඔබ තව විවාහයක් කර ගන්නත් දැන් කැමතියි කියන එක නේද?

ඔව්. කොල්ලෙක් ළඟදී දිවි නසාගෙන මැරුණා නේද කෙල්ලෙක් බූට් එකක් දුන්නා කියලා. එහෙම නම් මම තුන්පාරක් බෙල්ලේ වැල දාගන්න ඕනේ නේද? විවාහය කියන එක හරිම උත්තරීතර දෙයක්. හරිම ෂෝක් තවම වේකන්සියක් තිබෙනවා. ඉදිරියේදී මොනවා වෙයිද දන්නෙ නෑ. ‘‘ලිවින් ටු ​ෙගදර්’’ තුළ ආදරයෙක් නොවෙයි තිබෙන්නේ එතන තිබෙන්නේ මිනිහාට සර්වන්ට් කෙනෙක් හිඳීමයි. මුදලට සියල්ල සිදුවෙන්නේ. ඒක ආදරය විවාහයක් නොවෙයි. ඒ රැකියාවක්. ඒ රැකියාවේ පඩි දෙන්න මම ලැස්ති නෑ.

ඔබට වයසින් බාල කෙනෙක් ආපහු විවාහ යෝජනාවක් කළොත් මොකද කරන්නේ?

ඒක මට ගැලපෙන්නේ නැ කියා මා සිතනවා. ඊට වඩා ​මෝරන්න ඕනේ. මම තවමත් හිතින් තරුණයි. මගේ ආකල්පවලට ගැලපෙන කෙනෙක් වෙන්නත් ඕනේ. හැබැයි පොඩි කෙල්ලෙක් නම් නොවෙයි. වේකන්සියක් තිබෙනවා. තවම ඉල්ලුමක් නෑ, ඉල්ලුමට සැපයුම නම් තිබෙනවා. මා තරම් ආදරවන්තයෙක් තවත් නෑ කියලයි මට සිතෙන්නේ.

අපොන්සු ප්‍රේමයෙන් මුසපත් වූ අනංගයෙක් යැයි මට සිතුණේ ඔහු ඒ කාරණා පිළිබඳව විවෘතව කතා කළ නිසාවෙනි. ඔබ සිතුවාට වඩා ඔහු කොතරම් ප්‍රේම කුරැල්ලෙක්ද ඉතිං හෙට දවසේදිත් ඔහු ඒ ආදරය සොයාගෙන යාවි. ඒ ආදරයට ඔහු ආදරය කරන නිසාය.

කතාබහ කළේ
සමන්ත යහම්පත්

 

මෙන්න බිත්ති බඳින “රොබෝ මේසන් බාස්.” – කොහොමඳ බිත්ති බැඳීම.පට්ට නේද?

ලොව ඉදිකිරීම් කර්මාන්තය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතිනවා. තරඟකාරී වෙළදපොල ට මුහුණදීම සඳහා කාර්යක්ෂමතාව ඉහල නංවාගැනීමට නවීන තාක්ෂනය උපයෝගී කරගන්යි.

මිනිස් ශ්‍රමය අවම කිරීම මගින් කාර්යක්ෂමතාව ඉහල නංවා ගැනීම ඔවුන්ගේ අරමුනයි.

මේසන් බාස්වරුන්ගේ කාර්යක් වන බිත්ති බැඳීම සඳහා රොබෝ තාක්ෂනය යොදා ගන්නා අපුරුව පහත වීඩියෝවෙන් නරඹන්න.