මෙන්න බිත්ති බඳින “රොබෝ මේසන් බාස්.” – කොහොමඳ බිත්ති බැඳීම.පට්ට නේද?

ලොව ඉදිකිරීම් කර්මාන්තය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතිනවා. තරඟකාරී වෙළදපොල ට මුහුණදීම සඳහා කාර්යක්ෂමතාව ඉහල නංවාගැනීමට නවීන තාක්ෂනය උපයෝගී කරගන්යි.

මිනිස් ශ්‍රමය අවම කිරීම මගින් කාර්යක්ෂමතාව ඉහල නංවා ගැනීම ඔවුන්ගේ අරමුනයි.

මේසන් බාස්වරුන්ගේ කාර්යක් වන බිත්ති බැඳීම සඳහා රොබෝ තාක්ෂනය යොදා ගන්නා අපුරුව පහත වීඩියෝවෙන් නරඹන්න.

ජාවාරම්කරුවන් ලංකාවේ අලි පැටවුන් මුහුඳු මාර්ගයෙන් , ලංකාවෙන් එපිට විශේෂ කලාපයකට විකුණයි.

ශ්‍රී ලංකාවතුල මේ දිනවල උණුසුම්ම මාර්තෘකාවක් බවට අලින් පත්ව ඇත. දල ඇතුන් වෙඩි තබා ඝාතනය කර ,දල කපාගේනයාම් ගැන නිරතුරු අසන්නට ලැබුනා. මිනිසුන්ගේ උගුල්වලට හසු වී තවත් අලින් මිය යයි. මේ ගැන සමාජයතුළ දැඩි කතාබහක් ඇති විටෙක   මෙරට අලි ඇතුන් සම්බන්ධ තවත් ජාවාරමක් පිළිබදව වාර්තා වෙනවා. ඒ මවු ඇතින්නන්ගෙන් කුඩා අලි පැටවු වෙන් කරවාගෙන , එම අලි පැටවුන් මුහුදු මාර්ගයෙන් හොර රහසේ ඩුබායි අබුඩාබි ඇතුළු මැද පෙරදිග රටවලට යැවීමේ ජාවාරමක් පිළිබදවයි.

තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා‍ මෙම ජාවාරම පිළිබදව හෙළි කරමින් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා. මෙලෙසින් අලි පැටවුන් මහුදු මාර්ගයෙන් හොර රහසේ ඩුබායි අබුඩාබි ඇතුළු මැද පෙරදිග රටවලට යැවීමේ ජාවාරමක් පිළිබදව තමන්ට තොරතුරු ලැබී ඇතැයි අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර තිබුණා.

පසුගියදා හම්බන්තොට වෙරළ තීරයෙන් අලි පැටවුන් තිදෙනකු  සොයා ගැනීමට හැකිවූ බවත් මෙම අලි පැටවුන් තිදෙනා මුහුදු මාර්ගයෙන් හොර රහසේ ගෙන යෑමට සූදානමක් තිබූ බවට සැකකරන බවත් මේ පිළිබදව හෙළි කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

වෙරළේ සිට බෝට්ටු මාර්ගයෙන් මෙම අලි පැටවුන් මුහුදේ යන නැව්වලට පැටවීමේ සූදානමක් තිබෙන්නට ඇති බවත් කාලයක සිට මෙසේ මැද පෙරදිග රටවලට අලි පැටවුන් හොර රහසේ පැටවීමේ ජාවාරමක් සිදුවන්නට ඇති බවත් ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.

මෙම අලි පැටවුන් තිදෙනාගේ මවු ඇතින්නන් සොයා මේ වන විට හම්බන්තොට හා ඒ අවට ප්‍රදේශවල ආරක්‍ෂක අංශ හා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහෙයුමක්ද ආරම්භ කර ඇත.

මුහුදු මාර්ගයෙන් අලි පැටවුන් රැගෙන යෑමේ ජාවාරම ගැන නාවික හමුදාවටත්, ගුවන් හමුදාවටත් විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්‍ෂක අංශවලටත්, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටද දැඩි අවධානයකින් සිටින ලෙස උපදෙස් ලබාදී තිබෙන බව ද සදහන්.

කිරිකැටි කලල දහස් ගණනක් කුස තුලිදීම විනාශ කල “වන් ෂොට්” ගම්පොලදී මාට්ටු.- වීඩියෝ.

ශ්‍රී ලංකාවේ ගබ්සා කිරීම නීති විරෝධී වුවත්, වසරකට බොහෝ ගබ්සා වීම් සිදුවෙනවා. ගම්පොල, ගලහ පාලම අසල වසර 16ක සිට කරගෙනගිය ගබ්සා මධ්‍යස්ථානයක් ගම්පොල නොවිසිඳුණු අපරාධ අංශය මගින් වටලා තිබෙනවා. එහිදී පොලිසිය වන් ෂොට් නමැති පුද්ගලයෙකු ඇත අඩංගුවට ගෙන තිබෙනවා.

එම සියලු විස්තර සහිත වීඩියෝව පහතින්.

නයි, පොළඟුන් ගහන කැලෑවට අලුත උපන් දරුවා වීසිකළ මව කීව සිත සසල කරවන කතාව. – වීඩියෝ.

සතර දිසාවෙන් මල් සින්දු ඇහෙන, අහන අපි පොඩ්ඩක් වෙනස් දෙයකට, ජීවිතයට වැදගැම්මක් ඇති දෙයකට විනාඩි 2ක් වැය කරමුද?

සැමදෙසින්ම මල් සින්දු ඇහෙනවාට සමානවම , අහිංසක දරුවන් , බිලිඳුන් මහා මග දමා යන, මරණයට පත් කරන, පුංචි මල් කැකුළු පොඩි කර දමන හැටිත් අසන්නට , දකින්නට ලැබෙනවා. මීට වරද කරුවන් කව්රුන්ද?

අම්මෙක් දරුවෙක් මහා මග දමා ගිය පසු සමාජයම ඇයයව පතුරු ගසයි. වරද ඇයගේ පමණද? නන්දා මාලනිය නම් වූ ඒ අසහාය ගායිකාව මේ සමාජ ගැටලුව ගැන මීට දශක කිහිපයකට කලින් ගයන ලද මේ ගීතය අද මාධ්‍ය තුලින් ඇසෙන්නේ නැත. නමුත් අදට ගැලපෙන මේ පද වැල්, සංගීතය ගැන ඔබ වෙත ගෙන එන්නට සිතුවා. මදකට හැමදේම අමතක කරලා මේ ගීතය අහන්නකො.

ගිනස් පොතට යන මේ දේදුන්න බලන්නකෝ. ජීවිතේට දැකල තියෙනවද මෙහෙම දේදුන්නක් – වීඩියෝ.

පැය 09කට ආසන්න වාර්තාගත කාලයක් දේදුන්නක් දිස්වීමේ සිදුවීමක් තායිවානයෙන් වාර්තා වෙයි. පසුගියදා තායිවානයේ තායිපේ අගනුවර කඳුකර ප්‍රදේශයක් ආශ්‍රිත අහසේ මෙම දේදුන්න පැය 08යි මිනිත්තු 58ක කාලයක් දිස්වූ බව එරට බලධාරීහු පවසති.

ඒ අනුව දීර්ඝතම කාලයක් දිස්වූ දේදුන්න ලෙස මෙය වාර්තා පොත් අතරට එක්වනු ඇති බව පවසන තායිවාන විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකු ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් ගිනස් ආයතනය දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි. 1994 වසරේ බ්‍රිතාන්‍යය ආශ්‍රිතව පැය 06ක කාලයක් දිස්වූ දේදුන්න දීර්ඝ කාලයක් දිස්වූ දේදුන්න ලෙස මීට පෙර වාර්තා වී තිබුණි

මල්ලියෝ උබනම් සුපිරිම වැඩකාරයෙක්…කතා දෙකක් නැහැ කට්ටියම හොල්මන් වෙනවා.-වීඩියෝ.

විවිධ පුද්ගලයන්ට විවිධ හැකියාවන් තියෙනවා. සමහර පුද්ගලයන් ඒ හැකියාව ජාත්‍යන්තර වේදිකාවල පෙන්වද්දී, තව සමහරෙක් ඒ හැකියාව මග තොටේදී පෙන්වනවා. කුඩා දරුවෙක් අමුතුම වාදන භාණ්ඩයක් වයමින් ගීතයක් අපුරුවට ගායනා කරන ආකාරයක් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ දක්නට ලැබුනා. ඔහුගේ මේ අපුරු හැකියාව පහතින් නරඹන්න.

තරුණයෙකු තම ජීවිත අවධානම ගැන නොසිතා හරක් හොරු ලුහුබැඳ පැටව් දෙදෙනෙකු බේරාගත් හැටි – වීඩියෝ.

පොලිසියටත් හිසරදයක් වූ හරක් නීතියට පටහැනි ලෙස ගෙනයන පුද්ගලයන් ලුහුබැඳ ගොස් , නොබියව ඔවුන් පොලිසියට කොටුකර දී, අවිහිංසක ගවයන් දෙදෙනෙකු බේරා දුන් වසන්ත කරුණාතිලක නම් තරුණයෙකු ගැන සමාජ ජාලා ඔස්සේ වාර්තා වෙනවා. මෙන්න අ ගැන සම්පුර්ණ විස්තරය.

BCS උපාධිය වයස 11දී දිනා ලෝක වාර්තාවක් තබා, ගුවන් නියමුවරියක් වූ 15 හැවිරිදි සිසුවිය.

ලොව මවිත කල ඇය 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි. බ්‍රිතාන්‍ය පරිඝනක සංසදය පිරිනමන BSC උපාධිය වයස 11දෙඑ දිනාගෙන , ලොව ලාබාලම උපාධි ධාරණිය වූ ඇය, සා/පෙළ සමත්වන විට වයස 13කි. ජනපති සම්මාන සහ තවත් සම්මාන රැසක් දිනාගත් ගුවන් නියමුවරියක් වූ 15 හැවිරිදි ඇයගේ විශ්මිත කතාවයි මේ.

විදුහල්පතිවරයෙක් මෙවර සා/පෙළට පෙනී ඉන්න සිසුවෙකුගේ ජීවිතයම විනාශ කරයි.

විභාග අපේක්ෂකයකු වීදුහල්පතිවරයාගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී අපහසුතාවයට සහ අසාධාරණයට පත්වසිටීම සම්බන්ධයෙන් පලාගල අධ්‍යාපන කොට්ඨාසයේ මානේරුව මහ විද්‍යාලයෙන් වාර්ථා වෙනවා.

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින එච්.එම්.සජිත් අශෝක බංඩාර නැමැති ශිෂ්‍යා මෙලෙස අපහසුතාවයට සහ අසාධාරණයට පත්ව ඇත. පලාගල අධ්‍යාපන කොට්ඨාසයට අයත් මානේරුව මහා විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඔහු ඉගෙනුම ලබයි. ඔහු නෑගම්හ අඹගස්වැව ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකි.

පළමු වසරේ සිට වසර 11ක් පුරා මෙම සිසුවා නොකඩවා අධ්‍යාපනය ලබා ඇත්තේ මානේරුව මහ විද්‍යාලයෙන්ය. කථන ආබාධයකින් පෙළෙන මෙම දරුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි නමුත් දරුවා පාසැල් අපේක්ෂකයකු ලෙස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් කිරීමට අයදුම්පත් යොමු කිරීමට දරුවා ඉගෙනුම ලබන විද්‍යාලයේ විදුහල්පතිවරයා කටයුතු කර තිබුණේ නැහැ.

දෙමව්පියන් පෙන්වා දෙන්නේ මේ නිසා තම දරුවාට පෞද්ගලික අපේක්ෂකයකු ලෙස වෙනම විභාගයට පෙනී සිටීමට සිදුව ඇති බවයි .

විභාග අංක 77859995 යටතේ ඒ අනුව කථනාබාධයකින් පෙළෙන මෙම දරුවාට ආඬියාගල මහා විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයකදී පෞද්ගලික විභාග අපේක්ෂකයකු ලෙස විභාගයට පෙනී සිටීමට සිදුව තිබෙනවා.

එහිදී ඔහුට සිදුව ඇති තවත් අසාධාරණයක් වන්නේ නව නිර්දේශය සඳහා සූදානම් වූ ඔහුට එහිදී මුහුණ දීමට සිදුව ඇත්තේ පැරණි නිර්දේශය යටතේ වූ අනපේක්ෂිත ප්‍රශ්ණ පත‍්‍රවලටයි.

සිය නිවසට පැමිණ සිද්ධියේ බරපතලකම පසුව තේරුම්ගත් විදුහල්පතිවරයා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුටත් තොරතුරු හෙළි නොකරන ලෙස තමන්ට පැවැසූ බවද දරුවාගේ දෙමව්පියන් සඳහන් කළා.

එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් මානේරුව මහ විද්‍යාලයේ විදුහල්පති රංජිත් කේ.ගුරුසිංහගෙන් විමසීමකදී ඔහු මෙසේ කියා සිටියා.

” දරුවාගේ සාධන මට්ටම ප‍්‍රමාණවත් නොවූ නිසා පාසල් අයදුම්කරුවකු ලෙස විභාගය අසමත්වෙයි කියල තමයි අපි පාසල් අයදුම්කරුවකු ලෙස විභාගයට ඉදිරිපත් නොකර පෞද්ගලික අයදුම්කරුවකු ලෙස ඒ දරුවා විභාගයට ඉදිරිපත් කරන්න කටයුතු කළේ. ඒ දරුවා පෞද්ගලික අයදුම්කරුවකු ලෙස අයදුම් කළ අවස්ථාවේ විෂය නිර්දේශය සම්බන්දයෙන් ගැටඵවක් නම් තිබුනේ නැහැ. දරුවාගේ පෞද්ගලික විභාග අයදුම්පත‍්‍රයත් මම තමයි ඉකුත් 08 වැනිදා ගෙදරට ගෙනිහින් දුන්නේ. ඒ ගැන මම දෙමව්පියන් එක්කත් කතා කරලා තියෙනවා. මම මේ ගැන ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරීවරයාත් දැනුම්වත් කරලා තියෙනවා. මම ඊයෙ (12) දරුවගේ ගෙදර ගියා දෙමව්පියන් සමග කතා කළා. නමුත් මේ ගැන කාටවත් කියන්න එපා කිව්වේ නැහැ. මේ දරුවා මොන විභාගයට පෙනී සිටියත් ඒ දරුවගේ මානසික තත්ත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. මේ දරුවා ඒ ගැන හිතන්නෙ නැහැ. ඒ නිසා මානසික තත්ත්වය ගැන ගැටළුවකට මේ දරුවා මුහුණ දෙන්නේ නැහැ ඒක පැහැදිලියි..”

කැකිරාව කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. එස්. වේගොල්ල මහතාගෙන්ද අප මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමසීමක් කළා.

එහිදී “කිසියම් පාසල් දරුවෙක් සාධන මට්ටමෙන් පහළ සිටියා වුවත් විභාගයට පෙනී සිටීමේ අයිතිය අහිමි කරන්න විදුහල්පතිවරයෙකුට අයිතියක් නැහැ. ඒ දරුවා පාසල් අයදුම්කරුවෙකු ලෙස විභාගයට ඉදිරිපත් කිරීමට විදුහල්පතිවරයා කටයුතු කළ යුතු වෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් මම විමර්ශණයක් ආරම්භ කරනවා.” යනුවෙන් සඳහන් කළා.

වල්කමේ යන ගෑනු ටිකක් රඟපාන්න ඇවිත්, ඇවිල්ලත් වල්කමේ යනවා. – ඩබ්.ජයසිරි.

අකුරක් තනිව තියෙද්දියි, අකුරක් වචනයක් වෙද්දියි, වචනවලට දැනෙන අර්ථයක් එක්වෙද්දීයි එකිනෙකට වෙනස්. අකුරු රහ ගීත කරලා, හ`ඩක් කට හඬක් කරලා, රංගනය අතර විශිෂ්ට රංගනයක් කරලා, මිනිස් සිත් හැම අතින්ම නතුකරගත් ඉවරයක් නැති ප‍්‍රතිභාවක් හොයාගෙන මම ගියා. මේ ඩබ්ලිව්. ජයසිරිගේ කතාවයි.

”මම දැන් සැහෙන්න වයසයිනේ. අවුරුදු 70ත් පැනලා, ඒ නිසා දැන් එහෙම පුංචි කාලේ මතක් කරන්න අමාරුයි. නිකන් හීනයක් වගේ තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි ඉතින් මගේ ගම ගාල්ලේ, හැබැයි මම ඉපදුණේ අම්මාගේ ගමේ වැලිගම. ඒ කාලේ ඉතින් ළමයි හම්බවෙන්න ඉන්න අය යන්නේ ඉස්පිරිතාලෙට නෙවෙයිනේ, තමන්ගේ මහගෙදරටනේ. අම්මත් එහෙම ගිහිල්ලා මාව හම්බවෙලා තියෙන්නේ අම්මගේ මහගෙදරදී. මම තමයි පවුලේ වැඩිමලා. මම ඉපදුණාට පස්සේ අපි තාත්තගේ ගෙදරට ඇවිල්ලා.”

හීනයක් වගේ තිබ්බ අතීතේ මතක් කරගෙන කතාවක් වගේ ඒක කියාගෙන යනකොට මට මග නතර කරන්න හිතුණෙම නැහැ.

”මට සහෝදරයෝ තුන්දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ එක්කෙනක් මාලඹේ පදිංචි. අනිත් කෙනා ආසිරි හොස්පිටල් එකේ වැඩ. අනික් කෙනා පුස්සැල්ලාවේ වැඩ කරනවා. පොඩි කාලේ ඉඳන් අපි අතරේ කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. මම ගෙදරින් පිට හැදුණේ. ඔය ගොඩක් අය කියන විදිහට මහා සහෝදර බැඳීමක් තිබුණේ නැහැ මට.”

ගොඩක් අය කියන්නේ නැති ටිකක් වෙනස් කතාවක් වුණත්, බොරුවෙන් ජීවත්වෙන ගොඩක් අයට වඩා ඒ ඇත්ත වචන මේ පිටු අතරට ගොඩක් වටිනවා.

”මට වයස අවුරුදු දෙකේදී වගේ මම පත්තරේ කියවන්න පටන්අරන් තියෙනවා. ඒකට අපේ තාත්තලා එහෙම හො`දටම බය වෙලා මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. අපේ ලොකු තාත්තා, ඒ කියන්නේ තාත්තාගේ අක්කා බැඳපු කෙනා වේද ආරච්චි කෙනෙක්. ඉතින් එයාට කියලා සරස්වතී පූජාවක් කරලා තමයි මට අකුරු කියවලා තියෙන්නේ. ඒ කාලේ ඉස්කෝලවලට දාන්න අද වගේ ප‍්‍රශ්නයක් නැහැනේ. මම අවුරුදු 3 ඉඳලා ඉස්කෝලේ ගියා. මම මේ කියන්නේ 1950 වගේ කාලේ. එහෙම ඉස්කෝලවලට ළමයි ඇතුළත් කරන්න දැන් වගේ තරගයක් තිබුණේ නැහැ. ඉතින් මම එතැන ඉඳන් ඉගෙනගන්නවා.”

ඩබ්ලිව්. ජයසිරි අයියා මට කියපු විදිහට එයාගේ පාසල් කාලෙ නම් හරිම දඟයි.

”ගාල්ලේ කිතුලම්පිටියේ සි.සි. බාලිකා පාසලට තමයි මම මුලින්ම ගිහිල්ලා තියෙන්නේ. පාසල් කාලේ ඉතින් ළමයි දඟ කරනවානේ. කොහොම හරි මාව ගමේ තියාගන්න බැහැ කියලා මතයකට ඇවිත් තාත්තා මවා ගෙනැල්ලා මාතර නැන්දා කෙනෙක්ගේ ගෙදර නවත්තලා මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට දැම්මා. ඊට කලින් වැලිගම සුමංගල විද්‍යාලයටත් ටික කාලයක් ගියා. කොහොම හරි ඊට පස්සේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ තමයි මම එස්.එස්.සී. විභාගය පාස් වෙනකම් හිටියේ. පස්සේ මම කියන්නත් අමාරු මහා විශාල වරදක් කරලා මට ප‍්‍රසිද්ධියේ වේවැල් පාරවල් දීලා මාව ඉස්කෝලෙන් අයින් කරා. පස්සේ මම ගාල්ලේ විද්‍යාලෝක විද්‍යාලයට ඇතුළු වුණා. ඒකේ ප‍්‍රින්සිපල් අපේ තාත්තගේ යාළුවෙක්. ඒ නිසා මාව ඒ ඉස්කෝලෙන් භාරගත්තා. කොහොම හරි එක අවුරුද්දක් ඒ ඉස්කෝලේ ඉඳලා මම කොළඹ විශ්වවිද්‍යාලයට ගියා. ඒ කියන්නේ ලංකා විශ්වවිද්‍යාලයේ කොළඹ මණ්ඩපයයි පේරාදෙණිය මණ්ඩපයයි කියලා දෙකක් තිබුණා. මාව තේරුණේ කොළඹ මණ්ඩපයට. එතකොට තිබුණ එකම යුනිවර්සිටි එක ඒක. එතැන ඉඳලා ඉතින් මේ කොළඹ ජීවිතේ පටන්ගත්තා.”

ජයසිරි අයියා ඉගෙනගත්තු පාසල හෙළ හවුලත් එක්ක ලොකු සම්බන්ධයක් තිබුණා.

 

”ඒ කලේ මට උගන්වනකොට හිටපු ගුරුවරු දැන් ගොඩක් අය ජීවතුන් අතර නැහැ. මම ඉස්කෝලෙන් අස්වෙනකොට හිටපු ප‍්‍රින්සිපල් තමයි කු.බේ. ජයසුරිය. මම ඉගෙනගත්තු මාතර ශාන්ත තෝමස් විද්‍යාලය තමයි හෙළ හවුලේ මුල්ම ඉස්කෝලේ. ඒක නිකන් හෙළ හවුලේ හෙඞ් ඔෆිස් එක වගේ තමයි තිබුණේ. ශාන්ත තෝමස් කුමාර කුලාජිය කියලා තමයි කීවේ.”

පාසල් යන දවස්වල ජයසිරි අයියා කිසිම විශේෂයක් නොපෙන්වපු ළමයෙක් කියලා කීවොත් හිතාගන්නත් අමාරුයි නේද?

”මාව දන්නේ සත පහකට වැඩක් නැති, පන්තියේ කිසිම දීප්තියක් නැති, අනාගතේ අහවල් කෙනෙක් වෙයිද කියලා කියන්නවත් බැරි හරිම සාමන්‍ය ළමයෙක් විදිහට. කොටින්ම නිකම්ම නිකම් ළමයෙක්. අම්මලා තාත්තලාටත් ඒක ලොකු ප‍්‍රශ්නයක් වුණේ නැහැ. එයාලා බලාගෙන හිටියේ මම කවදාහරි ඉගෙනගෙන මහා විශාල තැනකට යයි කියලා. කොහොම හරි ඉතින් අද දවසේ මම කරන දේවල් බලන්න අද ඒගොල්ලෝ නැහැ.”

අමාරුවෙන් හරි මතක් කරගත්තු අතීතේ දිගේ ඇවිත් අපි කැම්පස් එක ළඟ නතර වුණා. මොකද ජීවිතේ එක සාර්ථක පිටුවක් ලියන්න පුළුවන් වෙච්ච තැනක් නිසා.
”කැම්පස් ආපු එකෙන් තමයි මගේ ජිවිතේ පටන්ගන්නේ. මම කැම්පස් එකේ ඉගෙනගත්තේ ආර්ථික විද්‍යාව, ඉන්දියන් ඉතිහාසය, සිංහල. ඒ කාලෙ නම් හිටියා මිත‍්‍රයෝ, ඒ අය දැනුත් ඉන්නවා. ඔය මහින්ද යාපා අබේවර්ධන කියලා ඒකාබද්ධ විපක්ෂේ මන්ත‍්‍රී කෙනෙක් ඉන්නේ, එයා මාත් එක්ක එකට ඉගෙනගත්තේ. සෝලංගආරච්චි කියලා පොලිසියේ ලොක්කෙක් ඉන්නවා, එතකොට බෝධි ලියනගේ කියලා බොක්සර් කෙනෙක් හිටියා එයත් පොලිසියේ. ඒ වගේ අය මාත් එක්ක ඉගෙනගත්තා.”

කැම්පස් මතක් කරනකොට අහන්න හිතුණ දේ තමයි රැුග් එක ගැන.

”ඒ කාලේ රැුග් එක තිබුණා. හැබැයි මේ දැන් වගේ අමානුෂික විදිහට නෙවෙයි ළමයි අදුරාගන්න ඒවා තිබුණේ. කෙල්ලෙක් හම්බුණොත් කියනවා ස්ත‍්‍රී ලින්ගේ නළලේ කියලා හිතාගෙන කතා කරන්න කියලා. අන්න ඒ වගේ දේවල් තමයි. ඒවා කාටවත් ශාරීරික හානියක් නැහැ.”

ගාල්ලේ ඉඳන් ඉගෙනගන්න කොළඹ ආපු ජයසිරි අයියා කලා කටයුතුවලට එකතුවෙච්ච විදිහ කීවේ මේ විදිහට.

”අපි විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ තියෙනවානේ එක එක සංගම්. මම නාට්‍ය සංගමේ සංස්කාරක විදිහට පත් වුණා. ඉතින් අපි හැම අවුරුද්දෙම නාට්‍ය උළෙලවල් තුන හතරක් කරනවා. මහාචාර්ය සරච්චන්ද්‍රගේ, හෙන්රි ජයසේනගේ, ගුණසේන ගලප්පත්තිගේ, සුගතපාල සිල්වාගේ, නාට්‍ය කරනවා. එහෙම වෙලාවක සුගතපාල සිල්වාගේ නාට්‍ය උළෙලක් කරලා අපි හොදට මිත‍්‍ර වුණා. මරණය දක්වාම සුගත් මගේ ඉතාමත් හොද මිත‍්‍රයෙක් වුණා. සුගත් තමයි මාව වේදිකාවට ගෙනාවේ. ඒ ගමන්ම ධර්මසේන පතිරාජ මගේ මිත‍්‍රයෙක් බවට පත් වුණා. පස්සේ පති එක්ක චිත‍්‍රපටිවලට සම්බන්ධ වුණා. සුගත් එක්ක නාට්‍යවලට සම්බන්ධ වුණා.”

අද වෙනකොට රඟපාන්න එන නළුවෝ දවස ගාණේ වැඩි වෙනවා. එත් ඒ අතරින් මතකයේ රැුෙ`දන විදිහට රංගනයේ යෙදෙන ශිල්පීන් ඉන්නේ අතේ ඇඟිලි ගාණට.ඒ රංගන ශිල්පින් අතරේත් අද ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් තමයි ජයසිරි අයියා. හැබැයි ඔහු කියන විදිහට ඔහු රංගනය උපතින්ම අරගෙන ආපු දෙයක් නෙවෙයි.

”මට හිතුණේ නැහැ මට රගපාන්න පුළුවන් කියලා. ර`ගපෑම කියන එකත් එහෙම උප්පත්තියෙන් ගේන එකක් නෙවෙයි. දැන් කට්ටිය ගොන් කතා කියනවා සහජෙන් ගෙනාවා කියලා. සහජෙන් ගේන්නේ රඟපෑම නෙවෙයි ලෙඩ. සහජයෙන් ගේන්නේ ඩයබෙටික්ස්, පපුවේ රෝග වගේ දේවල්. සහජෙන් රඟපෑම වගේ ඒවා ගෙනවා නම් ගාමිණී ෆොන්සේකාගේ පුතා හෙන නළුවෙක් වෙන්න එපැයි. ජෝ අබේවික‍්‍රමගේ පුතා මාර නළුවෙක් වෙන්න එපැයි. හබැයි ඉන්දියාවේ රාජ් කපූර්ගේ පවුලේ ඉපදිච්ච කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම නළු නිළියෝ වෙනවා. ඒක ඒගොල්ලෝ ඉපදිච්ච දවසේ ඒ ගොල්ලන්ගේ පෙකණි වැල කපලා තියෙන්නේ ෆිල්ම් කෑන් එකක් උඩ තියලා. ඒ තරමට ඒ ගොල්ලෝ චිත‍්‍රපටිවලට සම්බන්ධයි. උප්පත්තියෙන් කිසිදෙයක් ගෙනාවේ නැහැ. උප්පත්තිය ලැබුවේ ඒ වගේ පසුබිමක. ඒ නිසා ඒ ගොල්ලෝ නළු නිළියෝ වුණා. ඒත් ඒගොල්ලෝ දිලිප් කුමාර්ලා තරම් දක්ෂ වුණේ නැහැ.”

උප්පත්තියේ රංගනය ගේන්නේ නැහැ කියන ජයසිරි අයියා, තමන් රංගන ශිල්පියෙක් විදිහට රංගනයේ තාක්ෂණය අල්ලාගැනීම සහ හැසිරවීම ගැන හරි අපූරුවට විස්තර කරා.

”මම මුලින්ම රඟපෑමට එන්නේ 1966 මුල හෝ අග ”හරිම බඩු හයක්” නාට්‍යයේ දෙවෙනි නිෂ්පාදනයේ. එතැන ඉඳලා දිගටම ර`ගපානවා. මම ඇත්තටම නළුවෙක් විදිහට වැඩිවියට පත් වුණේ 1985න් පස්සේ ”මරාසාත්” නාට්‍යයෙන් තමයි. ඊට කලින් මම ”දුන්න දුනුගමුවේ” නාට්‍යයේ ප‍්‍රධාන චරිතය නිරුපණය කරා. සුගතපාල සිල්වාගේ නාට්‍ය කීපයක්ම කරා. ඊට පස්සේ ධර්මසේන පතිරාජගේ චිත‍්‍රපටිවල සහය අධ්‍යක්ෂ කෙනෙක් විදිහට සම්බන්ධ වුණා. පස්සේ ටෙලිනාට්‍ය රචක, ගීත රචක වුණා. ”බඹරු ඇවිත්” චිත‍්‍රපටියේ සින්දු ලීවා, රඟපෑවා, ඔහොම ඇවිත් ටික කාලෙකින් අපේ අතේ තිබ්බ සල්ලි සේරම ඉවරයි. ජීවත්වෙන්නවත් විදිහක් නැහැ. තිබ්බ සල්ලිවලින් චිත‍්‍රපටි කරන්න ගියා. ඒ චිත‍්‍රපටි වාණිජ අතින් ඒ කාලේ සාර්ථක වුණේ නැහැ. පස්සේ මම මේ සේරම අතෑරලා දාලා සෞදි අරාබියේ ඇමරිකන් කොම්පැනියක රස්සාවකට ගියා.”

ඔහු කියන විදිහට ”මරාසාත්” නාට්‍ය තමයි ඔහු රංගනයෙන් වැඩිවියට පත්වෙන්නේ. මට ප‍්‍රශ්නයක් වෙච්ච ඒ කතාව ඔහු පැහැදිලි කළේ මේ විදිහට.

”මම ඒ නාට්‍යයෙන් තමයි රඟපෑම මොකද්ද කියලා තේරුම්ගන්නේ. ජීවිතේ ගොඩක් අත්දැකීම් හැලහැප්පීම් ඇති වෙන්න ඕනේ මනුස්සයෙක්ට නළුවෙක් වෙන්න. අපේ රටේ නම් මහා මෝඩ විදිහට මේ ළමයින්ටත් හො`දම නළුවා කියලා සම්මාන දෙනවා. ළමයි නළුවෝ නෙවෙයි ළමයි කියන දේ කරන අය. ළමයිට කරලා පෙන්නුවාම ඒක කරනවා. ඒ නළුවෝ නෙවෙයි, ඒ ළමයි. නළුවෙක් වෙන්න තමන්ගේ ජිවිතේ කර දණ්ඩ උස ගිහිල්ලා, යමක් කමක් ඉගෙනගෙන, මිනිස්සු එක්ක හැසිරිලා තියෙන්න ඕනෙ. තව ගොඩක් දේවල් තියෙනවා. ඒවායින් පස්සේ තමයි නළුවෙක් විදිහට තමන්ට කියලා ස්වාධීනව යමක් හිතලා නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මේ පොඩි ළමයි නළුවෝ වෙන්නේ නැහැ. දැන් ‘සි¥’ එකේ පොඩි හාමුදුරුවෝ අද වෙනකොට නළුවෙක් විදිහට හො`ද තාක්ෂණික දක්ෂකමක් පෙන්වනවා. එත් ඔහු තවම නළුවෙක් නෙවෙයි. ඔහු තවම කටේ කිරි සුවඳ ගියපු නැති පොඩි දරුවෙක්.”

ගොඩක්දෙනෙක් කියන කතාවක් තමයි රගපෑමට අපේ අතීතයේ අපි ඇසුරු කරපු පුද්ගලයින්, පරිසරය බලපානවා කියන එක.

”අපේ ජීවිතේ ජීවත්වෙනකොට අපේ ජීවිතේ පේ‍්‍රම සම්බන්ධකම්, විවාහ සම්බන්ධකම්, වෙනත් යාළුවන් එක්ක තියෙන සම්බන්ධකම්, තවත් නොයෙක් හැලහැප්පිලි තමයි අපේ ජීවිතේ තැම්පත් වෙලා තියෙන්නේ. ඒවා සමහර චරිත නිරූපණය කරන්න ගියාම මතක් වෙනවා. නැත්තම් මතක් කරලා හරි කරනවා. අනේ මන්දා ඒ වුණාට මට එහෙම මතක් වෙනව ද කියලා මම දන්නේ නැහැ. මට නම් දැන් රඟපෑමේ තාක්ෂණය, රඟපෑම කියන්නේ මොකද්ද කියන එක ඇෙඟ් තියෙනවා. දැන් අවුරුදු 40ක් විතර රඟපෑම කරනවනේ. ඒක ඉගෙනගන්නවාට වඩා අත්දැකීමෙන් එන දෙයක්. අත්දැකීමෙන් තමයි රඟපෑමේ තාක්ෂණය ඉගෙනගන්න පුළුවන්.”

ර`ගපාලම ර`ගපෑමේ තාක්ෂණය ඉගෙනගත්තු ජයසිරි අයියා තමන්ගේ පේ‍්‍රම සම්බන්ධතා ගැන කියන්න කැමැත්තක් දැක්වූවේ නැති වුණාට, තමන්ගේ පවුලේ ආදරණීයයන් ගැන ආදරෙන් මතක් කරා.

”දැනට මම ගැහැනියක් එක්ක ජීවත්වෙනවා. මට ගැහැනු දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක්ට 20යි, අනික් කෙනාට 22යි. එක්කෙනෙක් රැුකියාවක් කරන ගමන් ඉහළට ඉගෙනගන්නවා, අනික් කෙනා කෙමෙස්ටි‍්‍ර ඩිග‍්‍රි එකක් කරනවා. මම ගෙදර දොරේ වැඩ කටයුතු නම් කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒක ඉතින් වයිෆ් කරනවා. දැන් ඉතින් නිවාඩු කාලෙකටවත් කොහෙවත් යන්නවත් බැහැනේ. මේ රටේ තියෙන ආර්ථික අහේනිය හින්දා. අපිට ලැබෙන සල්ලිවලින් හො`දට කාලා බීලා ඉන්නවා තවම. ඉස්සර නම් ළමයි පොඩි කාලේ ගියා. ඒත් දැන් යන්න බැහැ. හොටෙල් එකක ගිහින් නවතින්නත් දැන් කොච්චර ඕනෙද? එදා රුපියල් දහදාහකින් කරපු දේ අද කරන්න රුපියල් පනස්දාහක් තිබ්බත් මදි.”

ආර්ථික අහේනියක් ගැන කියපු නිසා රටේ දේශපාලනේ ගැන කතා නොකරොත් ඒක අඩුවක්.

”මහින්ද රාජපක්ෂ ලෝකෙට වෙන්න පුළුවන් ණය ඔක්කොම ගත්තා. දැන් ලොකුවට කියනවා අපි යුද්ධ කරලත් අපි ණය මෙච්චරයි ගත්තේ කියලා. එත් යුද්ධෙන් පස්සේ තමයි ඔක්කොම ණය ගත්තේ. මොකටද මේ පොඩි රටට අධිවේගී මාර්ග. යාපනේට අධිවේගී මාර්ගයක් හදලා මොනවා කරන්නද? පැය දෙකෙන් යාපනේට ගිහින් ගහන්නද? ඔය මේ තියෙන පාර පොඞ්ඩක් පළල් කරා නම් ඉවරයිනේ. දැන් දක්ෂිණ අධිවේගී මාර්ගේ කියන්නේ ලංකාවේ ප‍්‍රධාන පෙළේ ගංගාවල් තුනක් හරහට වේල්ලක් බැදලා. ඒවා ආයෝජන නෙවෙයි. අනික ගාලූ පාරේ යනකොට තියෙන හැ`ගීම අද නැහැ. අනික පැයෙන් ගිහින් මොනවා කරන්නද? ඔය හදපු අධිවේගී මාර්ගේ මහා කර්මාන්ත ශාලා මහා නිෂ්පාදනාගාර ඇතිවෙන්න ඕනේ. එතකොට ඒවායේ නිෂ්පාදනය කරන දෙවල් කොළඹට ගේන්න පුළුවන්. ඒක තමයි අධිවේගී මාර්ගයක් හැදීමේ ආර්ථික සැලැස්ම වෙන්න ඕනේ.”

ඩබ්ලිව්. ජයසිරි කියන්නේ අවුරුදු ගණනක් මේ ක්ෂෙත‍්‍රයේ ජීවත්වෙන කෙනෙක්. ඒ නිසා ඔහුට එදා සහ අද ගැන සංසන්දනය කරන්න බැරිකමක් නැහැ කියලා මම හිතුවා.

”දැන් කාලේ කට්ටියගේ බොහෝ අය, මම නමින් කීවොත් රොෂාන් රවීන්ද්‍ර, දසුන් පතිරණ වගේ අතලොස්සක් හැරෙන්න අනිත් ඔක්කොම නළු නිළියෝ මම හිතන්නේ කිසිම දෙයක් දන්නේ නැහැ. හු`ගක් අය අහනවානේ අපේ නිළියෝ මිනිස්සු එක්ක යනවා කියලා. මට කියන්න තියෙන්නේ අපේ නිළියෝ කවදාවත් එහෙම යන්නේ නැහැ. වෙලා තියෙන්නේ වල්කමේ යන ගෑනු රඟපාන්න ඇවිල්ලා උන් තවම වල්කමේ යනවා.”

කතාබහ කෙටි වුණාට, මේ පිටු දෙක පුරා මම ලියපු ඔහුගේ වචන ඇතුළේ ඩබ්ලිව්. ජයසිරි කියන ඉවරයක් නැති ඒ ප‍්‍රතිභාවේ අයිතිකරු කියවගන්න පුළුවන් වෙන්න ඇති කියලා මම හිතනවා.

ඉරිදා ඇපල් පුවත්පතෙන් උපුටා ගැන්නා ලදී.