මහ මුහුදේ කුණාටුවෙන් ගසාගෙන ගිය මරියදාස්ගේ මිනිය ගොඩගසන තෙක් බලා සිටි පිරිසට දින 10න් ලැබුණු විශ්මිත දෙය.

අන්තෝනි මරියදාස් නැමති තිස් හත් හැවිරිදි මෙම ධීවරයා පසුගිය 7 වෙනිදා තවත් ධීවරයින් තුන් දෙනෙකු සමග මුහුදු ගිය අවස්ථාවේදී ධීවර බෝට්ටුව සැඩ පහරකට හසු වීමෙන් ඔහුව මුහුදට වැටී නොපෙනී ගොස් තිබෙනවා.

ආපසු පැමිණි ධීවරයින් මේ බව මරියදාස් ගේ නිවසේ උදවියටත් පොලීසියටත් නාවික හමුදාවටත් දැණුම් දී ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටින්නේ.

මේ සිද්ධිය වූ දිනයට පසු දා සිට මරියදාස් ගේ පවුලේ ඥාතීන් හා සහෝදර ධීවරයින් මරියදාස් ගේ මළ සිරුර ගොඩට ගසාගෙන එනු ඇතැයි බලාපොරොත්තුවෙන් පේසාලේ මුහුදු වෙරළ ආසන්නයේ රැදී සිටීම පුරුද්දක් කරගෙන සිටියා.

හදිසියේම ඉන්දියාවේ රාමේස්වරන් පොලීසියෙන් හා ඉන්දීය ධීවර සමීතියක සභාපතිවරයෙකු මරියදාස්ගේ නිවසට දුරකතනයෙන් කතා කොට පවසා ඇත්තේ ඔහුව රාමේස්වරන් පොලීසිය වෙත බාර දී ඇති බවයි.

සුළි කුණාටුවට හසු වී මුහුදට වැටුණු මරියදාස් මුහුදේ පාවෙමින් දකුණු ඉන්දියාව දෙසට ගසාගෙන යමින් සිටියදී ඉන්දීය ධීවරයින් පිරිසක් ඔහුව දැක බේරාගෙන ඔවුන්ගේ ටෝලර් යාත්‍රාවට නංවාගෙන තිබෙනවා.

ඒ වන විටත් සිහිසුන්ව සිටි මරියදාස්ට ප්‍රථමාධාර දී ඔහුට සුවය ලබා දී ටෝලර් යාත්‍රාව රාමේස්වරන් ප්‍රදේශයට ළගා වූ පසුව ඔහුව ඉන්දීය ධීවරයින් විසින් රාමේස්වරන් පොලීසියට බාරදී ඇතැයි සඳහන්.

මරියදාස් දරුවන් හතර දෙනෙකුගේ පියෙක්.

ඔහුව ආපසු මන්නාරමට ගෙන්වා ගැනීම සදහා මන්නාරමේ ධීවර සමීති හා පවුලේ සාමාජිකයින් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් හමුවීමට නියමිතව තිබුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *