මෛත්‍රී කන්න දුන්න අත හපාකයි. එක්සත් ජාතික පක‍ෂයේ පසුපෙළ සීරුවෙන්.

චතුරිකා සිරිසේන මහතා මහින්ද රාජපක‍ෂ මහතා හමුවීමත්, ඩඩ්ලි සිරිසේන මහතා බැසිල් රාජපක‍ෂ මහතා හමුවීමත් අහම්බයක් නොවන බව ප්‍රකාශ කරන එක්සත් ජාතික පක‍ෂ පසුපෙල මන්ති්‍රවරු අවශ්‍ය ඕනැම විටෙක ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයකට සූදානමින් සිටින බව අද ප්‍රකාශ කර තිබේ.
අල්ලස, දූෂණය, පවුල් පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය බලගන්වන්නට බලයට පැමිණි මෛති්‍රපාල සිරිසේන මහතා මේ වනවිට දකිමින් සිටින එකම හීනය වන්නේ තම දියණිය වන චතුරිකා දේශපාලනයට ගෙන ඒමයි.
කුකුල් කේන්තිකාරයෙක් මෙන්ම කෙටි තීරණ ගන්නා පුද්ගලයෙක් වන මෛති්‍රපාල සිරිසේන මහතාගේ එකම පුතු දහම් සිරිසේන මහතාව හැකිතාක් රටෙන් පිටව තැබීමට මෛති්‍රපාල සිරිසේන මහතා කටයුතු කරන්නේ ඔහු ලංකාවට පැමිණියහොත් මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වාටත් වඩා ඔහු පුවත් මවන්නෙකු විය හැකි නිසාය. වරක් ආරුගම් බේ හි මාලූ-මාලූ හෝටලයේදි තරුණියගේ සිරුර මිරිකීම නිසා බරපතල ගැටළුවක් ඇති කරගත් අරගලයෙන් පසුව මෛති්‍රපාල සිරිසේන මහතා තම පුත්‍රයා විදේශ ගත කළේ එවකට ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතාගේද උපදෙස් ඇතිවය.

මෛති්‍රපාල සිරිසේන මහතාගේ වැඩිමහල් දියණිය තම පවුලට නොගැලපෙන තරුණයෙක් සමග පැනයාමත්, ඒ සමගම සිදු වූ ඔහුගේ අබිරහස් මරණයත් නිසා වැඩිමහල් දියණිය දේශපාලනයට තබා ප්‍රසිද්ධ උත්සවයකට හෝ නොඑන්නීය. තමාගේ කනවැන්දුම් දියණිය ශී්‍ර ලංකා නිදහස් පක‍ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතාට විවාහ කරදෙන්නට මෛති්‍රපාල සිරිසේන මහතාට විශාල අවශ්‍යතාවයක් තිබුනද, මේ වනවිට ඒ පිලිබඳ ඔහු නිෂ්කි්‍රය ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ දුමින්දගේ දේශපාලන අනාගතය අවිනිශ්චිත බැව් චන්ද්‍රිකා මැතිණිය කළ ප්‍රකාශයත් සමගිනි.
මෙවන් පසුබිමක් මත එක්සත් ජාතික පක‍ෂයේ පසුපෙළ කන්ඩායම පසුගිය දා සමූහ ගතවෙමින් දිවුරුම් දුන්නේ අවශ්‍ය ඕනැම විටෙන තමන් මෛති්‍රපාල සිරිසේන මහතා හට දෝෂාභියෝගයක් ගෙනෙන්නට සූදානම් බව ප්‍රකාශ කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *